මොකද උනේ කියලත් අහනව. මෙන්න වෙච්ච දේ. හවස ටවුමෙ ඉන්දන් ගෙදර එන්න බස් එකට නැගල වාඩිවෙලා ඉන්නකොට ඔන්න නැග්ග මැදිවියෙ ගෑනුකෙනෙක් එලවුලු මල්ලකුත් අරං. බස් එකේ ටිකක් පිටිප්ස්සට වෙන්න සීට් තිබුනට මෙයා වාඩි උනේ නෑ. මට ඉස්සරහ සීට් එක කෙලින් හිටගෙන ඉන්නව. මම නැගිටල සීට් එක දෙන්න හැදුවහම "ඕනෙ නෑ, මම ලගින් බහිනව" කිව්ව.
ඉතිං මම වාඩිවෙලා අට එලවලු මල්ල තියාගත්ත. හෝල්ට් දෙකක් විතර ගියාට පස්සෙ මෙයා මල්ල ඉල්ලගත්ත බස් එකේ බෙල් එකත් ගහල. බස් එක හෝල්ට් එකේ නැවත්තුවහම බහින්න පටන්ගත්ත ගෑනි එකපාරටම ආයෙත් අතුලට ඇවිත් මෙන්න මට බනින්න පටන්ගත්ත!!
ඩ්ර්යිවර් කෑගහන්න ගත්ත බහින්නෙ නැද්ද කියල. කොන්දත් ආව මොකද ? මොකද ? බහින්නෙ නැද්ද? කියාගෙන.
දැං ගෑනි මට හොරා කියකිය බ්නින ගමන් විස්තරේ කිව්ව. අට එලවලු මල්ලෙ තිබුනලු හාල්මැස්සො 250ක් බෑග් එකක දාල. දැං ඒක නැතිලු!!. මම ගත්තලු!!
ගෑනි එහෙං බිල් කොලයකුත් අරං බනිනව, ඩ්රයිවර් එහෙං කෑගහනව, අනිත් වාඩිවෙලා ඉන්න එවුං කින්ඩි කතා දානව!!
මට මාර මල! කොන්දා කෝ බලමු! කියල හොයන්න ගත්ත. මගෙ ගාව බෑග් නෑ. මම කොහොමත් වලිය යන කොට නැගිටල හිටියෙ, ඉතිං සීට් එකෙත හාල්මැස්සො නෑ. සීට් එකෙ හිටිය අනිත් මනුස්සයත් නැකිට්ට. එතැනත් නෑ. කොන්ද සීට් එක යටත් බැලුව, ඒත් නෑ!!
දැං ගෑනි මගෙන් සල්ලි ඉල්ලනව හාල්මැස්සො වලට ගිය! මදිවට අනිත් වාඩි වෙලා ඉන්න උනුත් කෑගහනව සල්ලි දීපං කියල.
ඔය වෙලාවෙ කොන්දා ඔන්න ඉස්සරහ සීට් ඔක්කොම යට බලන්න පටන් ගත්ත. මෙන්න ඔතපු ශොපිං බෑග් එකක් තියෙනව ගෑනි කලින් හිටගෙන හිටිය තැන සීට් එක යට. ඇදල බලනකොට මෙන්න හාල් මැස්සො!
ගෑනිට දැං කියාගන්න දෙයක් නෑ. කොන්දට හිනා ගියා. වාඩිවෙලා ඉන්න උනුත් ඔන්න හිනාවෙනව. ගෑනි හාල් මැස්සො ටික ආයෙත් මල්ලට දාගෙන බැහල ගියා පැයට කිලෝමීටර 100ක විතර වේගෙන් අඩුම ගානෙ මං දිහා බැලුවෙ වත් නෑ!!
මම ගෙදර ඇවිත් සිද්දිය කිව්වහම මායිය බඩ අල්ලං හිනාවෙනව.
එදායින් පස්සෙ මම නං හිටගෙන යන උන් ගේ බෑග් ගන්නෙ නෑ.
පට්ට සිද්ධිය. ඇත්ත කියහං. උඹ පස්සේ ගන්න කියලා හිතාගෙන හාල් මැස්සෝ එක හැංභුවා නේද?

හෙන වැඩ්ඩෙක් නේ බලං ගියාම උඹ





Taj එකෙ rooms වල ඉදනුත් කට්ටිය බැලුවෙ...
konda ma wadiwela inna ayata kiyala seat ekak illala denawa.. ekaparak barinam keepasarayak hari kiyala kohoma hari seat ekak denawa.. minissuth godak aya ekata udaw karanawa..