පින්වත් Luxmen,
ඔබ බුදු පියානන් පවසා ඇති බොහෝ දේවල් වලට ප්‍රතිවිරුද්ධ කාරනාම පවසනවා. මෙය ඔබට බොහෝ හානිකරයි.
බුදු දහම විනාශකාරී දහමක් නොවන්නේ එය අවිහිංසාවාදී ක්‍රියා පිළිවෙතක් නිසායි. නමුත් තෘෂ්ණාව විනාශ කිරීමක්මයි එහි ඇත්තේ. තෘෂ්ණාව අභිබවා යෑමක් නොවේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් තෘෂ්ණාව අඩු කරගෙන ගොස් නැත්තටම නැති කර දැමීමක්.
ඔබ මෙසේ පවසා තිබෙනවා:
"Nirvanaya yanu NATHI KARALA ,VINASA KARALA damu pasu ena position ekak neve. Nirvanaya yanu ABIBAVA[OVERCOME] kala pasu ena position ekaki."
මෙතනත් තවත් තැන් කිහිපයකත් ඔබ නිවන යනු ස්ථානයක් ලෙස දක්වා තිබෙනවා. ඔබේ මේ පිළිගැනීම නිසා වෙන්න ඕනෑ ඔබ බුදු දහම නම් තෘෂ්ණාව අභිබවා යෑමක් ලෙස දකින්නේ. ඔබේ මේ නිවන යනු ස්ථානයක් ලෙස වටහා ගැනීම නිවැරදි නැහැ. මේ පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට දහම් දැකීම දෙවන කොටස MP3 එක අසන්න. ලිනක් එක පහත දැක්වෙනවා. එහි සරලව විස්තර වෙනවා නිවන යනු ස්ථානයක් නොවන ලෙස වටහා ගන්නේ කෙසේද කියාත්, හේතු ඵල දහම, මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක්ද කියාත්. එය හොදින් වටහා ගත්තොත් ඔබට බුදු දහම යනු තෘෂ්ණාව යනු අභිබවා යෑමක් කියවෙන දහමක් නොවන බවත්, අවිහිංසාවාදී පිළිවෙතක් මගින් තෘෂ්ණාවේ සම්පූර්ණ විනාශයක්ම කියවෙන දහමක් බවත් පැහැදිලි වේවී. මේ නිසාම තමයි ඔබ "GREAT NIRVANA. BUDUN VAHANSELAGE , RAHATHUN VAHANSELAGE SADAKALIKA VASASTHANAYA." ලෙස පවසා ඇත්තේත්. එසේ ඇති සදාකාලික වාසස්ථානයක් ගැන නොවෙයි නිවන ලෙස බුදු දහමේ සදහන් වෙන්නේ.
http://www.trekmentor.com/si/daham/talks
ඔබ කියා ඇති විශ්ව ශක්තිය ගැන කතාවත් නිවැරදි නැහැ. පවතින දේ කැඩී බිදී යෑමනම් හරි. නමුත් මිය ගිය සත්වයා වෙනත් සතුන් බවට පරිවර්ථනය වීමක් නොවෙයි සිදුවන්නේ. එය සිදුවන්නේ හේතු ඵල කරුනක් නිසාමයි. මිය ගිය සත්වයාගේ පදාර්ථයන් වෙනත් මියගිය සත්වයින්ගේ භවය සකස්වීම පිණිස කාරනා වී එසේ මියගිය වෙනත් සත්වයින් නැවත ඉපදීම තමයි සිදුවන්නේ. ඉතින් හුදෙක් එක් මියගිය සත්වයෙක් වෙනත් සතුන් බවට පරිවර්ථනය වීමක් නැහැ. විශ්ව ශක්තිය ගැන කතාවක් නම් මම බුදු දහමේ මෙතෙක් දැකලා නැහැ. නමුත් විශ්ව ශක්තිය ගැන වෙනත් ආගම්, ඉගැන්වීම් වල ඇති බව අසා තිබෙනවා - විශේෂයෙන්ම ඉන්දියාවේ ආත්මීය, යෝගීන්ගේ ඉගැන්වීම් වල. බුදු දහමේ නම් එවැනි දෙයක් නැහැ. ආසන්න දෙයකට ඇත්තේ සතර මහා ධාතූන් ගැන සදහන. එය විශ්ව ශක්තිය ලෙස අමුතුවෙන් කියන්න, අමුතු බලයක් ඇති දෙයක් ලෙස දක්වන්න දෙයක් නොවේ.