බුදුන් වහන්සේ කවර දාකවත් ජීවයේ සම්භවය ගැන විවරණය කරන්නට යත්න දැරුවේ නැත. උන්වහන්සේ මිනිසාට දෙන එක ම අවවාදය නම්, සිය බුද්ධි මහිමය විශ්ව සම්භවය පිළිබඳ ප්‍රශ්න සමග පටලවාගෙන වටිනා කාලය අපතේ නොයවන ලෙසයි. එහෙත් චතුරාර්ය සත්‍ය අධ්‍යයනය කර සිය විමුක්තිය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන ලෙස උන්වහන්සේ අනුශාසනා කරති
“යථාපි පුප්ඵරාසීම්හා - කයිරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං” (ධම්මපදය – 53 )
“මල් රැසකින් නොයෙක් ආකාර බොහෝ මල්දම් කරනු ලබන්නේ යම්සේ ද, එසේම මෙලොව උපත ලද, නමුත් මැරෙන්නට සිටින පුද්ගලයා විසින් බොහෝ කුසල් කටයුතු ය.”
එබැවින් තමා ජීවත් වන්නේ කුමක් සඳහා දැයි අසනු ලැබූ බෞද්ධයකු තමා ජීවත් වන්නේ කුසල් හෙවත් යහපත කරනු පිණිසැයි පිළිතුරු දෙනු ඇත.ඒ අනුව යළිත් මේ ප්‍රශ්නය පැනනඟී. එනම් අප යහපත කරන්නේ ඇයි ද යනුයි. ඇතැම් විට ඇතැම් මිනිසුන් යහපත කිරීමෙන් ඇති පලක් නැතැයි කියති. එසේ කියන්නේ කුමක් නිසා ද යත්, බොහෝ වංක පුද්ගලයන් සමෘද්ධිමත් සහ මැනවින් වැජඹෙන අතර ඇතැම් අවංක මිනිසුන් කෙමෙන් පිරිහෙන ආකාරයත් ඔවුන් දැක ඇති නිසා ය. එහෙත් අප යහපත හෙවත් කුසල් කරන්නේ ඇයි? යන ප්‍රශ්නය ඇසිය යුත්තේ මේ වර්තමාන භවයට පසු භවය හෝ භවයන් කෙරෙහි විශ්වාසය තබන මිනිසුන්ගෙන් පමණි. මේ භවයෙන් මතු, අනාගත භවයක පැවැත්ම කෙරෙහි විශ්වාසයක් නොතබන මිනිසුන් කුසල් කිරීමෙන් පලක් නැතැයි කීමේ පුදුමයක් නැත. ඇයි ද යත්, ඔවුන් වර්තමාන භවය ගැන පමණක් සිතන හෙයිනි. තමා කුසල් කරන්නේ කුමක් නිසා දැයි දේවවාදියකුගෙන් ඇසුවහොත් තමා එසේ කරන්නේ සදාකාලික ස්වර්ගයට ප්‍රවේශය සඳහා දෙවියන් වහන්සේ සතුටු කරනු පිණිසැ යි පිළිතුරු දෙනු ඇතැයි මම අනුමාන කරමි. බෞද්ධයන් වන අප කුසල් කරන්නේ කවරාකාරයක හෝ දෙවියකු සතුටු කිරීමට නොවේ, අප හේතුඵල න්‍යාය විශ්වාස කරන නිසා ය. තමන් පාපක්‍රියා කළහොත් එහි ආනිශංසය හෙවත් හොඳ ප්‍රතිඵල තමනට විඳ ගන්නට ලැබෙන බවත් අපි දනිමු. බුදුන් වහන්සේ මෙසේ වදාරන සේක. “උපන් හැම කෙනකුටම මරණය පොදු ය. හැම කෙනෙක් ම පමාවී හෝ කඩිනමින් මරණයට පත්විය යුතුම ය - ඩී. පඤ්ඤාසාර හිමි
මම දැන් කියවපු ටිකක් ..