ක්‍රිකට් පිටිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාලියේ පැවැති පළමු තරගයෙන් ඔස්‌ටේ්‍රලියාව හමුවේ කඩුලු 3 කින් ජය ලැබීමට එංගලන්තයට හැකි විය.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් ඔස්‌ටේ්‍රලියාව රැස්‌කරන ලද ලකුණු 214ක ඉලක්‌කය හඹාගිය එංගලන්තය පන්දුවාර 47 කදී කඩුලු 3 ක්‌ අතැතිව ලකුණු 218 ක්‌ සමගින් ජය වාර්තා කර ගැණින.

    එහිදී පන්දු යවමින් ලකුණු 43 කට කඩුලු 3 ක්‌ සහ පන්දුවට පහරදෙමින් ලකුණු 17 ක්‌ රැස්‌කළ මොයින් අලී තරගයේ වීරයා බවට පත්විය.

    කෙසේ නමුත් ඉකුත් ඉරිදා ස්‌කොට්‌ලන්තය සමග පැවැති එක්‌දින තරගයෙන් එංගලන්තය පරාජය වීමෙන් පසු නැවතත් ඔවුන් මෙලෙස ජයග්‍රහණයකින් සිය ගමන ආරම්භ කර තිබේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වූ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩ්‍රසේ සංචාරය අතරතුරදී විනය විරෝධී ලෙස හැසිරීමෙන් ඔහු යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිල නිවේදනයක්‌ නිකුත් කරමින් පවසා ඇත්තේ ජෙෆ්රි වැන්ඩ්‍රසේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුව සමග තිබෙන නීති උල්ලංඝනය කරමින් විනය විරෝධී ක්‍රියාවක්‌ කිරීම හේතුවෙන් සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බවයි.

    වාර්තා වන අන්දමට වැන්ඩ්‍රසේ ශාන්ත ලුසියා හි පැවැති දෙවැනි ටෙස්‌ට්‌ තරගයේ පස්‌වැනි දින අවසානයේදී ලුසියා හි රාත්‍රී සමාජ ශාලාවකට ගොස්‌ ඇති අතර එහිදී ඔහුට නැවත පැමිණීමට නොහැකිව අතරමං වී පසුදින උදෑසන නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණ ඇත. ඒ වන විට වැන්ඩ්‍රසේ සිය කාමරයේ නොසිටීමෙන් කළමනාකරු පොලිසියට දන්වා තිබේ. වැන්ඩ්‍රසේ සමග තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ද රාත්‍රී සාමාජ ශාලාවකට ගොස්‌ ඇතත් ඔවුන් සියලු දෙනා පැමිණ සිටියද වැන්ඩ්‍රසේ නොමැති වීමෙන් ඊට පසුදින බාබඩෝස්‌ පැමිණීමට ගුවන්තොටුපළට යැමටද ශ්‍රී ලංකා පිලේ බසය ප්‍රමාද වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.


    ශ්‍රී ලංකා කණ්‌ඩායම් පහළොස්‌ දෙනාට අමතරව අත්දැකීමක්‌ සහ අනාගත ආයෝජනයක්‌ වශයෙන් 16 වැනි ක්‍රීඩකයා ලෙස ජෙෆ්රි වැන්ඩ්‍රසේව කණ්‌ඩායමට එක්‌කර ගැනීමට ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ තේරීම් කමිටු සභාපතිවරයා සමග සාකච්ඡා කොට තීරණය කළේය. එයට ප්‍රධානතම හේතුව ඔහු තරග නොකළද තණතීරුවලදී ලබන අත්දැකීම ඉදිරියට වටිනා බැවිනි. එවැනි තත්ත්වයකදී වැන්ඩ්‍රසේ සිය දඬුවම ඉල්ලන් කෑමක්‌ ලෙස ඇතමුන් සඳහන් කරයි. නමුත් විනය විරෝධී ක්‍රියාවක්‌ හේතුවෙන් ඔහුට දඬුවම් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තීරණය කිරීම අගය කළ යුත්තකි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    LPL දින නියමක් නොමැතිව කල්යයි

    LPL දින නියමක් නොමැතිව කල්යයි

    අගෝස්තු 18දා ආරම්භවීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග (LPL) තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඡන්දයෙන් පත්විමෙන් පසුව තරගාවලිය නැවතත් සංවිධානය කරන බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශ්‍රී ලංකාවට ලකුණු 278ක ජයක්


    සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුනු 278ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

    ලකුණු 352ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 73කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත්වූහ.

    ඩිල්රුවන් කඩුලු හයක් දවාගත් අතර රංගන කඩුලු 3ක් දවා ගත්තේය. ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ලක් දවාගත්තේය.

    තරගය දින තුනකින් අවසන් විය. තරගයේ වීරයා ලෙස ලකුණු 218ක් රැස්කළ දිමුත් කරුණාරත්න සම්මාන ලැබීය.


    ශ්‍රී ලංකා පළමු ඉනිම 287/10
    දකුණු අප්‍රිකා පළමු ඉනිම 126/10
    ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 190/10
    දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම 73/10
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුසල් ‌ටෙස්ට් ලකුණු 2000

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 2000 සීමාව පසුකළ 18 වැනි ක්‍රිකට් ක්‍රීඩකයා බවට කුසල් මෙන්ඩිස් පසුගිය 12දා වාර්තා අතරට එක්විය. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රිඩා කළ කුසල් ලකුණු 24ක් රැස්කරමින් සිය ලකුණු 2000 සීමාව පසුකළේය.

    තරගය ආරම්භ කිරීමට පෙරාතුව ඔහු ටෙස්ට් තරග 27කදී ලකුණු 1997ක් රැස්කරගෙන තිබුණි. ඒ අනුව අද රැස්කළ ලකුණු 24ත් සමගින් කුසල්ගේ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2021ක් බවට පත්විය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුරලිගේ හා රන්දිව්ගේ එංගලන්ත වාර්තාවක් ක

    image_e3f3c9d5ca.jpg


    සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර 12දා පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

    ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 268ක් රැස්කළේය.

    ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් කුල්දීප් යාදව් ලකුණු 25ට කඩුලු 6ක් දවා ගැනීමට සමත්විය. එය එංගලන්තයේදී ඕනෑම පන්දු යවන්නෙක්ගෙන් වාර්තා වූ හොඳම පන්දු යැවීම වන අතර එක්දින පිටියේ වමත් දඟ පන්දු යවන්නෙකුගේගේ හොඳම පන්දු යැවීම ලෙසත් වාර්තා අතරට එක්විය.

    එංගලන්තයේ සංචාරය කරන කණ්ඩායමක දඟ පන්දු යවන්නෙක් ලෙස වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හා සුරාජ් රන්දිව් වාර්තා අතරට එක්ව සිටියහ.

    ලකුණු 269ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 40.1කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 269ක් රැස්කරමින් තරගය ජයගත්තේය. ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා නොදැවී ලකුනු 137ක් රැස්කළ අතර නායක විරාත් කොලි ලකුණු 75ක් රැස්කළේය.

    ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තේය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එංගලන්ත තරගාවලිය මගේ අවසන් තරගාවලිය වේවි


    එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය තම අවසන් ජාත්‍යන්තර තරගාවලිය වෙනු ඇතැයි රංගන හේරත් පවසයි.

    බී.බී.සී. සිංහල පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

    “ඕනෑම ක්‍රිඩකයෙකුට ක්‍රීඩාව නවත්වන්න කාලයක් එනවා. මමත් හිතනවා මමත් ඒ වගේ තීරණයකට එන්න ඕන කාලයට තමයි ඇවිත් තියෙන්නේ.

    දකුණු අප්‍රිකානු තරගාවලිය අවසන් වුණාට පස්සේ මම කණ්ඩායමේ නායකයා, පුහුණුකරු ඒ වගේම තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ක සාකච්ඡා කරලා අනිවාර්යයෙන් තීරණයක් ගන්නවා.

    සමහර විට මගේ අවසන් තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්. ඒකටත් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පස්සේ මාස තුනක කාලයක් තියෙනවා.”

    ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කාලයක් ටෙස්ට් ක්‍රිඩා කළ ක්‍රීඩකයා වන්නේ රංගන හේරත්ය.



    image_48eec671b0.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    klobouk+dolu+radyozvuk.gif

    එංගලන්ත තරගාවලිය මගේ අවසන් තරගාවලිය වේවි


    එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය තම අවසන් ජාත්‍යන්තර තරගාවලිය වෙනු ඇතැයි රංගන හේරත් පවසයි.


    ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කාලයක් ටෙස්ට් ක්‍රිඩා කළ ක්‍රීඩකයා වන්නේ රංගන හේරත්ය.



    image_48eec671b0.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "පෙනය පිප්පූ" බංගලියන්ට තිසරගෙන් ශතක ප්‍රහාරයක්‌


    මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ පැවැති විස්‌සයි විස්‌ස තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලිය අතරතුරදී තිසර පෙරේරා සමග බංග්ලාදේශ ක්‍රීඩකයන් කිහිප දෙනකු බහින් බස්‌වීමක්‌ ඇති විය. අනතුරුව බංග්ලාදේශ පිල තරගයෙන් පසුව නයි නැටුම් දමමින් ශ්‍රී ලංකාවට අභියෝගය කිරීම දැඩි මාතෘකාවක්‌ බවට පත්විය.

    එම සිද්ධිය තවමත් මතකයේ තිබියදී ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායමේ නායකත්වය දරමින් තිසර බංග්ලාදේශ "ඒ" කණ්‌ඩායම සමග ඊයේ (19 දා) පැවැති එක්‌දින තරගයේදී ශතකයක්‌ (111) ලබා සිය කණ්‌ඩායම ලකුණු 67 ක ජයග්‍රහණයක්‌ කරා මෙහෙයවීමට සමත් විය. ඒ අනූව දෙරට අතර තරග තුනකින් සමන්විත එක්‌දින තරගාවලිය 1-1 ක්‌ ලෙස සමතැනට පත්ව තිබේ.

    පළමුව පිති ප්‍රහාරය දියත් කළ ශ්‍රී ලංකා "ඒ" පිලේ කඩුලු හතක්‌ ලකුණු 129 කට දැවී ගොස්‌ තිබියදී නායක තිසර පෙරේරා පන්දු 88 කදී හතරේ පහර නවයක්‌ සහ හයේ පහර පහක්‌ සමග ලකුණු 111 ක්‌ ලබා ගත් අතර ඔහු අට වැනි කඩුල්ලට ෂෙහාන් මධුෂංක සමග ලකුණු 77 ක සබඳතාවක්‌ පිහිටුවීමට සමත් විය.

    ලකුණු තත්ත්වය

    ශ්‍රී ලංකා "ඒ" පිල පන්දුවාර 49.4 කදී සියල්ල දැවී ලකුණු 275 යි. (උපුල් තරංග 44, අශාන් ප්‍රියංජන 21, දසුන් ශානක 17, තිසර පෙරේරා 111, ෂෙහාන් මධුෂංක 36, නසීම් හසන් 42/3 යි.)

    බංග්ලාදේශ "ඒ" පිල පන්දුවාර 44.3 කදී සියල්ල දැවී ලකුණු 208 යි. (ෂකීර් හසන් 32, අල් අමීන් 46, මලින්ද පුෂ්පකුමාර 32/3, පීරිස්‌ 39/3 යි.)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව ඉක්වමා යෑමට ඇන්ජලෝ මැතිව්ස් අද (20දා) සමත්විය. ඒ දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 10ක් රැස්කරමිනි.

    තරගය ආරම්භ කිරීමට පෙර ඇන්ජලෝ තරග 74කදි ලකුණු 4992ක් රැස්කරගෙන සිටි අතර අද දිනයේදි මැතිව්ස් ලකුණු 10ක් රැස්කළ හෙයින් ඔහු ලකුණු 5002ක් රැස්කිරීමට සමත්විය. මැතිව්ස් ලකුණු 10කට දැවී ගියේය.

    ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ 9 වැන්නා වන්ගේ ඇන්ජලෝ මැතිව්ස්ය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තරංගගේ හා ජයසූරියගේ ලෝක වාර්තාව බිඳ වැටෙයි

    එක්දින ක්‍රිකට් පිටියේ පළමු කඩුල්ල වෙනුවෙන් වැඩිම සබදතාව පැවැත්වීමට පාකිස්තානයේ ෆක්හාර් සාමන් හා ඉමාම් උල් හක් මීට සුළු මොහොතකට පෙර සමත්වූයේය. ඒ සිම්බ්බාවේ කණ්ඩායම හා බුලවායෝහි පැවැත්වන එක්දින තරගයේදීය.

    මේ වන විට ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 40.3කදී නොබිදුණු ලකුණු 293 ක සබඳතාවක් පැවත්වීමට සමත්වූහ.

    සාමන් 164* ඉමාම් උල් හක් 112* ලෙස ලකුණු රැස්කරමින් එම වාර්තාව බිඳ දැමීය. මීට පෙර එක්දින ක්‍රිකට් පිටියේ පළමු කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සබඳතාවට හිමිකම් කිවේ ශ්‍රි ලංකාවේ උපුල් තරංග හා සනත් ජයසූරියයි ඔවුන් එංගලන්තනයට එරෙහිව 2006 වසරේදී ලකුණු 286ක් රැස්කර තිබුණි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගාලු පිටිය ඉවත් කරන්නේ නැත්නම් ගාල්ලට තවත් පිටියක් ඇයි - මහේල

    දැනට පවතින ගාලු පිටිය ඉවත් නොකරන්නේ නම් ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය මන්දැය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

    ගාලු පිටිය ඉවත්කිරීමට තීරණය කර ඇති බවට අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් සඳහන් කළේ ගාලු ක්‍රීඩාංගණය කිසිසේතම කඩා නොදමන බවත් කොග්ගල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන බවත්ය.

    මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන මහේල පවසන්නේ ගාලු ක්‍රීඩාංගණයේ ගැටලුව ප්‍රේක්ෂකාගාර නම් එය වෙනස් කරන ලෙසයි.

    මෙම ප්‍රේක්ෂකාගාර ලොක උරුම ගාලු කොටුවේ අනවසරයෙන් ඉදිකර ඇති හෙයින් ඒවා ඉවත් නොකරන්නෙ නම් ගාල්ල ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසට යුනෙස්කෝව දන්වා ඇතැයි වාර්තා වෙයි.

    ඒ සඳහා පිළිතුරු ලබාදීමට ශ්‍රී ලංකාවට එළැඹෙන වසරේ ඔක්තෝබර් මාසය දක්වා කල් ලබා දී ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වන මහේල පවසන්නේ,

    “දැනට ගාල්ලේ පවතින ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නොමැතිනම් ඔබට ගාල්ලට තවත් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයි? ප්‍රේක්ෂකාගාර ප්‍රශ්ණයක් වි ඇත්නමේ ඒවා ඉවත් කරන්න” යනුවෙනි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහරාජ්ගෙන් වාර්තා ගත පන්දු යැවීමක්

    සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 277ක් රැස්කරගෙන සිටියි.

    ශ්‍රී ලංකාවේ බිඳ වැටුණු කඩුලු 9න් 8ක්ම දඟ පන්දු යවන ක්‍රීඩක කේෂාව් මහරාජ් දවාගැනීමට සමත්විය. එය වාර්තා කිහිපයකට හිමිකම් කියූ පන්දු යැවීමකි.

    01 ශ්‍රී ලංකාවේ සංචාරය කළ පන්දු යවන්නෙකුගේ සාර්ථකම පන්දු යැවීම.

    02 පසුගිය වසර 10 තුළ දඟ පන්දු යවන්නෙකුගේ සාර්ථකම දෙවැනි පන්දු යැවීම.

    03 දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ ඉනිමක තෙවැනි හොඳම පන්දු යැවීම.

    04 1996 වසරෙන් පසුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නෙකු කඩුලු 6ට වැඩියෙන් දවා ගත් පළමු අවස්ථාව.

    05 ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමකදී කඩුලු 8ක් දවා ගත් දෙවැනි පන්දු යවන්නා. යන වාර්තා මෙම පන්දු යැවීම හරහා බිහිවිය.


    image_0c735098b6.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එස්‌.එස්‌.සී. පිටියේ මහරාඡ් 'රජ වෙයි' ; දෙවසරකට පසුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ ශතක සබඳතාවක්‌ පිහිටුවති

    ටෙස්‌ට්‌ තරග 21 කට පසුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලක්‌ ශතක (116) සබඳතාවක්‌ පිහිටුවීම හේතුවෙන් එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පළමු දිනය (20 දා) නිමා වන විට සත්කාරකයන් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 09 ක්‌ අහිමිව ලකුණු 277 ක්‌ ලබා සිටියේය.

    වෙනදා සුපුරුදු ලෙස පිතිකරුවන්ගේ රජදහනක්‌ බඳු එස්‌.එස්‌.සී. තණතීරුව වෙනස්‌ මුහුණුවරකින් දඟයන්ට උචිත ලෙස සකස්‌ වෙද්දී කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට ශ්‍රී ලංකා නායක සුරංග ලක්‌මාල් පැකිලීමකින් තොරව තීරණය කළේය. ගාලු ජයග්‍රහණ සංයුතියේ එක්‌ වෙනස්‌කමක්‌ සිදු කරමින් ලක්‍ෂාන් සඳකැන් වෙනුවට අකිල ධනංජය ශ්‍රී ලංකා පිලට කැඳවද්දී පළමුව පිති ප්‍රහාරය දියත් කිරීම දෙපිලේම අපේක්‍ෂාව විය.

    ලැබුණු අවස්‌ථාවෙන් උපරිම ඵල නෙළා ගැනීමේ අටියෙන් පිති ප්‍රහාරය දියත් කළ දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක යුගල පළමු හෝරා දෙක කඩුලු බේරා ගනිමින් දිවා ආහාරය වන විට පන්දු ඕවර 28 කදී ලකුණු 93 ක්‌ එකතු කර ගත්හ. අනතුරුව මුළු ලකුණු 116 ක්‌ව තිබියදී දිමුත් කරුණාරත්න මහරාඡ්ගේ පන්දුවකට ගොදුරු වන විට

    ශ්‍රී ලංකාවට පළමු කඩුල්ල අහිමි විය. දිමුත් සහ ගුණතිලක දෙදෙනා පිහිටවූ ශතක සබඳතාව ටෙස්‌ට්‌ තරග 21 කට පසුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලක්‌ පිහිටවූ පළමු ශතක සබඳතාවද වේ.

    2016 වසරේ ඔක්‌තෝම්බර් මස සිම්බාබ්වේ හරාරේ නුවර දී දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා මීට පෙර ආරම්භක කඩුල්ල වෙනුවෙන් අවසන් වරට ශතක (123) සබඳතාවක්‌ වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් මව්බිමේ දී

    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලක්‌ ශතක සබඳතාවක්‌ පිහිටවූයේ අට වසරකට පසුව වීමද විශේෂත්වයකි. 2010 වසරේ දී තිලකරත්න ඩිල්ෂාන් සහ තරංග පරණවිතාන මව්බිමේදී අවසන් වරට ශතක සබඳතාවක්‌ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පිහිටුවා තිබිණි.

    දිවා ආහාරයෙන් පසුව තණතීරුවේ පන්දුව ක්‍රමක්‌ ක්‍රමයෙන් කරකැවීමට පටන් ගැනෙද්දී දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා වූ මහරාඡ් ශ්‍රී ලංකාවේ කඩුqලු හතරක්‌ උදුරා ගත්තේය. එතැනින් නොනැවතුනු කෙසෙව් මහරාඡ් පස්‌වැනි වරටත් කඩුලු පහක්‌ දවා ගත්තේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පළමු පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතකය ඉක්‌මවා යැමෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්‌තිමත් වෙද්දී දකුණු අප්‍රිකාවට එම ඉලක්‌කයද ශ්‍රී ලංකා දඟයන් හමුවේ අසීරු අභියෝගයක්‌ බවට පෙනෙන්ට තිබුණි.

    දඟයන්ට උචිත තණතීරුවකදී කඩුලු දඩයමේ පහසුවෙන් ගමන් කළ කෙසෙව් මහරාඡ් සිය හොඳම ටෙස්‌ට්‌ පන්දු යෑවීම (116/8) සටහන් කරගනිද්දී විදෙස්‌ ක්‍රීඩකයකු ශ්‍රී ලංකාවේ දී කළ හොඳම පන්දු යෑවීමේ දක්‍ෂතාවද එය විය. දකුණු අප්‍රිකානු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ ඉනිමක වැඩිම කඩුලු ලාභීන් අතර සමතැනටද පත්වීමට මහරාඡ් සමත් විය. ඔහුට පෙර ලාස්‌ ක්‌ලුස්‌නර් (64/8) සහ ඇලන් ඩොනල්ඩ් (71/8) කඩුqලු අට බැගින් ලබා තිබිණි.

    පස්‌වැනි ටෙස්‌ට්‌ තරගයේ දී පළමු අර්ධ ශතකය සටහන් කළ ධනුෂ්ක ගුණතිලක පන්දු 107 කදී හතරේ පහර හයක්‌ සමග අර්ධ ශතකයක්‌ (57) ලබද්දී දිමුත් කරුණාරත්න 16 වැනි අර්ධ ශතකය (53) ලබා සිටියදී මහරාඡ්ට ගොදුරු විය. පන්දු 34 කින් ලකුණු 21 ක්‌ උදුරා ගත් කුසල් මෙන්ඩිස්‌ නොහික්‌මුණු පහරක්‌ ගසද්දී රබාඩා උඩපන්දුවක්‌ රැක ගැනීමෙන් මහරාඡ්ට තෙවැනි කඩුල්ල හිමිවිය.


    කෙසේ වෙතත් ඉනිම අටකට පසුව සාර්ථක වූ ධනංජය ද සිල්වා සිය තෙවැනි ටෙස්‌ට්‌ අර්ධ ශතකය සටහන් කරමින් එය පස්‌වැනි ටෙස්‌ට්‌ ශතකය බවට පත්කර ගැනීමට උත්සහ කළද මහරාඡ්ගේ හය වැනි කඩුල්ල ලෙස ඔහු ගොදුරු විය. ධනංජයගේ පා ආවරණයේ පන්දුව වැදෙද්දී එය නොදැවී යාමක්‌ ලෙස විනිසුරු සටහන් කරද්දී දකුණු අප්‍රිකානු නායකයා රිවීව් ක්‍රමවේදය අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ හත්වැනි කඩුල්ල නෙළා ගැනීමට සමත් විය.

    ඇන්ජලෝ මැතිව්ස්‌ගෙන් සාර්ථක පිති ප්‍රහාරයක්‌ දියත් වූයේ නම් ශ්‍රී ලංකා ලකුණු පුවරුව මීට වඩා බර වීමට ඉඩ තිබුණ නමුත් ඔහු තේ පානයෙන් පසුව මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ස්‌ලිප් ක්‍රීඩකයාට උඩපන්දුවක්‌ දී පිටියෙන් ඉවත් විය. නමුත් සිය ටෙස්‌ට්‌ ලකුණු පන්දහසේ සීමාව සටහන් කළ මැතිව්ස්‌ එවැනි දක්‍ෂතාවක්‌ දැක්‌වූ ශ්‍රී ලංකාවේ නව වැනි පිතිකරුවා බවටද පත්විය. ඔහුට ඉදිරියෙන් කුමාර් සංගක්‌කාර (12400), මහේල ජයවර්ධන (11814), සනත් ජයසූරිය (6973), අරවින්ද ද සිල්වා (6361), මාවන් අතපත්තු (5502), තිලකරත්න ඩිල්ෂාන් (5492), තිලාන් සමරවීර (5462) සහ අර්ජුන රණතුංග (5105) පසුවේ.

    කෙසෙව් මහරාඡ් වාර්තාගත පන්දු යෑවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ව ග්‍රහණයට හසුකර ගනිද්දී අවසන් කඩුලු හතරම ලකුණු 41 ක්‌ තුළදී බිඳවැටුණි. අවසන් කඩුල්ලට හේරත් සහ ධනංජය නොබිඳුනු ලකුණු 13 ක සබඳතාවක්‌ පිහිටුවමින් දිනය නිමාවන විට කඩුල්ලේ රැඳී සිටියේය.

    තරගයෙන් අනතුරුව මාධ්‍යට අදහස්‌ දැක්‌වු ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර "මේ තණතීරුවේදී අපි ලබාගත් ලකුණු ප්‍රමාණය ගැන සෑහීමකට පත්වෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකාව එක්‌ දඟ පන්දු යවන්නෙක්‌ සමග තරගයට ඒමත් මම පුදුම වෙනවා තණතීරුව අනුව. නමුත් ඔවුන්ට හොඳ වේගපන්දු යවන්නන් ඉන්නවා. කොහොම වුණත් දකුණු අප්‍රිකාව තමයි අන්තිම අවුරුදු අටේදී තම රටෙන් පිට ගිහිල්ලා වැඩිම තරග දිනපු රට. ඒ නිසා ඔවුන්ව පරාජය කරන්න පුළුවන් වුණොත් ඒක අපිට ලොකු ජයග්‍රහණයක්‌''යෑයි පැවසීය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ලකුණු 199කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.

    ලකුණු 490ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවන් ලකුණු 290ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. හේරත් කඩුලු 6ක් දවාගැනීමට සමත්වූයේය.

    දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළේ වසර 12කට පසුවය.

    තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස දිමුත් කරුණාරත්න සම්මාන ලැබීය.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙමින් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග තුනම ජයගත් පළමු නායකයා ලෙස සුරංග ලක්මාල් වාර්තා අතරට එක්විය.

    නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් තරග තහනමකට ලක්විම හේතුවෙන් අද නිමාවූ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ හා ඊට පෙර කොදෙව් හි පැවැති ශ්‍රී ලංකා කොදෙව් තෙවැනි ටෙස්ට් තරගය මෙහෙයවිමේ වගකීම සුරංග ලක්මාල්ට පැවැරිණි.

    එම තරග තුනම ඔහු ජය ගැනීමට සමත්වූ අතර ශ්‍රී ලංක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එම දක්ෂතාව දැක්වූ පළමු ක්‍රීඩකයා සුරංග ලක්මාල් විය.

    කොදෙව් තෙවැනි ටෙස්ට් තරගය - ශ්‍රී ලංකාවට කඩුලු 4ක් ජයක්

    දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය - ශ්‍රී ලංකාවට ලකුණු 278ක ජයක්

    දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගය - ශ්‍රී ලංකාවට ලකුණු 199ක ජයක්
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තත්ත්වයට පැමිණි 1981 වසරට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කළ ජාතික මට්‌ටමේ ක්‍රිකට්‌ ක්‍රීඩකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ ඇති කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තාවේ.

    ඒ අනුව විශ්‍රාම වැටුප් ක්‍රමයට අදාළ යෝජනාක්‍රමය මේ දිනවල ක්‍රියාත්මක ද. අප්‍රිකානු සංචාරය නිමා වීමට පෙර ක්‍රියාවට නංවනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

    ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇතැම් ප්‍රවීණ ක්‍රිකට්‌ ක්‍රීඩකයින් වර්තමානයේ මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම යෝජනාව පිළිබඳව එම ආයතන දෙකෙහි අවධානය යොමුව තිබේ.

    මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයේදී මේ වනවිට වයස අවු. 60 සම්පූර්ණ කර ඇති ක්‍රීඩකයින් උදෙසා මසකට රුපියල් 25,000 බැගින් ලබා දීමට යෝජනා වී ඇත.

    එහි පළමු අදියර වසරක කාලයකට සීමා කෙරෙන අතර ඉන් පසුව ඉදිරියේදී වසරින් වසර මෙම යෝජනා ක්‍රමය සංශෝධනය කරමින් මාසිකව ගෙවන දීමනාව වැඩි කිරීමටත් තීරණය වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ධනුෂ්කට තරග 6 ක තහනමක්

    ක්‍රිකට් ක්‍රිඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග හයක් තහනම් කර තිබේ .


    විනය නීතී උල්ලංඝණය කිරීමේ චෝදනාව නිසා මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    arajuna666.jpg


    1996 ලෝක ක්‍රිකට්‌ ශූරතාව දිනු කණ්‌ඩායමේ සාමාජිකයන් සහ හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයන් එක්‌ව පවත්වනු ලබන "මයි ඩෑඩ් මයි සුපර් ස්‌ටාර්" ක්‍රිකට්‌ තරගාවලිය ලබන මස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    අර්ජුන රණතුංගගේ උපදේශකත්වය යටතේ පවත්වන මෙම තරගාවලිය සඳහා කණ්‌ඩායම් 18 ක්‌ තරග වදින අතර සෑම කණ්‌ඩායමකට 96 ලෝක ශූර කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ නායකත්වය යටතේ තරග වදිනු ලබයි. තරගාවලියට සහභාගි විය හැක්‌කේ පියවරුන්ට පමණක්‌ වීමද විශේෂත්වයකි.

    "ළමයි වෙනුවෙන් තාත්තලා ගොඩක්‌ මහන්සි වෙනවා. ඒ නිසා තාත්තලා වෙනුවෙන්ම තමයි මේ ක්‍රිකට්‌ තරගාවලිය සංවිධානය වෙන්නෙ." යෑයි 96 කණ්‌ඩායම් නායක අර්ජුන රණතුංග තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

    තරගාවලියේ සන්නාම කළමණාකරු ලෙස චමින්ද වාස්‌ පත්කර ඇති අතර අසංක ගුරුසිංහ, සනත් ජයසුරිය, උපුල් චන්දන, රවීන්ද්‍ර පුෂ්පකුමාර, හෂාන් තිලකරත්න ඇතුළු ක්‍රිකට්‌ ක්‍රීඩකයන් රාශියක්‌ මෙම තරගාවලිය සඳහා එකඟතා ගිවිසුම් අත්සන් කර තිබේ.

    තරගාවලියට සහභාගි වන හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගෙන් කොටසක්‌ ඡායාරූපයේ දැක්‌වේ.