කාමය, ලිංගික ආශාව හා කාම අපරාධ
වසර දෙදහස් පන්සියයක් තිස්සේ ලාංකීය භික්ෂුවගේ ධර්ම දූත සේවාව ද ඒ ඔස්සේ ගොඩනැගුණු ගද්‍ය පද්‍ය සාහිත්‍යය, බිතුසිතුවම් ඈ කලාකෘති සියල්ල තිළින් ද සිදුකළ ධර්ම සංනිවේදනය මේ රටෙහි සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමට ප්‍රමාණවත් විය. එහෙත් වර්තමානයෙහි ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් ජීවිතවලට කරන බලපෑම විශාල ය. සත්වයා තුළ නිලීනව ඇති කාම රාගය උද්දීපනය කිරීමට පොළඹවන මේ මාධ්‍ය හරඹය වත්මන් කාම අපරාධ වර්ධනයට ප්‍රධාන හේතුවකි. බාහිර හා අභ්‍යන්තර වශයෙන් පවතින හේතුන් බැවින් මේ සියලු බාහිර අපරාධවලට මූල සාධක වේ.
අප ජීවත්වන මේ ලෝකය කාම ලෝකයකි. මිනිසා ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යනුවෙන් අන් සෑම සත්වයෙකුටම වඩා දියුණු ඉන්ද්රිය පද්ධතියකින් සමන්විත ය. එකී ඉන්ද්‍රියයන්ට අරමුණු වන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධර්ම නම් වූ සය වැදෑරුම් වූ අරමුණු දවේ. මිනිසාගේ සිත තුළ සුඛ දුක්ඛ වේදනා ආඳී මානසික ධර්මයන් උපදින්නේ මේ ඉන්ද්‍රියන්ට ගෝචර වන්නා වූ සය වැදෑරුම් අරමුණු එක්වීමෙන් ය. පුහුදුන් සියල්ලෝ ම ඉන්ද්රිය මගින් ලබා ගන්නා වූ කාම වස්තූන් පිළිබඳ සුඛ වේදනාවන්ට ඇලෙති. එය පොදු මිනිස් ස්වභාවය ලෙස හැඳින්විය හැකි ය.
වස්තු කාමය හා ක්ලේශ කාමය යනුවෙන් කාමය දෙවැදෑරුම් ය. ඉඩකඩම්, ගේ දොර, යාන වාහන, ආහාරපාන, ශ්‍රව්‍ය දෘශ්‍ය මෙවලම්, ජීවී අජීවී, චංචල, නිශ්චල සියල්ල කෙරෙහි ඇලීම වස්තු කාමය යි. ක්ලෙශ කාමය යනු ඉහත කී ඉන්ද්රියයන් හා බාහිර වස්තුන් නිසා මිනිස් මනසේ හට ගන්නා වූ ඇල්ම, මනාපය, රාගය, ආවේග, විඳීම් ආදී සියල්ලයි. මේ අනුව කාම වස්තූන් නිසා මිනිස් මනසෙහි හට ගන්නා වූ මනෝ භාවයන්ට ඇති ආශාවන් කාමය නම් වේ.
කාම ආශාවේ අඩු වැඩි වීම් කෙරෙහි බලපාන්නා වූ පුද්ගලයාගේ අභ්‍යන්තර හා බාහිර හේතූන් රැසක් වේ.කාමය සියලු සත්වයින් කෙරෙහි පවත්නා වූ පොදු ලක්ෂණයකි. කාමය හෙවත් තෘෂ්ණාව නිසා සත්වයාගේ පැවත්ම සිදු වේ. බුදු දහම අනුව මෙලොව පැවැත්ම පමණක් නොව පරලොව පැවැත්මද තීරණය කරන්නේ කාමය හෙවත් තෘෂ්ණාවයි. සත්වයා සසර යළි යළිත් ඉපදීමට හේතු වන කාමය ප්‍රහීණ කිරීමෙන් සංසාර ගමන නතර කොට විමුක්තියට පත් විය හැකි බව බුදු දහම උගන්වයි.
කාම අපරාධ තුරන් කිරීමෙහි ලා පාසල් විෂය ධාරාවට ලිංගික අධ්‍යාපනය ඇතුලත් කිරීම ප්‍රයෝජනවත් වේ යැයි ඇතැමෙක් විශ්වාස කරති. ලිංගික අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයට එක් කල පමණින් කාමය පාලනය කළ නොහැකිය. අපේ අධ්‍යාපන ක්‍රමය අසම්පූර්ණ වූ අධ්‍යාපන මූලධර්මයන්ගෙන් යුතු වූවකි. බෞද්ධ අධ්‍යාපන මූලධර්මයන්ගෙන් පෝෂණය වුවහොත් අපේ අධ්‍යාපන ක්රමයද සම්පූර්ණ එකක් වනු ඇත. බෞද්ධ අධ්‍යාපන මූලධර්මයන්හි වූ පරිපූර්ණ අධ්‍යාපන ලක්ෂණ මංගල සූත්‍රයේ එකම ගාථා පාඨයකින් වුවද ගෙනහැර දැක්විය හැක.
බහුශ්‍රැත බව , ශිල්පීය දැනුම, විනය හා ඉන්ද්රිය සංවරය මේ කරුණු හතරෙන්ම සමන්විත අධ්‍යාපනය පරිපූර්ණ එකක් වේ. විද්‍යාත්මක අධ්‍යාපනයේදී බහුශ්‍රැත බව හා ප්‍රායෝගික පුහුණුව හෙවත් ශිල්පීය ඥානය පමණක් ලබා දෙයි. එහෙත් එහි විනය හා ඉන්ද්රිය සංවරය ගැන අවධානයක් නැත. එබැවින් විද්‍යාත්මක අධ්‍යාපනය අසම්පූර්ණ වූවකි.මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයයන් බහුශ්‍රැත බව හෙවත් පොත පතේ දැනුමට පමණක් සීමා වේ. වෛද්‍යවරයකු ඇඟලුම් සේවිකාවක් ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවක ඇය දූෂණය කොට මරා උඩු මහලින් බිමට දමන්නේ ඉහත දැක්වූ බහුශ්‍රැත බව හා වෘත්තීය දැනුමෙන් පමණක් අධ්‍යාපනය සමන්විත නිසාය. විනය හා ඉන්ද්රිය සංවරය එම වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයට එක්කර තිබුණි නම්, මෙවැනි විපතක් සිදු නොවනු ඇත.
ලිංගික ආශාව ඇතුළු පංච කාමයේ යථා ස්වභාවය අවබෝධ කර නොගැනීමෙන් කාම අපරාධ බහුල වෙයි. බුදු දහමට අනුව කාමයේ යථා ස්වභාවය අවබෝධ කරගත යුත්තේ ආශ්වාදය, ආදීනවය හා නිස්සාරණය යන ක්‍රම පටිපාටිය අනුගමනය කිරීමෙනි. ආස්වාදය නිසා සත්වයෝ කම් සැපෙහි ඇලෙති. කාමයේ ආස්වාදයක් නැත්නම් කිසිම සත්වයෙක් එහි නොඇලෙයි. ඒ ආස්වාදය, ආස්වාදය වශයෙන් දත යුතුය. කාමාස්වාදය නොදැනෙන, ඉන්ද්රියයන්ගේ විකලත්වයට පත් වූ කෙනෙකුට නිවන ලැබිය නොහැක. ඒ නිසා කාම ආස්වාද දැනීම කාමයේ යථා ස්වරූපය වටහා ගැනීමේ පළමු පියවරයි. කාමාස්වාදය විදීම ගිහි ජනයාට තහනම් වූවක් නොවේ.
දෙවනුව දැක්වූයේ කාමයන්ගේ ආදීනවයයි. කාමයේ මුලාවට පත් නොවී කාමයේ පවත්නා අදීනව දත යුතුය. බොහෝ කාම අපරාධ සිදු වන්නේ කාමයේ ඇති ආදීනව නොදන්නා නිසාය. මාධ්‍ය තුළින් කෙරෙන්නේ කාමයේ අදීනව නොදක්වා කාම ආස්වාදය පමණක් පෙන්වීමයි. ඒ තුළින් මිනිසා තව තවත් කාමාපරාධයන්ට පෙළඹෙයි.කාමයේ ආදීනව, ඇත්ත ඇති සැටියෙන් පෙන්විය හැකි නම් කාම අපරාධ වලට මිනිස් සිත් නොපෙළඹේ. මන්ද කාමය අල්ප ආශ්වාදයෙන් යුක්තය. එහෙයින් දුක් සහගත යැයි දන්නා බැවිනි.
තුන්වෙනුව දක්වන ලද්දේ නිස්සරණයයි. ඉහත දැක්වූ කාම ආස්වාද හා කාම ආදීනව දුටු කෙනෙකුට කාමයේ වහලකු වීමෙන් මිදිය හැකිය. කාමයේ වහල් බවට පත් නොවී කාමයේ සරණ නොගොස්, කාමය පාලනය කිරීමට එමගින් පුද්ගලයාට හකියාවක් ලැබෙයි. ලිංගික ආශාවන් නිසා එබඳු අයෙකුගෙන් කාම අපරාධයක් කිසිදාක සිදු නොවනු ඇත.
විරුද්ධ ලිංගිකයන් පිළිබඳ සහජව පවත්නා ආකර්ශණය සිග්මන් ෆ්‍රොයිඩ් ගේ මතයන්ට අනුව බහුල ලෙස සාකච්ඡා වේ. මව හා පුතු අතර ඇති විශේෂ සබැඳියාවත් ‘ඊඩිපස් සංකීර්ණය’ නම් වූ මනෝ භාවයක් බව ෆ්‍රොයිඩ් ඉදිරිපත් කල මතය නව්‍ය වූ ඉගැන්වීමක් නොවේ. අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ ‘මාතා පුත්ත’ සූත්‍රයෙහි හා අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ පළමු සූත්‍රයෙහි ද මේ පිළිබඳව මනාව විග්රහ කොට ඇත.
මහණෙනි, මේ ලෝකයෙහි පුරුෂයකුගේ සිත අලවන ස්ත්‍රී රූපය තරම් වෙනත් රූපයක් තවත් නැත්තේය. එපමණක් නොව, ස්ත්‍රී ශබ්දය තරම් ශබ්දයක් ද, ස්ත්‍රියකගේ සුවඳ තරම් වෙනත් සුවඳක්ද, ස්ත්‍රී රසය තරම් වෙනත් රසයක් ද, ස්ත්‍රියකගේ ස්පර්ශය තරම් වෙනත් ස්පර්ශයක් ද පුරුෂයකුට තවත් නැත්තේය. එසේම ස්ත්‍රියකට ද පුරුෂයකුගේ රූපය තරම් ශබ්දය, රසය, සුවඳ තරම් සිත අලවන තවත් දෙයක් නැත්තේමය.
කාමාස්වාදය පාලයන කරගැනීම සඳහා ඉතා වැදගත් උපදේශයන් සංයුක්ත නිකයේ, පංචරාජ සූත්‍රයෙහි8 දක්වා තිබේ. දිනක් කොසොල් රජතුමා සහ තවත් රජවරු පස් දෙනෙකු අතර සාකච්ඡාවක් විය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කාම වස්තූන් අතරින් අග්‍ර වන්නේ, ප්‍රධාන වන්නේ කුමක්ද යනු ඔවුන්ගේ සාකච්ඡාවේ මාතෘකාව විය. රජවරු සය දෙනාගේ මතය සය ආකාරයක් විය. කෙනෙක් රූපයත්, තවත් කෙනෙක් ස්පර්ශයත් බලවත්ම කාමය බවට අදහස් දැක්වූ අතර, මේ පිළිබඳව නිවැරිදිම මතය කුමක් දයි බුදුරදුන් හමු වී විමසූහ. භාග්‍යවතුන් වහන්සේ මෙහිලා දැක්වූ මතය විශේෂ වේ. උන් වහන්සේ දැක්වූයේ මේ හැම විටකදීම මනාපය අග්‍ර වන බවයි.
මෙයින් පැහැදිලි වන්නේ කාම වස්තූන් පිළිබඳ සැමටම එක සමාන වූ පොදු ලක්ෂණයක් නැති බවයි. ලිංගික ආශාව කෙනෙකුට ප්‍රභල විය හැක. තව කෙනෙකුට මත් පැන් ආශාව බලවත් විය හැක. තව කෙනෙකුට මේ හැම දෙයකටම වඩා සංගීතය පිළිබඳ ආශාව බලවත් විය හැක. සමහර විට කෙනෙකුට ස්ත්‍රියකගේ රූපය දෙස බලා සිටීමත්, තවත් කෙනෙකුට ඇගේ හඬ ඇසීමත්, ඇගේ ගඳ සුවඳ ආඝ්‍රාණය කිරීමත් ප්‍රදාන වනු ඇත. මෙසේ මනාපයම ප්‍රදාන වන බව බුදුරදුන්ගේ ඉගැන්වීමයි. ලිංගික ආශාවේ විවිධාකාර ස්වභාවයන් අනුව ඒ ඒ අයගේ ආශාවන් ද විවිධය. කෙලෙස් සතුරන් පරාජය කළ බුදුරදුන් ගේ සිත දිනා ගැනීමට මාර දූවරුන් තිදෙනා බුදුරදුන් ඉදිරියේ උස, මහත, කෘශ, ලාබාල, තරුණ, මැදි වියේ ආදී විවිද ස්වරූපයන් රූ මවා දැක්වූ අයුරු සාහිත්‍යයේ විස්තර වෙයි. මෙයින් පැහැදිලි කෙරෙන්නේ ලිංගික ආශාවේද, විවිධ මනාපයන් තිබෙන බවයි.
ලිංගික ආශාව හා, විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති අන්‍යොන්‍ය ආකර්ෂණය එදින උපන් දරුවාගේ පටන් එකසිය විසි වයස් ඇති මහල්ලා දක්වාත් පවත්න බව බෞද්ධ සාහිත්‍යයෙන් පෙන්වා දෙයි. “අසාතමන්ත්‍ර ජාතකය” මෙයට නිදසුනකි. එසේම ලිංගික ආශාව අවබෝධයෙන් පාලනය කළ යුතු මනෝභාවයක් වන අතර එය මර්දනය කළ යුතු දෙයක් නො වන බව “අසන්ඝ කුමාර” කථා වස්තුවෙන් පැහැදිලි කර දෙයි.
ලිංගික අපරාධ පිටු දැකීමේ මුවාවෙන් කෙරෙන ඇතැම් රූපවාහිනී වැදසටහන් කරන්නේ ලිංගික අපරාධ අප සමාජය තුළ වර්ධනය කිර්‍රමක් නො වේ දැයි පරීක්ෂාකාරී ව බැලිය යුතු ය. රටේ සිදු වී ඇතැ යි කියන ලිංගික අපරාධයන් තලු මරමින් ප්රතිනිර්මානය කරන පසුගිය කාලයේ තිබූ “ඇඟිලි සලකුණ” සහ මෑතක විකාශනය වන “යෙහෙළි” වැඩසටහන දෙස පරීක්ෂාකාරීව බැලුවොත් තාත්තා එක්කො බාප්පා, නැත්නම් මාමා විසින් පුංචි දුවක් දූෂණය කරයි. සමහර විටෙක අම්මා තම අනියම් සැමියාට ඒ සඳහා උදව් කරයි. මෙබඳු දෑ ශිෂ්ට ලෝකයක අදහාගත හැකි ද? මානව සම්බන්ධතා උඩු යටිකුරු කරන දුව තාත්තා ගැන සැකකරන තත්වයට මම් පිය දූ දරු සම්බන්ධය දෙදරවා හරී. වඩාත් පුදුමය වන්නේ මෙබඳු අමිහිරි අප්‍රසන්න සිදුවීම් ප්‍රතිනිර්මාණය කිරීමට වැඩිහිටියන් ඉදිරිපත් වීම යි. එසේ ම තමන්ගේ දරුවා ළමා නිළියක ලෙස මෙබඳු පිළිකුල් සහගත සිදුවීමකට සහභාගී කරවීමට අවසර දෙන දෙමාපියන් මෙ සමාජයේ සිටීම යි. ඊටත් වඩා පුදුමය මෙබඳු වැඩසටහන් නිර්මාණය කරන බලධාරින්ට සදාචාරයෙන් අවවාද අනුශාසනා දෙන උපදේශකයන්ට මේවා නොපෙනීම යි. සියා කෙනෙකුගෙන් තාත්තාගෙන් දූෂණයට පාත්‍ර වන දැරියක්ගේ චරිත නිරූපනයට ඉදිරිපත්වන දරුවන් ගැන ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවලට මානව අයිතිවාසිකම් සංවිධානවලට මේ දේවල් නො පෙනෙන්නේ ලිංගික ආශාව පිළිබඳ මනාපය ඔවුන්ගේ සිත් වෙලා සිටින නිසා විය හැක.
උපුටා ගැනීම
http://sathmaga.org/blog/desire-lasciviousness-and-criminal/
ටිකක් පරණ ලිපියක් උනත් දැන් සමාජයට බොහොම වැදගත් කියල හිතුන නිසා Elakiri එකේ සහෝදර සහෝදරියන් අතරේ බෙදාගන්න හිතුව