ක්‍රිකට් ක්‍රීඩාංගන

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    8. සහරා පාර්ක් (Sahara Park , Newlands)

    දකුණු අප්‍රිකාවේ "කේප් ටවුන්" හි පිහිටි මේ ක්‍රීඩාංගනය නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනය කියලත් කියනවා.

    800px-Newlands2.jpg


    ප්‍රථම තරඟය දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර 1889 මාර්තු 25 වෙනි දින පැවැත්වුනා. මෙහි අන්ත වන්නේ වෙයින්බර්ග් අන්තය හා කෙල්වින් ග්රෝව් අන්තයි. ප්‍රේක්ෂකයන් 25,000 කට ඉඩ කඩ ඇති මෙහි දිවා රාත්‍රී තරඟද පැවැත්වේ. මේ ක්‍රීඩාංගනය ලෝකයේ තිබෙන සුන්දරම ක්‍රීඩාංගන අතුරින් එකක් වන්නේ ක්‍රීඩාන්ගනයට පිටුපසින් "යකාගේ කන්ද" හෙවත් "Devil's Peak" නම් කන්ද අති මනරම් අන්දමින් මෙම ක්‍රීඩාන්ගනයට පෙනීමයි.


    Newlandsoverview.jpg


    800px-Newlands.jpg


    9. පැරණි වොන්ඩරස් ක්‍රිකට් ක්‍රීඩාංගනය

    දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හි පිහිටි මේ ක්‍රිකට් පිටිය 1895 හා 1939 අතර ටෙස්ට් තරඟ 22 ක් සඳහා යොදවාගනු ලැබුවා. පසුව නව වොන්ඩරස් ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමෙන් පසුව මෙහි අන්තර් ජාතික තරඟ ක්‍රීඩා කරේ නැති උනා.


    capturefsz.jpg
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    10. ට්‍රෙන්ට්බ්‍රිජ් (Trent Bridge)

    එංගලන්තයේ, නොටින්හැම් ශයර් කවුන්ටියේ පිහිටි මේ ක්‍රිකට් පිටිය 1830 දී පිහිටුවන ලද්දක්.

    800px-Cricket-EngNZ-08-T3-D4-1.JPG


    නොටින්හැම් ශයර් කවුන්ටි ක්‍රිකට් සමාජය විසින් පාලනය වන මෙහි පළමු තරඟය පැවැත්වුනේ 1899 ජුනි 1 වන දින ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතරයි. මෙහි අන්ත වන්නේ පැවිලියන් අන්තය හා රැද්ක්ලිෆ් පාර අන්තයයි. ප්‍රේක්ෂකයන් 17,500 කට ඉඩ ප්‍රමාණයක් අති මෙහි ආලෝක කුළුණු සවි කරනු ලැබුවේ 2008 දීය. නොටින්හැම් ශයර් ප්‍රාන්ත පිලෙහි පිටියද වෙනවා. මේ පිටිය කිට්ටුව "රොබින් හුඩ්" චරිතයට ප්‍රසිද්ද ශර්වුඩ් වනාන්තරයද පිහිටා තිබෙනවා.

    800px-Trent_Bridge_at_Night.JPG

     
    • Like
    Reactions: nnjeevana

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    11. හෙඩින්ලි (Headingley)

    එංගලන්තයේ, ලීඩ්ස් හි පිහිටි මේ ක්‍රීඩාංගනය 1890 දී පිහිටුවන ලද්දක්.

    800px-Headingley_Cricket_Stadium.jpg


    මෙහි ක්‍රීඩාංගන දෙකක් පිහිටා ඇති අතර එකක් රග්බි තරඟ සඳහාද අනික ක්‍රිකට් තරඟ සඳහාද යොදා ගන්නවා. මෙය පාලනය වන්නේ යෝක්ෂයර් කවුන්ටි ක්‍රිකට් සමාජය විසින්. මෙහි අන්ත වන්නේ කිර්ක්ස්ටල් එන්ඩ් අන්තය හා පා පන්දු අන්තයයි. මෙහි ප්‍රථම තරඟය පැවැත්වුනේ 1899 ජුනි 29 වන දින එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතරයි. මෙහි ප්‍රේක්ෂකයන් 17,500 තරඟ නැරඹීමට හැකියාව පවතිනවා. මෙහි දිවා රාත්‍රී තරඟ පැවැත්වීමට ආලෝක කුළුණු සවි කර නැහැ. යෝක්ෂයර් කවුන්ටි ක්‍රිකට් පිලේ පිටියද මෙය වෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    12. එජ්බැස්ටන් (Edgbaston)

    එංගලන්තයේ, බර්මින්හැම් කවුන්ටියේ පිහිටි මේ පිටිය 1882 පිහිටුවන ලද්දක්.

    800px-Edgbaston_-_view_of_new_stand_from_the_north.jpg


    වර්වික්ශයර් ක්‍රිකට් කවුන්ටි සමාජය විසින් පාලනය වන මෙහි අන්ත වන්නේ නව පැවිලියන් අන්තය හා නගර අන්තයයි. පළමු තරගය 1902 මැයි 29 වන දින ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වුවා. ප්‍රේක්ෂකයන් 25,000 මෙහි තරඟ නැරඹීමට හැකි අතර රාත්‍රී තරඟ වලට ආලෝක කුළුණු සවි කරනු ලැබුවේ 2011 දීය.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    13. කින්ස්මෙඩ් සහරා ක්‍රිකට් ක්‍රීඩාංගනය (Kingsmead Sahara)

    දකුණු අප්‍රිකාවේ, ඩර්බන් හි පිහිටි මේ පිටිය පිහිටවනු ලැබුවේ 1922 දීය.

    Kingsmead_stadium_Durban.jpg


    ක්වාසුලු නටාල් ඩොල්ෆින් සමාජය මේ පිටිය පාලනය කරන අතර මෙහි අන්ත වන්නේ උම්ගෙනි අන්තය හා පැරණි කොටුව අන්තයි. මෙහි පළමු ටෙස්ට් තරඟය පැවතියේ 1923 ජනවාරි දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතරයි. මෙහි ප්‍රේක්ෂකයන් 25,000 ඉඩ කඩ ඇති අතර රාත්‍රී තරඟ පැවැත්වීමටද පහසුකම් ඇත.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    14. බ්‍රිස්බන් ප්‍රදර්ශන ක්‍රීඩාංගනය

    ඕස්ට්‍රේලියාවේ, කුවින්ස්ලන්තයේ, බ්‍රිස්බන් නුවර පිහිටි මේ පිටිය 1886 තරඟ වලට ආරම්බ කරනු ලැබුවා.

    800px-RNA_Showgrounds.jpg


    අන්තර්ජාතික ටෙස්ට් තරග පැවැත්වුනේ 1928 ත් 1931 ත් අතර තරඟ 2 ක් පමණයි. මෙහි අන්ත වන්නේ හොස්පිටල් අන්තය හා හිල් අන්තයි. මෙහි ප්‍රේක්ෂකයන් 25,500 කට ඉඩ කඩ ඇති අතර මෙහි ක්‍රිකට් වලට අමතරව අනිකුත් ක්‍රීඩා තරඟද පැවැත්වෙනවා.

    15. AMI ක්‍රීඩාංගනය (Jade Stadium / Lancaster Park)

    නවසීලන්තයේ, ක්‍රයිස්ට්චර්ච් හි පිහිටි මේ පිටිය ජේඩ් පිටිය හා ලැන්කැස්ටර් පාර්ක් කියලත් හඳුන්වනවා.

    800px-Lancaster_Park_aerial_July_2011.jpg


    මේ පිටිය ආරම්බ කෙරුනේ 1881 දීය. "වී බේස් වෙනිඌ මැනෙජ්මන්ට්" නම් ආයතනයෙන් පාලනය වෙනවා. මෙහි පළමු ටෙස්ට් තරඟය නවසීලන්තය හා එංගලන්තය අතර 1930 ජනවාරි 10 වන දින පැවැත්වුනා. මෙහි අන්ත වන්නේ හැඩ්ලි අන්තය හා පොර්ට් හිල් අන්තයි. මෙහි ප්‍රේක්ෂකයන් 36,500 ඉඩ කඩ ඇති අතර ආලෝක කුළුණු සවි කරනු ලැබුවේ 1996 දීය. 2015 ලෝක කුසලාන තරඟ සඳහා මේ ක්‍රීඩාංගනය නවීකරණය වෙමින් පවතිනවා.