8. සහරා පාර්ක් (Sahara Park , Newlands)
දකුණු අප්රිකාවේ "කේප් ටවුන්" හි පිහිටි මේ ක්රීඩාංගනය නිව්ලන්ඩ්ස් ක්රීඩාංගනය කියලත් කියනවා.
ප්රථම තරඟය දකුණු අප්රිකාව හා එංගලන්තය අතර 1889 මාර්තු 25 වෙනි දින පැවැත්වුනා. මෙහි අන්ත වන්නේ වෙයින්බර්ග් අන්තය හා කෙල්වින් ග්රෝව් අන්තයි. ප්රේක්ෂකයන් 25,000 කට ඉඩ කඩ ඇති මෙහි දිවා රාත්රී තරඟද පැවැත්වේ. මේ ක්රීඩාංගනය ලෝකයේ තිබෙන සුන්දරම ක්රීඩාංගන අතුරින් එකක් වන්නේ ක්රීඩාන්ගනයට පිටුපසින් "යකාගේ කන්ද" හෙවත් "Devil's Peak" නම් කන්ද අති මනරම් අන්දමින් මෙම ක්රීඩාන්ගනයට පෙනීමයි.
9. පැරණි වොන්ඩරස් ක්රිකට් ක්රීඩාංගනය
දකුණු අප්රිකාවේ ජොහැනස්බර්ග් හි පිහිටි මේ ක්රිකට් පිටිය 1895 හා 1939 අතර ටෙස්ට් තරඟ 22 ක් සඳහා යොදවාගනු ලැබුවා. පසුව නව වොන්ඩරස් ක්රිකට් ක්රීඩාංගනය ඉදි කිරීමෙන් පසුව මෙහි අන්තර් ජාතික තරඟ ක්රීඩා කරේ නැති උනා.
Last edited: