ඒ හැඟීම ඇයි දැන් නැත්තේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    Dopamine kick wadiy bn dn.
    Smart Phone, UI colors, short videos okkoma design karanne dopamine kick awila addict wenna..

    So ape kale wage podi dewall walata adre karanna, rasa widinanna amrui.

    podakk dwask phone, screen walin ath wela asa pothakk amruwen hari kiyawanna
    6 hours paniddi wage aye ara parana feeling eka tikk enawa thamath.
    man try karanawa ban puluwan hama velawakama emai man libary ekata eham membership gaththe
     
    • Like
    Reactions: NRTG and Aki992

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    mentality eka witharak gaththata ba ban. parisaraya venas dan. e kale hitapu yaluwo ko? සුළඟේ ලෙලෙනා මලසේ දඟ පා අප පාසල් ගිය කාලයේ යාලුවෝ අද නැත වෙන අය එහි ඇත කාළය මැවු වෙනසක අරුමේ
    අපෙ කාලෙත් ටිකක් අවුල් දෙවල් තිබ්බා .
    විෂේශයෙන් ඔය හින්දි මෙගා කතා බලන්න පුරුදු වෙල හිටියා අපෙ වයස් වල උන් .
    එතකොට මට මතකයි අපි වොටර් මාර්ජින් වගෙ චීන දේශපාලනික කතා බලද්දි මගෙ සමවයසෙ සමහරක් උන් දැනන් හිටිය දාමිනි ,ප්‍රගති ,මාලි නන්දනි ,පිං පොං වගෙ චරිත.

    උඹ කෙල්ලො ගැන සඳහන් කරලා තිබ්බා.
    ලිංගිකත්වය පැත්තෙන් ගත්තොත් කාගෙ කාගෙත් හැඟීම් දැනීම් තියෙනවානෙ.
    ඒ ඒ වයස් වල එව්වා ඇති වෙනවා.
    එත් අපි ක්‍රශ් කරද්දි කෙල්ලෙක්ට ට්‍රයි කරද්දි බොහො වෙලාවට ඔය දෙවල් සැලකුවෙ නැහැ .
    ඒක වෙනම සුන්දර හැඟීමක් .කුපාඩි කමට ට්‍රයි කරපු උනුත් හිටියා ඒ දෙවල් කරපු උනුත් හිටියා නැතුවම නෙමෙ. එත් සමස්ථය විදියට ගත්තොත් හරි සුන්දරයි .
    අද කාලෙ ගොඩක් වෙලවට සොෂල් මීඩියාස් නිසා කෙල්ලෙක් ගැන දකින්නෙ සෙක්ස් කියන කාරණාවට විතරක් වගෙදො කියල හිතෙනව.
    අපෙ කාලෙ හොරෙන් ලැජ්ජාවෙන් බයෙන් කරපුව දැන් ඔන්ලයින් එලිපිට .2000 න් පස්සෙ උන්ගෙ වැරැද්ද නෙමෙ .
    උන් තෙරෙන වයස එද්දි ස්මාර්ට් ෆෝඅන් කියන හූනියම සාමන්‍ය දෙයක් වෙල තිබ්බ ඉන්ටර්නෙට් එකත් එක්ක .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,538
    113
    Mark zuckerberg tamai 2004 lokuma attack eka dunne.ita passe tamai comparison seen eka lokuwata patan gatte.
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    Dopamine kick wadiy bn dn.
    Smart Phone, UI colors, short videos okkoma design karanne dopamine kick awila addict wenna..

    So ape kale wage podi dewall walata adre karanna, rasa widinanna amrui.

    podakk dwask phone, screen walin ath wela asa pothakk amruwen hari kiyawanna
    6 hours paniddi wage aye ara parana feeling eka tikk enawa thamath.
    උඹ කිව්ව කතාව හරි. මට මෙ අත්දැකීම තියෙනවා
    මගෙ ෆෝන් එක කැඩිලා හදන්න දීලා තිබ්බා ටික කාලෙකට.
    කම්පියුටර් එක මන් දාන්නෙ සින්දුවක් දාන්න වගෙ දේකට විතරයි .
    දවසක් පොතක් කියවන්න ගත්තා සිංහලෙන් ලියවිච්ච .කිව්වා වගෙම අර ෆීලිං එක ආයෙත් ආවා.
    දැන් තමා හරියටම තෙරෙන්නෙ.
    ෆෝන් ඇඩික්ෂන් එක තමා ලොකුම අවුල.
    මන් සොෂල් මීඩියාස් උනත් වැඩියම එන්නෙ නැති තරම් .
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    දැන් ඉන්න පොඩි උන් ලොකු උනාම. VR head set ගහ ගත්තු උන්‍ගේ පොඩි උන්ටත් ඔහොම කියයි මචං. ඒ කාලේ අපි ගත්ත ආතල් තමයි සුපිරි කියලා.
    අවුල තියෙන්නේ උන්ගෙන් මොනවාද කලේ කියලා ඇහුවාම මන් කිව්වා වගේ ලිස්ට් එකක් නෑ කියන්න.මටනම් තව ඕනේ තරම් තියෙනවා කියන්න.2000 න් පස්සේ උන්ට ෆෝන් එකෙන් බලපු ෆිල්ම් ගැනයි ගහපු ගේම් ගැනයි ගිය ක්ලාස් තොගේ ගැනයි කියනවා ඇරෙන්න මොනවාද තියෙන්නේ. මම දන්න හැම පොඩි එකෙක්ම ගෙවල් ඇතුලේ තනි වෙලා අම්මලා තාත්තල කැමති නෑ අල්ලපු ගෙදර ළමය එක්කවත් සෙල්ලමට යනවාට

    ධර්මයේ සදහන් වෙනවා ආශ්වාදයේ එක අවුලක් තමයි ඔය ශුන්‍ය වෙන එක කියලා...
    තේරුණේ නෑ
    ------ Post added on Feb 5, 2024 at 5:53 PM
     
    • Like
    Reactions: NRTG and GDKN2

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    දැන් ඉන්න පොඩි උන් ලොකු උනාම. VR head set ගහ ගත්තු උන්‍ගේ පොඩි උන්ටත් ඔහොම කියයි මචං. ඒ කාලේ අපි ගත්ත ආතල් තමයි සුපිරි කියලා.
    ගොඩක් අය ගෙන්නෙ ඔය තර්කයනෙ
    අපෙ කාලෙ විතරයි සිරා දැන් උන් සිරා නොවෙ වගෙ එකක්.
    මන් කියන්නෙ නැහැ අපෙ කාලෙ විතරක් සිරා කියලා .
    එත් අපිට කියන්න තියෙන දෙවල් ටිකක් තියෙනවා පොඩි උන්ට වඩා.

    අද පොඩි උන්ට තියෙන්නෙ ෆෝන් එකෙන් කේ ඩ්‍රාමස් බලන එකයි ,පබ්ජි වගෙ ගේම් ගහන එකයි ,වට්සැප් ස්ටේටස් බලන එකයි වගෙ දෙවල් තමා .
    පොත් කියවන එවුනුත් ඉන්නවා ඒ දෙමාපියන්ගෙ බල කීරිමට කරන උන් .
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    Even though I'm from gen Z,

    ම්ම්ම් මටත් මතකයි අපි ඉස්සර ඉස්කෝලෙ ඉවරවෙලා යන ගමන් යනවා library එකට. ගිහින් ගන්නේම ඔය දූපත් වල අතරමං වෙන, නැව කුණාතුවකට අහුවෙන කතා, ලමයි එකතු වෙලා හොරු අල්ලන කතා, හොල්මන් මන්දිර වල කතා..... ඔය වගේම ඒවා තමයි ඉතින්.

    හවසට ගෙදර ඇවිත් ඉතින් කාලා නාල පොතත් කියවලා තව GTA, NFS underground වගේ GAME එකක් ප්ලේ කරලා... හවසට කොල්ලො එක්ක බයිසිකල් පැදලා දොලෙන් මාළු අල්ලලා හරි සුන්දරයි ඉතින්...

    වෙසක් කාලෙට කුඩූ හදනවා නත්තල් කාලෙට නත්තල් ගස් හදනවා ගවලෙන් හදනවා...

    දැන් ඒ දේවල් ම ආයෙම කරත් ඒ කාලේ දැනුනු ඒ සුන්දර හැගීම දැන් දැනෙන්නේ නෑ. මට හිතෙන්නේ අපේ ඔළුවල දේවල් පිරිලා වැඩි. අපේ හිත් චූටි කාලෙ වගේ සරල නෑ.
    ඔයා ඔය කරලා තියෙන දේවල් ටිකවත් දැන් ඉපදෙන අයට ඉතුරු වෙන එකක් නෑ. අපිත් ගේම් ගැහුවා මුල් කාලේ playstation නෑ ඒ කාලේ තිබ්බේ අර ඩෙක් පීස් එක වගේ දාලා ගහපු වීඩියෝ ගේම් එක Mario, Contra වගේ ඒවා. අලුත් අලුත් ගේම් හම්බුනාම ඉතින් දවසම ඒක එක්ක, යාන්තමින් වයස O/L වලට ලං වෙද්දි තමයි playstation එකකින් ගේම් ගැහුවේ
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    අපෙ කාලෙත් ටිකක් අවුල් දෙවල් තිබ්බා .
    විෂේශයෙන් ඔය හින්දි මෙගා කතා බලන්න පුරුදු වෙල හිටියා අපෙ වයස් වල උන් .
    එතකොට මට මතකයි අපි වොටර් මාර්ජින් වගෙ චීන දේශපාලනික කතා බලද්දි මගෙ සමවයසෙ සමහරක් උන් දැනන් හිටිය දාමිනි ,ප්‍රගති ,මාලි නන්දනි ,පිං පොං වගෙ චරිත.

    උඹ කෙල්ලො ගැන සඳහන් කරලා තිබ්බා.
    ලිංගිකත්වය පැත්තෙන් ගත්තොත් කාගෙ කාගෙත් හැඟීම් දැනීම් තියෙනවානෙ.
    ඒ ඒ වයස් වල එව්වා ඇති වෙනවා.
    එත් අපි ක්‍රශ් කරද්දි කෙල්ලෙක්ට ට්‍රයි කරද්දි බොහො වෙලාවට ඔය දෙවල් සැලකුවෙ නැහැ .
    ඒක වෙනම සුන්දර හැඟීමක් .කුපාඩි කමට ට්‍රයි කරපු උනුත් හිටියා ඒ දෙවල් කරපු උනුත් හිටියා නැතුවම නෙමෙ. එත් සමස්ථය විදියට ගත්තොත් හරි සුන්දරයි .
    අද කාලෙ ගොඩක් වෙලවට සොෂල් මීඩියාස් නිසා කෙල්ලෙක් ගැන දකින්නෙ සෙක්ස් කියන කාරණාවට විතරක් වගෙදො කියල හිතෙනව.
    අපෙ කාලෙ හොරෙන් ලැජ්ජාවෙන් බයෙන් කරපුව දැන් ඔන්ලයින් එලිපිට .2000 න් පස්සෙ උන්ගෙ වැරැද්ද නෙමෙ .
    උන් තෙරෙන වයස එද්දි ස්මාර්ට් ෆෝඅන් කියන හූනියම සාමන්‍ය දෙයක් වෙල තිබ්බ ඉන්ටර්නෙට් එකත් එක්ක .
    මේ කතා සෙට් එකනම් බැලුවා ඉස්සර ඉතින් දවසට කතා දෙකයි තුනයිනේ යන්නේ. ඉන්දිය මෙගා නාට්‍යනම් එන්න පටන් ගත්තේ ඒ කාලේ අවසානේ තමයි

    කෙල්ලොන්ගේ කතාවනම්,ඒ කාලේ නිරුවත කියන දේ සුලබ දෙයක් වෙලා තිබ්බේ නෑ එතන කුතුහලයක් තිබ්බා. දැන් ළමයින්ට අර ෆීලින් එක යට ගිහින් තියෙන්නේ නිරුවත සුලබ දෙයක් වෙලා නිසා. කෙල්ලෙක් දැක්කාම ඇහෙන් ඇඳුම් ගලවන්න පුලුවන් නිතර නිතර දැකලා තිබ්බාම.. මූණ බලන්න කලින් අනිත් දේවල් ස්කෑන් කරලා අන්තිමේට තමයි මූණ බලන්නේ දැන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    ඇයි ටිපි ටිප් වලින් එකතු කරන කෑලි. අර කාර් හෙලිකොප්ටර් එව්වා එහෙම. ඉස්සර එලිෆන්ට් හවුස් එකේ පෝක් සොසේජස් ගෙනද්දි මම හිතුවා ලොකු වෙලා සල්ලි හම්බ කරලා ගේනවා කියලා පෝක් සොසේජස්. දැන් එහෙමට ආසාවක්නෑනෙ. ජීවිතේ ප්‍රශ්න ඊට වඩා සංකීර්නයි නේද.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    උඹලාට මතකද වයස 12 ඉඳන් 16 විතර වෙනකල් තිබ්බ නැවුම් අමුතු හැඟීම් ටික

    ඒ කාලේ පුස්තකාලයකට බැඳිලා හිටියා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන් යාලුවා එක්ක ගිහින් පුස්තකාලයෙන් පොත් දෙකක් අරන් යනවා. පුස්තකාලේ පොත් තෝරද්දි ඒ පොත්වල පිට කවරේ තියෙන පින්තූර බලබල කතාව මෙහෙම වෙන්න ඇති කියල හිතින් මව මව තෝරද්දි තිබ්බ හැඟීම. පස්සෙ ගෙදර ගිහින් හවස් වෙල පොත එක හුස්මට ආසාවෙන් කියවගෙන යද්දි තිබ්බ හැඟීම ඒ කතා වල පරිසරය ඉන්න අය හිතින් මවාගෙන කියවද්දි තිබ්බ ගැඟීම. පස්සේ යාලුවත් එක්ක ඒ කතාවල තිබ්බ දේවල් කතා කරද්දි තිබ්බ හැඟීම. කොටින්ම කියනවානම් කැලෑවල අතරමන් වෙලා කරන දේවල් ගැන කතා කියවලා යාලුවත් එක්ක කතා කරගත්තු හැටි ලොකු වෙලා ඇමසන් වලට ගිහින් අතරමන් වෙන එක ගැන. කැලේදි නිධන් හම්බෙන ඒවා ගැන එහෙම. මන් ආසාවෙන් කියවපු කතා තමයි ටොම් සෝයර් , හකල්බරි ෆින් වගේ ඒවා තව එනිඩ් බ්ල්යිටන් ගේ කතා වගේ ඒවා.

    ඒ ෆීලින් එක දැනුත් ඒයිද කියලා බලන්න මන් පුස්තකාලෙකට බැඳුනා පොත් තෙරද්දිවත් ගත්තු පොත් කියවද්දිවත් ඒ ඉස්සර ආපු ෆීලින් එක ආවේ නෑ. අවුල්ම දේ තමයි ඉස්සර තිබ්බා වගේ ලස්සන පොතුත් නෑ දැන්.පුස්තකාල වල පොත් අඩුයි දැන්

    ඒ වගේම ඉස්සර මගේ පුරුද්දක් තිබ්බා චොක්ලට් වල තිබ්බ ස්ටිකර් එකතු කරන එක. තව මයිලෝ. නූඩ්ල්ස් කිරිපිටි වගේ ඒව එක්ක නොමිලේ දන එක එක එව්වා එකතු කරන පුරුද්දක්. ඉස්සර එහෙම හම්බෙන බඹර, යෝ යෝ වගේ එව්වාට පිස්සු වැටිලා හිටියේ. ඇයි දැන් එහෙම ආසාවක් නැත්තේ.මන් හිතන්නේ දැන් ඉන්න ළමයින්ටත් එහෙම ෆීලිං එකක් නතුව ඇති.

    එ වගේම ඒ කාලේ ලස්සන කෙල්ලෙක් දකිද්දි ඒ කෙල්ල ක්‍රශ් එකක් වෙද්දි ඒ ආපු ෆීලිං එක මරු ඒත් දැන් ලස්සන කෙල්ලෙක් දකිද්දි එන ෆීලිං එක මෙලෝ රහක් නෑ.

    පොඩි කාලේ තිබ්බ මනස නෙමේ දැන් තියෙන්නේ ඒක සාමාන්‍යයි කිව්වාට, මට හිතෙනවා දැන් ළමයින්ට දැන් අපේ ළමා කාලයේ අපි විඳපු දේවල් ඒ විදිහට දැනෙන්නේ නෑ කියලා.

    මන් හිතන්නේ 80 අවසාන භාගයේ ඉපදුන අයට විතරයි වෙන්න ඇති ඒ වගේ ළමා කාළයක් උරුම. ඊට කලින් ඉපදුන අයටත් ඒ ෆීලිං එක තියෙන්නේ නැතුව ඇති
    100% agreed.
    essara pothak hoyagena Nuwara town eka pura yanawa eskolen passe.
    September mase wenakan salli ekathu karanawa poth ganna.
    dan poth ganna salli tiyanwa. eth kiyawanna welawak na.
    api wayasata gihilla ban..
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පොත් කියවලා කියවලා ආතල් එකට පොත් දෙකකුත් ලිව්වා ඔය කාලේ. හැමදාම ඔයේ නෑවා ක්‍රිකට් ගැහුවා. ඉන්ටනෙට් අරව මේව ගැන ඔලුවෙ තිබුනෙම නෑ.ආස සින්දු ඇහුවෙ ටීවී එකේ චාට් ශෝ වලින්. ඒ කාලෙ තිබුන ඒ හැඟීම මාරයි. දැන් ඉන්න උන්ට ඒව ගැන අයිඩියා එකක් වත් නෑ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    උඹ කිව්ව කතාව හරි. මට මෙ අත්දැකීම තියෙනවා
    මගෙ ෆෝන් එක කැඩිලා හදන්න දීලා තිබ්බා ටික කාලෙකට.
    කම්පියුටර් එක මන් දාන්නෙ සින්දුවක් දාන්න වගෙ දේකට විතරයි .
    දවසක් පොතක් කියවන්න ගත්තා සිංහලෙන් ලියවිච්ච .කිව්වා වගෙම අර ෆීලිං එක ආයෙත් ආවා.
    දැන් තමා හරියටම තෙරෙන්නෙ.
    ෆෝන් ඇඩික්ෂන් එක තමා ලොකුම අවුල.
    මන් සොෂල් මීඩියාස් උනත් වැඩියම එන්නෙ නැති තරම් .
    මගෙත් සෝෂල් මීඩිය ඇඩික්ෂන් එකනම් දැන් අඩු වේගන යනවා. ගොඩක්ම ඇඩික්ට් වෙන්නේ ෆේස්බුක් එකටනේ. twitter වගේ ඒවාට ඇඩික්ට් වෙන්නේ නෑනේ. ෆෙස්බුක් එක දන් බෝරින් වේගන එනවා මට. ඒක හොඳයි. හැබැයි ඉතින් ජොබ් එක නිසා කම්පියුටරෙන්නම් ගැලවෙන්න බෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    ow, anika teledramas vala themes venas una. ekath sahenna balapawa
    ඔය අපිට හිතෙන දේම ඒ කාලෙ නූර්ති නාඩගම් කරපු මිනිස්සුන්ට තියටර් වලට ෆිල්ම්ස් ආවට පස්සෙ හිතෙන්න ඇති නේද?
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    ඇයි ටිපි ටිප් වලින් එකතු කරන කෑලි. අර කාර් හෙලිකොප්ටර් එව්වා එහෙම. ඉස්සර එලිෆන්ට් හවුස් එකේ පෝක් සොසේජස් ගෙනද්දි මම හිතුවා ලොකු වෙලා සල්ලි හම්බ කරලා ගේනවා කියලා පෝක් සොසේජස්. දැන් එහෙමට ආසාවක්නෑනෙ. ජීවිතේ ප්‍රශ්න ඊට වඩා සංකීර්නයි නේද.
    ඔව් බීම එහෙම ෆ්‍රිජ් එක පිරෙන්න ගෙනත් දාගෙන බොනවා කියලා හිතුනා. ඒත් දැන් ඔක්කොම වස විසනේ. එහෙම බිව්වොත් පහු වෙනිදා මැරෙනවා

    OL karata passe hadi gawilama giya
    ow ban. aththatama o/l venakal witharai api jeewithe vindala thiyennea
    ------ Post added on Feb 5, 2024 at 6:20 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    මගෙත් සෝෂල් මීඩිය ඇඩික්ෂන් එකනම් දැන් අඩු වේගන යනවා. ගොඩක්ම ඇඩික්ට් වෙන්නේ ෆේස්බුක් එකටනේ. වගේ ඒවාට ඇඩික්ට් වෙන්නේ නෑනේ. ෆෙස්බුක් එක දන් බෝරින් වේගන එනවා මට. ඒක හොඳයි. හැබැයි ඉතින් ජොබ් එක නිසා කම්පියුටරෙන්නම් ගැලවෙන්න බෑ
    dan nam fb deactivate.ganakwath na ban mata.
     
    • Like
    Reactions: NRTG