කහ ඉර එපා..

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචන්, උඹ කියල තියෙන කතාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. හැබැයි අනිවාර්යෙන් උඹ දවස ගානේ වාහනයකින් වැඩට යන කෙනෙක් නම් නෙමෙයි. මම නම් කියන්නේ කහ ඉරෙන් පැන්නත් පාර බලල පැනිය යුතුමයි. සමහරු ඉන්නවා වටපිට බැලිල්ලක් නැහැ කොහේ හරි ඉඳන් පාරට පනිනවා කහ ඉරෙන්. සාමාන්‍ය වේගෙන් ආවත් නවත්තගන්න අමාරුයි.

    හැබැයි කහ ඉරක් ඉදිරිපිට මනුස්සයෙක් පනින්න බලාගෙන ඉන්නවනම් මොන වේගයෙන් ආවත් ඉඩ දිය යුතුයි පාර පනින්න. ඒ වගේම පාර පනින හැමෝමට මම කියන්නේ (විශේෂයෙන් වැස්ස වේලාවකදී) වාහනය එලවන කෙනාට අත දමා නවතින්න කියල සංඥාවක් දීල වගේ තමන්ව දැක්ක කියල ස්ථිර කරගන්න පාර පනින්න කලින්. මොකද වැස්ස වෙලාවට ගොඩක් අපැහැදිලියි වාහන ඇතුලෙන් පාර පෙනෙන විදිය.

    සිරාවට මචං. කහ ඉර තමුන්ගේ බූදලයක් කියලා හිතන අය ඉන්නවා. වාහනයක් එනවද කියලා බලන්නේ නෑ එකපාර කහ ඉරෙන් පනිනවා. :shocked::shocked::shocked:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,585
    1
    57,713
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න එකෙක් කහ ඉරෙන් පනිනවා. වාහන ඔක්කොම නවත්තන් බලන් ඉන්නවා. අරූ පාර බාගයක් යද්දි තව එකෙක් කහ ඉරට එනවා. ඌ බාගයක් යද්දි තව එකෙක් කහ ඉරට එනවා. මේකෙ ඉවරයක් නැහැ. දැන් කහ ඉර ගාව නවත්තන් ඉන්න එකාට පිටිපස්සෙ ඉන්න වාහන කාරයො හෝන් ගහනවා. කරුමයක් ඕයි මේක.:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පදිකයෙක් කහ ඉරෙන් පාර පනිනකොට අනුගමනය කරන්න ඕනේ මේවා..
    මුලින්ම කහ ඉර පටන් ගන්න තැන මැද නැවතිලා වාහන එනවද කියලා බලන්න ඕනේ..(කහ ඉරේ අයින නැතුව ) වාහනයක් නවත්තගන්න පුලුවන් දුරක තියෙද්දි තමන්ගේ අතක් ඉහලට ඔසවගෙන හැකි ඉක්මනින් නමුත් කල්පනාවෙන් පාර මාරු වෙන්න ඕනේ..මොකද එක වාහනයක් නවත්තපු පලියට එහා පැත්තෙන් එන වාහනේත් නවත්තයි කියලා හිතන්න බෑ..විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ..ඒ වගේම ෆෝන් එක කනේ ගහගෙන යන එක ,කහ ඉරේ හදිස්සියට දුවන එක වැරදි ක්‍රියා හැටියට සලකන්නේ..කහ ඉරක් නැති තැනකදි පාර පනින්න ඕනේ වුනොත් එක තැනක නැවතිලා මුලින්ම දකුණ බලලා ආපහු වම බලන්න ඕනේ..නැවත දකුණ බලලා වාහනයක් එන්නේ නෑ කියලා තහවුරුනන් හැකින් ඉක්මනින් පාර හරහා මාරු වෙන්න ඕනේ..ඒ වගේම රෑට ගමනක් යද්දි පයින් යනවනන් පුලුවන් තරන් ලා පාට ඇඳුම් ඇඳිය යුතුයි..
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න එකෙක් කහ ඉරෙන් පනිනවා. වාහන ඔක්කොම නවත්තන් බලන් ඉන්නවා. අරූ පාර බාගයක් යද්දි තව එකෙක් කහ ඉරට එනවා. ඌ බාගයක් යද්දි තව එකෙක් කහ ඉරට එනවා. මේකෙ ඉවරයක් නැහැ. දැන් කහ ඉර ගාව නවත්තන් ඉන්න එකාට පිටිපස්සෙ ඉන්න වාහන කාරයො හෝන් ගහනවා. කරුමයක් ඕයි මේක.:(

    සහතික ඇත්ත..මිනිස්සු හිතන්නෑ තව කෙනෙක් ගැන..හතර පස් දෙනෙක් එකතු වෙනකන් ඉඳලා එක සැරේ පාර පනිනවනන් ගොඩක් හොඳයි..ඒත් එහෙම කරන්නෑ..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,838
    6,421
    113
    ගග අද්දර
    කොහොමත් තනි ඉරක් කපන්න බැරි නිසා වෙන්න ඇති අල්ලන්නේ ...හැබය් මචං one way වල තියන කහ ඉරි පහු උනාම zigzag line වත් තනි ඉරි වත් නෑ නේද :nerd:

    ඔව් බන් ඒවගේ නම් නෑ. ලොකුම වදේ අර කිරිබත් කැපුවා වගේ ගහල තියන කොටු. හැම තැනින්ම, හැම අතටම පනිනවා ඒවගේ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් කවුරු පැන්නත් කහ ඉරේදි නම් නවත්තනවා අනිවා
    උන් අපිට අතින් යන්න කියලා කිව්වත් උන්ට යන්න දෙනවා
    සමහර ගෑණු ඉන්නවා ෆෝන් කනේ ගහගෙන ලතාවට පනින්නේ
    හොදවයින් එකක් කියලා තමයි යන්න හිතෙන්නේ එතකොට
    තව කොටසක් ඉන්නවා වම් පැත්තෙන් යන ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කහ ඉර දැක්ක ගමන් පනිනවා
    අපි ඉතින් බ්‍රේක් එක උඩ නගින්න ඕන නවත්තගන්න
    මාත් පදින්නේ බයික් එකක්
    ඒත් ගොඩක් අනතුරු වෙන්නේ බයික් සහ ත්‍රීවිල් නිසා
    අපි යස අගේට නවත්තගෙන ඉන්නකොට
    පේමන්ට් එක උඩින් දාගෙන උන්ටත් අයින් වෙන්න හෝන් ගහගෙන යන්නේ සමහර බයික්කාරයෝ


    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මම නම් කවුරු පැන්නත් කහ ඉරේදි නම් නවත්තනවා අනිවා
    උන් අපිට අතින් යන්න කියලා කිව්වත් උන්ට යන්න දෙනවා
    සමහර ගෑණු ඉන්නවා ෆෝන් කනේ ගහගෙන ලතාවට පනින්නේ
    හොදවයින් එකක් කියලා තමයි යන්න හිතෙන්නේ එතකොට
    තව කොටසක් ඉන්නවා වම් පැත්තෙන් යන ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කහ ඉර දැක්ක ගමන් පනිනවා
    අපි ඉතින් බ්‍රේක් එක උඩ නගින්න ඕන නවත්තගන්න
    මාත් පදින්නේ බයික් එකක්
    ඒත් ගොඩක් අනතුරු වෙන්නේ බයික් සහ ත්‍රීවිල් නිසා
    අපි යස අගේට නවත්තගෙන ඉන්නකොට
    පේමන්ට් එක උඩින් දාගෙන උන්ටත් අයින් වෙන්න හෝන් ගහගෙන යන්නේ සමහර බයික්කාරයෝ


    :rolleyes::rolleyes::rolleyes:

    ඔව් බං :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් බං :)

    තව සීන් එකක් තියෙනවා අපේ පදිකයෝ මාර්ග සංඥා දන්නේ නෑ
    මුන් වැඩි හරියක් මංසන්ධි කොටුව උඩින් පනිනවා කහ ඉර කියලා හිතාගෙන
    මරදානේ තමයි හැමදාම ඔය සීන් එක
    ස්ටේෂන් එකේ ලවුඩ්ස්පීකරෙන් කෝච්චිය ගැන කියපු ගමන් පනිනවා ඕක උඩින්
    අනිත් එක තමයි ගොඩක් අය හිතන්නේ නෑ වාහනේ එන වේගෙට කහ ඉරට මෙහායින් නවත්තගන්න පුලුවන් වෙයිද කියලා
    වාහනේ කහ ඉර ලගම තියෙද්දි හෙමින් ආවත් නවත්තන්න අමාරුයි එක පාර පැන්නාම
    අපේ අයියලාත් ඉතින් යන වේගෙට කහ ඉරට මෙහායින් තියා හප්පලවත් නවත්තන එකක්ද
    ඇක්සිඩන්ට් එකක් උනාම වාහන දෙකක්, කරන්නේ පාර මැද්දේ තියාගෙන බැනගන්න එක
    කොහොමත් පාර යන අය හිතන්න ඕන තමන් විතරයි හරියට පාරේ යන්නේ
    එලවන අයත් හිතන්න ඕන තමන් විතරයි හරියට එලවන්නේ කියලා
    තමන්ගේ ජීවිතයක් තව කෙනෙක්ගේ අතට දෙනවට වඩා තමන්ම රැකගන්න එක තමයි කරන්න ඕන


    :):):):)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    හරක් වගේ කහ ඉර පනින මිනිස්සු (උඹල කියන විදියට) හප්පන්නෙ බලාගෙන..
    මාරක අනතුරක් වලක්වගත්තෙ නෑ කියල, වාහන එලවන උඹලට නඩු දායි...
    :lol::lol:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,838
    6,421
    113
    ගග අද්දර
    හරක් වගේ කහ ඉර පනින මිනිස්සු (උඹල කියන විදියට) හප්පන්නෙ බලාගෙන..
    මාරක අනතුරක් වලක්වගත්තෙ නෑ කියල, වාහන එලවන උඹලට නඩු දායි...
    :lol::lol:

    මිනිහ කොහොම පැන්නත්, කහ ඉර උඩදී හැප්පුනොත් ඉතින් සොරිම තමා...