කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්⚡⚡⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනක් නිකුත් කර තිබේ.

    අද (30) පස්වරු 1.30 සිට රාත්‍රී 11.00 තෙක් එම නිවේදනය වලංගු වේ.

    ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    මේ අතර තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සම දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    1.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කාලගුණේල කට ඇරියොත් ඉවරයි.
    මැයි අග වෙනකල් ගිනි කට්ටෙට පායනව කිවුව... කිවුව දා ඉඳන් වහිනව දොඹෙන් යන්න...

    දැන් හෙන ගහනවලු...,
    නිවුස් එක කියවල ඉවරකරන්න හම්බවුනෙත් නෑ,
    ආපු වැහි කළුවත් ගිහිල්ල දැන් අවුවකුත් පායන්න ගත්ත...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,475
    113
    Colombo, Sri Lanka
    කාලගුණේල කට ඇරියොත් ඉවරයි.
    මැයි අග වෙනකල් ගිනි කට්ටෙට පායනව කිවුව... කිවුව දා ඉඳන් වහිනව දොඹෙන් යන්න...

    දැන් හෙන ගහනවලු...,
    කිවුව ගමං, ආපු වැහි කළුවත් ගිහිල්ල දැන් අවුවකුත් පායන්න ගත්ත...
    මිස්ලා ගේ පළාත් සභාවෙන වැස්සට හරියට සල්ලි ගෙවලා නැහැ ඒකයි ඔය........ :P
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කාලගුණේල කට ඇරියොත් ඉවරයි.
    මැයි අග වෙනකල් ගිනි කට්ටෙට පායනව කිවුව... කිවුව දා ඉඳන් වහිනව දොඹෙන් යන්න...

    දැන් හෙන ගහනවලු...,
    නිවුස් එක කියවල ඉවරකරන්න හම්බවුනෙත් නෑ,
    ආපු වැහි කළුවත් ගිහිල්ල දැන් අවුවකුත් පායන්න ගත්ත...
    නුඹ තෙමෙයි කියා බයයි, වැසි වසියි සුලං හමයි....😅 😋
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    කාලගුණේල කට ඇරියොත් ඉවරයි.
    මැයි අග වෙනකල් ගිනි කට්ටෙට පායනව කිවුව... කිවුව දා ඉඳන් වහිනව දොඹෙන් යන්න...

    දැන් හෙන ගහනවලු...,
    නිවුස් එක කියවල ඉවරකරන්න හම්බවුනෙත් නෑ,
    ආපු වැහි කළුවත් ගිහිල්ල දැන් අවුවකුත් පායන්න ගත්ත...
    It's quite a long time since the phrase "Kaalagunaya pilibamdawa Apoorva Niwedanaya" was coined.
     
    Last edited: