MihiCherub උඹේ කතාව මම 100% සම්පූර්ණයෙන් පිලිගන්නවා. LabuGediya මචන් තරහ වෙන්න එපා. නොදන්න උන් වෙනුවෙන් උඹ මේක ලියපු එක එල. මම මේ උත්තරේ ලියන්නෙත් උඹ ආයෙමත් කරදරේ වැටෙයි කියල හිතල.
මචන් ඉවසන්න ඕනේ ප්‍රශ්න, ඉවසීමෙන් සැනසෙන්න පුළුවන් ප්‍රශ්න ජීවිතේ ඕනේ තරම් තියෙනවා. හැබැයි උඹේ පෙර විවාහ ජීවිතේදී උඹ කරලා තියෙන්නෙ රෑ වැටුණු වලේ දවලුත් වැටෙන එක. එක පාරක් නෙමෙයි, නැවත නැවතත් වැටිලා, පෙනී පෙනී ...මහ දවල්ම.
1. උඹ පළවෙනියට වරද්ද ගන්නේ කෙල්ලගෙ ගෙදරදී කෙල්ලගේ අම්ම උඹට සිහිනැති වෙන්න බොන්න දීල වෙච්ච ගේමේදී. මම උඹ නම් ඕනේ දෙයක් වෙන්න කියල මම කරන්නෙ පොලිසියට ගිහින් එහෙම නැත්නම් ලෝයර් කෙනෙක් අල්ලලා පැමිණිලි කරන එක. ඒ මොහොතෙදීම. අරුන් බොන්න දුන්න ඒවා උඹේ ලේ වල තියෙද්දී වෛද්‍ය පරීක්ෂණයකට යන එක. (ගොඩක් වෙලාවට යාලුවෙක්ගෙ උදව් ඕනේ වෙනවා, තනියම බැරි වෙයි උඹට.)
2. උඹ දෙවැනි වරද කරන්නෙ එච්චර කට්ට කමක් කරපු කෙල්ලගෙ අම්මව උඹේ ගෙදරට වැද්ද ගන්න එක.
ඊට පස්සෙ කතා කරන්න දෙයක් නැහැ. උඹ නැවත නැවතත් පෙර වැරදිම නැවත නැවත කරනවා.
වෙලා ඉවර වෙච්ච දෙයක් සම්බන්දයෙන් අපිට එහෙම, මෙහෙම කියල කතා කරන්න ලේසියි තමයි. නමුත් උඹ මෙතැනදී උඹට ගැලවෙන්න තියෙන ලේසිම අවස්ථා දෙකක් මග හරිනවා. ඒක තනිකරම උඹේ මෝඩම මෝඩ තීරණයක්.
අමතක කරන්න එපා. අපි කරපුව තමයි අපිටත් එන්නේ. ඒ පල විපාක තාමත් ඇවිත් ඉවර නැති වෙන්න පුළුවන්. උඹට පුළුවන් නම් දවස ගානේ විනාඩි 5 ක් වත් මයිත්‍රී භාවනාවක් කරපන්. උඹේ හතුරන්ටත් එක්කම. මුළු විශ්වයටම මයිත්‍රී කරපන්. බුදු හාමුදුරුවෝ සියලුම සතුරන් ධමනය කලේ මයිත්රියෙන්. අපේ හිත් එච්චර ප්‍රබල නැහැ එවෙලේම ප්‍රතිපල එන්න. නමුත් මයිත්‍රීය වැඩ කරනවා.
විශේෂයෙන් උඹව දවන හතුරෙක් ඉන්නවා නම් ඒ අයව ටාගට් කරලා කරපන්. එතකොට වෙන්නෙ උන් ගින්දර ගහනකොට උඹ වතුර ගහනවා වගේ. උඹේ වතුර පාර ප්‍රබල නම් අර ගින්න නිවිලා යනවාමයි. උඹත් ගින්දර ගැහුවොත් වෙන්නේ එතන ගිනි ජාලාවක්. දෙපැත්තම විනාශ වෙන එක. වෛරයෙන් වෛරය නොසන්සිඳේ කිව්වේ ඕකයි.