ක්‍රිකට් වලට අයෙත් කෙල වෙයිද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලා සිටියා. ඒ අනුව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම හා අරවින්ද ද සිල්වා යන හිටපු ක්‍රීඩකයන්ට මෙසේ උපදේශක මණ්ඩලයට ඉදිරිපත් වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ඉල්ලීමකට මෙම ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වන ලෙසට අමාත්‍යවරයා මෙලෙසින් ඉල්ලා සිටියා.
“නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය උපදෙස් දුන්නා. නිලවරණය පැවැත්වීමට පෙර ව්‍යවස්ථාවට යම් යම් සංශෝධන ඉදිරිපත් කිරිමට සිදුවෙනවා. ඒ හේතු මත ක්‍රිකට් ආයතනය මගෙන් ඉල්ලීමක් කළා සංගා, මහේල, මුරලි, අරවින්ද, රොෂාන් යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහාය ලබාගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කියා. ඒ නිසා මේ උදවියගේ සහාය රට හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලබාදෙන්නැයි මම ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේදී අපිට සහයෝගය දීලා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ මට්ටමකට ගෙන ඒමට ඒ අයගේ සහාය අපට ලැබෙයි කියලා විශ්වාසය මට තිබෙනවා. ”
කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට හිටපු නායක මහේල ජයවර්දන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පිළිතුරු දී තිබුනා.
" තේරීම් කමිටුවට සහ ක්‍රීඩා ඇමතිට බොහොම ගෞරවයෙන් කියන්නේ, මම ක්‍රිකට් කමිටුවේ අවුරුද්දක් හිටියා, විශේෂ උපදෙස් කමිටුවේ මාස හයක් හිටියා, නමුත් අපි යෝජනා කරපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කලේ නෑ. මට මේ පද්ධතිය ගැන කිසිදු විස්වාසයක් නෑ. කිසිවෙකුට හෝ කාලය ගන්න අවශ්‍ය නම් ඒ සදහා අපිව පාවිච්චි කරන්න එපා" යනුවෙන් මහේල සිය ට්විටර් ගිණුමේ සටහන් කොට තිබුනා.
මහේලගේ ට්විටර් සටහන පහතින්,