කර්ම විපාක

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අපි හැමතිස්සෙම අවබෝධයෙන් අවධානයෙන් ඉන්න ඕනෙ අපි කරන කියන දේවල්වලටත් වඩා අපි හිතෙන් හිතන දේවල් ගැන.
    සංසාර ගමනේ භයානක බව තියෙන්නෙ එතනයි. මොකද.. හිත ඉන්නෙ අපේ best friend වගේ... හැබැයි..

    කවදාවත් හිත කියන‍දේ විශ්වාස කරන්න හොඳ නැහැ. හිත ස්වභාවයෙන් ම "පවට බරයි".
    අවංකව තමන්ගේ හිත දිහා බලන්න. පුංචියට හරි නරක දෙයක් හිතෙනව නේද?

    මචං.. මේ ලිපියේ කරුණු share කලාට ගොඩක් පින්.

    තව දෙයක්.... හොඳට බලන්න හැමෝම...

    මේ thread එක බලල තියෙන්න කීයෙන් කී දෙනාද..?
    comment කරල තියෙන්නෙ කීයෙන් කී දෙනා ද?
    පව පින ගැන අවධානෙන් ඉන්න අය අඩුද වැඩිද කියල අපිට හොඳටම පේනව නේද..?


    අනිත් ඒවට views comments 100, 1000, 10000 පැනල තියෙනව.
    අපිට අත්වෙන භයානක තත්වෙ ගැන මීට වඩා උදාහරණ ඕනෙ නැහැ නේද...?

    සත්‍යය අවබෝධ කරගන්න ගමනට පිවිසෙන,
    අවබෝධය කරා යන සහ අවබෝධ කරගන්න පිරිස..

    අර නියපොත්තට ගත්ත පස් ස්වල්පය පමණයි කියන කාරණාව ගැන මේ ටික දෙනාවත් හොඳින් අවබෝධ කරගනිත් වා.
    ඉතිරි සියල්ල මහපොළවේ පස් තරම් වන ගොඩට නොවැටෙත්වා..!


    හැමදෙනාටම තෙරුවන් සරණයි..!
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අපිත් එක්ක බෙදාගත්තට පින්!

    disco man cant understand
    because he is a british man
    can you convert it to english
    british අය භාෂා පරිවර්තනයට කියන්නේ translate නෙමෙයි convert කියලද? :rofl:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    1. ඛුජ්ජුත්තරාව දාසියක් වීමට හේතුව

    ඛුජ්ජත්තරාව බොහෝම ධර්ම කථික කාන්තාවක් වුවද ඇය උදේනි රජ නිවසේ දාසියකි.ඊට හේතුව පෙර කාශ්‍යප බුදුරජ කාලයේ මැය සිටු දියණියක්ව ඉපිද දිනක් නිවසට වැඩි රහත් සාමණේර තෙරණියකට, (හිතවත් හෙයින්)දුර තිබූ රන් ආභරණ පොදිය අරන් දෙන්න යයි කියා වැඩගත් පවින් බව දත යුතුය. ඒ හේතුවෙන් ආත්ම 500 ක්ම දාසියක්ව ඉපදුනාය.(මනෝරථපූරණී අටුවා - 238 පිටුව) එබැවින් පින්වතුනි,භික්ෂු භික්ෂුණීන් කොතරම් හිතවත් වුවත් කල්පනාවෙන් ඇසුරු කල යුතුය.

    2. ඛුජ්ජුත්තරාව කුදු වීමට හේතුව

    ඛුජ්ජුත්තරා උපාසිකාව තරමක් කුදු ශරීරයක් ඇති උවැසියකි.එසේ වුවත් උදේනි රජුගේ සාමාවතිය ඇතුලු පන්සියයක් බිසෝවරුන්ට ධර්මය දෙසා සෝවාන් ඵලයෙන් නිවන් සැප ලබා දුන්නාය.ඒ පිරිසට ධර්මය ඉගැන්වීමද කළාය.ඇය කුදුව ඉපදීමට හේතුව පෙර ධනවත් පවුලක කුමාරිකාවක්ව සිටියදී මදක් කුදු පසේ බුදුන් වහන්සේ නමක් දැක කෙලිකවට සිතින් දගකාර කමට පසේ බුදුන් වැඩියේ මෙහෙමයි කියා අන් පරිවාර කාන්තාවට ගිය අයුරු ඇද කොට (කුදු ආකාරය) පෙන්විය.ඒ පවින් ඇය කුදු වි උපන් බව දත යුතුය.(අංගුත්තර නිකායට්ඨ කතා - 238 පිට)

    3. චුල්ලපන්ථක හිමිට සිව් මසක් ගත වීද එක් ගාථාවක් පාඩම් කරන්නට බැරිවුණ හේතුව

    උන් වහන්සේ මහා පන්ථක හිමිගේ බාල සහෝදරයාය.පැවිදි වී සාර මසක් ගතවූ නමුදු එක් ගාථාවකුද පාඩම් කරගැනීමට බැරිව අසරණ විය.ඊට හේතුව පෙර කාශ්‍යප බුදු සසුනෙහි පැවිදිව නුවණැත්තෙක් වී ගෝල පිරිසට ධර්මය කියාදෙන විට ඉගෙනගැනීමට අපහසු නූගත් මෝඩ භික්ෂුවකට කවටකම් කළේය.ඒ භික්ෂුව එයින් ලැජ්ජාවට පත්ව ධර්මය නොම කියවා ගත්තේය.ඒ අකුසල කර්මයෙන් මේ ජීවිතයේ පැවිදි වූ නමුදු නූගතෙක් විය.පසුව බුදු කරුණාව නිසා පෙර පිරූ පාරමී මතුකරගෙන රහත් වී අසූ මහා ශ්‍රාවකයන් අතර එක් නමක් විය.(ධම්ම පදට්ඨ කතා 152 පිට)පින්වතුනි,අදටද සමාජයේ නූගතුන් ඇත.මේ රහත් හිමිනමකට විහිඵ කිරීමෙන් විපාක දුන් කර්මයක් නොව අර පුහුදුන් භික්ෂුවකට විහිලු කිරීමෙන් විපාක දුන් කර්මයකි.එබැවින් උගත් වූ බුද්ධිමත් වූ ඔබ අනවශ්‍ය විහිඵ තහලු කිරීමෙන් වැලකෙත්වා..

    4. චක්ඛුපාල හිමිගේ දෙනෙත් අන්දවීමට හේතුව මේ ස්වාමීන් වහන්සේ

    පෙර දක්ෂ වෛද්‍යවරයෙකුව සිටියදී ''මාගේ දෙනෙත් සුව කළොත් මම දූ පුතුන් සමග ඔබගේ දාසියෙක් වෙමියි'' කී එක් අන්ධඡ කාන්තාවකට බෙහෙත් කොට දෑස සනීප කලේය.ඇය සනීප වූ පසු දාසියක් වීමට අකමැතිව ඇස් නොපෙනෙන බව වෛද්‍යවරයාට කීවාය.කරුණු වටහා ගත් ඔහු කෝප වූ දූෂිත සිතින් දෑස් අන්ධවන බෙහෙතක් ගැල්වීමට දුන්නේය.එය ගැල්වූ විට ඇගේ දෙනෙත් සහමුලින්ම අන්ධ විය.එම අකුසලය බොහෝ වාර ගණනක් විපාක දී මේ රහත් වු ජීවිතයේදීද මහාපාල හිමිගේ දෑස් අන්ධ වී චක්ඛු පාල හිමියැයි ප්‍රසිද්ධ වූ බව දතයුතුය.
    ( ධම්ම පදට්ඨ කතා 12 පිට )

    5. බිම්බිසාර රජුගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව

    මහාධාධිපති බිම්බිසාර රජු ඔහුගේ පුත් වූ අජාසත් කුමරු විසින් සිරකරවා යටිපතුල් තෙල් ලුණු ගිල්වා ගිනි ගෙන දි‍ලෙන කිහිරි අගුරෙන් පිලිස්සුවේය.නොයෙක් වද දෙන ලදී.මේ සෝවාන් රජුට මෙසේ දුක් විදිමට හේතු වූයේ පෙර භවයෙක් චෛත්‍යය මලුවෙහි වහන් පයලා යෑම හා ඉදගැනීමට එලූ පැදුරක් නොසේදු පයින් පෑගු බව සුමංගල විලාසීනි
    අටුවාවේ සාමඤ්ඤඵල සූත්‍රයේ වර්ණනාවේ පෙන්වා ඇත.

    6. බිහිවූ දිනම කසල ගොඩකට දමන ලද අසරණ දරු ජීවිතයක ශෝකාකූල කතාව

    මෙතුමා කිලිටි කර්ම කොට ජීවත්ව නගර සෝභිනියකගේ කුසෙහි ඉපදුනේය.ඇය දරුවා බිහිතල දිනයේ පිරිමි දරුවෙකු බව අසා කනෙකු ලවා මේ කිරි කැටි බිලිදාව සොහොනෙහි දමන ලදි.නමුදු කිසිම සතෙකුගේ හිංසාවක් නොවීය.දෙවියන් රැකවරණය දෙන ලදී.පසුව තථාගතයන් වහන්සේ බුදු ඇසින් දැක එහි වැඩි සේක.මිනිසුන් ද එහි රැස්වූහ.එහිදී මේ දරුවා පෙන්වා මොහුගේ අනාගත වාසනාවද පෙන්වා මෙසේ පූර්ව කර්මයද වදාල සේක.සැවැත් නුවර බොහෝ උපාසක පිරිසක් එකතුව මහත් දානයක් දෙන ලදී.මෙය දුටු මසුරු පුරුෂයෙක් ''මේ මුඩු මහණන්ට මේවා දුන්නාට වඩා මේ සියල්ල කසල ගොඩකට දැම්මේනම් උතුම් වේ.'' යැයි කියන ලදී.පසුව මවගේ කීම නිසා සමාව ගෙන දින 7ක් මහත් කැද දනක් දෙන ලදි.මොහු මැරීගොස් පෙර කී සේ ගණිකාවගේ කුස ඉපිද ඇය විසින් බිහිවූ දින මොහු කසල ගොඩකට දැම්ම වූ බව දත යුතුය.

    උපුටා ගත්තේ ජූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි දෙසු දේශනයකින්.
    ''පොඩි පාපයක් වුවත් සුලුවකට තකන්න එපා''
    තෙරුවන් සරණයි..

    සබ්බ දානං ධම්ම දානං ජිනාති
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-
    මචං සිරාවටම නිදහස් වෙලාවක් අහු වුනාම මේ වගේ එකක් දාපන්. පුළුවන් නම් පේත වත්තු විමාන වත්තු ගැන පොඩ්ඩක් ලියලා දාපන් :yes::yes: ගොඩක් අයට ඒ ගැන දැනුමක් නෑ ;)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අනිවාර්න්ම කර්මය කියන දෙය අපිත් එක්කම යන එන හැමතැනම එනවා. කර්මයෙන් ගැලවෙන්න පුළුවන් ජගතෙක් මේ ලෝකේ නැ. ගොඩක් වටිනා ලිපියක්. තෙරුවන් සරණයි..