කටුපිල [Katupila] (Flueggea leucopyrus)

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    කටුපිල (Flueggea leucopyrus) ශාකය පිළිකා රෝගයට භාවිතා කරනා කෂාය වට්ටෝරුවල සුලබව හමුවෙන්නකි. වෙනත් ඖෂධ වර්ග සමග මෙන්ම කටුපිල ශාකයේ කොටස් පමණක් මේ සඳහා භාවිතා කරයි. එහෙත් ඒ පිළිබඳ විධිමත් අධය්‍යනයක් කර නොතිබිම නිසා කටුපිල ශාකයේ කුමන රසායනය මගින් පිළිකා ෙශෙල විනාශ කරන්නේද යන්න පැහැදිලිව හඳුනාගෙන නොතිබුණි.
    දිනෙන් දින ඉහළ යන පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය නිසා කටුපිල සඳහා විශාල ඉල්ලුමක් මෙන්ම ඖෂධයක් ලෙස කටුපිල ගැන විශාල අවධානයක් රට තුළ යොමු වන්නට විය. මේ අනුව කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ IBMBB ආයතනය මගින් කටුපිල, ශාකය පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් අරඹනු ලබන්නේ 2012 වසරේදී පමණය. මහාචාර්ය අයිරා තාබෘෘ, ආචාර්ය සමීර තෙන්නකෝන්, මහාචාර්ය කමනි තෙන්නකෝන් , අනුකා මෙන්ඩිස් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සිදුකරගෙන යන කටුපිල ශාකය පිළිබඳ පර්යේෂණය වැදගත් වන්නේ එම ශාකය පිළිබඳ එවැනි පර්යේෂණයක් මින් පෙර සිදු නොවුණු බැවිනි.
    මෙම පර්යේෂණය සඳහා කටුපිල ශාක ලබා ගෙන ඇත්තේ වේවැල්දෙණිය ප්‍රදේශයෙනි. මෙහිදී ප්‍රථමයෙන් සිදුකර ඇත්තේ එම ශාකවල අනන්‍යතාවය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උද්භිද විද්‍යාඥයන් විසින් තහවුරු කිරීමය. අනතුරුව කටුපිල පත්‍ර සහ අතු ග්‍රෑම් 60 ක පමණ ප්‍රමාණයක් වතුර මිලි ලීටර් 1600 කට දමා එම ප්‍රමාණය මිලි ලීටර් 200 ක් තරම් අඩුවන තුරු රත්කිරීමට ලක්කර ඇත.
    මෙම කෂාය සකසා ගැනීමට අවැසි උපදෙස් නාවින්න ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය නිමල් ජයතිලක මහතා විසින් ලබා දී තිබේ.
    නියමිත ප්‍රමිතියට අනුව ලබා ගත් කටුපිල ශාකයේ සාරයන් A.T.C.C. නම් ඇමරිකානු ආයතනයක් මගින් ගෙන්වා ගත් ගර්භාෂ පිළිකා ෙසෙල හා මුසුකර ඔවුන් විසින් මෙම පරීක්ෂණයසිදුකර ඇත. මෙම පිළිකා ෙසෙල AN3CA යන නමින් හඳුන්වන අතර මෙම ෙසෙල හෝමෝන සහ රසායන ප්‍රතිකාර ක්‍රම සඳහා ඉහළ ප්‍රතිරෝධයක් දක්වයි. එබැවින් ගර්භාෂ පිළිකාව මර්දනය කිරීම ඉතා අසීරු වෙයි. “එහෙත් කටුපිල ශාකයෙන් ලබාගත් ස්‍රාවයන්ට ඒව්3ඛිඒ පිළිකා ෙසෙල ඉතා හොඳින් මර්දනය කිරීම සිදුකළ හැකි බව මෙකී පර්යේෂණය මගින් තහවුරු විය.
    මෙකී පිළිකා මර්දනය පහත සඳහන් දෙආකාරයකට සිදුවන බව මෙමපරීක්ෂණය මගින් වැඩිදුරටත් තහවුරු විය.
    සාමාන්‍යයෙන් වයස්ගත වීම නිසා ෙසෙල විනාශ වීම (Apoptotic) ස්වභාවිකව ෙසෙල විනාශ වන ක්‍රමයකි. කටුපිල මගින් පිළිකා ෙසෙල වයස් ගත වී විනාශව යෑම කඩිනම් කරයි. එපමණක් නොව, AN3CA වර්ගයේ ගර්භාෂ පිළිකා ෙසෙල විනාශ කරනා විෂක් (cytotoxic) ලෙසද කටුපිල ශාකය කටයුතු කරයි.
    මේ ක්‍රම දෙක මගින් පිළිකා ෙසෙල විනාශව යන බව මෙම පරීක්ෂණ මගින් තහවුරු වීම නිසා හෙළ වෙදකම තුළ පිළිකා රෝග නැසුමට කටුපිල භාවිතා කිරීම සාර්ථක බව පිළිගැනීමට සිදුවෙයි. ගර්භාෂ පිළිකාවලට අමතරව කාන්තාවන් අතර සුලභ පිළිකා තත්ත්වයක් වන පියයුරු පිළිකා සඳහාද කටුපිල ශාකය සාර්ථකව යොදා ගත හැකි බව කටුපිල පිළිබඳ සිදුකරනා වැඩිදුර පරීක්ෂණවලදී තහවුරුව ඇත.
    පියයුරු පිළිකා සඳහා හේතුවන එකිනෙකට වෙනස් ෙසෙල සඳහා කටුපිල ශාකය දක්වන ප්‍රතිචාර විවිධ නමුත් පියයුරු පිළිකා මර්දනය උදෙසාද කටුපිල ශාකය යොදා ගත හැකි බව දැන් තහවුරු වෙමින් පවතී. මේ හැරුණු විට අක්මාව ආශ්‍රිත පිළිකා මර්දනය සඳහා කටුපිල යොදා ගැනීම පිළිබඳ පර්යේෂණද දැනට සිදු කෙරෙමින් පවතී.
    මේ ආකාරයට කටුපිල ශාකය පිළිබඳ පරීක්ෂණ විවිධ ක්‍රමවේද භාවිතා කරමින් සිදුකර තිබේ. වර්ණ මිතික විෂ්‍ලේෂණ ක්‍රමයක් වන M.T.T ක්‍රමය කැස්පේස් ‍ප්‍රෝටීනවල ක්‍රියාකාරීත්වය විශ්‍ලේෂණය වැනි දියුණු ක්‍රම කිහිපයක් මෙමපරීක්ෂණ සඳහා යොදවා ගෙන තිබේ. එකී පරීක්ෂණ මගින් කටුපිල සතු AN3CA ගර්භාෂ පිළිකා ෙසෙල විනාශ කිරීමේ හැකියාව වැඩිදුරටත් තහවුරු වී තිබේ.
    මේ ආකාරයට සිදුකරන ලදපර්යේෂණවල තත්ත්වය සුබදායක වුවත් කටුපිල පිළිකා මර්දනය සඳහා සායනිකව යොදා ගැනීම එතරම් කඩිනමින් සිදුකළ නොහැක්කකි. කටුපිල තුළ ඇති පිළිකා නාශක ගුණය දැනට සිදුකරනා පරීක්ෂණමගින් තහවුරුව ඇතත් එය රෝගීන්ට ලබාදීමට පෙර කටුපිල තුළ ඇති පිළිකා නාශක ෙසෙල වෙන් කර ගැනීම සිදුකළ යුතු වෙයි. ඊට අමතරව ෙජෙවී සතුන් (Invivo) ට කටුපිල ලබා දෙමින් පිළිකා ෙසෙල හැර ශරීරයේ අන් ෙසෙලවලට සිදුවන බලපෑමද අධය්‍යනය කළ යුතු වෙයි. මේ සඳහා සැලකිය යුතු කාලයක් වැය වන අතර මූල්‍ය ප්‍රතිපාදනද අවශ්‍ය වෙයි.
    මෙම පරීක්ෂණයේ ඉදිරි අදියරවලදී පිළිකා ෙසෙල සහ ජාන අතර සබැඳියාව හඳුනා ගැනීම සිදු කිරීමටද නියමිතය. ඒ අනුව ඉදිරියේ දී පිළිකා සම්බන්ධ පෙරළිකාර සොයා ගැනීම් කිහිපයක් කටුපිල පර්යේෂණය ආශ්‍රයෙන් වාර්තා වනු ඇත.
    පිළිකා රෝගය පිළිබඳව වන බටහිර ඖෂධ ඉතා මිල අධික වෙයි. ශ්‍රී ලංකාව වැනි රටවලට තබා ධනවත් රටවල රෝගීන්ටවත් එකී ඖෂධ මිලදී ගැනීම එතරම් පහසු නොවේ. එබැවින් පසු ආබාධ රහිත ශාකසාර ඔසු මත පදනම් වූ ඖෂධ සඳහා අනාගත ලෝකයේ ඇති වන ඉල්ලුම මෙතකැයි කියා පැවසිය නොහැක. කටුපිල ශාකය පිළිබඳ සිදුකරනා පරීක්ෂණ අපට වැදගත් වනුයේ මෙවැනි වටපිටාවක් තුළදීය.
    කටුපිල ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල්වලද දැකගත හැකි ශාකයකි. පාකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල කටුපිල චර්ම රෝග, තුවාල සඳහා ඔසුවක් ලෙසද භාවිතා කෙරෙයි. එහෙත් එම රටවල පිළිකාවට එරෙහිව කටුපිල යොදා ගන්නා බවට සාක්ෂි නැත. එමෙන්ම එකී විෂය පිළිබඳ අධ්‍යයන හෝ පර්යේෂණ පත්‍රිකාද ඉදිරිපත් කෙරී නැත. එබැවින් පිළිකා ඔසුවක් ලෙස කටුපිල ශාකයේ නිස්සාරණයන්ගේ පේටන්ට් අයිතිය අප රටට ලබා ගත හැකි වුවහොත් එය සැබෑම ජයග්‍රහණයකි.
    කටුපිල ශාකයට අමතරව ඒකාවේරිය, බිංකොහොඹ , කොතළ හිඹුටු වැනි අරුම පුදුම ගුණ දෙන දේශීය ඔසු රාශියකි. මින් බහුතරයක පේටන්ට් අයිතිය නොරටුන් කොල්ල කා බොහෝ කල්ය. වත්ත බද්දට දී ඇස්සට දත නියවමින් සිටි අප ඉතිහාසය පුරා අහිමි කරගත් ෙජෙව සම්පත් අතරට කටුපිල ශාකය එක් නොවේයැයි අප ප්‍රාර්ථනා කරමු.
    කටුපිල පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව Tropical Journal of pharmaceutical Research හිද පළවී ඇත.

    source - internet

    10845979_743807599045263_5654890031179377250_n.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉඩම් එළිකිරිල්ලත් එක්ක බේත් බඩු වර්ග හොයාගන්න අමාරු වෙලා තියනවා.. අපේ වත්තෙ තමා ගමට ඕන හැම බේතක්ම තියෙන්නේ ඉස්සර.. දැන් අමාරුයි හොයාගන්න.. TFS
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    දැන් කටුපිල ගහක් ඉතුරු කරන්නේ නැහැ අපේ එවුන් ඔක්කොම තම්බලා බෝයි
     
    • Love
    Reactions: samsri

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කටුපිල මල් හරිම පුංචියි කොළ අතරේ තියෙන කහපාට මල් ලං වෙලා බලනකම් හරියට පෙනේනෙත් නැහැ, එත් ඉතාම සුවඳවත් මල් පිපෙනවා. ගැටපිච්ච මල් සුවඳට සමානයි, මගේ නිවසේත් මේ පඳුරක් තියෙනවා.