'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

AnuradhaRa

Well-known member
  • ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ සිද්ධි ටික දකින විදිහ. ඔය සන්දර්භයෙන් සිද්ධිය වෙන් කල්ල තවත් සන්දර්භ වලිං තවත් සිද්ධි වෙන් කරල සිදුවීම් සමාන කරන ක්‍රමේ කියන්නෙ තනිකරම බටහිර චින්තනේ ගොඩනැඟුන දෙයක්. විද්‍යාවට පදනම් වෙලා තියෙන්නෙ ඕක.

    බුදු දහම හැදුනෙ පෙරදිග චින්තනයෙ. පෙරදිග ඔය සන්දර්භයෙන් සිදුවීම් එකින් එක වෙන් කරල විශ්ලේෂණය කිරීම දකින්න තිබ්බොත් තියෙන්නෙ සෑහෙන කලාතුරකිං.

    A ත් පොල්ලක් අරං ගහල මරණව
    B ත් පොල්ලක් අරං ගහල මරණව
    කියල ක්‍රියාවට පසුබිම් වෙන සියල්ල ඉවත් කරන Aයි Bයි පොල්ලයි ගැහීමයි මරණයයි විතරයි ගන්න නිසයි ඔය දෙන්නෙක් එකම විදිහට මැරුවොත් කර්මය ඒ නිසා ඇතිවෙන කර්ම ඵලය සමාන වෙන්න ඕනෙය කියල හිතෙන්නෙ. එහෙම සම්පූර්ණ සිද්ධියෙන් ක්‍රියා කිහිපයක් වෙන් කල්ල ඒ කාලෙ පෙරදිග මිනිස්සු ලෝකය දැක්කෙ නෑ.

    අනික බුදු දහමෙ එන කර්මය කර්ම ඵලය ගැන තියෙන විස්තර නියතිවාදී නෑ. (deterministic නෑ) අභිධර්මෙ වුනත් කුසල් සිත් තියෙනව අකුසල් සිත් කියෙනව. ඒව නිසා හටගන්න කුසල් විපාක සිත් තියෙනව අකුසල් විපාක සිත් තියෙනව. ඒත් අහවල් කුසල් සිතින් මෙච්චර කාලෙකට පස්සෙ මේ විදිහට කුසල් විපාක සිතක් හටගන්නවා සහ හටගන්නවාමයි කියල කියන්නෙ නෑ. නියතිවාදය (determinism) තියෙන්නෙත් බටහිර චින්තනේ. උන් ලෝකය දකින්නෙම නියතිවාදී විදිහට. (දැන් නං ටිකක් ඒ ගතිය අඩුවෙනව. ඒත් පෙරදිග තිබුණ තරම් අනියතිවාදී බවක් තාම නෑ) කර්මය නියතිවාදීවවත් විශ්ලේෂණාත්මකවත් තේරුම් ගන්න එපා :no:

    සන්දර්භය :dull:
     
    AnuradhaRa

    Well-known member
  • මම නං කර්මය කියන්න පුරුදු කරපු හිතට.. (එයාගෙ ස්වභාවයට)

    මිනි මරන කෙනාට තියෙන්නෙ අමුතු හිතක්. ඒක තමා එයා පුරුදු කරපු දේ. එයාගෙ ස්වභාවය..

    පලිගන්ඩ, හදිසි කෝපය නිසා මිනිමැරීම ඊට වඩා වෙනස් ඇති..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    thread එක update කරා.. ඉතුරු ටිකත් දැම්මා..
    මේ කර්මය හරියට තේරුම් ගත්තොත් මම 'මානය' ගැනත් එකක් දාන්නම්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔයා කියලා නොකියා කියලා තියෙන්නේ මැරිච්ච කෙනාට කුසල් හෝ අකුසල් හිතක් පහල නොවුනොත් ප්‍රතිසන්ධිය මොනවගේද කියලා. හොදම උදාහරණයක් තමයි මිනිහෙක් දියේ ගිලීම. මිනිහෙක් දියේ ගිලුණම ඒ මිනිහට කුසල් හිතක් හෝ අකුසල් හිතක් හෝ පහල වෙන්නේ නෑ. ඒ වෙලාවේ මොනවත් හිතෙන්නේ නෑ. අත් දෙකයි කකුල් දෙකයි පාවිච්චි කරලා හුස්ම ගන්න එක තමයි ට්‍රයි කරන්නේ. නමුත් මෙතනදි කුසල් හිත් හෝ අකුසල් සිත් පහල වෙන්නේ නෑ.

    මෙහෙම වුණාම ඔහේ පාවෙන ප්‍රතිසන්ධියක් තමයි ගොඩක් වෙලාවට ඇතිවෙන්නේ. නමුත් ඊට පස්සේ තියෙන හත් දවසේ දානය වගේ ඒවා මේ වගේ ප්‍රතිසන්ධියක් ගත්ත අයට ප්‍රයෝජනයක් වෙන්න පුලුවන් හොද භවයක් ලබාගන්න.

    ප.ලි. මැරිච්ච හැම කෙනාටම මෙහෙම වෙනවා කියලා කියන්න බෑ.

    මොනාද බං මේ කියන්නේ යන්නේ කොහේද මල්ලේ පොල්...
    මැරිච්ච එකා ගැන නෙවෙයිනේ මම අහන්නේ මරපු එකා ගැන....
    ආයෙත් උදාහරණේ බලපං.... :confused:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ අහන්නෙ මම හරකෙක් මරනකොට ඇතිවෙන කර්මයයි, උබ හරකෙක් මරන කොට ඇතිවෙන කර්මයයි සමානද කියලද?

    .

    මචං උඹට සරල විදියට කියපුවා තේරෙන්නේ නැති ගතියක් තියෙනවද..?
    මම අහල තියන්නේ ඒකද...? ම්ම්ම් හරි මෙහෙම අහන්නම්...

    උඹ බුද්ධාගම අනුව සුචරිතවත් පුද්ගලයෙක් මරණ කොට උඹට ඇතිවන කර්ම විපාකය ඒ අවස්ථාවේ අනෙක් සියලුම සිද්ධි ස්ථිරව පවතිද්දී බුද්ධාගම අනුව දුස්චරිතවත් පුද්ගලයෙක් මරපුවම ඇතිවන කර්ම විපාකය එක හා සමානද...?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    thread එක update කරා.. ඉතුරු ටිකත් දැම්මා..
    මේ කර්මය හරියට තේරුම් ගත්තොත් මම 'මානය' ගැනත් එකක් දාන්නම්..

    ඔයා අප්ඩේට් කරනවට අමතරව අහන ප‍්‍රශ්නවලට උත්තර දෙන්නේ නැත්තේ ඇයි...? උත්තර නැති නිසා ද...? :confused:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මචං උඹට සරල විදියට කියපුවා තේරෙන්නේ නැති ගතියක් තියෙනවද..?
    මම අහල තියන්නේ ඒකද...? ම්ම්ම් හරි මෙහෙම අහන්නම්...

    උඹ බුද්ධාගම අනුව සුචරිතවත් පුද්ගලයෙක් මරණ කොට උඹට ඇතිවන කර්ම විපාකය ඒ අවස්ථාවේ අනෙක් සියලුම සිද්ධි ස්ථිරව පවතිද්දී බුද්ධාගම අනුව දුස්චරිතවත් පුද්ගලයෙක් මරපුවම ඇතිවන කර්ම විපාකය එක හා සමානද...?

    http://www.elakiri.com/forum/showthread.php?t=1829222
    කර්මය වශයෙන් ගත්තොත්.. ඒ කියන්නෙ අපි ඊලඟ ආත්මෙට අරන් යන දේ සමානයි. හැබැයි හේතු ඵල වශයෙන් ගත්තොත් වෙනස්..

    අනිත් සාධක ස්ථීරයි නම්. ඒ කියන්නෙ මම දෙපාරෙදිම හිතන්නෙ එයා එකම ගුණයෙන් යුක්තයි කියලනම්..

    මගෙ සම්පූර්න article එක බැලුවිත් ඕකට උත්තරෙ උබටම හොයාගන්න පුලුවන්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    http://www.elakiri.com/forum/showthread.php?t=1829222
    කර්මය වශයෙන් ගත්තොත්.. ඒ කියන්නෙ අපි ඊලඟ ආත්මෙට අරන් යන දේ සමානයි. හැබැයි හේතු ඵල වශයෙන් ගත්තොත් වෙනස්..

    අනිත් සාධක ස්ථීරයි නම්. ඒ කියන්නෙ මම දෙපාරෙදිම හිතන්නෙ එයා එකම ගුණයෙන් යුක්තයි කියලනම්..

    මගෙ සම්පූර්න article එක බැලුවිත් ඕකට උත්තරෙ උබටම හොයාගන්න පුලුවන්..

    කර්මය මනින බාහිර මීටරයක් තියෙනවද... ඒ කියන්නේ ප‍්‍රාණඝාතය පවක් වුණත් මරණයට පත් වන පුද්ගලයා අනුව මරන පුද්ගලයාට ඇතිවන කර්ම විපාකය අඩු වැඩි බව මනින බාහිර මිම්මක්....
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    848
    113
    මචං උඹට සරල උඹ බුද්ධාගම අනුව සුචරිතවත් පුද්ගලයෙක් මරණ කොට උඹට ඇතිවන කර්ම විපාකය ඒ අවස්ථාවේ අනෙක් සියලුම සිද්ධි ස්ථිරව පවතිද්දී බුද්ධාගම අනුව දුස්චරිතවත් පුද්ගලයෙක් මරපුවම ඇතිවන කර්ම විපාකය එක හා සමානද...?

    කර්ම විපාක සකස් වෙන්නේ යම් කිසි පරිමාණයකට. ලොකුම කර්ම විපාක සිදුවෙනවා තමන්ගේ මව හෝ පියා මරපු අවස්ථාවක.

    කර්ම විපාක සකස් වෙන විදිය ඉතාමත් සංකිරනයි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. විපාක සකස් වෙනවා කාර්ම නියාම 5 උපයෝගී වෙලා. යම් කෙනක් tsunami එකකට අහුවුනොත් ඒක වෙන්නෙත් යම් කිසි නියාමයක් මත.

    කර්ම විපාක සකස් වෙන විදිය සංකීරණ වුනත් මට තේරෙන විදිය මේකයි. විපාකය කියන්නේ තමන්ගේ හිතේ සටහන්වන දෙයක්. අපිට යම් කිසි කෙනෙක්ගේ හිත රිද්දවන්න පුලුවන් ඉතාමත් පහසුවෙන්. නමුත් එම ක්‍රියාව තමන්ට නොතේරෙන අන්දමින් තමන්ගේම මනස කිලුටු කරනවා. අපිට හිතල මතලා මනසේ ඇතිවෙන කැලැල්ල ඉවත් කරන්න අමාරුයි.

    සෑම දෙයක්ම ස්කස්වෙන්නේ තමගේ ආයතන 6ට, ඒ කියන්නේ ඇස, කන, හිත ආදී වශයෙන් සාපේක්ෂව. තමගේ මනස කිලුටු වෙලා නම් සකස් වන දෙයත් අහිතකරයි.

    ආගම නොදහන සතෙක් වුනත් ස්වභාව ධර්මයෙන් අම්මා තාත්තා මරණ එක දරුණු භව තේරෙනවා. එතන කිසි මැජික් එකක් නැහැ. තමන්ට උදව් උපකාර කරන්න ස්වභාව ධර්මයෙන්ම බැදී ඉන්නේ දේමව්පියෝ.

    එමනිසා මව සහ පියා මැරුවොත් තමන්ට පසුකාලීනව ඇතිවෙන කණගාටුව අති විශාලයි. මනස කිලුටු වෙනවා එම ක්‍රියාවට සාපේක්ෂව. තමන්ගේ ලෝකය හැදෙනවා කිලුටු වෙන මනසට සාපේක්ෂව. අපාය කියන්නේ එකට.

    මම අහන්නේ තමන්තේ "සලායතනය" අනුව භවය තීරණය වෙන කොට ඒකට පරි්බාහිරව කර්මය එකම කරුණක දී දෙවිදියකට පල දෙන්නේ කොහොමද... ප‍්‍රාණ ඝාතය ප‍්‍රාණ ඝාතයමයි නේද...? එතන ඉන්නේ අසවලා අනුව වෙනස් වෙනව කියපුවාම බාහිරින් ඉඳගෙන යම් සර්වබලධාරියෙක් පොයින්ට් දෙනව වගේ නේද...? මේකට මෙච්චරයි, අරකට මෙච්චරයි කිය කියා....
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    848
    113
    මම අහන්නේ තමන්තේ "සලායතනය" අනුව භවය තීරණය වෙන කොට ඒකට පරි්බාහිරව කර්මය එකම කරුණක දී දෙවිදියකට පල දෙන්නේ කොහොමද... ප‍්‍රාණ ඝාතය ප‍්‍රාණ ඝාතයමයි නේද...?

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි

    කර්මය සකස් වෙන්නේ චේතනාව මත. එමනිසා ප‍්‍රාණ ඝාතය චේතනාවට සාපේක්ෂව වෙනස් වෙනවා.

    එකයි දෙමවුපියෝ මරණ එක අනෙක් ප‍්‍රාණ ඝාත වලට වඩා වෙනස්.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    කර්මය සකස් වෙන්නේ චේතනාව මත. එමනිසා ප‍්‍රාණ ඝාතය චේතනාවට සාපේක්ෂව වෙනස් වෙනවා.

    එකයි දෙමවුපියෝ මරණ එක අනෙක් ප‍්‍රාණ ඝාත වලට වඩා වෙනස්.

    ප‍්‍රාණඝාතනයේ කර්මය චේතනාව අනුව වෙනස් වෙනවා කියල ද කියන්නේ... :shocked:
    පැහැදිලි මදි... තේරුම් කරන්න... මරණීය චේතනාව අනුව බුදු දහමේ පෙන්වා ඇති පියවර කීපය සම්පූර්ණ වුණාම තමයි ප‍්‍රාණඝාතය අකුසල කර්මයක් වෙන්නේ....? ඊට පස්සෙත් තවත් ඊට බලපාන චේතනාව මොකක්ද...? :confused:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    848
    113
    ප‍්‍රාණඝාතනයේ කර්මය චේතනාව අනුව වෙනස් වෙනවා කියල ද කියන්නේ... :shocked:
    පැහැදිලි මදි... තේරුම් කරන්න... මරණීය චේතනාව අනුව බුදු දහමේ පෙන්වා ඇති පියවර කීපය සම්පූර්ණ වුණාම තමයි ප‍්‍රාණඝාතය අකුසල කර්මයක් වෙන්නේ....? ඊට පස්සෙත් තවත් ඊට බලපාන චේතනාව මොකක්ද...? :confused:

    -> මරණ කියාවලිය - පියවර 4 (මට මතක විදියට) සම්පුර්ණ විය යුතයි.
    -> ඊට පසුව තීරණය වෙනවා
    මැරුවේ දෙමව්පියෝද? -> සකස් වෙන විපාක +++
    මැරුවේ වෙන කෙන්ක්ද -> සකස් වෙන විපාක +

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    -> මරණ කියාවලිය - පියවර 4 (මට මතක විදියට) සම්පුර්ණ විය යුතයි.
    -> ඊට පසුව තීරණය වෙනවා
    මැරුවේ දෙමව්පියෝද? -> සකස් වෙන විපාක +++
    මැරුවේ වෙන කෙන්ක්ද -> සකස් වෙන විපාක +

    ඔයා කෙලින් උත්තර දෙන්නේ නැතිව මග හරිනවා... තමන්ගේ සලායතනය අනුව කර්මය රැුස් කරගන්නවා කියන ඔයා අන්තිමට ඒ සලායතනයට පරිබාහිර වූ දේ අනුව කර්මයට විපාක දෙනවා කියල කියනවා...

    ඔයා පැහැදිලිව කියන්න
    01. ප‍්‍රාණඝාතයේ කර්ම විපාකය චේතනාව අනුව අඩු වැඩි වෙනවා ද...?
    02. ප‍්‍රාණඝාතයට ලක්වන පුද්ගලයා අනුව විපාකය අඩු වැඩි වෙනවාද...?
    දෙකටම උත්තරය yes or no නම් බුද්ධාගම අනුව පැහැදිලි කරන්න....
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    848
    113

    01. ප‍්‍රාණඝාතයේ කර්ම විපාකය චේතනාව අනුව අඩු වැඩි වෙනවා ද...? - yes
    02. ප‍්‍රාණඝාතයට ලක්වන පුද්ගලයා අනුව විපාකය අඩු වැඩි වෙනවාද...? - yes
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    01. ප‍්‍රාණඝාතයේ කර්ම විපාකය චේතනාව අනුව අඩු වැඩි වෙනවා ද...? - yes
    02. ප‍්‍රාණඝාතයට ලක්වන පුද්ගලයා අනුව විපාකය අඩු වැඩි වෙනවාද...? - yes

    :shocked::shocked::shocked: :lol:

    01. චේතනාව අනුව කොහොමද කර්මය හැඩ ගැසෙන්නේ.... ඒ කියන්නේ මම තුවාල වෙල ඉන්න සතෙක් ඌ වේදනාවෙන් මුදවා ගන්න මරණවා... මගේ චේතනාව යහපත්නේ...

    එතකොට තත්වය කොහොමද...?

    02. පුද්ගලගයා අනුව කොෙහොමද කර්මය හැඩ ගැසෙන්නේ.... මම පට්ටපල් හොරෙක් මරණවා එතකොට තත්වය කොහොමද...? මම ඒ වටපිටාව තුලම හොරෙක් නොමරා සිල්වතෙක් මරණවා තත්වය කොහොමද...?

    එහෙනං ඉතිං මිනිහෙක් මරණව තරමට තිරිසන් සතෙක් මරණ එකේ පාපය වෙනස් වෙනව නේද...? එතකොට අර හම්බයෝ කුකුල මරණ එක පව් නෑ හරකා මරණ එක පව් කියල ඔච්චං කරන එක සාධාරණීකරණය කරනවා නේද...?
     
    Last edited:

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0

    කර්මය සකස් වෙන්නේ චේතනාව මත. එමනිසා ප‍්‍රාණ ඝාතය චේතනාවට සාපේක්ෂව වෙනස් වෙනවා.

    එකයි දෙමවුපියෝ මරණ එක අනෙක් ප‍්‍රාණ ඝාත වලට වඩා වෙනස්.

    මචං....
    ප‍්‍රාණ ඝාතය චේතනාවට සාපේක්ෂව වෙනස් වෙනවා... එහෙම කොහොමද වෙන්නේ?

    උදාහරණ 1- විදිහට ගත්තොත් මම මගේ අම්මව මරණවා කෝටි ගාණක දේපල ලබා ගන්න. මෙට තියෙන්නේ දේපල ලබා ගැනීමේ චේතනාව විතරමයි.

    උදාහරණ 2- මම මගේ අසල්වැසියාව මරණවා එයාගේ කෝටි ගාණක දේපල ලබා ගන්න. මෙතනත් මට තියෙන්නේ දේපල ලබා ගැනීමේ චේතනාවම විතරයි.

    එහෙනම් මේ අවස්ථා දෙකේදීම මගේ චේතනාව එක සමානයි. එහෙනම් කොහොමද මේ දෙකට ලැබෙන විපාක වෙනස් වෙන්නේ?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    848
    113

    01. චේතනාව අනුව කොහොමද කර්මය හැඩ ගැසෙන්නේ.... ඒ කියන්නේ මම තුවාල වෙල ඉන්න සතෙක් ඌ වේදනාවෙන් මුදවා ගන්න මරණවා... මගේ චේතනාව යහපත්නේ...

    ඔව් ඉතින් චේතනාව යහපත් නම් - කිසි ප්‍රශ්නයක් නැහැ.

    මචං....
    ප‍්‍රාණ ඝාතය චේතනාවට සාපේක්ෂව වෙනස් වෙනවා... එහෙම කොහොමද වෙන්නේ?
    උදාහරණ 1- විදිහට ගත්තොත් මම මගේ අම්මව මරණවා කෝටි ගාණක දේපල ලබා ගන්න. මෙට තියෙන්නේ දේපල ලබා ගැනීමේ චේතනාව විතරමයි.
    උදාහරණ 2- මම මගේ අසල්වැසියාව මරණවා එයාගේ කෝටි ගාණක දේපල ලබා ගන්න. මෙතනත් මට තියෙන්නේ දේපල ලබා ගැනීමේ චේතනාවම විතරයි.
    එහෙනම් මේ අවස්ථා දෙකේදීම මගේ චේතනාව එක සමානයි. එහෙනම් කොහොමද මේ දෙකට ලැබෙන විපාක වෙනස් වෙන්නේ?

    පොඩි මොහොතකට මරණ හේතුව අමතක කරන්න.

    -> මම මගේ අම්මව මරණවා
    -> මම මගේ අසල්වැසියාව මරණවා

    ඔයාට ඇත්තටම මේ දෙකම හිතේ හට ගන්නේ එක විදියකකටද ?

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඔව් ඉතින් චේතනාව යහපත් නම් - කිසි ප්‍රශ්නයක් නැහැ.

    පොඩි මොහොතකට මරණ හේතුව අමතක කරන්න.

    -> මම මගේ අම්මව මරණවා
    -> මම මගේ අසල්වැසියාව මරණවා

    ඔයාට ඇත්තටම මේ දෙකම හිතේ හට ගන්නේ එක විදියකකටද ?

    උඹල ඔක්කොම බයිල ගහන්නේ නැත්තං බුද්ධාගම අද වෙන කොට විපරිත වෙලා..
    මොකද බුදු හාමුදුරුවෝ ඔය වගේ පිස්සු ලොජික් දේශනා නොකරන්න ඇති කියල මම තරයේම විශ්වාස කරනවා...

    බුදු දහමේ කර්මය කියන දේ සත්‍ය නම් එය සිදුවෙන්න ඕන පහත ආකාරයට නේද...?

    ප‍්‍රාණඝාතය අකුසල කර්මයක් වීමට බුදු දහමේ උගන්වල තියෙන කරුණු කීපය සම්පූර්ණ වෙලා තියෙනවා නම් ජීවියෙක් මැරූ පමණන් ඊට අදාල උපරිම කර්මය රැුස්විය යුතුයි. මරණයට ලක් වන පුද්ගලයා කුමන මට්ටමේ ද, ඒ තිරිසනෙක් ද ක්‍ෂුද්‍රයෙක් ද යන්න කිසි විටක අදාල නොවිය යුතුය. මන්ද මරණීය චේතනාව ඇතිව ජීවියෙක්ගේ ප‍්‍රාණය හානි කළ වහාම එතන උපරිම කර්ම විපාකය රැුස් වෙලා තියෙන නිසයි...

    සොරකම වුවද එලෙසමය... රුපියලක් ද ලක්ෂයක් ද තියෙන එකාගෙන්ද ගත්තේ වගේ දේවල් කිසි විටක අදාල වන්නේ නැත... සොරාගත් පමණින් ඊට අදාල උපරිමය කර්ම විපාකය රැුස් විය යුතුය... කෙටියෙන් ම හැම කුසල අකුසලයක කර්මයේ විපාක රැුස්වන්නේ එකම විදියට විය යුතුය. නමුදු ඔහුගේ වෙනත් කර්ම විපාකයක් අනුව එය ඵල දීමේ අඩු හෝ වැඩි වීමක් සිදුවිය හැකිය.

    මම ත්‍රෙඞ් එක පුරාවටම ප‍්‍රශ්න ඇසුවට දුන්න උත්තරත් එක්ක මම දැක්කේ එක්කෝ බුදු දහම ගැන ත්‍රෙඞ් දාන එවුන් දාන්නේ කිසිම අර්ථයක් නොදැන... නැත්තං අවබෝධ කරගත්ත විදිය වැරදියි... නැත්තං බුදු දහමේ ඉගැන්වීම් පරස්පරයි.. ඔය අන්තිම එකට මම එකග නෑ... මොකද දැන් ඉන්න බෞද්ධයෝ තමන්ගේ වාසියට බුදු දහම කල්ලතෝනි යවන විදියට අවුරුදු 2500 කට වැඩි කාලයේ කොයිතරම් විකෘති කරන්න ඇත්ද...?

    “.....චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”
    “මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”

    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඔව් ඉතින් චේතනාව යහපත් නම් - කිසි ප්‍රශ්නයක් නැහැ.

    පොඩි මොහොතකට මරණ හේතුව අමතක කරන්න.

    -> මම මගේ අම්මව මරණවා
    -> මම මගේ අසල්වැසියාව මරණවා

    ඔයාට ඇත්තටම මේ දෙකම හිතේ හට ගන්නේ එක විදියකකටද ?

    ඇයි නැත්තේ මම උඹව මරණවා.... එච්චරයි... :yes:
    මම ජාතක කලා, මට කිරි දුන්නා, මම හැදුවා නේද කියල සිතිවිල්ල ආව නම් මම අම්මව මරයි ද බං... :confused: