@Khonshu
කලනය කියන්නේ තනි කොටසක් විදිහට ඉගෙන ගන්න පුලුවන් පාඩමක් නෙමෙයි. ඒක ඉගෙන ගන්න පහත තියෙන ගණිතයේ මූලික කොටස් වල මූලික දැනීම අවශ්‍ය වෙනවා.
1. භාග (වීජීය භාග ) ද ඇතුලත්ව
2. වීජීය ප්‍රකාශන වල සාධක සෙවීම
3. ත්‍රිකෝණමිතිය (මූලික සර්වසාම්‍යය ද ඇතුලත්ව )
4. ඝාතීය ශ්‍රිත පිළිබඳ දැනුම.
5. ප්‍රස්ථාර පිළිබඳ මූලික දැනීම. (මේක නම් අත්‍යවශ්‍යම නෑ. )
කොමර්ස් කරපු නිසා ඔය ටිකේ මූලික දැනීමත් අරගෙනම කලනයට බහින්න. නැත්නම් කලනය එපා වෙනවා. කලනය කියන්නේ ගණිතයේ එන අපූරු සංකල්පයක් ! ඒක සුපිරි ! ඒ නිසා ඒක එපා කරගන්න එපා !
ගොඩක් සූත්‍ර ව්‍යුත්පන්න කරලා තියෙන්නේ කලනය මූලික කරගෙන
උදා: අවස්ථිති ඝූර්ණය හොයන සූත, වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය, කේතුවක / ගෝලයක පරිමාව හොයන සූත්‍ර ඔය වගේ අටෝරාසියක් සූත්‍ර ව්‍යුත්පන්න වෙලා තියෙන්නේ කලනයෙන්.