කාරුණික_හදවත්_වලට
පිංපඩියෙන් කුසගින්දර නිවා මධුභාෂිනී ශිෂ්‍යත්වයෙන් සමත් වුණා .............
අඳ මවුපිය දෙදෙනට පාර කියන්නට සිටින්නේද මේ දිරිය දියණියයි
මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 185ක් ලබාගත් දැරිය කුසගිනි නිවා ගන්නේ ආණ්ඩුවෙන් ලබා දෙන පිං පඩියෙනි. එය මාසයකට රුපියල් දහසකි. ඉතා අනුවේදනීය කතාන්තරයක් මේ දිරිය දැරිය සතුව තිබේ. අප ඒ කතාව සොයා ගන්නට අද (28) උදේ ඇය ඉගෙනුම ලබන පාසලටත්, ඇගේ නිවසටත් ගියෙමු....ඩබ්.එම්.රසානි දිලනිකා මධුභාෂිනීගේ වයස අවුරුදු 11කි. ඇයත්, ඇගේ මව සහ පියාත්, එකම අක්කණ්ඩියත් ජීවත් වන්නේකෑගල්ල,හිරුවානවත්ත,නියදුරුපොළ පිහිටි පැත්තක් කඩා වැටුණ ඉතා අබලන් ගේ කෑල්ලක ය.
මෙහි ඉතා දුක්මුසු දර්ශනය වූයේ පුංචි රසානි දිලනිකාගේ සහ ඇගේ අක්කණ්ඩිය වන සචිනි සඳුනිකා ලක්මාලි දැරියන්ගේ දෙමව්පියන් දෙදෙනාම අන්ධ බවින් යුක්ත වීමයි. පියා වූ ඩබ්.එම්.හේරත් බණ්ඩා මහතා උපතින්ම රැගෙන ආවේ අන්ධ දෑසකි. දැරියන්ගේ මව වූ ද හේරත් බණ්ඩා මහතාගේ බිරිඳ වූ ද ආර්.එම්.ලතා පද්මිණී මහත්මියට වයස අවුරුදු පහේදී මාන්දම රෝගය වැළඳී ඇත. ඉන්පසු ඇයට ද උරුම වූයේ අන්ධ භාවයයි. ඔවුන් දෙපොළ අන්ධ වුවත් දරු දෙදෙනා ලෝකය හොඳහැටි දැක්කාහ. තම දෙමව්පියන් ජීවිතය ගැට ගසා ගන්නට දරන දුක් කන්දරාව දුටුවහ. දුප්පත්කම පිටුදකින්නට තිබෙන එකම මග හොඳට ඉගෙන ගැනීම පමණක් බව මේ දැරියන්ට තේරෙන්නට ඇත. අන්ධ මවට සහ පියාට තම දරු දෙදෙනාගේ බඩගින්න නිවීම ද මහා ප්‍රශ්ණයකි. එහෙත් අසල්වාසීන් මෙම දරුවන්ගේ කුසගිනි නිවන්නට පමණක් නොව,බොහෝ විට ඔවුන්ට අඳින්නට ඇඳුම් පවා පරිත්‍යාග කළහ. ආණ්ඩුවෙන් රුපියල් දහසක පිංපඩියක් මේ පවුලට ලැබිණ. රුපියල් දහසකින් මේ අසරණ පවුල් ජිවත් වූයේ කොහොමදැයි අප නොඇසුවෙමු. මේ අතරේ සමෟද්ධියෙන් ද රුපියල් 900 ක මුදලක් ඔවුනට ලැබීම ඉමහත් අස්වැසිල්ලක් විය. වේලක් හැර වේලක් මොනවා හෝ ආහාරයට ගෙන ජීවත් වීම හැර වෙනත් බලාපොරොත්තු කිසිවක් මේ පවුල තුළ නොවීය. රසානී දිලනිකාගේ අක්කණ්ඩිය වූ සචිනි සඳුනිකාට ශිෂ්‍යත්වයෙන් සමත් වන්නට අඩු වූයේ ළකුණු හතරකි. එහෙත් ඇය දුක් නොවූවාය. තමන්ගේ නංගි කෙසේ හෝ ශිෂ්‍යත්වයෙන් සමාර්ථ කරවන්නට පුංචි අක්කණ්ඩි සිතට ගත්තාය. උපකාරක පංතිවලට යවනවා තබා තුන් වේලක් කන්න ක්‍රමයක් නැති බව දන්නා අක්කා, නංගිට පාසල් වේලාවෙන් පසු ගේ කෑල්ලේ අමතර පාඩම් කියා දෙන්නට පටන් ගත්තාය. තාත්තා කඩේ,පිලේ,පාරේ වැටී තිබෙන පත්තර කෑලි අසුලා ගෙනැවිත් දියණියට කියවන්නට දුන්නාය. දෑස් නොපෙනෙන පියා ඊළඟට කළේ තමන්ගේ පවුලේ දුක කියා මුද්‍රණය කළ ටිකට් පොත් ගෙන කෑගල්ල නගරයේ බස් රථවල,වෙළෙඳසල්වලට හා මහ පාරේ සිටිමින් ඒවා විකුණා කිසියම් මුදලක් සොයා ගැනීමයි. රසානි දිලනිකා අධ්‍යාපනය ලබන්නේ කෑගල්ල,වරකාපොළ අධ්‍යාපන කොට්ටාශයේ මාඉන්නොලුව විදුහලේ ය. එම විදුහලේ විදුහල්පති ජී.එම්.සෙනෙවිරත්න , පහ වසර පංති භාර ගුරුතුමා වන ආර්.කේ.ඩී.ජයතිලක ඇතුළු පාසලේ සියලුම ගුරුවර ගුරුවරියන් රසානි දිලනිකාටත්,ඇගේ සොහොයුරිය වන සචිනි සඳුනිකාටත් අවශ්‍ය පාසල් අභ්‍යාස පොත්, බෑග් වසරක් පාසා පරිත්‍යාග කළහ.එය 2012 වසරේද ඉටු විණ. ඒ මෙම දරුවා අධ්‍යාපන විෂයන් හී විශිෂ්ඨ සමත්කම් දක්වන බව ගුරු භවතුන්ට පෙනී ගිය බැවින් ය. මෙම පාසලින් මේ වසරේ දී පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසුන්ගෙන් දරුවන් 23 දෙනෙක් සමත් වී තිබේ. එහි ගෞරවය ද මෙම පාසලේ ගුරු මණ්ඩලයට හිමිය. මේ වයසේ සෙසු බොහෝ දරුවන් නොලබන දුකක් උරුම කරගෙන උපන් රසානි දිලනිකා ලැබූ මෙම ජයග්‍රහණයේ සතුට ඇය භුක්ති විඳින්නේ කඩා වැටුණ ගේ කෑල්ලේ,සුපුරුදු සීතල බිමේ හිඳිමින් ය.
සත්‍ය ගවේශණ - දිලිනිකා දැරිය සමිබන්ධව විස්තර
නම - ඩී එමි රාසානි දිලිනිකා මධුෂානි
වසය - අවුරැදු 11
පාසල - කැගල්ල /වරකාපොළ අධ්‍යාපන කොටිඨාසයේ මාඉන්නොලුව විදුහල
පදිංචිය - කෑගල්ල , හරැවානවත්ත , නියදුරැපොල
විදුහල්පති තුම - ඩී. එමි සෙනෙවිරත්න
පන්තිභාර ගුරැතුමා - ආර්. කේ. ඩි ජයතිලක
සමිබන්ධ කර ගත හැකි දුරකථන අංකය - 0716029861 (විදුහල්පති තුමා)
කෑගල්ල කලාප අධ්‍යාපන කාර්්‍යාලය - 0352222202
ඉහත සදහන් දුරකථන අංකය මෙම දරිය අධ්‍යාපනය ලබන විදුහලේ විදුහප්පති තුමාගේය. අපි ඔහු සමග පෞද්ගලිකව කථා කළ අතර රාසානිකා දියණියට පිහිටක් වීමට කැමති ඔබ මෙම විදුහල්පති තුමාගේ දුරකථන අංකයට අමතා වැඩි විස්තර දැන ගන්න. විදුහල් පති තුමා සමග සාකචිචා කර හෝ එම විදුහලට ගොස් හෝ ඔබට ඇයට උදවි කළ හැකි ආකාරයක් දැන ගන්න. එසේම ඔබට කෑගල්ල කලාප අධ්‍යාපන කාර්්‍යාලය අමතාද මේ පිළිබදව විමසීමි කළ හැකිය.