දවසකට කොයිතරම් වෙලාවක් ඔබේ වෘත්තිය කටයුතු, ජංගම දුරකථනයට, යාළු මිතුරන්ට, අන්තර්ජාලයට, පොත්පත්වලට, දුවා දරුවන්ට වෙන් කර තියෙනවා ද? ඒ වෙලාව සමඟ ඔබ විසින් ඔබට වෙන්කර ඇති වෙලාව සැසඳුවහොත් වැඩි වෙලාවක් වෙන් කර ඇත්තේ ඔබට ද නැත්නම් ඔබෙන් පිටතට ද? එදිනෙදා ජීවත් වීමේදී ඔබ, ඔබට කෙතරම් නම් සමීප ද? ඔබ ඇවිදිනවා, ඒත් ඇවිදිනවා කියා දන්නවා ද? ඔබ කනවා, ඒත් කනවා කියා දන්නවා ද? ඔබට හිතෙන්නෙ නැද්ද ඔබ ඔබෙන් ඈත්වෙලා කියලා?