කහවත්ත යළි රත්වේ
අභිරහස් ලෙස මව - දුව ඝාතනයෙන් කහවත්ත යළි රත්වේ
දූෂණය කර අහිරහස් ලෙස ඝාතනයට ලක්වූ බවට සැක කෙරෙන මවකගේ හා දියණියකගේ මළ සිරුරු දෙකක් කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ තිබී ඊයේ (3 දා) කහවත්ත පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ 46 හැවිරිදි පී.ජී. නයනා නිල්මිණි හා 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන කවීන්ධ්‍යා චතුරංගි සෙල්ලහේවා යන දෙදෙනාය.
ශිෂ්‍යාව රත්නපුර පර්ගියුසන් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිට ඇත.
මවගේ මළ සිරුර ඔවුන් පදිංචිව සිටි නිවසේ තිබී සොයා ගන්නා ලදී. ශිෂ්‍යාවගේ මළ සිරුර සොයා ගන්නා ලද්දේ නිවසේ සිට සැතපුම් තුනක් පමණ දුරින් පිහිටි ඕපාත වත්තේ සඟවා තිබියදීය.
මවගේ බෙල්ල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී තිබේ.
මෙම ඝාතන දෙක සිදුවීමෙන් කහවත්ත හා අවට ප්‍රදේශයන්හි ජනතාව දැඩි කැළඹීමට ලක්වී සිටිති. පසුගිය කාලය තුළදී කහවත්ත අවට ප්‍රදේශයන්හි අභිරහස් ඝාතන 10 ක් සිදුවී තිබේ.
ඊයේ (03 දා) වනවිට කහවත්ත අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාව හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ ආරක්ෂාව සපයා තිබිණි.
රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විජයපත්ම මහතා සහ පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරිය සිද්ධිය වූ නිවස තුළදී පරීක්ෂණ කටයුතු සිදු කළහ.
රත්නපුර නියෝජ්‍ය පොලිස්පති කුමාරසිරි ස.පො.අ. අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් මත කහවත්ත පොලිස් ස්ථානාධිපති නිමල් වික්‍රමනායක මහතා විසින් පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
Divaina News Paper