ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ සිද්ධි ටික දකින විදිහ. ඔය සන්දර්භයෙන් සිද්ධිය වෙන් කල්ල තවත් සන්දර්භ වලිං තවත් සිද්ධි වෙන් කරල සිදුවීම් සමාන කරන ක්‍රමේ කියන්නෙ තනිකරම බටහිර චින්තනේ ගොඩනැඟුන දෙයක්. විද්‍යාවට පදනම් වෙලා තියෙන්නෙ ඕක.
බුදු දහම හැදුනෙ පෙරදිග චින්තනයෙ. පෙරදිග ඔය සන්දර්භයෙන් සිදුවීම් එකින් එක වෙන් කරල විශ්ලේෂණය කිරීම දකින්න තිබ්බොත් තියෙන්නෙ සෑහෙන කලාතුරකිං.
A ත් පොල්ලක් අරං ගහල මරණව
B ත් පොල්ලක් අරං ගහල මරණව
කියල ක්‍රියාවට පසුබිම් වෙන සියල්ල ඉවත් කරන Aයි Bයි පොල්ලයි ගැහීමයි මරණයයි විතරයි ගන්න නිසයි ඔය දෙන්නෙක් එකම විදිහට මැරුවොත් කර්මය ඒ නිසා ඇතිවෙන කර්ම ඵලය සමාන වෙන්න ඕනෙය කියල හිතෙන්නෙ. එහෙම සම්පූර්ණ සිද්ධියෙන් ක්‍රියා කිහිපයක් වෙන් කල්ල ඒ කාලෙ පෙරදිග මිනිස්සු ලෝකය දැක්කෙ නෑ.
අනික බුදු දහමෙ එන කර්මය කර්ම ඵලය ගැන තියෙන විස්තර නියතිවාදී නෑ. (deterministic නෑ) අභිධර්මෙ වුනත් කුසල් සිත් තියෙනව අකුසල් සිත් කියෙනව. ඒව නිසා හටගන්න කුසල් විපාක සිත් තියෙනව අකුසල් විපාක සිත් තියෙනව. ඒත් අහවල් කුසල් සිතින් මෙච්චර කාලෙකට පස්සෙ මේ විදිහට කුසල් විපාක සිතක් හටගන්නවා සහ හටගන්නවාමයි කියල කියන්නෙ නෑ. නියතිවාදය (determinism) තියෙන්නෙත් බටහිර චින්තනේ. උන් ලෝකය දකින්නෙම නියතිවාදී විදිහට. (දැන් නං ටිකක් ඒ ගතිය අඩුවෙනව. ඒත් පෙරදිග තිබුණ තරම් අනියතිවාදී බවක් තාම නෑ) කර්මය නියතිවාදීවවත් විශ්ලේෂණාත්මකවත් තේරුම් ගන්න එපා![]()
සන්දර්භය





