උඩරට ගත්තොත් අඩුවෙන්ම ගහන්නෙ (මේවට ගහන්නෙ නැතිම තරම්) බීට්රූට්, නෝකෝල්, රාබු, ආය වට්ටක්කා හොදයි කිසිම කෘම් නාශකයක් ගහන්නෑ අපිනම්.
ගෝවා, බොංචි, අල, සාමන්‍යයෙන් ගහනව.
ලීස් නුවරඑළිය පැත්තෙ සාමන්‍යයෙන් ගහනව.
අනිත් එවා ඉතින් බොහොදුරට කෘම් නාශක පාරක් කොහෙන් හරි වදිනව.
කෘම් නාශක නැතුව උත්සහ කරල බැලුවා. යායේ අනිත් හමෝම ගහල අපි නොගහ හිටියොත් සෙරම කෘම්යෝ බහිනව මේකට. සේරම එකතුවෙලා වැඩේට බැස්සොත් ගොඩදාගන්න පුලුවන්. එත් ගොඩක් අයට ඕව ගැහුවෙ නැත්ත්නම් වගාව ඉවරයි වගේ අදහසක් එන්නේ. හරි දැණුමක් දෙන්න මොකෙක් වත් නෑ. කෘම් නාශක කඩේ මුදලාලි තමා ගහන්න ඔනි ඒවා කියන්නේ. කාලෙන් කාලෙට අලුත් කෘම් නාශක වර්ග ගැන එකේක කොම්පැනි වලින් කුඹුරටම ඇවිත් කොල බෙදලා යනවා.
අපිත් කමති ඕවා නොගහ වගාකරන්න.
පාරිබෝගිකයොත් ඉතින් පනුවෙක් එහෙම විදලා තිබ්බොත් ගන්න කැමති නැනි.
ඔය කියන විදහට වෙනම වගාකරන්නෑ බන් අපෙ පරිබෝජනේට. දන්න කාලෙ ඉදල ඔය මගුල ගහන නිසා සාමන්‍ය දෙයක්. දැං දැං මේ පැතිවලත් වකුගඩු කේස් එක ටික ටික මතු වෙනවා.
ඔර්ගනික් කියලා උබලට විකුනන්නෙත් සමහර එඋව්න් මෙහෙන් ගෙනියන ඒවාම තමා.
හරි වැඩපිළිවෙලක් නෑ ඕකයි ඇත්ත.