කාර්යක්ෂම උදුනක් හදා ගන්නා හැටි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාර්යක්ෂම උදුනක් හදා ගන්නා හැටි

    මුලින්ම කියන්න ඕනේ මම මේක ඉස්සුවේ ''මට හිතෙන හැටියට'' කියන අඩවියෙන්.
    දර ලිප් භාවිතා කරන විට තියෙන ප්‍රධාන ගැටලු වෙන්නෙ අවශ්‍ය දර සපයා ගැනීම සහ නිතර පිඹීම කල යුතු වීමත් නෙ.මෙන්න මේ දර ලිප පාවිච්චි කරනකොට නම් ඒ ප්‍රශ්න දෙකටම පිළියමක් යොදා ගන්න පුලුවන්.මෙතනදි වෙන්නෙ ෆෑන් එක මගින් එක සමාන වේගයෙන් සුළං ලිප තුලට ගලා ඒමට සලස්වන එක. ඒක නිසා දර හොදට ඇවිලෙනවා.ගින්දර පිටතට යෑමත් අවම නිසා අඩු ඉන්ධන දහනයකින් වැඩි වැඩ කොටසක් කර ගන්නත් පුලුවන්.
    Cooker.png

    අවශ්‍ය උපකරණ

    1)12 V ෆෑන් එකක් (175/-) සහ ඇඩැප්ටර් එකක්
    2)අගල් 6 ක පමණ එස්ලොන් බට කැබැල්ලක්
    3)යකඩ දැල් කෑල්ලක්
    4)ඉවත දැමූ ඇලුමිනියම් බදුනක්


    ලිප සාදා ගැනීමට ප්‍රමාණවත් මැටි පස්
    දහනය සදහා යොදා ගන්නෙ පොල් කටු අගුරු, ( දර කැබලි උනත් යොදා ගන්න පුලුවන්.)



    පින්තූර ටික බැලුවාම හදා ගන්න විදිහ හිතා ගන්න පුලුවන් වෙයි.

    DSC03166.JPG


    DSC03176.JPG


    DSC03168.JPG


    DSC03175.JPG

    අවශ්‍ය නම් ආධාරකයක් යොදා ගන්න පුලුවන්.හැබැයි එතකොට ශක්තිය අපතේ යෑමක් සිදුවෙනවා

    DSC03172.JPG


    මේ විදිහට තිබ්බාම නම් පොල්කටු දෙකක අගුරු වලින් විනාඩි 10 ක් වගෙ යනකොට වතුර එක රත් කරගන්න පුලුවන් උනා.

    DSC03178.JPG


    දැවී ඉතුරු අළු දැල මත රැදී ඇති ආකාරය.


    ඔයාලට මේක දියුනු කරන්න තව අදහස් තියනවද?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    එල මචන්, එක එකාට මඩ ගහන ත්‍රේඩ් පිරිලා තියෙන වෙලාවේ මේ වගේ වටින ත්‍රෙඩ් එකක් දැම්මට ස්තුතියි මචන් :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචන්, එක එකාට මඩ ගහන ත්‍රේඩ් පිරිලා තියෙන වෙලාවේ මේ වගේ වටින ත්‍රෙඩ් එකක් දැම්මට ස්තුතියි මචන් :)

    Thank You Machan :)