එළදෙනක් හදන්න කියල බැලුවෙ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හරක් හදන තැනක් නැද්ද ලග කිරි ගන්න..කිරි කාලක් ගන්න තැනක්
    අපේ පැත්තෙ තියෙනව මී කිරි..ෆ්‍රෙෂ් බඩු..කලින් දවසෙ කියන්න ඕන හැබැයි ඕන ප්‍රමාණය..නැත්නම් බඩු ඉවරවෙනව පට ගාලා..
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    පලවෙනිම කාරණේ මචං එලදෙනක් ගද්දි ඒකට ඉන්න තැනක් තියෙන්න ඕන වත්තේ‍. පර්චස් 2X2 කෑල්ලක්. ලොකු හඩ් එකක් එක්ක. අවුවට වැස්සට ඉන්න. ගොම, මුත්‍රා වගේ දේවල් පොහොර විදිහට යොදාගන්න පුළුවන්. හඩ් එක හදද්දි ඒ දේවල් හිතල හදන්න ඕන. නිතරම ඌ ඉන්න තැන පිරිසිදුව තියන්න ඕන නැත්තං ඌට ලෙඩ රෝග හැදෙන්න පුළුවන් විශබීජ වලින්ම. හොඳට නාවන්නත් ඕන.

    උන් වතුර ගොඩක් බොන නිසා ඒ පහසුකම් තියෙන්න ඕන. උන් ගොඩක් කන නිසා තණකොල කන්න දෙන්න පුළුවන් හොඳ තැනක් අහල පහල තියෙන්න ඕන. පුන්නක්කු එහෙම දෙන්න ඕන. පිදුරු දාන්න ඕන. එකම තැන නොතිය ඇවිද්දවන්න ඕන. නැත්තං ඌට ඇගේ විවිධ ලෙඩ හැදෙනවා.

    බේත් කරන්න ඕන. පශු වෛද්‍ය කෙනෙක් සෙට් කරගන්න වැඩේට. ඒ සත්තුන්ටත් ඇග ඇතුලෙ ලෙඩ එනව.

    කිරි දොවන වැ‍ඩේටත් එස්පීරියන්ස් තියෙන කෙනෙක් ගෙන් උදව්වක් ගන්න.

    කවදාවත් එලදෙනගෙ ඇගේ පච්ච ගහන්න යන්න එපා. කනට දාන්න ටැග් තියෙනවා ඒකක් ගන්න.

    අන්තිමේට කියන්න තියෙන්නෙ ආදරෙන් බලාගන්න කියලා. අපේ නං සුද්දියිි කළුවයි ගෙදර අය වගේ. අලුතින් පැටියෙකුත් දැම්ම සුද්දි. පැටව් දැම්මම හොඳට කිරි තියෙනවා. ඒත් පැටියට තියල කිරි දොවන්න. පැටිය බොන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට ඒ දෙන්නට ඉන්න දෙන්න. පස්සෙ ගිහින් දොවන්න.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සිරා පෝස්ට් එකක් ඈ.

    කිරිපිටි, ෆ්‍රෙෂ් මිල්ක් ඔක්කොම ගණන් යන වෙලේ එළදෙනක් අරන් හදාගන්න එක වාසියි වගෙ බන්. :lol:
    ගානක් හොයාගන්නත් පුලුවන්.

    පොඩ්ඩක් ගොවිපලවල් එහෙම තියෙන උන් අදහස් කියපන්කො.

    එළදෙනක් කීයක් විතර වෙයිද , කොහෙන්ද ගන්න පුලුවන් , නඩත්තුව කොහොමද කියල දැනගන්න ඕන වැදගත් විස්තර ටිකක්.
    එලදෙනෙක් ගත්තා කියන්නේ කිරි machine එකක් නෙවේ නේ?
    එළදෙනට කිරි එන්නේ පැටියෙක් ඉද්දි නේ? අවුරුද්ද පුරාම ඌ පැටියෙක් හම්බෙන ඉන්න ඕන. ? (මන් හිතන්නේ )
    පැටවූ ගැහුවත් නැතත් උට කන්න දෙන්න ඕන. බෙහෙත් කරන්න ඕන.
    එළදෙන එක්ක cross කරන්න හරකෙකුත් එපැයි? ඌ හොයා ගන්නේ කොහෙන්ද?
    ඊළඟට ඒ හම්බෙන පැටවුන්ට මොකද කරන්නේ? හදා ගන්නවද? හදා ගන්න විකුන්නවද? මස් වලට විකුණනවද?
    ඊළඟට එළදෙන පැටවූ ගහලා කිරි දෙන කාලයක් තියනවා. කාලේ ඉවර උනාම කිරි නෑ. ඊට පස්සේ මොකද කරන්නේ?
    දිගටම කන්න දීලා මැරෙනකන් බලා ගන්නවද? මස් වලට විකුණනවද?
    කිරි කර්මාන්තය කෙරෙන ක්‍රමයක් තියනවා. හොයලා බලන්න. YouTube එකේ ඇති.

    කිරි වල තියෙන්නේ ප්‍රෝටීන් ටිකක් විතරයි. කිරි බිවුවේ නෑ කියලා මුකුත් වෙන්නේ නෑ..
    වැඩිපුර බිත්තර ටිකක් කැවා නං ඊට වඩා ප්‍රෝටීන් එයි.

    මං මේක කිවුවේ ඔයා කිරි කර්මාන්තය business එකක් හැටියට නැතුව ගෙදර පාවිච්චියට නං කරන්න යනවා නං. පොඩි දේවල් දෙක තුනක් නිකන් මතක් කරන්න..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,069
    1
    61,237
    113
    Mother Earth
    ඉතින් උගෙ කිරි එරෙන්නෙ ඌට පැටියෙක් ලැබෙන්න ඉන්නකොට විතරනේ. උබට තමයි උගෙ බඩට පැටියෙක් දෙන්න වෙන්නෙ.
     
    • Haha
    Reactions: SLbuddy and Erzo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,335
    113
    තණකොළ කපන්නම මාර මහන්සියක් වෙන්න වෙයි ඉතුරු වෙලා ඉන්න බයියොත් දැන් තණකොලනෙ කන්නෙ.
     
    • Haha
    • Sad
    Reactions: Akithama and Erzo

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපේ ගෙදර හිටිය ඉස්සර 2,3 දෙනෙක්.

    කිරි වලටම නන් ප්‍රසිද්ද මොඩෙල් ඉන්නව, ජර්සි / ෆ්‍රීසියන්
    ෆ්‍රීසියන් - කිරි ගොඩක් ගන්න පුලුවන්, නඩත්තුව ඉහලයි, පරිස්සම් කරන්න ඕන ලෙඩ වලින්
    ජර්සි - ෆ්‍රීසියන් තරම් නෑ, ඒත් හොදයි, ඔරොත්තු දෙනව මෙහෙට

    ඉඩ නැතත්, තනකොල කපල ගෙනත් දෙන්න ඔන, NLDB farm එකක් ලග තියනව නන්, අර උස තනකොට ටිකක් ගෙනල්ල වවා ගන්න පුලුවන්.
    නැත්නන් මුරකාරයට් ගානක් දීල හැමදාම තනකොල ටිකක් කපා ගනින්.

    පට්ටි දාන්න ගොන්නු හොය්න්න ඕන නෑ, ක්ෘතිම සින්චනය කරන්න එනව ාඅන්ඩුවෙ එකෙක්. පශු සම්පත් එකෙ.

    හොද ජර්සි එකෙක්ගෙන් කිරි ලීටර් 6කට වඩා ගන්න පුලුවන් ශුවර් එකට. කෑම හොද නන් ඊට වඩා පුලුවන්.
    ගෙදරකට හොදටම ඇති.

    තැත්ත පැටව් ශෝක් ඉතින් 🤗
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    පලවෙනිම කාරණේ මචං එලදෙනක් ගද්දි ඒකට ඉන්න තැනක් තියෙන්න ඕන වත්තේ‍. පර්චස් 2X2 කෑල්ලක්. ලොකු හඩ් එකක් එක්ක. අවුවට වැස්සට ඉන්න. ගොම, මුත්‍රා වගේ දේවල් පොහොර විදිහට යොදාගන්න පුළුවන්. හඩ් එක හදද්දි ඒ දේවල් හිතල හදන්න ඕන. නිතරම ඌ ඉන්න තැන පිරිසිදුව තියන්න ඕන නැත්තං ඌට ලෙඩ රෝග හැදෙන්න පුළුවන් විශබීජ වලින්ම. හොඳට නාවන්නත් ඕන.

    උන් වතුර ගොඩක් බොන නිසා ඒ පහසුකම් තියෙන්න ඕන. උන් ගොඩක් කන නිසා තණකොල කන්න දෙන්න පුළුවන් හොඳ තැනක් අහල පහල තියෙන්න ඕන. පුන්නක්කු එහෙම දෙන්න ඕන. පිදුරු දාන්න ඕන. එකම තැන නොතිය ඇවිද්දවන්න ඕන. නැත්තං ඌට ඇගේ විවිධ ලෙඩ හැදෙනවා.

    බේත් කරන්න ඕන. පශු වෛද්‍ය කෙනෙක් සෙට් කරගන්න වැඩේට. ඒ සත්තුන්ටත් ඇග ඇතුලෙ ලෙඩ එනව.

    කිරි දොවන වැ‍ඩේටත් එස්පීරියන්ස් තියෙන කෙනෙක් ගෙන් උදව්වක් ගන්න.

    කවදාවත් එලදෙනගෙ ඇගේ පච්ච ගහන්න යන්න එපා. කනට දාන්න ටැග් තියෙනවා ඒකක් ගන්න.

    අන්තිමේට කියන්න තියෙන්නෙ ආදරෙන් බලාගන්න කියලා. අපේ නං සුද්දියිි කළුවයි ගෙදර අය වගේ. අලුතින් පැටියෙකුත් දැම්ම සුද්දි. පැටව් දැම්මම හොඳට කිරි තියෙනවා. ඒත් පැටියට තියල කිරි දොවන්න. පැටිය බොන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට ඒ දෙන්නට ඉන්න දෙන්න. පස්සෙ ගිහින් දොවන්න.
    අපෙත් කළුව අවුරුදු 20ක් අපි එක්ක හිටියා 😥
     
    • Like
    • Love
    Reactions: Candid-B and Erzo