කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම්ම්ම්... මට ජීවිතේ මුලින්ම හිත ගිය කෙල්ලට මම අවුරුදු 4 ක් හිතින් ආදරය කලා. හිතේ බලාපොරොත්තු තියාගෙන. හේතුව එයාට මම ලංවෙන්න හදන හැම වෙලාවකම එයාට කොල්ලෙක් හිටි නිසා. ඒක මැදට පැනලා ඒක කඩා බිඳ දැම්මේ නැහැ. නමුත් ඈතින් හිඳගෙන ආදරය කලා. කවදාවත් ඒ ආදරේ එයාට කියා ගන්න ලැබුනෙ නැහැ. ඒලෙවල් පන්ති යද්දි එයා කොල්ලගේ අතේ එල්ලිලා යන හැටි බලාගෙන මම තනිවම කොච්චරක් නම් හූල්ලලා ඇතිද බං. ගෙදර ඇවිත් දුකට කාමරේ වහගෙන අඬලා පවා තියෙනවා. ඒ වේදනාව නිසයි අද මම කවුද මම ඉන්නේ කොතනද කියන දේ තීරණය වෙන්න තවත් හේතුවක් වුනේ හැබැයි. අදටත් එයා කැම්පස් ගිහින් එයාගේ දැන් කොල්ලා එක්ක ෆොටෝ දාද්දි FB ලොග් වෙද්දිම ඒ ෆොටෝ දකිද්දි මම මූඩ් ගහන්න හේතුවක් මම දන්නේ නෑ. හැබැයි එයාට දැන් සෙට් වෙලා ඉන්නේ මගේ යාලුවෙක්. ඌ ගොඩක් හොඳ කොල්ලෙක්.

    ආදරය කියන්නේ අයිති කර ගැනීමම නෙවෙයි නේ මචං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් Teenage වල ඉන්න අයට මෙහෙම ආදරනීය හැගීම් දැනෙනවද කියන එක සැකයක් bro
    මටත් තියනව දෙයක් කියන්න :(
    ඇය මම පොඩි කාලේ ඉදලා දන්නවා. ඇය ගැන සිතේ තිබුනේ පැහැදීමක්. කාලෙකදි වෙන කවරදාකටවත් වඩා ඇය මගේ ජීවිතේට ලංවුනා කිව්වොත් නිවැරදී. හැමදාම දකින්න ගත්තා. නොදැක ඉන්න අමාරු වුනා. හිත් වලින් ලොකු බැදිමක් ඇති වුනා. ඒත් ඒක ආදරසම්බන්ධතාවයක් කියලා හිතන්න එපා. ලොකු හිතවත් කමක් විතරයි.
    ඒත් එහෙම කිව්වොත් මම කිව්වේ බොරුවක් වෙනවා ඒක ඇත්තටම මගේ සිතේ ඇතිවුන ආදරයක් තමයි. නමුත් ඒ ආදර හැගිම කවදාවත් ඇයට ප්‍රකාෂ කරන්න පුලුවන් එකක් නෙවෙයි. මොකද අපි අතර ආදර සම්බන්ධයක් ඇති නොවෙන තත්වයක සීමාවක් තිබුනා. නමුත් මම සිතින් ඇයට ආලය කරා ඇයව පරිස්සම් කරන්න මම පෙළඹුනේ මටත් නෙදැනිමයි. අදත් මගේ හිත කියන එක දෙයක් තියනවා. ඒ ඇයගෙ හිතෙත් ඒ වගේ හැගීමක් මන් ගැන තියෙන්න ඇති කියන එකයි.

    ආදරය කියන්නේ අයිති කර ගැනීමම නෙවෙයිනේ මචං. ගොඩත් අවංක කොල්ලෝ ඔය දුක විදිනවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    කියන්න හිතාගෙන ආව ගොඩාක් දේවල් මේ කමෙන්ට් එක ඇතුළේ ඒ විදිහටම වචන වලට පෙරලිලා තියෙනවා...:yes:
    මීට වැඩිය ලස්සනට මට ඒක කියන්න බෑ කියල දන්න නිසා මුකුත් කියන්නෙ නෑ..:)

    කොහොම නමුත් අද කාලේ පාසල් වයසේ ආදර සම්බන්ධතා වගේම මවන හීන උනත් අපේ කාලෙ තරම් ලස්සන නෑ කියලයි මටනම් හිතෙන්නේ.. :dull:
    කාලයක් ගිහින් මතක් කරන්න පුලුවන් විදිහේ සුන්දර හීන වගේම දුක හිතෙන සිද්දි මුකුත් දැන් කාලෙ අයට ඉතිරි වෙන්නෙ නෑ... හේතු මම කියන්න යන්නෙත් නෑ..:(

    වැඩිය අහල නැති සින්දුවක්.! ඒ උනත් ආයේ හොයල අහන්න හිතෙන විදිහට විචාරෙ ලියල තියෙනව.. පට්ට...:love:
    +Rep



    තවත් කෙනෙකුගේ අත්දැකීමක් තවත් කෙනෙකුට ගැලපෙන හැටි නේද. ජීවිතේ එකම කාලෙකදි ගොඩක් සංවේදී තරුණයෝ එකම අත්දැකීම් පෙළකට මූහුන දෙනවා.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    awrudu hathak atak passata giya....

    Hitha_Gaawa_Danga_Kala_Lyric_l.jpg
     

    Sayuranga

    Member
    Jun 13, 2015
    23
    3
    0
    තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද...

    එළ මචං.....
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    පාසල් ප්‍රේමය සුන්දර දෙයක්.මගේ ජීවිතේ පාසල් ප්‍රේමය සරසවි ප්‍රේමයක් වෙනකන් අපු ඒක ගැන සතුටුයි.:D:love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒත් ඒ අහිමි වීමේ, හිමි නොවීමේ දුක දරා ගැනීම කියන තරම් ලේසි නෑ බං. :dull::dull:

    ඒක නම් ඇත්ත මචං. හිත හැදෙන්න අර වගේ කතා කියනවා තමයි. නමුත් ඒවගේ දෙයක් දරා ගන්න එක ලේසි නෑ. ජීවිත කාලෙටම දැනෙනවා ඕවා.