ක්‍රිකට් වලට අයෙත් කෙල වෙයිද

Djsash

Member
Jun 1, 2018
274
9
0
ක්‍රිකට් වලට අයෙත් කෙල වෙයිද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලා සිටියා. ඒ අනුව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම හා අරවින්ද ද සිල්වා යන හිටපු ක්‍රීඩකයන්ට මෙසේ උපදේශක මණ්ඩලයට ඉදිරිපත් වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ඉල්ලීමකට මෙම ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වන ලෙසට අමාත්‍යවරයා මෙලෙසින් ඉල්ලා සිටියා.

“නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය උපදෙස් දුන්නා. නිලවරණය පැවැත්වීමට පෙර ව්‍යවස්ථාවට යම් යම් සංශෝධන ඉදිරිපත් කිරිමට සිදුවෙනවා. ඒ හේතු මත ක්‍රිකට් ආයතනය මගෙන් ඉල්ලීමක් කළා සංගා, මහේල, මුරලි, අරවින්ද, රොෂාන් යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහාය ලබාගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කියා. ඒ නිසා මේ උදවියගේ සහාය රට හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලබාදෙන්නැයි මම ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේදී අපිට සහයෝගය දීලා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ මට්ටමකට ගෙන ඒමට ඒ අයගේ සහාය අපට ලැබෙයි කියලා විශ්වාසය මට තිබෙනවා. ”

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට හිටපු නායක මහේල ජයවර්දන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පිළිතුරු දී තිබුනා.

" තේරීම් කමිටුවට සහ ක්‍රීඩා ඇමතිට බොහොම ගෞරවයෙන් කියන්නේ, මම ක්‍රිකට් කමිටුවේ අවුරුද්දක් හිටියා, විශේෂ උපදෙස් කමිටුවේ මාස හයක් හිටියා, නමුත් අපි යෝජනා කරපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කලේ නෑ. මට මේ පද්ධතිය ගැන කිසිදු විස්වාසයක් නෑ. කිසිවෙකුට හෝ කාලය ගන්න අවශ්‍ය නම් ඒ සදහා අපිව පාවිච්චි කරන්න එපා" යනුවෙන් මහේල සිය ට්විටර් ගිණුමේ සටහන් කොට තිබුනා.

මහේලගේ ට්විටර් සටහන පහතින්,
35225679_1815577778748873_1779485137772216320_n.jpg
 
shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    උන් කියන ඒවා පඩේකට ගණන් ගත්තේ නැති නිසා උන් එහෙම හිතන් එක සාධාරණයි කියල මට නම් හිතෙන්නේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,090
    1
    28,599
    113
    උන් කියන ඒවා පඩේකට ගණන් ගත්තේ නැති නිසා උන් එහෙම හිතන් එක සාධාරණයි කියල මට නම් හිතෙන්නේ

    :yes::yes:

    ක්‍රිකට් බෝඩ් එකේ එවුන්ටත්, ක්‍රිකට් ටීම් එකේ එවුන්ටත්, ක්‍රීඩා ඇමති කියන ගස් බල්ලාටත් ක්‍රිකට් හදන්න උවමනාවක් නැත්නම් මහේලයි සංගක්කාර යි නැහෙන්න ඕන අහවල් දෙයකට ද? උන් දෙන්නට ඊට වඩා හොඳයි තමන්ගේ බිස්නස් එකක් බලා කියාගෙන පිටරටකට පුහුණුකාර කමක් කරගෙන ඉන්න එක. මොකද ඕකෙන් වෙන්න එක පාරක් දයාසිරි යා මුන් දෙන්නගෙ ක්‍රිකට් ප්ලෑන් එක එලියට දාලා බොරු පබ්ලිසිටි එකක් ගත්තා වගේ ආයෙත් පාරක් මුන් දෙන්නා පාවිච්චි වෙන එක විතරයි. අපේ ක්‍රිකට් තව අවුරුදු ගාණකට බිමට සමතලා වෙලා ඉවරයි බලපන් දැන් අර කොදෙව්වන්ගේ තරුණ ටීම් එකෙන් කන කෑම.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    :yes::yes:

    ක්‍රිකට් බෝඩ් එකේ එවුන්ටත්, ක්‍රිකට් ටීම් එකේ එවුන්ටත්, ක්‍රීඩා ඇමති කියන ගස් බල්ලාටත් ක්‍රිකට් හදන්න උවමනාවක් නැත්නම් මහේලයි සංගක්කාර යි නැහෙන්න ඕන අහවල් දෙයකට ද? උන් දෙන්නට ඊට වඩා හොඳයි තමන්ගේ බිස්නස් එකක් බලා කියාගෙන පිටරටකට පුහුණුකාර කමක් කරගෙන ඉන්න එක. මොකද ඕකෙන් වෙන්න එක පාරක් දයාසිරි යා මුන් දෙන්නගෙ ක්‍රිකට් ප්ලෑන් එක එලියට දාලා බොරු පබ්ලිසිටි එකක් ගත්තා වගේ ආයෙත් පාරක් මුන් දෙන්නා පාවිච්චි වෙන එක විතරයි. අපේ ක්‍රිකට් තව අවුරුදු ගාණකට බිමට සමතලා වෙලා ඉවරයි බලපන් දැන් අර කොදෙව්වන්ගේ තරුණ ටීම් එකෙන් කන කෑම.

    :yes::yes::yes:
    මුන්ට මෙව්වා නොතේරෙනවා නෙමෙයි බන්, ඔතන බෝර්ඩ් එකේ ඉන්න එවුන්ට ක්‍රිකට් එක හදන්න උවමනාවක් නෑ... පව් අසරණ අපි ආසාවෙන් බලන් හිටපු ක්‍රීඩාවටත් කෙලියා
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මුන්ගේ බොරු ෂෝ...

    monada bn boru show kiyanne u aththane kiyala thiyenne. oita kalin Muralith okama kiwwa. Kalakanni deshapaluwo tika rata kanawa madiwata asawen bala bala hitapu deth nathi kara. :angry::angry: