කර්ම විපාක

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. ඛුජ්ජුත්තරාව දාසියක් වීමට හේතුව

    ඛුජ්ජත්තරාව බොහෝම ධර්ම කථික කාන්තාවක් වුවද ඇය උදේනි රජ නිවසේ දාසියකි.ඊට හේතුව පෙර කාශ්‍යප බුදුරජ කාලයේ මැය සිටු දියණියක්ව ඉපිද දිනක් නිවසට වැඩි රහත් සාමණේර තෙරණියකට, (හිතවත් හෙයින්)දුර තිබූ රන් ආභරණ පොදිය අරන් දෙන්න යයි කියා වැඩගත් පවින් බව දත යුතුය. ඒ හේතුවෙන් ආත්ම 500 ක්ම දාසියක්ව ඉපදුනාය.(මනෝරථපූරණී අටුවා - 238 පිටුව) එබැවින් පින්වතුනි,භික්ෂු භික්ෂුණීන් කොතරම් හිතවත් වුවත් කල්පනාවෙන් ඇසුරු කල යුතුය.

    2. ඛුජ්ජුත්තරාව කුදු වීමට හේතුව

    ඛුජ්ජුත්තරා උපාසිකාව තරමක් කුදු ශරීරයක් ඇති උවැසියකි.එසේ වුවත් උදේනි රජුගේ සාමාවතිය ඇතුලු පන්සියයක් බිසෝවරුන්ට ධර්මය දෙසා සෝවාන් ඵලයෙන් නිවන් සැප ලබා දුන්නාය.ඒ පිරිසට ධර්මය ඉගැන්වීමද කළාය.ඇය කුදුව ඉපදීමට හේතුව පෙර ධනවත් පවුලක කුමාරිකාවක්ව සිටියදී මදක් කුදු පසේ බුදුන් වහන්සේ නමක් දැක කෙලිකවට සිතින් දගකාර කමට පසේ බුදුන් වැඩියේ මෙහෙමයි කියා අන් පරිවාර කාන්තාවට ගිය අයුරු ඇද කොට (කුදු ආකාරය) පෙන්විය.ඒ පවින් ඇය කුදු වි උපන් බව දත යුතුය.(අංගුත්තර නිකායට්ඨ කතා - 238 පිට)

    3. චුල්ලපන්ථක හිමිට සිව් මසක් ගත වීද එක් ගාථාවක් පාඩම් කරන්නට බැරිවුණ හේතුව

    උන් වහන්සේ මහා පන්ථක හිමිගේ බාල සහෝදරයාය.පැවිදි වී සාර මසක් ගතවූ නමුදු එක් ගාථාවකුද පාඩම් කරගැනීමට බැරිව අසරණ විය.ඊට හේතුව පෙර කාශ්‍යප බුදු සසුනෙහි පැවිදිව නුවණැත්තෙක් වී ගෝල පිරිසට ධර්මය කියාදෙන විට ඉගෙනගැනීමට අපහසු නූගත් මෝඩ භික්ෂුවකට කවටකම් කළේය.ඒ භික්ෂුව එයින් ලැජ්ජාවට පත්ව ධර්මය නොම කියවා ගත්තේය.ඒ අකුසල කර්මයෙන් මේ ජීවිතයේ පැවිදි වූ නමුදු නූගතෙක් විය.පසුව බුදු කරුණාව නිසා පෙර පිරූ පාරමී මතුකරගෙන රහත් වී අසූ මහා ශ්‍රාවකයන් අතර එක් නමක් විය.(ධම්ම පදට්ඨ කතා 152 පිට)පින්වතුනි,අදටද සමාජයේ නූගතුන් ඇත.මේ රහත් හිමිනමකට විහිඵ කිරීමෙන් විපාක දුන් කර්මයක් නොව අර පුහුදුන් භික්ෂුවකට විහිලු කිරීමෙන් විපාක දුන් කර්මයකි.එබැවින් උගත් වූ බුද්ධිමත් වූ ඔබ අනවශ්‍ය විහිඵ තහලු කිරීමෙන් වැලකෙත්වා..

    4. චක්ඛුපාල හිමිගේ දෙනෙත් අන්දවීමට හේතුව මේ ස්වාමීන් වහන්සේ

    පෙර දක්ෂ වෛද්‍යවරයෙකුව සිටියදී ''මාගේ දෙනෙත් සුව කළොත් මම දූ පුතුන් සමග ඔබගේ දාසියෙක් වෙමියි'' කී එක් අන්ධඡ කාන්තාවකට බෙහෙත් කොට දෑස සනීප කලේය.ඇය සනීප වූ පසු දාසියක් වීමට අකමැතිව ඇස් නොපෙනෙන බව වෛද්‍යවරයාට කීවාය.කරුණු වටහා ගත් ඔහු කෝප වූ දූෂිත සිතින් දෑස් අන්ධවන බෙහෙතක් ගැල්වීමට දුන්නේය.එය ගැල්වූ විට ඇගේ දෙනෙත් සහමුලින්ම අන්ධ විය.එම අකුසලය බොහෝ වාර ගණනක් විපාක දී මේ රහත් වු ජීවිතයේදීද මහාපාල හිමිගේ දෑස් අන්ධ වී චක්ඛු පාල හිමියැයි ප්‍රසිද්ධ වූ බව දතයුතුය.
    ( ධම්ම පදට්ඨ කතා 12 පිට )

    5. බිම්බිසාර රජුගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව

    මහාධාධිපති බිම්බිසාර රජු ඔහුගේ පුත් වූ අජාසත් කුමරු විසින් සිරකරවා යටිපතුල් තෙල් ලුණු ගිල්වා ගිනි ගෙන දි‍ලෙන කිහිරි අගුරෙන් පිලිස්සුවේය.නොයෙක් වද දෙන ලදී.මේ සෝවාන් රජුට මෙසේ දුක් විදිමට හේතු වූයේ පෙර භවයෙක් චෛත්‍යය මලුවෙහි වහන් පයලා යෑම හා ඉදගැනීමට එලූ පැදුරක් නොසේදු පයින් පෑගු බව සුමංගල විලාසීනි
    අටුවාවේ සාමඤ්ඤඵල සූත්‍රයේ වර්ණනාවේ පෙන්වා ඇත.

    6. බිහිවූ දිනම කසල ගොඩකට දමන ලද අසරණ දරු ජීවිතයක ශෝකාකූල කතාව

    මෙතුමා කිලිටි කර්ම කොට ජීවත්ව නගර සෝභිනියකගේ කුසෙහි ඉපදුනේය.ඇය දරුවා බිහිතල දිනයේ පිරිමි දරුවෙකු බව අසා කනෙකු ලවා මේ කිරි කැටි බිලිදාව සොහොනෙහි දමන ලදි.නමුදු කිසිම සතෙකුගේ හිංසාවක් නොවීය.දෙවියන් රැකවරණය දෙන ලදී.පසුව තථාගතයන් වහන්සේ බුදු ඇසින් දැක එහි වැඩි සේක.මිනිසුන් ද එහි රැස්වූහ.එහිදී මේ දරුවා පෙන්වා මොහුගේ අනාගත වාසනාවද පෙන්වා මෙසේ පූර්ව කර්මයද වදාල සේක.සැවැත් නුවර බොහෝ උපාසක පිරිසක් එකතුව මහත් දානයක් දෙන ලදී.මෙය දුටු මසුරු පුරුෂයෙක් ''මේ මුඩු මහණන්ට මේවා දුන්නාට වඩා මේ සියල්ල කසල ගොඩකට දැම්මේනම් උතුම් වේ.'' යැයි කියන ලදී.පසුව මවගේ කීම නිසා සමාව ගෙන දින 7ක් මහත් කැද දනක් දෙන ලදි.මොහු මැරීගොස් පෙර කී සේ ගණිකාවගේ කුස ඉපිද ඇය විසින් බිහිවූ දින මොහු කසල ගොඩකට දැම්ම වූ බව දත යුතුය.

    උපුටා ගත්තේ ජූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි දෙසු දේශනයකින්.
    ''පොඩි පාපයක් වුවත් සුලුවකට තකන්න එපා''
    තෙරුවන් සරණයි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    5. බිම්බිසාර රජුගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව

    මහාධාධිපති බිම්බිසාර රජු ඔහුගේ පුත් වූ අජාසත් කුමරු විසින් සිරකරවා යටිපතුල් තෙල් ලුණු ගිල්වා ගිනි ගෙන දි‍ලෙන කිහිරි අගුරෙන් පිලිස්සුවේය.නොයෙක් වද දෙන ලදී.මේ සෝවාන් රජුට මෙසේ දුක් විදිමට හේතු වූයේ පෙර භවයෙක් චෛත්‍යය මලුවෙහි වහන් පයලා යෑම හා ඉදගැනීමට එලූ පැදුරක් නොසේදු පයින් පෑගු බව සුමංගල විලාසීනි
    අටුවාවේ සාමඤ්ඤඵල සූත්‍රයේ වර්ණනාවේ පෙන්වා ඇත.

    මට පොඩි ප්‍රශ්නයක් තියනව. දැන් බිම්බිසාර රජ්ජුරුවන්ට මේ තරම් ලොකු වේදනාකාරී දෙයක් පල දුන්නේ අච්චර පොඩි දේට නේද?

    එතකොට තමන්ගෙ තාත්තගේ කකුල් පලල ලුණු දැම්ම පවට අජාසත්තට කොහොම පල දෙයිද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට පොඩි ප්‍රශ්නයක් තියනව. දැන් බිම්බිසාර රජ්ජුරුවන්ට මේ තරම් ලොකු වේදනාකාරී දෙයක් පල දුන්නේ අච්චර පොඩි දේට නේද?

    එතකොට තමන්ගෙ තාත්තගේ කකුල් පලල ලුණු දැම්ම පවට අජාසත්තට කොහොම පල දෙයිද?

    මචං බිම්බිසාර, අජාසත්තගෙන් පටන් ගත්තම පීතෲ ඝාතක පරපුර 7 දෙනෙක් වෙනකන් යනවා. මට නම් සෙට් එක මතක නෑ.අජාසත්තට තමුන්ගේ පුතාගෙන්, ඌට උගේ පුතාගෙන් විදිහට. අන්තිමයා නාග දාස. පොරට මිනිස්සු ගහලා මැරෙනවා. දැන් ඒ නම් ටික මතක නෑ බං.දහම්පාසල් අවසානේ කරන කාලේ නම් යසට මතක තිබ්බා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට පොඩි ප්‍රශ්නයක් තියනව. දැන් බිම්බිසාර රජ්ජුරුවන්ට මේ තරම් ලොකු වේදනාකාරී දෙයක් පල දුන්නේ අච්චර පොඩි දේට නේද?

    එතකොට තමන්ගෙ තාත්තගේ කකුල් පලල ලුණු දැම්ම පවට අජාසත්තට කොහොම පල දෙයිද?

    අනික මචං බුදුන් වහන්සේට පිරිණිවන් පාන්න කලියෙන් හැදුනු ලෝහිත පක්කන්දිකා කියල රුධිර ගත රෝගය වැල‍ඳෙන්න හේතුව දිය වලක මසුන් අල්ලනෙක් අල්ලපු මාලුවෙක් ගොඩ දඟලනවා දැකලා සතු‍ටු උනා කියලා කියලයි මන් අහලයි තියෙන්නේ.අපි හිතුවට අපි කරන කියන දේවල් සුලු ප‍ටු නෑ බං.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අනික මචං බුදුන් වහන්සේට පිරිණිවන් පාන්න කලියෙන් හැදුනු ලෝහිත පක්කන්දිකා කියල රුධිර ගත රෝගය වැල‍ඳෙන්න හේතුව දිය වලක මසුන් අල්ලනෙක් අල්ලපු මාලුවෙක් ගොඩ දඟලනවා දැකලා සතු‍ටු උනා කියලා කියලයි මන් අහලයි තියෙන්නේ.අපි හිතුවට අපි කරන කියන දේවල් සුලු ප‍ටු නෑ බං.

    eka mama ahala tiyanawa machan. :yes::yes:
    thanks