ඔබ කොහෙද මා කොහෙද ?

May 18, 2010
6,978
210
0
Los Angeles
ඔබ කොහෙද මා කොහෙද ?

මන් පොඩි වෙනස් නිර්මානයක් කරා.. කවියකුත් නෙවෙයි කතාවකුත් නෙවෙයි.. ඒත් හිතට නැගුනු සිතුවිලි පොදියක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා :) ;)


dream_a_z.jpg


ඔයාට මතකද.. අපි අත් අල්ලගෙන.. තද කරගෙන රික්සෝවේ නැගලා යන ගමන් ඔයා මට කීවා කවදාවත් ඔයාව අත හරින්න එපා කියලා..
ඒත් තඩි වාහනයක් අවිදින් අපි ඉස්සෙරහින් නතර කෙරුවම අපේ පුන්චි කරත්තෙත් නතර උනා.. මම හිමින් සැරේ ඔයාගෙ තුරුලට තඩ උනා..
ටික වෙලාවකින් ඔයා බැහැලා කොහේටදෝ ඇවිදන් ගියා..
මාත් කොහේටදෝ ගියා..
ඔයා එදා මගෙන් ඈතට කොහෙද ගියේ රත්තරන් ?
මම කොහෙද ගියෙ ?


මේ කතාව අපේ හිත් වල රැඳුනේ මොහොතකට විතරයි.. ඔයා කොහෙද ගියේ ? මන් කොහෙද ගියේ ?

ඒ ඇත්තටම ඔයාද නැත්තම් ආලෝකයේ කිරණක්ද ?
ඒ ඇත්තටම ඔයාද නැත්තම් හිනා වෙන මල් පොහොට්ටුවක්ද ?
ඒ ඇත්තටම ඔයාද නැත්තම් හීනයක වැස්සක්ද ?
ඒ ඇත්තටම ඔයාද නැත්තම් පසුකොට ගිය සතුට පිරිච්ච වලාකුලක් ද ?

ඒ ඔයාද නැත්තම් මලක් පිපුනද ?
ඒ ඔයාද එහෙමත් නැත්තම් මම අලුත්ම අලුත් ලෝකයක් දැක්කද ?
ඒ ඔයාමද, නැත්තම් සුළගේ පාවුන සුවඳක්ද ? ?
ඒ ඔයාද නැත්තම් හතර දිශාවෙන් පුපුරා හැලෙන වර්ණ රටාද ?
ඒ ඇත්තටම ඔයාද නැත්තම් මාරගය මත වැතිරුණු ආලෝකයක්ද ?
ඒ ඔයාමද එහෙමත් නැත්තම් හිස් අවකාශයේ නැගෙන දෝන්කාරයක්ද?

මම හෙව්වෙ ඔයාවද රත්තරන් ? නැත්තම් මගෙ නවාතැනද ?
ඒ ඇත්තටම ඔයාද ? නැත්තම් මොහොතකට විඳපු මායාවක්ද ??

කියන්න මට.. කියන්නකෝ..​

:love: :love: :love:
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
මට ලියන්න්න පුලුවන්....
හුගාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
හොදයි...
මම මෙහෙම ලියන්නම්..
රෑ අහසේ තරු පායලා..
ලස්සනට දිලිසෙනවා...
ඉතින්..
මට ගොඩාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
දන්නවද....
මම එයාට ආදරේ කරා...
සමහර විට එයත් මට
ආදරේ කරන්න ඇති...
අද වගේ දවසක මම එයාව
තුරුල් කරන් අතොරක් නැතුව
සිප ගන්න ඇති..
ඔව්.....
එයා මට ආදරේ කරා...
සමහර විට මමත් එයාට ආදරේ කරන්න ඇති...
එ ඇස දෙකට
ආදරේ නොකර ඉන්නේ කොහොමද....
ඉතින්....
මට ලියන්න පුලුවන්....
රාත්‍රිය අනන්තයි...
එයා මගේ ලග නැති නිසා...
ඒ බව තවත් වැඩි වෙනවා...
අහසින් වැටෙන වැහි බිදු වගේ...
කවි පද එකෙන් එක ලියවනවා...
මගේ ආදරයට....
ඔව්...
මගේ ආදරයට....
එයාව ලන් කරගන්න බැරි උනා.....
ඉතින් කවි වලින් වැඩක් තියෙනවද....
මගේ ඇස් එයාව හොයනවා....
වෙනදට වගේ සීතලට තුරුල්
වෙලා ආදරේ
කරන්න කියලා දෙන්නේ කවුද?
මම කොච්චර ආදරේ කරාද...
එයා කොච්චර ආදරේ කරාද...
අර බලන්න....
තරු මට කතා කරනවා..
එයා ඉන්න ඕන අහසේලු...
නැහැ නැහැ....
මම යන්න දෙන්නේ නෑ...
ඒත්....
එයා ගියොත්
මට ලියන්න පුලුවන්.....
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්...
සමනල්ලු ගොඩාක් මල් වලට ඇදිලා යනවා....
ඒත් එක ආඩම්බර සමනලයෙක්
නිල් පාට ඇස් වල කදුලු පුරවගෙන
එකම එක රෝස මලක් දිහා
බලාගෙන ඉන්නවා...
ඉතින්....
මට ලියන්න පුලුවන්...
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්....

මේක ටික කාලෙකට කලින් මගේ බ්ලොග් එකට ලිව්වේ
http://sun-ge-lookaya.blogspot.com/2011/01/blog-post_1187.html