කතරගම~මිත්‍යාව

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    aaka ney mama Batman wa wishwasa karanne , Batman attatama innawa
    habai ethin apita thama penne naha :D
    puluwan nam kauru hari borui kiyala oppu karapan

    එතකොට දැන් උඹ කියන්නේ සුපර්මෑන් බොරුවක් කියලද? :angry::angry::angry:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    aaka ney mama Batman wa wishwasa karanne , Batman attatama innawa
    habai ethin apita thama penne naha :D
    puluwan nam kauru hari borui kiyala oppu karapan

    කවුද කිව්වේ ඉතින් බැට් මෑන්ස් බොරුයි කියලා. :baffled:
    බෑට් මෑන් ඇත්තටම ඉන්නවා නේන්නම් :cool:
    පහුගිය කාලේ බැට් මෑන්ට ඇදලා හිටියේ ගෝඨායි, ;)
    ඔය දිගට හරහට සුදු වෑන් දාලා ඉස්සුවේ ජෝකර්ගේ මැරයෝ ටිකවයි. :growl:
    කොහේද ඉතින් හිටං මෑන්ස් ඇවිත් බැට් මෑන්ස්ව පැන්නුවනේ :(
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,341
    6,183
    113
    අත්ත වග්ගො 4

    අත්තා හි අත්තනො නාථො
    කො හි නාථො පරොසියා ?
    අත්තනාච සුදන්තෙන
    නාතං ලභති දුල්ලභං

    තමාට පිහිට තමාම ය.වෙන කවරෙක් තමාට පිහිට වේ ද ?තමා මනාව දැවුණු කල්හි දුර්ලභ වූ නිවන ද ලැබේ..

    kisima deyak kara kiyaganna bari minissu baya kiyana sadaketh ekka mithyaa wishwasa piligannawa, Ewata erehiwa katha karoth dewa udahasata lak wenawa kiyalath kiyanawa

    good thread, rep +


    දෙවියන්ට වඳින ගාථාත් තියනවනේ බුදු දහමේ.මන් කියන්නේ මළවුන්ට දෙවියන්ට පිං දෙන්න කියල කියන්නේ.

    මේ සේරම පැටලිලා තියෙන්නේ.මටනම් තියන ප්‍රස්නේ ඔය මහා වංශය,දම්ම පදය,ත්‍රිපිටකය තියන ඒවා තමයි අපි කවුරුත් ඕව බලල නේ කියන්නේ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරාවටම ලියල තියනව මචන්. ඔය දේව බූත සංකල්ප තනිකර මිථ්‍යාවල්. ඔක්කොම මොඅඩ අන්තවාදියො තමා ඔඅව විශ්වාස කරන්නෙ. මෙහෙම දේවල් කොහොමත් විද්‍යාවෙන් ඔප්පු කරල නෑ. බුද්ධාගමේ මෙහෙම දේවල් ගැන කොහෙවත් නෑ.
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    :lol::lol::lol: patta answer eka

    11.gif




    අනුකම්පා කරනව ඇර වෙන කරන්න දෙයක් නෑ

    May Batman shower his blessings upon you.

    mu kiyala tiyenneth ubalage logic eka mai :cool: ubalata meka moda kathawak wage penawanam pora sarthakai ;););)

    :nerd::nerd:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මගේ වැඩකට ඊයෙ දේවාලයකට ( ශාස්ත්‍ර කියන තැනක් ) ගියා. එහෙදි මගෙ ජීවිතේ පහුගිය කාලෙ ගැන සම්පූර්න විස්තරයක් කිව්ව. කොටින්ම කියනවනම් සාමාන්ය පෙල උසස් පෙල ප්‍රතිපල ලබාගත්ත හැටි පවා කිව්ව. විභාග වලට කරපු විශයන් ඒ කාලෙ කෙලපු පිස්සු ඔක්කොම හරියටම කිව්ව. මට කට උත්තරත් නෑ. ගෙදර කට්ටියගෙ විස්තරත් හරියටම කිව්ව.ඉතින් මේව් කොහොමද බන් විද්‍යාත්මකව ඔප්පු කරන්නෙ.මේව බොරු කියල කියන එකෙක් ඉන්නවනම් වරෙන් යන්න එක්ක ගිහින්ම පෙන්නන්නම්.
     
    Nov 29, 2011
    354
    30
    0
    මගේ වැඩකට ඊයෙ දේවාලයකට ( ශාස්ත්‍ර කියන තැනක් ) ගියා. එහෙදි මගෙ ජීවිතේ පහුගිය කාලෙ ගැන සම්පූර්න විස්තරයක් කිව්ව. කොටින්ම කියනවනම් සාමාන්ය පෙල උසස් පෙල ප්‍රතිපල ලබාගත්ත හැටි පවා කිව්ව. විභාග වලට කරපු විශයන් ඒ කාලෙ කෙලපු පිස්සු ඔක්කොම හරියටම කිව්ව. මට කට උත්තරත් නෑ. ගෙදර කට්ටියගෙ විස්තරත් හරියටම කිව්ව.ඉතින් මේව් කොහොමද බන් විද්‍යාත්මකව ඔප්පු කරන්නෙ.මේව බොරු කියල කියන එකෙක් ඉන්නවනම් වරෙන් යන්න එක්ක ගිහින්ම පෙන්නන්නම්.
    විද්‍යාව කියන්නේ ස්ථාවර නැති විශයක්.....එකනේ සමහර නියමයන් වෙනස් වෙන්නේ......විද්‍යාවට හැම දේම ඔප්පු කරන්න බැහැ..........:no:

    මම පොඩි සිදුවිමක් කියන්නම් සිදුවිමක්..අර පැරනොර්මල් කේස් එකක් තිබ්බේ ‍වෛද්‍ය හරිස්චන්ද්‍ර මහාතා අන්තිම කාලයෙදි යෙදිලා හෙටිය පරික්ෂනයක් සම්බන්ධව - පත්තර වලත් ගියා.........එක්තරා ප්‍රදෙශයක ගැණු ළමයේක් හි‍ටියා පොල්ගස් යටින් යන කොට පොල්ගෙඩි ඇඟට කඩා වැටුනු සිදුවිමක් සම්බන්ධව.එ ගැණු ළමාය‍ට මාසයක් ගානේ රොහල් වල රස්තියාදු වෙන්න වෙලා තියෙන්වා ඔය ප්‍රශනේ හින්දා.අන්තිමට බැරිම තැන මනොවෛද්‍ය වරුන්ගෙ පිහිට පතන්න සිදු වුනා.......එ සිදුවිමෙදි වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා නිවැරිදි මතයක් ඉදිරිපත් කිරිමට අසමත් වුනා.....සිතේ ඇති වන ශක්තිදාමයක් සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරලා තිබ්බා.....:)
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    -සිංහයා-;18902347 said:

    විද්‍යාව කියන්නේ ස්ථාවර නැති විශයක්.....එකනේ සමහර නියමයන් වෙනස් වෙන්නේ......විද්‍යාවට හැම දේම ඔප්පු කරන්න බැහැ..........:no:

    මම පොඩි සිදුවිමක් කියන්නම් සිදුවිමක්..අර පැරනොර්මල් කේස් එකක් තිබ්බේ ‍වෛද්‍ය හරිස්චන්ද්‍ර මහාතා අන්තිම කාලයෙදි යෙදිලා හෙටිය පරික්ෂනයක් සම්බන්ධව - පත්තර වලත් ගියා.........එක්තරා ප්‍රදෙශයක ගැණු ළමයේක් හි‍ටියා පොල්ගස් යටින් යන කොට පොල්ගෙඩි ඇඟට කඩා වැටුනු සිදුවිමක් සම්බන්ධව.එ ගැණු ළමාය‍ට මාසයක් ගානේ රොහල් වල රස්තියාදු වෙන්න වෙලා තියෙන්වා ඔය ප්‍රශනේ හින්දා.අන්තිමට බැරිම තැන මනොවෛද්‍ය වරුන්ගෙ පිහිට පතන්න සිදු වුනා.......එ සිදුවිමෙදි වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා නිවැරිදි මතයක් ඉදිරිපත් කිරිමට අසමත් වුනා.....සිතේ ඇති වන ශක්තිදාමයක් සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරලා තිබ්බා.....:)

    විද්‍යාවේ එකක් හොයාගද්දී අනික බොරු වෙනව කියල එකක් නැහැ, ඔප්පු වෙලා නැති ඒවා බොරු කළහැකි, එත් ඔප්පු කරල තියන නියම වල application අපේ එදිනෙදා ජිවිතයටම යොදාගන්න එකම ඇති ඒ නියම අත්තක් කියල හිතාගන්න. අලුත් එකක් හොයාගද්දී වෙන්නේ කලින් නියමයේ සීමාවන් වෙනස් වෙනවා , කලින් නියමයට වඩා අලුතින් යමක් එකතු වෙනවා. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියම වලින් තමයි හදට රොකට් ඇරියේ, අයින්ස්ටයින්ගේ අලුත් තියරි එකෙන් එක බොරු වුනේ නැහැ, අයින්ස්ටයින් එකට අලුත් අර්ථකතනයක් දුන්න ගුරුත්වාකර්ෂණය ඇතිවෙන්නේ අවකාශ කාලය වක්‍ර වීමෙන් කියල. එක ඔප්පු කරලත් පෙන්නුවා. පොඩ්ඩක් කියවපන් ඕව ගැන. එත් අදටත් නිවුටන් නියම වලින් තමයි ගොඩනැගිලි හදන එකේ ඉදල රොකට් අරින එක දක්වා යොදාගන්නේ. විද්‍යාත්මක නියමයක් භාවිතා කරලා අපි යම් කිසි ප්‍රයෝජනයක් ගන්නවානම් එක බොරුවක් වෙන්නේ කොහොමද කියපන්කො? විද්‍යුතය හොයාගන්නකම් විදුලි කොටන එක දේව බලයක් කියල හිතුවේ, දැන් පොඩි ළමයෙක්ට උනත් එක පැහැදිලි කරන් පුළුවන්. අනික ලයිට් බල්බ් එකේ ඉදල අපේ හැම දේටම විදුලිය යදාගන්නවා. දැන් උබල කියන්නේ ෆැරඩේ නියම බොරු කියලද ඒවා යොදාගන හදපු කොම්පුටරේක ටයිප්කරන ගමන්.:rofl::rofl: විද්‍යාවෙන් හැම ප්‍රයෝජනෙම ගන්න අතරේ විද්‍යාව බොරු කියන එක තරන් කුහක මතයක් තවත් නැහැ.:yes::yes::yes:
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    -සිංහයා-;18902347 said:

    විද්‍යාව කියන්නේ ස්ථාවර නැති විශයක්.....එකනේ සමහර නියමයන් වෙනස් වෙන්නේ......විද්‍යාවට හැම දේම ඔප්පු කරන්න බැහැ..........:no:

    මම පොඩි සිදුවිමක් කියන්නම් සිදුවිමක්..අර පැරනොර්මල් කේස් එකක් තිබ්බේ ‍වෛද්‍ය හරිස්චන්ද්‍ර මහාතා අන්තිම කාලයෙදි යෙදිලා හෙටිය පරික්ෂනයක් සම්බන්ධව - පත්තර වලත් ගියා.........එක්තරා ප්‍රදෙශයක ගැණු ළමයේක් හි‍ටියා පොල්ගස් යටින් යන කොට පොල්ගෙඩි ඇඟට කඩා වැටුනු සිදුවිමක් සම්බන්ධව.එ ගැණු ළමාය‍ට මාසයක් ගානේ රොහල් වල රස්තියාදු වෙන්න වෙලා තියෙන්වා ඔය ප්‍රශනේ හින්දා.අන්තිමට බැරිම තැන මනොවෛද්‍ය වරුන්ගෙ පිහිට පතන්න සිදු වුනා.......එ සිදුවිමෙදි වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා නිවැරිදි මතයක් ඉදිරිපත් කිරිමට අසමත් වුනා.....සිතේ ඇති වන ශක්තිදාමයක් සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරලා තිබ්බා.....:)

    මචන් ඔය සීන් එක ගැන තව විසතර කියපන්කො..
     
    Nov 29, 2011
    354
    30
    0
    මචන් ඔය සීන් එක ගැන තව විසතර කියපන්කො..

    මේ සම්බනධව කියවන ලිපි මට කිහිපයක් හොය ගන්න පුළුවන් වුනා......මම කියව්වේ පත්තරේ සහ සම්බන්ධව කිහිප දෙනේක් අදහස් දැක්වුවා..මෙක ඇත්තටම ගියේ ලංකාදිප පත්තරේ......කොහෙම හරි දැන් හොයන කොට ෆෙස්බුක් එකේ දලා තිබ්බා දැක්කා..

    පළමුවැනි ලිපිය මේ සම්බනධව කියවෙන සිතේ බලය....

    http://www.lakehouse.lk/budusarana/2012/12/20/tmp.asp?ID=fea04

    යන යන තැන පොල් ගෙඩි ඇඟට වැටෙනා කාන්තාව


    1988 වසරේ බිංගිරිය බටහිර කිනියගම උපතලද එච්.එම් නිලූපා සංජීවනී නම් වන ඇය නිවසේ වූ අගහිඟකම් නිසා හැදී වැඩුනේ අසල පිහිටි වෙලගෙදර ධම්ම ශ්‍රී මෙහෙණි ආරාමයේය.
    වයස අවුරුදු 12 පමණ වන විට ආරාමයේ වූ පොල් ගසක ගෙඩියක් ඇගේ උරහිස මත වැදී අස්ථියක් බිඳී ප්‍රතිකාර කිරීමෙන් පසුව සුවපත්වී තිබෙනවා. ඉන් සතියකට පසුව තවත් පොල් ගෙඩියක් මේ ආකාරයටම උරහිසට වැටී තිබෙනවා.
    දිගින් දිගටම මෙලෙස සංජීවනීගේ ඇඟට පොල් ගෙඩි වැටීම ඔවුන්ට විසඳාගත නොහැකි ප්‍රශ්නයක් වී තිබෙන්නේ ඉන් අනතුරුවයි. මේ පිලිබඳ අදහස් දක්වමින් වැලිගම අද්දරවෙල ශ්‍රී සංඝමිත්තාරාමධිපති සුධර්මා ඛේමනි මෙහෙණින් වහන්සේ පවසන්නේ මෙලෙසින්.
    "මුල්ම පොල් ගෙඩිය වැටෙනකොට අපි හිතුවේ ඒක සාමන්‍යය දෙයක් කියලයි. එත් ඊට පස්සේ එකදිගට පොල් වැටෙන්න පටන් ගත්ත. අපි කලබල උනේ එතකොටයි.
    මේක අද්භූත දෙයක් කියල අපට හිතුනා. පොල් වැටීම් වලින් ඇතිවන තැලීම් වලට අනිත්පත්තෙන් කල හැකි සියලු දෙ කළා. ආගමික කටයුතු, තොවිල්, ආරක්ෂා දැමීම ඒ සියලු දෙ කළා. සුරයක් දාගෙන ආවම ටික දවසකින් නුලත් එක්කම සුරය නැති වෙනවා. සාත්තර බලපු තැන වලින් කිව්වා පෙර ආත්මයක කල බලවත් අකුසලකර්මයක් පල දෙන බවත් මෙයට පෙර ආත්ම දෙකකදීම මැය මේ ආකාරයටම මිය ගිහිල්ල කියල. මේ ආත්මයේ ඇය මෙතෙක් කල් ජිවත් වෙන්නේ ආගමික සෙවනක සිටින නිසා බවත් ඉදිරියේදී මාරක අපල ඇති බවත් කියවුනා.
    අපි මොනතරම් උත්සාහ කලත් ඇයට පොල් වැටෙන එක නවත්වන්න බැරි වුනා. හිටපු ගමන් අවුරුද්දක් එකහමාරක් විතර පොල් නොවැටී තොයෙනවා. අපි සතුටු වෙනවා ඒ වෙලාවට දැන් ප්‍රශ්නය ඉවරයි කියල. ආයෙම එක පාරට වැටෙන්න පටන් ගන්නවා. මේ විදියට අපේ සියලු උත්සාහයන් අසාර්ථක වෙලා පොල් ගෙඩි 31ක් වැටුනට පස්සේ අපි මෙහෙණින් වහන්සේලා සිව් නමක් එකතුවෙලා සාකච්චා කරලා අපි තීරණය කළා මේ දැරිවියගේ ජීවිතය බේරාගැනීමට නම් බින්ගිරිය ප්‍රදේශයේ ජිවත් වීම නතරකරන්න ඕන කියල.
    ඒ අනුව මම මේ දරිවිව කැටුව වැලිගම අද්දරවෙලා තියෙන අපේ ශ්‍රී සංඝමිත්තාරාමයට පැමිණියා. අපි හරි සතුටින් හිටියා දන් කරදර ඉවරයි කියල. එත් වැඩි දවසක් එහෙම ඉන්න උනේ නැහැ. නොවැම්බර් පස් වෙනිදා මිදුල අතුගානකොට එතන තියෙන පොල් ගහෙන් පොල් ගෙඩියක් ඔලුවටම වැටුනා. ඇයට සිහිය නැති උනා. පලවෙනි වතාවටයි ඒ පොල් ගෙඩියක් ඔලුව උඩටම වැටුනේ. මාතර රෝහලට ඇතුලත් කරලා දවස් පහක් ප්‍රතිකාර කළා.
    ආපහු ආරාමයට ඇවිත් දින තුනකින් ආපහු ආරාමයට අඩි පහළොවක් විතර තියෙන පොල් ගහකින් ආරාමයේ පඩිය උඩ ඉඳිද්දී පොල් ගෙඩියක් ඔලුවටම වැටුනා. එක ආපු විදිය හිතා ගන්නත් බැහැ. බින්ගිරියේදී 41 යි. වැලිගමදී 3 යි. මේ වෙනකොට පොල්ගෙඩි 44 ක් වැටිලා තියෙනවා.
    දැන්නම් අපි අන්ත අසරණ වෙලයි ඉන්නේ. අපේම දරුවෙක් වගේ පුංචි ගාව ඉදන් හදුනා මේ දරිවිගේ ජිවිතේ බේරගන්න දන්නා කියන හැමෝම කියන දෙ කළා. දැන් වියදම් කරන්න අපිට මුදල් ඇත්තෙත් නැහැ.මේ අසරණ දරිවිගේ ජීවිතය බේරගන්න කව්රුහරි පින්වතෙක් මැදිහත්වෙලා උදවු කරන්න."
    මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ නිලුපා සංජිවනි පවසන්නේ මෙවන් කතාවකි.

    "මම දන් හරිම බයෙන් ජිවත් වෙන්නේ. කොයි වෙලාවේ හරි ලොකු අනතුරකට මුහුණ පාන්න වෙයි කියන බයෙන් තමයි ඉන්න වෙලා තියෙන්නේ. මට හිතාගන්න බහ අයි මට විතරක් මෙහෙම වෙන්නේ කියලා. හරියට කව්රුහරි පොල් ගෙඩි වලින් ගහනව වගේ තමයි පොල් ගෙඩි වැටෙන්නේ.
    හැබැයි කවුරුත් පෙන්නනම් නැහැ. පොල් ගහක් ලගින් තියා අතින් යනකොටත් පොල් ගෙඩි වැටෙන නිසා බයේ මේ දිනවල ආරාමයට වෙලයි කල් ගෙවන්නේ. පුංචි කාලෙම අම්ම තාත්ත අහිමිවුණා. අද ජිවත් වෙන්නේ මෑනිවරු හින්දයි. ඒ අයත් මගේ ප්‍රශ්නය නිසා ගොඩක් දුක් විදිනවා.
    ඒ වගේම සල්ලිත් ගොඩක් වියදම් කරනවා. පොල් ගෙඩියක් වැටෙන වැටෙන සැරේට මාව ගෙන්හිල්ල ආරක්ෂාවක් කරනවා. අන්තිමට පොල් ගෙඩිය වැටුන වෙලෙත් මාව ගෙනෙහිල්ල පන්සලකට ගෙනිහිල්ල සුරයක් දැම්ම. නුලක් සමග සුරේ බෑග් එකක දාල හොදට වහල ගෙනාවේ. ආරාමයට ගෙනල්ල බෑග් එක ඇරලා බැලුවම සුරය නැහැ.
    මේ ප්‍රශ්නේ හින්දද මන්ද හැමදාම රෑට හීනෙන් බය වෙලා ඇහැරෙනවා. මගේ වයසේ අනිත් ළමයි සතුටින් ජීවත්වෙන හැටි දැක්කම මට හරියට දුක හිතෙනවා. මේ ප්‍රශ්නේ නිසා අටවෙනි ශ්‍රේණියෙන් මගේ ඉගෙනීම නතර කරන්නත් සිදුවුනා.මට දැන් ඕන වෙලා තියෙන්නේ මට මෙහෙම භයානක ඉරණමක් ඇතිවෙලා තියෙන්නේ ඇයි කියල දැනගන්නත් එක වලක්වන්නේ කොහමද කියලත් දැනගන්න විතරයි."
    මේ පිළිබඳව සුප්‍රකට මනෝ වඓද්යවරයෙකු වන ඩී.ජේ.වී හරිස්චන්ද්‍ර මහතා පවසන්නේ මෙවැන්නක්.
    "මේක කිසිසේත්ම අමනුෂ්‍ය බලපෑමක් නිසා ඇතිවන දෙයක් නෙමෙයි. මෙට මෙයට පෙරත් මෙවැනි තරුණියක් ගාල්ල ප්‍රදේශයෙන් හමුවුනා. ඇය ඉන්න ප්‍රදේශයට නිතරම ගස් වැටෙනවා. බේරෙන්න බැරි තැන ඇය රත්නපුර ප්‍රදේශයට ගෙනහින් තියෙනවා. එතනදිත් ගස් වැටෙන්න පටන්ගෙන තිබෙනවා.
    අවසානයේ මා ලගට පැමිණි දැරිවිය මා සුවපත් කළා. මේක රෝගී තත්වයක් කියල කියන්න බැහැ. මිනිස් මනස ඔබ හිතනවාට වඩා ඉතා ගැඹුරුයි බල සම්පන්නයි. ඒ මිනිස් මනසේ බලපෑම තුලින් භෞතික ලෝකයේ බලපෑම් කිරීමට හැකියි. මේ හැකියාව වෛද්‍යවිද්යාවේදී Psyphenomenon කියල හඳුන්වනවා.
    ඊට පෙර බුදුන්වහන්සේ මේ පිළිබඳව පංච අභිඥාහි, ඉද්ධවධ යටතේ විස්තර කරලා තියනවා. බොහෝ විට තරුණ කාන්තාවන් ආශ්‍රිතව මෙවැනිදේ සිදුවෙනවා.
    බටහිර රටවල මෙවැනිදේ වීඩියෝ ගතකරලා තියනවා අල්මාරි එහා මෙහා ගමන් කරනවා, පිඟන් කෝප්ප පාවෙලා ගිහින් වැටෙනවා. මේවා යටිහිතේ බලයෙන් සිදුවන අපූර්ව ක්‍රියාවන්.
    ලංකාවේ මෙවැනි සිද්ධි ඇතිවෙනකොට ඒවා ගෙවල පෙරේතයින්ගේ ගිණුමට බැර වෙනවා. අතීතයේ මිනිසුන් මේ ශක්තිය ප්‍රගුන කරලා තමන්ට අවශ්‍ය විදිහට පාලනය කළා කියලා කියවෙනවා. මේ දැරිවිට පොල් වැටීමත් මේ විදිහටම සිදුවන දෙයක්.
    දැන් ඔබ මගෙන් අසාවි කෙනෙකුගේ මානසිකශක්තිය ඒ පුද්ගලයාම විනාශ කිරීමට බලපානවාද කියල. මේකත් විග්‍රහ කරන්න වෙන්නේ බුදුදහමත් සමඟයි. තමන් කළ කර්මයට විපාක දෙන්නේ තමාගේ හිතමයි. ඒ අනුව මමම මට මම නොදැනීම දඬුවම් කරගන්නවා. මේ දැරිවිට සිදුවෙලා තියෙන්නෙත් ඒකමයි. මේක මානසික බලවේගයක් නිසා මෙය නැතිකරගන්නත් මානසික බලවේගයක්ම යොදාගතයුතුයි. එය මෝහනය මඟින් ඉටුකරගත හැකියි."
     
    Last edited:

    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    මිත්‍යා දෘෂ්ඨිය

    මේක ලියන්න හිතුනේ කතරගම දෙය්යෝ ගැන තිබ්බ ත්‍රෙඩ් එක දැකල.

    දෙවියන් කියන්නේ මිනිස්සු සොබාදහම තේරුම් ගන්න බැරිකමට හදාගත්ත මනෝ විකාර. මේ රටේ බෞද්ධයෝ ඇයි කුලියට වදින්න හින්දු දෙවිවරු තියාගන ඉන්නේ. ටිකක් කල්පනා කරපන්, ලෝකේ මැවුවේ දෙවියෝ නෙවේ කියපු එකම ආගම බුද්ධාගම. බුදු හාමුදුරුවෝ කිව්වේ තමාට පිහිට තමාමය කියල. ඕක ගොඩක් මිනිස්සුන්ට දිරවගන්න බෑ. බෞද්ධ වුනත් ඕක දිරවගන්න බැරි වුන එවුන් තමයි ඒ කාලේ පන්සල එහාපැත්තෙ කුලියට දේවාලයක් ගහල , අල්ලපු රටේ හොදට වැදුම් ලබපු හින්දු දෙවිවරු ටිකක් ඉම්පෝට් කරේ. දැන් ඒ කට්ටිය යස අගේට බුදු හාමුදුරුවන්ට එහා පැත්තේ සම අසුන් අරන් ඉන්නවා. නිකන් නෙවේ, කකුල පිට කකුල් හිටන් දාගන. අර "තමාට පිහිට තමාමය" කියපු බුදු වදන දිරවගන්න බැරි වුන බෞද්ධයෝ ඔක්කොම මෙයාලගේ පිහිට පතනවා. පිහිට පතන්නේ නිකන්ද? එයාලට පලතුරු දෙන්න ඕනේ, කපුවන්ට පඩුරු දෙන්න ඕනේ. දේවාලේ දියුණු කරන්න ආධාර කරන්න ඕනේ. කාලි අම්මට නම් රත්තරනුත් දෙන්න ඕනේ. වැඩියෙන් දුන්න තරමට දෙවි පිහිට වැඩියෙන්.

    තව එකක්. අහල ඇති නේද ඉස්සර ග්‍රීක දෙවිවරු ගැන. සියුස් , වීනස් , මාස් කිය කිය කියා ඉන්නෙ කතාවල. මෙදුසා කියල නයි ඔලුවක් තියන දෙවගනකුත් හිටිය වගේ මතකයි. එතකොට ඊජිප්තු දෙවිවරු මතකද? රා කියල රාජාලි ඔලුවක් තිබ්බ දෙවියෙක් හිටිය ඔන්න. එතකොට වයිකින් දෙවිවරු ගැන අහල තියනවද? තොර් ෆිල්ම් එකේ ඉන්නේ උන් තමයි. දැන් ටිකක් උන්වයි හින්දු දෙවිවරුන්වයි එකට තියපන්. අරකට අධිපති දෙවියන්, මේකට අධිපති දෙවියන් කියල ඉන්නවා නේද හැම දෙවි සෙට් එකේම. උනුයි මුනුයි එකයි නේද ? එත් උන් ගැන කියන කතා අපි විස්වාස කරන්නේ නැහැ නේද? තොර්ට මිටියක් තියනවා , ඌ එකෙන් ගැහුවම අකුණු ගහනවා. මෙදුසා දිහා බැලුවම ගල් වෙනවා. එතකොට හර්කියුලිස් අපායේ ටුවර් එකක් ගියා. එකෙන් පස්සේ උව දිව්‍යලොකෙට ගත්ත.

    ඒ ග්‍රීක,ඊජිප්තු , වයිකින් දෙවිවරු ගැන තියන කතා සුරංගනා කතා , බොරු කතා, මිත්‍යා මත කියල දැන් අපි කියනව නේද. එත් ඒකාලේ මිනිස්ස්සු නොදැනුවත් කමට ඕව විස්වාස කළා. දැන් බලපන් හින්දු දෙවී වරුන් ගැන තියන කතා. එවත් මේවට ගොඩක් සමානයි නේද? කතරගම දෙය්යන්ට අත් දොළහක් තියනවලු, අලි ඔලුවක් තියන ගණ දෙය්යෝ පොරගේ මල්ලිලු. අර ග්‍රීක , එජිප්තු දෙවි කතා , මිත්‍යා මත කියල අයින් කරපු අපිම ඒහා සමාන කතන්දර හින්දු දෙවියන් ගැන කියද්දී කට වහගන , ඕනේ එකක් විස්වාස කරගන , දෙවියන්ට අපහාස කොරොත් කෙලවෙයි කියල ඉන්නවා.

    නිකමට හිතපන් ඔය දෙයියෝ මාර පවර්ෆුල්. මිනිස්සු ඉල්ලන දේ දෙනවා. පොල් ගැහුවම, මිරිස් අබරුවම ඕනේ හතුරෙක් විනාශ කරනවා. ප්‍රභාකරන් අවුරුදු 30ක් මිනී මරනකල් ඔය කාලි අම්මල , කතරගම දෙය්යල බලන් හිටියේ කොහෙද? අහිංසක මිනිස්සු කීදාහක් දෙය්යන්ට පොල් ගහන්න ඇතිද? එත් අවුරුදු තිහක් ගිහිල්ල උව මැරුවේ අපේ හමුදාවේ දිව්‍ය බල නැති මිනිස්සුම තමයි. සමහර විට කාලි අම්මට ප්‍රභාකරනුත් යාග හෝම කරන්න ඇති. දෙයියට දුන්නොත්, දෙයියට වැන්දොත් විතරක් දෙවියත් ආපිට දෙනවා නම් දෙවීයොත් නිකන් දේශපාලනය කරන කෙනෙක් වගේනේ.

    අපිට ඉන්න වෙලා තියෙන්නේ අන්ධ විශ්වාශ, ගොන් පාට් වලින් පිරුණු ලෝකෙක.මිනිස්සුන්ට මොලයක් තියෙන්නේ හිතන්න. ඕනේ එකෙක් පස්සේ අන්ධයෝ වගේ යන්නේ නැතුව. දෙය්යෝන්ට පුලුවන්ද කියපන් නිකන් අපිට ඇහෙන්න හය්යෙන් පඩයක් වත් යවන්න. ඔය කොයි දෙය්යත් මවාගන ඉන්නේ මිනිස්සු බන්. උරොන්ට ඇලජික් අල්ලායි , ක්‍රිස්තියානි දෙයියයි , මේ රටේ සිංහල උනුත් ලොකුවට හිතාගන ඉන්න කතරගම දෙවියයි , කාලි අම්මයි, අර අලි ඔලුව තියන ඩයල් එකයි, සියුස් ලයි, තෝර් ලයි, ඔක්කොම මිනිස්සුන්ගේ නිර්මාණ. නිකන් ඉන්න වෙලාවක කියවපන් "the god delusion" කියන පොත "Prof. Richard Dawkins" ගේ . පට්ට පොතක්. මිනිස්සු ගිලිලා ඉන්න මායාව නිකන්ම පැහැදිලි වෙනවා.

    මේ ලියපු ටිකෙන් කාගේ හරි විශ්වාස වලට අපහාස උනානම් , කගේ හරි හිත රිදුනනම් සොරි වෙන්න ඕනේ. එත් කොරන්න දෙයක් නෑ. මේ ලෝකේ ඇත්ත වල් ගොඩක් නැහැ . තියෙන්නේ එක ඇත්තයි. ඒක තර්කානුකුලව හිතල තේරුම් ගන්න එකා හිතේ සැනසීමෙන් මැරෙයි. අනික් එවුන් මැරෙනකල් එක එකාගේ පිහිට පත පත ඉදියි.

    මිත්‍යාව පස්සේ දුවන එක නතර කරපන්. අදේවවාදියෙක් වෙයන්..!!!


    y2j2 මචන් ධර්මය තේරුම් ගැනීමට තිබිය යුතු අවම අවබෝධය කුමක්ද ? (දස වස්තුක සම්මා දිට්ටිය)

    ධර්මය තේරුම් ගැනීමට තිබිය යුතු අවම අවබෝධය, හෙවත් දස වස්තුක සම්මා දිට්ටිය යනු:

    1. දෙන දෙයහි විපාක තිබෙන බව
    2. විශේෂ වෙහෙසක් ඇතුව කරන මහා පුජාවේ විශේෂ ප්‍රතිපල ඇති බව
    3. කර්ම විපාක විශ්වාසය – මෙමෙ ජීවිතයේ කරන කර්ම, ඊලග ජීවිතයට රැගෙන යා හැකි බව
    4. කර්ම විපාක විශ්වාසය – පෙර ජීවිතයේ කරන කර්ම, මෙම ජීවිතදී පල දිය හැකි බව
    5. මෙම ජීවිතයට පෙර ජීවිතයක් තිබු බව
    6. මෙම ජීවිතයට පසු ජීවිතයක් තිබෙන බව
    7. මව මැරීම ආනන්තරීය පවක් බව
    8. පියා මැරීම ආනන්තරීය පවක් බව
    9. ඕපපාතික සත්වයන් ඉන්නා බව
    10. මේ ලෝකයේ විශේෂ පුද්ගලයෙක් සිටිනා බව – විශේෂ යනු පව් යටපත් කල, ශ්‍රමණ බ්‍රාක්මනයෙක් සිටින බවත්

    මෙහි 9. ඕපපාතික සත්වයන් ඉන්නා බව ගැන කතා කරන කොට බ්‍රහ්මයන්, දෙවියන්, පෙරේත් ආත්ම,..සඳහන් කර තිබෙනවා.

    ග්‍රීක දෙවිවරු , ඊජිප්තු දෙවිවරු , වයිකින් දෙවිවරු , හින්දු දෙවිවරු ගැන දැනුමක් නම් මට නෑ

    නිකමට හිතපන් ඔය දෙයියෝ මාර පවර්ෆුල්. මිනිස්සු ඉල්ලන දේ දෙනවා. පොල් ගැහුවම, මිරිස් අබරුවම ඕනේ හතුරෙක් විනාශ කරනවා. ප්‍රභාකරන් අවුරුදු 30ක් මිනී මරනකල් ඔය කාලි අම්මල , කතරගම දෙය්යල බලන් හිටියේ කොහෙද?

    පොල් ගැහුවම, මිරිස් අබරලා දිවියන් ගෙන් උපකාර බලාපොරොත්තු වෙන් එක්නම් මොඩකමක්. බුදු දහමේ සඳහන් වෙන ආකරයට නම් සිල්වත් ගුනවත් පුද්ගලයන්ට තමා උපකාරයක් බලාපොරොත්තු වෙන්ඩ හරිපුලුවන්.මේ ලින්ක් එකේ තියන දේශනයෙන් මෙ කරුනු තවත් පැහැදිලි කරගන්ඩ පුලුවන් වෙලාවක් තියනවනම් අහන්ඩ

    https://www.youtube.com/watch?v=Y14wki4DBxc

    බුදුරජානන් වහන්සෙගේ දෙශනා වල ඔනෑ තරම් දෙවි දෙතාවන් ගැන සඳහ්න් වෙනවා.

    බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දින චර්යාවේ රාත්‍රී 10 සිට උදෑසන 2 දක්‌වා බුදුරජාණන් වහන්සේ මෙම කාලය දෙවියන් සඳහා වෙන් කර ඇත බොහෝ දෙව් දේවතාවුන් බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණෙන්නේ මෙම කාලසීමාවේදීය.
    එක එක දෙවල් කල්පනා කරලා දෙවියන්නෑමයි කියලා (අදේවවාදියෙක්)නියත් මිත්‍යා දෘෂ්ඨියට වැටෙනට එපා.

    වැඩි විස්තර සඳහා ත්‍රිපිටකය කියවන්න

    ඔබට තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: Dusty Killer

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මේ ලෝකෙ ඉන්න උන් මොනා කිව්වත් මොනා කරත් මම නම් අදහන්නෙ නැ කවුරුවත්!

    හැබැයි මං අනුගමනය කරනවා අපේ බුදුහාමුදුරුවෝ
    බුදුහාමුදුරුවන්ගෙ දර්ශනය ගොඩක් උන්ට ෆිට් නැ

    මොකද
    එකෙ තියෙන්නෙ ඇත්ත.. අපිට ඇස් පනා පිට පේන දෙ!
    එ උනාට මේ ලොකෙ මිනිස්සු ගොඩක් කැමති බොරුව දකින්න...
    බොරු පඩ ශො කැලි දාගන්න
    ගොඩක් මිනිස්සුන්ගෙ ලොකුවට ඇඟ පත තිබ්බට යාතාර්ථය තේරුම් ගන්න බැ තෙරෙන්නෙ නැ
    එහෙම උන් තමයි තමන්ගෙ හිතේ බය/දුක නැති කරගන්න වෙන දේවල් පස්සෙ යන්නෙ!

    බුදුහාමුදුරුවොන්ගෙ කඩ කැඩෙන කම් කියපු අනුගමනය කරන්නෙ නැ,
    ඒත් උප්පැන්නෙ ආගම බුද්ධාගම නිසා හිතං ඉන්නෙ බුදුහාමුදුරුවො ඔක්කොම වැඩ කරලා දෙයි කියලා (මෝඩ හැත්ත):angry:
    එපාර කියාවි චැක් වැඩක් නැ බන්
    සුරයක්වත් දාලා බලමු, දවස් 7ක් බෝදු පූජා තියලා බලමු /රෙදි කැල්ලක කාසි ඔතලා අනං මනං ගොඩක්


    ඇයි ලංකාවෙ මිනිස්සු මෙච්චර ගොං :angry:
    ගිහියන්ට තියෙන පන්සිල් රක්කින්නෙ නැ
    හොර දෙවාල ගුබ්බැයම් අස්සෙ රිංගනවා! :no:
    දුකයි මෙව්වා දකිනකොට
    මෙච්චර ලස්සනට තියෙන දර්ශනයකට පයින් ගහන හැටි
    එ උනාට කතාව ශුද්ධ බුද්ධාගම් කාරයෝ වගෙ!


    එක දිගට මාසයක් පන්සිල් රැකලා ධර්මයෙ හැසිරිලා බලපන් බොලාට වරදිනවද කියලා
    එක රෙද්දක් ඔනෙ නැ උබලාගෙ ඡෙතනාව හොද නම්... කරන හැමදේම හරියනවා
    අද්දැකිමෙන් කියන්නෙ අද්දැකිමෙන්!

    මෙවට ගොඩක්ම අපෙ වැඩිහිටි අයත් වගකියන්න ඔනෙ මොකද පොඩි කාලෙ ඉදන්ම මෙවා හදන්න ඕනෙ!
    උබලාගෙ ලමයිවත් එහෙම හදපල්ලා
    නැතිනම් සිංහල බුද්ධාගමෙ එක පවුලකින් 100ක් හැදුවත් වැඩක් නැ බොල
    මැටි විතරයි මැටි

    ලංකාවෙ මිනිස්සු හදන්නෙ ආගමක් පෙරලන්න :rolleyes::rolleyes:
    ඇයි බන් මුන්ට තෙරෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ගෙ ආකල්ප පෙරලුවා නම් මොනාද වෙන්නෙ කියලා???


    ක්‍රොස් වෙච්ච බුද්ධගාම් කාරයො සැහෙන්න ඉන්නවා මෙ එලකිරි එකෙත්
    උන් කොර්ස් වෙච්ච අයම තමයි!
    උන් ටිකව ශුද්ධ බුද්ධාගම් කාරයො කරගත්තෝත් එක ලොකු පිනක් වෙයි :yes:
    :):)
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ehema kiyanna bane ban...buddhagameth dewiyo innwa ne...dewiyo boru nam ape budu hamaduruwo kiyapauwath boru wenwa...budu hamaduru bana kayaddi wishnu dewiyo, gana dewiyo, katharagama dewiyo gana kiyala thiyenwa...ewa boru nemei machn...ekai adatath ewa pawathagena enne....