ක්‍රිකට් පිටියේ කළු පැල්ලම්...

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ක්‍රිකට් පිටියේ කළු පැල්ලම්...

    මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා...

    Weird-Bowling-Actions-Muttian-Muralitharan-Murali.jpg


    ශ්‍රී ලංකාවේ පිට දඟ පන්දු යවා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට ඕස්ට්‍රේලියානු විනිසුරු දෙපලක් වන ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන් සංඥා කරා.. පසුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ඔහු නිදොස් කොට නිදහස් කරා.. 1999 වසරේදි රොස් එමර්සන් එලෙස සංඥා කල අවස්ථාවේදී එවකට නායකයා වූ අර්ජුන රණතුංග එම තීරනය හකුලා ගන්න තුරු තවදුරටත් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර කන්ඩායම රැගෙන හතරේ සීමාව අසලට ගියා..

    stock-illustration-11664648-decorative-page-dividers-3-2.jpg


    යකඩ පිත්ත

    713.JPG


    ඕස්ට්‍රේලියානු වේග පන්දුයවන්නකු වූ ඩෙනිස් ලිලී යකඩ ක්‍රිකට් පිත්තක් අතැතිව පන්දුවට පහර දීමට පැමිනියා.. එම පිත්ත නිසා පන්දුව පලුදු වීමත් පන්දුවේ හැඩය වෙනස් වීමත් නිසා ප්‍රතිවාදී නායකයා විනිසුරුවන්ගෙන් කල ඉල්ලීම මත ඔහු දැඩි කෝපයෙන් එම පිත්ත පසෙකට විසි කරනු ලැබුවා...

    stock-illustration-11664648-decorative-page-dividers-3-2.jpg



    ඩැරල් හෙයාගේ මොංගල් වැඩ

    303941-12300245-640-360.jpg


    එංගලන්තය සහ පකිස්ථානය අතර පැවති ටෙස්ට් තරඟයකදී විනිසුරු ඩැරල් හෙයාර් විසින් පකිස්ථානු ක්‍රීඩකයන් පන්දුව පලුදු කරන ලදැයි චෝදනා කරමින් ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩකයන්ට ප්‍රසාද ලකුණු 5ක් පිරිනැමුවා.. එයට එරෙහි වූ පකිස්ථානු ක්‍රීඩකයන් නැවත පිටියට රැගෙන නොඑන්නට පකිස්ථානු නායක ඉන්සමාම් උල් හක් තීරනය කරා.. එම නිසා එංගලන්තයට ජයග්‍රහනය හිමි උනා.. නමුත් පසුව සිදුකල පරීක්ෂන වලින් හෙලි උනේ පකිස්ථානුවන් විසින් කිසිදු අකටයුත්තක් සිදු කර නොතිබූ බවයි..


    stock-illustration-11664648-decorative-page-dividers-3-2.jpg



    නීති විරෝධී පන්දු දෙක

    Z
    spot-fixing-.jpg


    හිතා මතාම නීති විරෝධී පන්දු දෙකක් යැවූ මොහොමඩ් අමීර්ගේ සහ ඒ සඳහා මශාර් මජීඩ් නම් බුකී කරුවාගෙන් මුදල් ලබාගත් එවකට පකිස්ථානු නායක සල්මන් බට් වැරදි කරුවන් බවට පසුව කල සමීක්ෂන වලින් හෙලි උනා...


    stock-illustration-11664648-decorative-page-dividers-3-2.jpg



    අත යටින් දාපු බෝලේ

    underarm-15otq75-1403091190.jpg


    නවසීලන්ත කණ්ඩායමට අවසන් පන්දුවට ලබා ගැනීමට තිබූ ලකුණු 6 ලබා ගැනීම වලැක්වීම සඳහා එවකට ඕස්ට්‍රේලියානු නායක ඉයන් චැපල් තම සොහොයුරු ට්‍රෙවර් චැපල්ට පන්දුව අත යටින් බිම දිගේ යවන ලෙස උපදෙස් දුන්නා.. මෙම පන්දුවෙන් පසුව මෙලෙස පන්දු යැවීම තහනම් කරනු ලැබුවා.. මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවූ අති විශාල කළු පැල්ලමක් උනා..


    stock-illustration-11664648-decorative-page-dividers-3-2.jpg


    ඊයේ දාපු මේ ත්‍රෙඩ් එකට හම්බ උන ප්‍රතිචාර නිසා තව එකක් දාන්න හිතුනා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1719679

    බලලා කියන්නකො ගුණ දොස්..

    ජයවේවා...
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එදා අර්ජුන සුද්ධ සිංහලෙන් සුද්දට ඇමතුලු නේද :lol:


    මොකද බන් ෆෝටෝස් ලෝඩ් වෙන්නේ නැත්තේ? මට විතරද මන්දා:eek:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එදා අර්ජුන සුද්ධ සිංහලෙන් සුද්දට ඇමතුලු නේද :lol:


    මොකද බන් ෆෝටෝස් ලෝඩ් වෙන්නේ නැත්තේ? මට විතරද මන්දා:eek:

    :no:matath pic penne ne ban
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    එල නියමයි එත් ලිලි කියනේ මොකක්ද බන්? රේප්

    ඕස්ට්‍රේලියානු වේග පන්දුයවන්නකු වූ ඩෙනිස් ලිලී යකඩ ක්‍රිකට් පිත්තක්