කලුපහනේ තුන්හිස්ගල ආයෙමත් වතාවක්....
කලුපහනේ තුන්හිස්ගල ආයෙමත් වතාවක්....
ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට.....
ටික දවසකින් සංචාරක නූලක් අරගෙන ආවා.
"එපිට කොනට කළුපානා කැලේයා
මෙපිට කොනට ලග්ගල මීමුරේයා
දෙසිය දෙකක් උස ඇති ගෝමරේයා
සොදයි පරකාස ලක මීමුරේයා"
මේ ඉස්සර ඉඳලම දුම්බර වනපෙතේ මීමුරේ, රණමුරේ වගේ ගම්මාන වල ගැමියන් අතර කියවුණු කවියක්.....
අපේ එළකිරි එකේ සමහරු දකින්න ඇති කලුපහනේ කන්ද මුලින්ම නැගපු ගමන ගැන මම කලින් ලිව්ව ත්‍රෙඩ් එක. මේ යටින් මම ඒ නූල අමුණලා තියනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1857219
අද මම කියන්න යන්නේ කළුපහන කන්ද හෙවත් තුන්හිස්ගල 3 වෙනි වතාවටත් ගියපු ගමනේ විස්තර.
මේ ගමන අපි ගියේ ගිය අවුරුද්දේ ජූලි මාසේ දවස් වල.අපේ ගමේ යාළුවො තමා ගමනට එකතු වුනේ.ගමන සංවිධානය කලේ ඔවුන්.
තුන්හිස්ගල අපේ ඉලක්කය විදිහට තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුන. ඒතමයි ඊට මාස කිහිපයකට කලින් මම කලුපහනෙන් දූවිලි ඇලි යද්දී කළුපහන කැලේම සැඟවුණු දිය ඇල්ලක් දැකල ඒක හොයාගෙන යාමේ ගවේෂණයත් උත්සහ කිරීමේ අරමුණකුත් ඇතිව.
මිත්‍රයන්වත් ඒ වැඩේට කැමති කරගෙන අපි සුපුරුදු විදිහට නුවරින් වත්තේගමට ඇවිත් එතනින් ගෝමරය බස් එකේ ගෝමරය හන්දියට වෙනකන් ආවා.
දීර්ඝ සති අන්තයක් නිසා තවත් සංචාරක නඩ දෙකක් ඇවිත් හිටියා.
ගෝමරයේ ඉඳල ලෙබනන් වතු යායට වෙනකන් පයින්ම ආවා.
එතන උන්නු අනිත් නඩ වල කට්ටිය තුන්හිස්ගල වගේම දූවිලි ඇලිත් යන්න බලාපොරොත්තුවෙන් උන්නු නිසා ඒ කට්ටිය අපිට ඉස්සරවෙලා ගියා.
අපි 05 දෙනා බොහොම හිමින් සීරුවේ කලබලයක් නැතුව දුම්බරට ඇතුළු වුනා.දුම්බර වනය සෑහෙන මීදුමකින් වැහිලා තිබුනේ.
ගෝමරය බස් එකෙන් ඇවිත් ගෝමරේ හන්දියෙන් බැස්සා.
ගෝමරේ ගල සහ කන්දසාමි ගල
ලෙබනන් වත්තෙන් රත්නගිරියට ඇතුල් වෙද්දී සෑහෙන මීදුමක් තිබුන.
ඔහොම ටිකෙන් ටික ඉස්සරහට යන ගමනේදී අපේ පළවෙනිම අරමුණ වුනේ අර කිව්ව හැංගිච්ච දිය ඇල්ලට කොහොම හරි යන එක.
මොකද ඒක දැකපු දවසේමයි මම තීරණය කලේ කොහොම හරි එතනට යනවා කියන එක.
ඒක නිසා ඒ ගැන විස්තර, සිතියම් සේරම කලින්ම අධ්‍යනය කරලා තමා වැඩේට බැස්සේ.කොහොම හරි කළුපහන අඩි පාරේන් 04 වතාවක් කැලේට පැනල කැලේ වට ගහල , ගස් උඩ නැගල , පල්ලම් බැහැල අන්තිමේදී ජයග්‍රාහි 05 වෙනි වතාවේදී අපිට පුළුවන් වුනා ඒ දිය ඇල්ල නිර්මාණය කරන වතුර පාර හොයා ගන්න.
එතනට එන්නත් සෑහෙන දුෂ්කර ප්‍රයත්න කිහිපයකම යෙදෙන්න සිද්ධ වුනා. ඝන නෙලූ ගාල්, බට කැලෑ පීරගෙන තමා එතනට ලඟා වුනේ.
කැලේ පීරලා, බට ගාල්, නෙලූ කැලෑ මැදින් ගිහින් අවසානෙට කොහොම හරි වතුර පාර හොයා ගත්තා.
කොහොම හරි වතුර පාර දිගේ පහලට ගිහින් පලවෙනි දිය ඇල්ලේ මුදුනට වෙනකන් එන්න පුළුවන් වුනා.
හැබැයි ඒ වෙද්දී අපිට එදා දවසේ නැවතුම වුනු kmp එනසාල් වාඩියට තව බාගෙකට වඩා දුරක් ඉතුරු වෙලා තිබුන.
ඒ වගේම වෙලාවත් දවාල පහුවෙලා හැන්දෑවට කිට්ටු නිසා අපි ආපහු කැලේ පීරගෙන නැවත අඩි පාරට ඇවිත් හැන්දෑවේ වෙද්දී kmp වාඩියට සේන්දු වුනා.
මේ විදිහට වතුර පාරට උඩින් ඇවිත් පලවෙනි දිය ඇල්ලේ මුදුනට වෙනකන් ආවා.
දිය ඇල්ල සම්පුර්ණ ගවේෂණයට වෙලාව මදි නිසා ඒක වෙනින් දවසකට තියාගෙන ආපහු පිටත් උනා.
කොහොම කලත් මගේ අරමුණ සාර්ථක වුනා.අපි අඩි පාරෙන් කැලේට ඇවිත් දිය ඇල්ලේ වතුර පාර නිර්මාණය වෙන තැනට එනකන් ගමන් මාර්ගය මම සලකුණු කර ගත්තා.හැබැයි ඒ ෆෝන් එහෙක gps විදිහට නෙමේ, ගස් වල කරපු සලකුණු විදිහට.
එහෙම කලේ මට ෆෝන් එකක් නැති නිසා.
( හරියටම ඊට මාසෙකට විතර පස්සේ අපි ඒ දිය ඇලි පද්ධතියම සම්පුර්ණයෙන්ම ගවේෂණය කරලා '' ගෝනා ගිය ඇල්ල '' කියල නමක් දැම්මා. )
අපි වාඩියට එද්දී කලින් ආපු පිරිස ඒ වෙද්දී කළුපහන තුන්හිස්ගල නගින්න පිටත් වෙලා. මොකද ඒ උදවිය පහුවදා උදෙන්ම දුවිලි ඇලි යන්න පිටත් වෙන්න තියෙන නිසා පලවෙනි දවසෙන්ම එයාල කළුපහන නගින්න තීරණය කරලා.
ඉතින් අපි වාඩියට ආපු හැටියේ කලේ අපේ රෑ කෑම සුදානම් කරගන්න එක.
අපි පුළුවන් තරම් දර එකතු කරගෙන ඉක්මනට උයාගෙන ලිප නිවෙන්න නොදී තියා ගත්තා. මොකද එතකොට අනිත් පිරිසටත් වැඩේ ලේසි වෙන නිසා.
ඔහොම දිගටම කැලේ මැදින් එද්දී පාරේ මැද යාලුවෙක් ගොදුරක් අල්ලාගෙන...මෙයාගේ නම '' වයිරි හාල්දන්ඩා ''. නිර්විෂ සර්පයෙක්..මම නම දැන ගත්තේ ෆේස්බුක් එකේ සර්ප ගෘප් එකෙන්.
ඉක්මනට කෑම ටික උයා ගත්තා.
එදා රාත්‍රිය බොහොම සුන්දර විදිහට ගෙවුනා. අපේ පිරිස 05 නිසා අපි වාඩියේ ඉස්සරහ කාමරයට ගිහින් අනිත් කට්ටියට සාල කොටස දුන්නා, මොකද එයාලගේ පිරිස වැඩි නිසා.
පහුවදා උදෙත් අපි අනෙක් නඩ වලට මුලිකත්වය දුන්නා මොකද එයාලගේ ගමන දුර වැඩි නිසා.
අපි ඊට පස්සේ උදේට කන්න හදාගෙන තුන්හිස්ගල නගින්න පිටත් වෙද්දී උදේ 9 පහු වෙලා.
අපි කලින් දවසේ ඇතුළු වෙද්දී තිබුණු කාලගුණය නෙමේ දුම්බර ඇතුලේ තිබුනේ. වඩාත් වියලි, හිරු රැස් වැඩි කාලගුණයක් තිබුනේ.ඒක නිසා වැඩි අමාරුවක් නැතුව පැය දෙකකින් වගේ අපි කඳු මුදුනට සේන්දු වුනා.
ගමනට කලින් ....
කන්ද මුදුනේ සහ යන අතරමග දැකපු වටාපිටාව.....
ඔය මොල්ලි දෙකක් වගේ පේන්නේ ''සුදුගල '' කන්ද....
අළුගල් කන්ද....
මෙතන තමා තුන්හිස්ගලේ මුදුන.අර කලින් ත්‍රෙඩ් එකේ අපි බොහොම අමාරුවෙන් රාත්‍රිය ගතකලේ මෙතන
ලකේගල කන්ද ( මීමුරේ ලකේගල, නාරන්ගොමුව මීරියගොල්ල ලකේගල , කොමලෑවේ ගල )
දකුණේ අළුගල් කන්ද, වමේ දුම්බානාගල කන්ද..
තුන්හිස්ගල මුදුනේ තියෙන්නේ උස් කඳුකර වනාන්තරයක්. ඒකනිසා කුරු ගස් තමා මුදුනට වෙන්න තියෙන්නේ.ඔය පාට පාටින් තියෙන්නේ ගස් වල දළු...
වමාරපුගල. නකල්ස් දුවිලි ඇල්ලට පණ දෙන්නේ ඔය කන්දේ මුදුනෙන්.
ඔය ගස් අතරින් පේන්නේ මීමුරේ ගමේ වෙල් යායවල්...
මේක තමා ගඟ බොක්ක.ඔය පේන කන්දේ පහලින් තමා හීන් ගඟ ගලන්නේ. ඔය පින්තුරේ මැද්දෙන් ගල් දෙබෝක්කාවක් අස්සෙන් දිය ඇල්ලක් වැටෙනවා පේනවා..
ගඟ බොක්කේ දිය ඇල්ලේ zoom කරපු පින්තුරයක්.මේකට ලඟා වෙන එකනම් ප්‍රායෝගිකව සෑහෙන අමාරුයි වගේ පේන්නේ ...
හේමචන්ද්‍ර වාඩියේ අවශේෂ නටඹුන්....
kmp වාඩිය
ගිනිකෙලියා පතන සහ දුවිලි නිම්නය
ගඟ බොක්කේ තවත් දිය ඇල්ලක zoom කරපු පින්තුරයක්.....
වමාරපුගල සහ පහලින් තියෙන රැහැන කෙටු පතන..