ක්‍රීෂ්ණා ලංකාවට පාට් දායි.

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
ක්‍රීෂ්ණා ලංකාවට පාට් දායි.

SM-Krishna-2-Photo-Reuters-copy1111-640x480.jpg
උපුටා ගත්තේ http://www.aluthnews.com/
ඉන්දීය විදේශ ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා ලංකාවට අමුතු පාට් එකක් දැම්මා ඒ පසුගිය දා අපේ රටට ආපු වෙළාවේ දීයී.1987 රජීව් ගාන්ධි හා ඡේ ආර්. ජයවර්ධන මෙරට ජනතාවට රවටා අත්සන් කළ ගිවිසුම යළි ක්‍රියාත්මක කරන්නැයි
රජයට බල පෑම් කිරීම මෙම සංචාරයේ අරමුණයි.
ආර් සම්පන්දන් ප්‍රමුඛ ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවර ඔහු වෙත ගොස්‌ ශ්‍රී ලංකා රජය අපේ ඉල්ලීම් දෙන්නේ නැති බවට පැමිණිලි කළ බව ද මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.එසේම යුද අපරාධ ගැන සොයන්නැයි ක්‍රීෂ්ණා රජයට බලපෑම් කර තිබෙනවා.
වැල්වැටිතුරේ ද්‍රවිඩ වැසියන් ඝාතනය කිරීම සහ යාපනය මහ රෝහලේ ඝාතනයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ඉන්දීය සාම හමුදාවටය අපේ පරීක්ෂණ වලට කළින් ක්‍රීෂ්ණා ඒ පරීක්ෂණය පවත්වා ගත යුතුය.ඒමෙන්ම පාකිස්තාන දේශ සීමාවේ සිදු කළ මනුෂ්‍ය ඝාතන වලට වග කිවයුත්තේ ද ඔය ක්‍රිෂ්ණාලා මය.
අද වන විටත් මෙම ඝාතන නිසා ඉන්දීය ඉහල නිලධාරීන්ට කැනඩාව වැනි රටවල් වලින් වීසා ලබා දීම පවා ප්‍රතික්ෂේප කර තිබෙනවා..ක්‍රිෂ්ණාගේ කතාව අපට පෙනෙන්නේ තමන් නිරුවතින් ඉඳගෙන අනුන්ට රෙදි ඇන්දවීමක් ලෙසය.
එදා කොටි සංවිධානයේ දේශපාලන ඒකකය ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සංධානය ගහන පදවලට නටන එකේ අවදානම ක්‍රිෂ්ණාට දැන් නොතෙරුණත් කොටි හුරරතල් කළ රජිවුට කොටි කරපු දේ ක්‍රිෂ්ණාට කරපුදාට හොඳටම තේරෙණු ඇත.
 
Last edited: