ඇමරිකාව තාමත් අවුරුදු 50 කට කලින් හදපු ප්ලෙන් තමුන්ගේ ප්‍රධාන බෝම්බ දාන ගුවන් යානය විදිහට පාවිච්චි කරනවා. රුසියාව දැනට පාවිච්චි කරන අළුත්ම බෝම්බ දාන ගුවන්යානයේ අඩුම වයස අවුරුදු 28 ක්. මිග් 29 ඇවිත් මේ වෙනකොට අවුරුදු 47ක්. රනිල් පාර්ලිමේන්තුවෙදී ඔය කතාව කියනවා මිග් 29 ගන්න පෑලැන් කරන කොට. ඇමරිකාවේ ඒ 10 තන්ඩර්බර්ඩ් එකට අවුරුදු 47ක්. නිෂ්පාදනය 84 න් ඉවරයි. අදටත් ඇමරිකාවට වෙන ගුවන්යානයක් නැහැ. ලෝකෙටම නැහැ ඒක වෙනුවට ඒ වගේ එකක්. වෙන එකක් තියා ලෝකේ අළුත්ම මගීගුවන් යානා පේල් වෙනකොට අර පරණ එව්වා තාම නිෂ්පාදනය කරනවා ඒ කොම්පැනිම. චීනේ පාවිච්චි කරන ගෙඩක් එව්වා පරණ ඩිසයින්. සොවියට් යුගයේ. පීටී 6 යැක් 18 ටේ කොපිය. 1948 හදුන්වලා දීලා තියෙන්නේ. ඔය තමා ගුවන් හමුදාවල හැටි. සී 130 ය අවුරුදු 66ක් පරනයි මේ වෙනකොට. හැබයි අදටත් හදනවා. ලංකාවේ ගුවන් හමුදාවට තිබ්බ ලොකුම ගුවන් යානය වෙච්ච වයි 8 චීනේ හදපු අන් 12 හේ කොපියක්. අපේ අයියලා එංජිම භාගෙට හයිකරන් ගිහින් කඩා වැටුනා අන්තිම එක. අනිත් දෙක අපේ ලොකු තැන් වල වැරදි හින්දා නැතිවුනා. එකක්වත් ගුවන්යානයේ වැරදි නෙමේ. චීන ගුවන්යානා කියන්නේ සුපිරි නෙමේ. ඒත් ඒවා කොපි කරපු රුසියන් එව්වට වඩා හොදයි. මොකද රුසියන් එව්වාගේ ලයිසන් කොපි හින්දා දියුනු කීරීම් කරන්න පුළුවන් හින්දා
මහ ලොකුවට කියෙව්වාට අද වෙන කොට මහින්ද ගෙනාපු එෆ් 7 ( මිග් 21 චීන කොපිය) නැත්නම් අපිට එක ප්‍රරහාරක යානයක් විතරි ඉතුරු වෙන්නේ. ඒකත් කෆීර් කට්ටක්. අන්තිමට මිග් 27 මිග් 29 යෙන් පුරවන්න විශාම යවනවා. කෆීර් මේ වෙනකොට තියෙන්නේ රෙපයාර් කරකර දුවන්න බැරි තත්ව වල. අද වැටුන ප්ලෙන් එකේ වරදක් තිබ්බනම් ටක් ගාලා කියන්න පුළුවන් වෙයි මෙනද ප්ලේන් එකම ඉතුරු හින්දා