කක්ක බෙට්ට ගැන ත්‍රෙඩ් එකක්....

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    කක්ක බෙට්ට ගැන ත්‍රෙඩ් එකක්....

    අවවාදයයි.

    මේය කක්කා ත්‍රෙඩ් එකක් වන අතර සුද්ද සිංහලෙන් ලියා ඇත. එබැවින් බැලීමට පෙර හිතා බලන්න.
    සංවේදී අප්‍රියජනක වචන හෙන තොගයක් අඩංගු බැවින් ඔබේ හය හතර නොදත් දරුවාට එහි බරපතලකම කියා දෙන්න.



    අපේ ඇගෙන් පිට වෙන කක්කා වලින් 75%ක්ම වතුර.
    බඩ එලිය යනකොට එහෙම කක්කා එක්ක පිට වෙන වතුර ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා.
    ඉතුරු 25%න් 1/3ක් ම මැරුණු බැක්ටීරියා.තව 1/3ක් සජීවී බැක්ටීරියා, මේද කොටස්, අකාබනික ද්‍රව්‍ය වලින් හැදිලා තියෙන්නේ.ඉතුරු 1/3 කාබනික ද්‍රව්‍ය, බාගෙට දිරවපු ජාති, තන්තු කොටස්.මේ කොටස තමයි කක්ක බෙට්ට ගුද මාර්ගයේ රැගෙන එන්න උදව් කරන්නේ.

    වතුරට වැටුනම බෙට්ට පාවෙන්නේ එකේ හුලන් පිරිලා තියන හින්ද. (වත්තේ හුලන් ද බකල හුලන් ද කියල නම් හොයල බලන්න ඕන ආයුබෝවන්ඩ :P)
    මේ බෙට්ටේ ඉන්න බැක්ටීරියා ක්‍රියාකාරකම් නිසා බෙට්ට නයිට්‍රජන් වලිනුයි සල්ෆර් වලනුයි පිරෙනවා. ඒක නිසා තමයි බෙටි ගූ ගද ගහන්නේ.

    සාමාන්යෙන් මනුස්සයෙක් දවසකට ග්‍රෑම් 900ක බෙටි දානවලු.අලියෙක් කිලෝ 36ක බෙටි දානව කියන්නේ.ඒ වගේම හාවෙක් දවසට බෙටි 500ක් විතර දානවලු.බලමුකො එකෙත් හැටි නේද.

    සමහර දලබුවෝ හතුරන්ගෙන් බේරෙන්න උපක්‍රමයක් විදිහට අඩි 3ක් විතර උසකට බෙටි විදිනවලු.
    සමහර සත්තු තමන්ගේම බෙටි අයෙත් කනවා.එහෙම කරන්නේ බාගෙට දිරවල අයින් වෙන පෝෂ්‍ය පදාර්ථ ආයෙත් ඇගට ගන්න. තව අය අනුන්ගේ බෙටි කනවා. බල්ලෝ හරි අසයි ලු පුස් බෙටි කන්න.ඒවායින් උන්ට ප්‍රෝටීන් හම්බවෙනවලු.

    ඒ අතරේ ඇමෙරිකාවේ මනුස්සයෙක් උසාවියට ගූ පාර්සලයක් ගෙනල්ල එකෙන් ජුරි සබාවට ගහල අවුරුදු 31කට හිරේ ගියාලු.

    මනුස්සයෙක් දාපු දිගම බෙට්ට අඩි 26ක් දිගයි ලු. පොර දවස් ගානක ඉදල කෙදි සහිත කෑම කාලාලු මේ වීර වික්‍රමය කරලා තියෙන්නේ.

    දෙවෙනි ලෝක යුද්දෙ කාලේ මෝඩ ජ’මන් කාරයෝ හිතාගෙන ඉදල තියෙන්නේ ඔටු බෙට්ටක් උඩින් යුද්ද ටැංකිය ගෙනිච්චම දවසම සුබයි කියල. ඒක දැනගත්තු එංගලන්ත කාරයෝ ඔටු බෙටි වලින් බිම් බෝම්බ වහල තියල. ඊට පස්සේ වෙච්ච දේ ඉතිං දන්නවනේ.

    අපේ රටේ කෝච්චි වල යන අය දාන බෙට්ට වැටෙන්නේ රේල් පාරට කියල දන්නවා ඇතිනේ. ඒ වගේම තමයි නීල් අම්ස්ට්‍රෝන්ග් හදට ගිය වෙලාවේ කක්ක පිරුණු බෑග් තුනක් හදේ දාල ඇවිත් අපහු ගේන එක වියදම් වැඩියි කියල.සමහර වෙලාවට වායු ගෝලයේ දැවෙන කක්ක බෑග් වලට අපේ අය තරු කියල රැවටෙනවලු.

    සමහර අයට පොත් වල සුවදට කක්ක බර හැදෙනවලු.ජපානයේ ගෑනු කෙනෙක් සමීක්ෂණයක් කරලා හොයාගෙන තියනවලු පුස්තකාලයේ ඉන්නකොට කක්ක බර හැදෙන ප්‍රමාණය ඉක්මන් වෙනවා කියල.මෙයා මේ ගැන පොතකුත් ලියල තියනවලු.( වැඩේ කියන්නේ එක කියවනකොටත් කක්ක බර හැදෙනවද දන්නේ නෑ. මොකද එකත් පොතක් නේ. :D )

    ඔන්න බෙට්ට ගැන ජාලයේ තිබුන දේවල් ටිකක්.
    මිට පස්සේ රෙනකොට මේවත් මතක් කරගෙනම රෙන එකයි ඇත්තේ.
    ෆොටෝ දාන්නත් හදල ත්‍රෙඩ් එක ගූ වෙයි කියල දැම්මේ නෑ.
    හොදයි ලස්සනයි වටිනවා කියල හිතෙනව නම් රේප් කරගෙනම යන්න.දුන්නා නොදුන්නා කියල තරහ වෙන්නේ බනින්නේ නෑ.

     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    කක්ක බම්ප්
    239512.gif