ටිකක් හිතන්න!
මම අදහන ආගමේ කියනවා නම් අනෙත් ආගම් වල උන් සදාකල් නිරයට නියමයි කියල, එහෙම කිව්වම ආගම අදහන උන් අනෙත් උන් ගැන හිතන්නේ මොකක්ද?
අපෝ උන් පහත් ජාතියක්, කැරපොත්තන් හා සමාන ජාතියක්, මුන් වඳ වෙලා යනවා නම් හොඳයි, මුන් මහා කරදරයක්, මුන් මොකටද ඉන්නේ කියල,
මේ මිනීමරුවෝ අනිවාර්යයෙන් එහෙම හිතන උන්, හැම එකාම එහෙම නොවෙනවා ඇති, එත් වැඩි දෙනෙක් අනිවාර්යයෙන් අනෙත් ආගම් අදහන උන් ගැන පහත් විදිහට හිතන්නේ, ඒ නිසා මේ ආගම් ඇදහිල්ල නවත්තනවා නම් මිනිස්සු වඩාත් සාමකාමී වෙයි.
මේ අපේ ජීවිත කාලේ සතුටින් ඉන්න ආගමක් ඕනද? දුප්පත්, අසරණ, රෝගී, මනුස්සයෙක්ට උදව් කරන්න ආගමෙන් කියන්න ඕනද? සත්ව හිංසාවෙන් වලකින්න ආගමක් ඕනද? සදාචාරවත් ජීවිතයක් ගත කරන්න ආගමෙන් කියන්න ඕනද?
නැහැ!
ඒ හැම එකක්ම මනුෂ්‍යත්වය! අනෙත් හැමෝම මනුස්සයෙක්, මනුස්ස හැගීම් තියෙන මම වගේම මනුස්සයෙක් කියල හිතනවා නම් අපෙන් අනුන්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ.
ඒ නිසා මම කිසිම ආගමක් අදහන්නේ නැහැ. මම ඉන්නේ සතුටෙන්, පරලොවක් ගැන විශ්වාස කරන්නේ නැහැ (ඒ නිසා මට පරලොවක් ගැන කිසිම භයක් නැහැ, නිරයේ යනවා, නරකාදියේ යනවා කියල කිසිම භයක් නැහැ) මම ඉන්න ටික කාලේ පුළුවන් තරම් සතුටින් ඉන්නත්, අනෙත් උන්ට කරදරයක් නොවෙන්නත් ජීවත්වීම තමයි මගේ අරමුණ.