වෙනදත් ඔහොම හදනව බං. වයිෆ් නැති නිසා විච්චූරන නැතිව ඉක්කනට උයල කන්න විදියක් ඇහුවේ. ඔන්න ඔහේ චිකන් හදන විදියටම හදල දැම්මා. දැන් නං කාලත් ඉවරයිමරල සුද්ද කරලා පිහාටු අයින් කරල ගනින්. හම ගලවන්න එපා.
ලොකු veterinary ඉන්ජෙක්ෂන් කටුවක් ගනින් සේරටම කලින්. වතුර ලීටරයකට ලුණු ග්රෑම් 20 ක් වගේ දාලා දිය කරහන්. බටර් ග්රෑම් 100 ක් විතර වෙනම දිය කරල ගනින්.
ඊට පස්සෙ තාරාවාගෙ හමට යටින් හැබැයි මස්වලට වදින් නැති වෙන්න ලීක් වෙන ගාණටම ලුණු වතුර inject කරපන්. ඊට පස්සෙ මස් ටිකටත් පුළුවන් තරම් දිය කරපු බටර් inject කරහන්.
දැන් එක්කො අවන් එකක දාල bake කරහන්. 220° ට වගේ preheat කරලා විනාඩි 15 ක් විතර තියෙන්න දියන්. එතකොට හම හොඳට crispy වෙනවා. ඊළඟට 170° ට දාල පැයක් එක හමාරක් වගේ.
නැත්තම් පියන වහන්න පුළුවන් ලොකු බැරල් grill එකක වගේ දාලා grill කරත් හරි. මුලින් හම crispy වෙන්න open ගිනි දැල් එක්ක, ඊට පස්සෙ අඟුරුවලින් slow එකේ.
ලුණු වතුරයි, බටරුයි හොඳටම අැති. වෙන මොනවත් තාරාවගෙ ගාන්න එපා. කන වෙලාවට ගාගෙන කන්න හොඳ condiment වර්ගයක් ගනින්.
හම ගහල දාල හතරට පහට කපලා තුනපහ ටිකක් දාල උයල දැම්මතාරාවගෙ පොඩි සීන් එකක් තියනවානේ, ඕක කුරුල්ලෙක් උනාට සමහර වෙලාවට Red meat එකක් විදියට තමයි උයන්නෙ
medium rare වගේ කන්න පුලුවන්ලු හැබැයි සීන් එක තියෙන්නෙ කුරුල්ලෙක් නිසා salmonella තියෙන්න පුලුවන් එහෙම උනොත් කෙල වෙනවා
සාමාන්යෙන් චිකන් හදන රෙසිපි වලට වඩා වෙනස් ඒව තමයි duck වලට මම දැකලා තියෙන්නෙ.
ඔවු
අනික රෙස්ටුරන්ට් වල කකුලුවො පට්ට ගනන් නේ
ගෙදර හදන්න පට්ටම ලේසියි ඕක, වරදින්නෙ නැති තරං, ලේසියෙන්ම සුපිරියට හදා ගන්න පුලුවන්
------ Post added on Apr 20, 2025 at 5:10 PM
මේ දවස්වල 2500ට වගේ ගන්න තියෙනව කිලෝ දෙකහමාරක වගේ එකෙක්.
Last edited: