සිතුවිලි නිහඬයි හද ගැබ සසලයි
ආලය වැඩිවී අද ඔබ නිසලයි
ලෝකය කුරිරුයි යන මඟ කටුකයි
ගල් පර්වත මැද බාධක මැඩලයි



මට ලියන්න්න පුලුවන්....
හුගාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
හොදයි...
මම මෙහෙම ලියන්නම්..
රෑ අහසේ තරු පායලා..
ලස්සනට දිලිසෙනවා...
ඉතින්..
මට ගොඩාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
දන්නවද....
මම එයාට ආදරේ කරා...
සමහර විට එයත් මට
ආදරේ කරන්න ඇති...
අද වගේ දවසක මම එයාව
තුරුල් කරන් අතොරක් නැතුව
සිප ගන්න ඇති..
ඔව්.....
එයා මට ආදරේ කරා...
සමහර විට මමත් එයාට ආදරේ කරන්න ඇති...
එ ඇස දෙකට
ආදරේ නොකර ඉන්නේ කොහොමද....
ඉතින්....
මට ලියන්න පුලුවන්....
රාත්රිය අනන්තයි...
එයා මගේ ලග නැති නිසා...
ඒ බව තවත් වැඩි වෙනවා...
අහසින් වැටෙන වැහි බිදු වගේ...
කවි පද එකෙන් එක ලියවනවා...
මගේ ආදරයට....
ඔව්...
මගේ ආදරයට....
එයාව ලන් කරගන්න බැරි උනා.....
ඉතින් කවි වලින් වැඩක් තියෙනවද....
මගේ ඇස් එයාව හොයනවා....
වෙනදට වගේ සීතලට තුරුල්
වෙලා ආදරේ
කරන්න කියලා දෙන්නේ කවුද?
මම කොච්චර ආදරේ කරාද...
එයා කොච්චර ආදරේ කරාද...
අර බලන්න....
තරු මට කතා කරනවා..
එයා ඉන්න ඕන අහසේලු...
නැහැ නැහැ....
මම යන්න දෙන්නේ නෑ...
ඒත්....
එයා ගියොත්
මට ලියන්න පුලුවන්.....
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්...
සමනල්ලු ගොඩාක් මල් වලට ඇදිලා යනවා....
ඒත් එක ආඩම්බර සමනලයෙක්
නිල් පාට ඇස් වල කදුලු පුරවගෙන
එකම එක රෝස මලක් දිහා
බලාගෙන ඉන්නවා...
ඉතින්....
මට ලියන්න පුලුවන්...
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්....
මේක ටික කාලෙකට කලින් මගේ බ්ලොග් එකට ලිව්වේ
http://sun-ge-lookaya.blogspot.com/2011/01/blog-post_1187.html
ලස්සනයි සීරාවටම......... මම ආස මේ ටිකට,,,,,,,,
"ඒ ඇත්තටම ඔයාද ? නැත්තම් මොහොතකට විඳපු මායාවක්ද ??"

අපි දෙන්නා සාම ගිවිසුමක් ගහලා ඉන්නේ දැන් ගොඩක් කල්![]()
O|O|O
කිසිම රාමුවකට කොටුවෙලා නැතුව හරිම විවෘතව ගලාගෙන එන අදහස එලියට දාල තියනවා..... අන්න එක තමයි නිර්මාණය කියන්නේ.... විවිධ අය විවිධ විදියට මේකට අර්ථ දක්වයි... අන්න ඒක තමයි මේ නිර්මාණයේ තියන සාර්ථකත්වය.....






ඔයාට මතකද.. අපි අත් අල්ලගෙන.. තද කරගෙන රික්සෝවේ නැගලා යන ගම
![]()
![]()
![]()