එළකිරියේ කාලෙක ඉඳල මම ලියපු ට්රැවල් ත්රෙඩ් කියවල ගමන් වලට සහභාගී වෙන්න පුලුවන්ද කියල කිහිප දෙනෙක්ම මගෙන් අහල තියෙනවා.
පෞද්ගලිකව මම ඇවිදින්න කැමතිම මගේ ගමේ මිත්රයෝ එක්ක. මොකද අපේ යාළුකම් ඇති වුනේ අපි දුවන්න පනින්න ඉගෙන ගත්තු කාලේ ඉඳලමයි.
ඒ යාළුකම් අදටත් එහෙමමයි.
අනිත් දේ තමයි නන්නාදුනන අයත් එක්ක මම එකම එක වතාවයි ඇවිදලා තියෙන්නේ.ඒ මුහුණු පොතේ ගෘප් එකකින් දැරණියගල ඇලි හතට ගිය ගමනක්.
ඒ ගමනේදී මගෙත් එක්කම වගේ උන්නු මිත්රයෙක් තමා පස්සේ ඔහුගේ ගමන් වලට මට ආරාධනා කලේ.ඔය කළුපහන ගමන, දුවිලි ඇලි ගමන එහෙම ගියේ පොරත් එක්ක.
හැබැයි එලකිරිය කියන්නේ සයිබර් අවකාශයේ වෙනමම තැනක්.ඉස්සර තිබුණු එලකිරිය නෙමේ දැන් තියෙන්නේ. ඒක ඇත්ත. නමුත් අපිට පුළුවන් ඒ දවස් වල තිබුණු සමහර දේවල් වලට නැවත පන දෙන්න.
ඉස්සර තිබුණු එළකිරි ට්රැවල් ක්ලබ් එක නැවත පටන් ගන්න කියල කිහිප දෙනෙක්ම කියා සිටියා.හැබැයි ඒ වැඩේට මගේ කිසිම කැමැත්තක් නැහැ.
මොකද පලවෙනි හේතුව අපි දැන් out of generation..තව නොබෝ දිනකින් 30 + ක්ලබ් එකට ඇතුළු වෙන්න නියමිතයි.
දැනට කරගෙන යන දේවල් සහ ඉදිරියේදී ජීවිතේ ගන්න තීරණ එක්ක තව බොහොම සුළු කාලයයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ.
අනික් කාරණය ඒ වගේ දෙයක් සංවිධානය කරලා වගකීමක් අරගන්න තරම් මගේ ඇති නොහැකියාව.
මගේ මෙහෙම යෝජනාවක් තියෙනවා. එළකිරි සාමාජිකයන්ට විවෘත වෙන විදිහට එළකිරි හයිකින් ක්ලබ් ( Elakiri hiking club ) එකක් පටන් ගමු.
ඒකට කැමති කට්ටිය එකතු වෙන්න.ඒ වගේම හොඳ සංවිධාන ශක්තියක් තියෙන පිරිසක් එකෙ වැඩ කටයුතු බාර ගන්න.
ඒ සම්බන්ධයෙන් දැනුම, විස්තර අපි බෙදාහදා ගන්න පුළුවන්. වැදගත්ම දේ කට්ටියට එකතු වෙලා ගමන් යන්න පුළුවන්.
අන්න ඒ වගේ දෙයක් සංවිධානය වෙනවා නම් ඒ සම්බන්ධයෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න මම සුදානම්...
ඒ වගේම වෙලාව තියෙන හැටියට සහභාගී වෙන්නත් පුළුවන්....
එළකිරි ට්රැවල් වලට කැමති අයගේ අදහස් කියන්න.....