සත්වයන් මැරෙන්නේ නෑ. සත්වයන් අමරණියයි, මැරෙන්නේ ඒ ඒ ලෝකයේ පැවතීමට අවශ්‍යය කරන සත්වයාගේ වාහනයයි. මනුෂ්‍යය ලෝකය ගත්තම, මනුෂ්‍යය ලෝකයේ සත්වයාට පැවතීමට අවශ්‍යයකරන වාහනය තමයි මිනිස් ශරීරය, ඒක මිය ගියාම අදාළ සත්වයා වෙන භවයකට යනවා. ප්‍රේත භවයකට යන්න පුලුවන්, තිරිසන් භවයකට යන්න පුලුවන්, දිව්‍යය භවයකට යන්න පුලුවන්, බ්‍රහ්ම භවයකට යන්න පුලුවන්. මේ වගේ භවයෙන් භවය යනවා.
පුනර්භවය කියන්නේ ඒකටයි. පුබ්බේනිවාසානුස්සති ඥාණය තියෙනවා නම් කලින් භව ඔක්කොම අපිට දකින්න පුලුවන් මේ නිසයි. සත්වයන් අමරණියයි.









