ඒක තමයි තමන්ට අයිති නැති මුදල් ලඟ තියාගන්න ගන්න නීතියෙ හැටියට කොහොමටවත් බෑ බං.
අර ට්‍රාන්සර් එකේ සීන් එක උඹේ බෑන්ක් එකටම හොයල දෙන්න පුලුවන් නේ බං. අපේ කම්පැනි අකවුන්ට් එකට සල්ලි වැටුනම වෙන බෑන්ක් වලින් මම බෑන්ක් එකට කතා කරාම උන්ගෙ වෙනම Sub system එකක් තියෙනව CEFT වලට, ඒකෙ ගහල බැලුවම දාපු කෙනාගෙ විස්තර එනව. මම ඒ විදියට තමයි ට්‍රැක් කරගන්න බැරි පේමන්ට්ස් හොයාගන්නෙ. අපේ බෑන්ක් එකෙන්ම විස්තර කියනව.
එහෙම බැහැ බන්
මගේ කමර්ශල් එකට සල්ලි ඇවිත් තිබුනෙ. බැංකුවෙන් ඇහුවම කිවුවා BOC එකෙන් ඔන්ලයින් ට්‍රාන්සර් එකක් කරලා තියෙන්නෙ නමුත් ඊට වඩා විස්තරයක් උන්ගෙ ලඟ නැහැ කියලා
BOC එකෙන් කතා කරලා ඇහුවම කිසිම දෙයක් කියන්න බැහැ කිවුවා
මගේ ලඟ ට්‍රාන්සැක්ශන් රෙෆරන්ස් එක තියනවා ඒක බලලා තොපේ කස්ටමර්ට කියපන් මම සල්ලි දෙන්නං කියලා කිවුවා ඒත් බෑ කිවුවා. බෞකාපන් කියලා මම නිකං හිටියා
yeap.
wardila wena unge accounts walata dammoth ganna baha aye. account holder kamathi unoth withari bank ekata salli walata atha thiyanna puluwan. bank eketa account holder ge details wath denna baha legally.
අඩෝ මට ඔහොම එකක් උනා බන්.
ලක්ෂ 6 - 10 ක් වගේ ගානක් මගේ account එකට වැරදිලා cashier එකේ හිටපු කෙනෙක් දාලා. 2012 උනේ. ඒ කලේ SMS alert, මොකුත් තිබ්බේ නැහැ. පස්සේ දන්නේ.
මට call කරලා උදේම බැංකුවට එන්න කියලා, මට කිවුව වැරදිලා මොකක් ද මගුලක් මගේ account එකට වෙලා තියෙනවා කියලා slip දෙකක් අත්සන් ගත්තා. ඒ account එකේ 1000 ක් වගේ තිබ්බ නිසා මාත් ලොක්ක වගේ අත්සන් දාලා දුන්නා. පොඩි ලස්සන කෙල්ලෙක් හිටියේ, මම කොලේ දෙනෙකොට අතින් වැටුන මෙසේ උඩට. ඔහ්හ් ඩොම්ම උනා කියලා කිවුවා. පස්සේ තමා මට meters උනේ. උන් මට එදා මාර විදියට සැලකුව බං. වැඩේ ඉවර උනාම නම් ඒ සැලකිලි නැති උනා.
ඒ කාලේ ජොබ් එකෙත් හෙන ස්ට්‍රෙස්. මේ මොන කෙන් ගෙඩියක් පාත් වෙනවද කියල උන් කියපු විදියට බැංකුවට ගිහින් කරලා දුන්නා. කොහොමත් අනුන්ගේ සල්ලි ඕන නැහැ.
මට බැංකුවේ එක්කෙනෙක් කිව ඔහොම බින්දුවක් වැඩි වෙලා cashier deposit එක update කරලා. අදාල කෙනත් අදුරගෙන. මු business කාරයෙක්. එත් මු දෙන්න බැ කියල. පස්සේ බැංකුවේ උන් එක ගෙවල තිබ්බේ.
මගේ පියාණන් බැංකුවේ දශක කීයපයක් වැඩ කරලා , ඔය වගේ සිද්ධි වලට මුහුණ දුන්න ඒවා කියලා තියෙනවා.
සුදු අඳින ගුරුවරු, ප්‍රින්සිපල් ලා වගේ එවුන් තමයි ඔය වගේ චාන්ස් වලින් හැන්ඩ්ල් කරන්න අමාරු අයලු.
Receiver අකවුන්ට් එක තියෙන බැංකුවට පුලුවන් ප්‍රෙශර් කරන්න.....
Receiver කැමැත්තෙන් දුන්නොත් තමයි ලේසි.
ඕවා enter කරන්නේ මෙහෙමයි බන්....
අකවුන්ට් නො 123456 නම්
මෙහෙම ලියා ගන්න දෙපාරක් කොළේක. ඊට පස්සේ ඔන්ලයින් එන්ටර් කරල දෙවතාවක් චෙක් කරන්න.
12-34-56
1-24-45-6
ගාණත් එහෙමයි.
Rs.10,000/- නම්
10-00-0
1-00-00
බින්දු පැටලීම ද්‍රශ්ය මායාවක්. නීතියෙන් සහන ?.
මම කරන්නෙ අග ඉදලා මුලට චෙක් කරලා මුල ඉඳන් අගට චෙක් කරනවා
බැංකුවේ එකෙකුට වැරදිලා මගේ නෑදෑ කෙනෙකුට රුපියල් 50000ක් දාල. ඊට පස්සේ ඌ මැනේජර් එක්කම ගෙදරට ඇවිත් පින්සෙන්ඩු වෙලා ඒක ආපහු දෙන්න කියල.
බැංකු වල නං පොඩි සැලරි ගන්න එවුන් ඉන්නෙ, එහෙම එකෙක්ගෙන් ඔය වගේ ගානක් අතින් දාන්න වෙනවා කියන්නෙ අනාත වෙලා යනවානේ.
මට එක පාරක් ඔහොම ලක්ෂ 12 ක් ආවා අතඇරල දාල තිබ්බ account එකකට (Commbank). උන් කෝල් කරල විස්තරේ කියල bank එකට ඇවිත් ලියුමක් දෙන්න පුලුවන්ද ඇහුවා. මම ගියාට පස්සෙ උන්ම ලියුම හදල දුන්නා අත්සන් කරන්න. කොහොමහරි, අපේ කැමැත්ත නැතුව උන්ටවත් transaction reverse කරන්න බෑ. ලක්ෂ 12 ගියා, ඒ වුනාට එකවුන්ට් එකේ තිබුන දවස් ගානට පොලියක් වැටිලා තිබ්බා.
ඒක තමයි මාත් කියන්නෙ
සල්ලි වෙන එකෙක්ගෙ එකවුන්ට් එකකට දැම්මට පස්සෙ ඉතිං ගන්න එක ඌ කැමැත්තෙන් දුන්නෙ නැත්තං nearly impossible කියලා
මම සෑහෙන්න බැංකුවෙ සීන් දන්නවා,
සමහරු ඉන්නවලු එහෙම සල්ලි වැටුනම ගෙදර වහලා දාල වෙන කොහේ හරි යන. හැබැයි දැන් ගොඩක් වෙලාවට කවුන්ටරේ CCTV තියන නිසා කවුන්ටරෙන් අවුට් එකක් ගියොත් කොහොම හරි බලලා බලලා හොයා ගන්න පුලුවන්ලු
එතකොට ගෙදරට ගිහින් කියද්දි සමහර වෙලාවට CCTV තියනවා කියලා කිවුවට පස්සෙ දෙනවලු. මාත් අහල තියනවා එක වයසක ගෑනු කෙනෙක් එහෙම දුන්නෙම නැහැ කියලා පස්සෙ CCTV එහෙම ගිහන් පෙන්නුවට පස්සෙ දුන්න සීන් එකකුත්
තව අපේ ඔෆිස් එකේ එකවුන්ටින් කරන කම්පැනිය මොකක් හරි බුලක් කෙලලා එක පාරක් සමහරුන්ට දෙපාරක් සැලරි වැටුනා. ට්‍රාන්සැක්ශන් එක රිවස් කරන්නත් කාගෙනුත් ලියුම් ගත්තා.
ලංකාවෙ සේම් බෑන්ක් එක නං නම පෙන්නනවා. වෙන බැංකුවක නං නම පෙන්නන්නෙ නැහැ
මගේ නං බැංකු තුන හතරකම ඔන්ලයින් බෑංකින් තියන නිසා ගොඩක් වෙලාවට කාට ට්‍රාන්සර් කරත් නම චෙක් කරන්න පුලුවන්