"හලෝ S ඉන්නවද"
"ඔයා කවුද නංගි"
"S බඳින්න ඉන්නේ මම, ඔය මොකද කරන්නේ S ගේ ෆෝන් එක අරගෙන"
"මම මිටින් එකක ඉන්නේ, පස්සේ ගන්නම්" කියල ෆෝන් එක ඕෆ් කළා... මිටින් ඒකෙන පස්සේ මම ගත්ත කෙල්ලට...
"නංගි මේ මගේ ෆෝන් එක... ඔය කොහොමද S දන්නේ..."
"අය්යේ ඔය සුරනි අක්කගේ මහත්තයද, ඔය උසයිලු නේද"
"ඔවු මම 6' 8" උසයි... මගේ උසිං ඔයාට මොකක්ද කෙරෙන්න ඕන"
"ඔයාගෙන් මට වැඩක නැහැ අය්යේ... මට Sට කතා කරන්න ඕන... එයා කෝ... බැංකුවේ මැනේජර් කෙනෙක් උනාම ඉතින් කාර්ය බහුල ඇතිනේ.... එයා නිවාඩුයිලු නේද අය්යේ"
මට තේරුණා අක්ක වැටුන වලට තව අහිංසක කෙල්ලෙක්වත් දාන්න මුන් හදන්නේ කියල...
"නංගිට කවුද කිවුවේ S බැංකුවේ කියල"
"සුරනි අක්කනේ කිවුවේ"
"නංගි ඉවසිල්ලෙන් මම කියන දේ අහන්න, කෙල්ලක් උනාම දැනගන්න ඕන තමන්ගේ පරිස්සම... නොදන්නා කෙනෙක් කතා කල පලියට මෙහෙම කතා කරන එක වැරදියි.... ඔය ඇයි මේ දේවල් ඔයාගේ අම්ම එක්ක නොකියන්නේ... කෙල්ලෙක්ගෙ හොඳම යහළුව අම්ම... ලනු කාල අන්තිමට තමන්ගේ මිනිහට දෙන්න තියන ඉන්න එකම වස්තුව නැති කරගෙන ජිවත් වෙනවද, නැත්නම් අම්මගේ උපදෙස් ගන්නවද"
එදා රෑ අපේ ගෙදර වලි... S කෑ ගහනවා මගේ මගුල කඩපු එකාව මම බාවනවා කියල... ඒ වෙලාවේ පුතා මගේ අතේ හිටියේ... මම පුතාව අක්කට දීල ගිය ඉස්සරහට... මමයි කෙල්ලට කතා කලේ, අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා යකෝ කියල මම බැන්නම්... අක්කත් බැන්න සුරනිටයි මල්ලිටයි...
පස්සෙන්ද අර කෙල්ල කතා කරලා අඩ අඩ පින් දුන්න මට....
ඒකිට එන්න කියල තැනකට... බලද්දී ගොඩක් පාලු තනක්ලු...
නිනක් නෙවි මූ වැඩේ දිල,,, යාළුවොන්ටත් බෙදන්න හිතන ඉඳල තියෙන්නේ...
ඊට පස්සේ මට ප්‍රශ්න වැඩි උන.... නිතර සුරනි රණ්ඩු උනා... එයාට ඕන උනා කොන්ඩේ ස්ට්‍රේට් කරගන්න.... හම්බ වෙන්න සල්ලි මදි එයාට ශෝක් කරන්න... ඒ මදිවට තව දේවල්....
එය නිතර මාත් එක්ක රණ්ඩු උන..... අන්තිමට මට සිද්ද උන 10% පොලියට රුපියල් 6000 ක් අරගෙන එන්න...
------->