කාලය අවකාශය බුදු දහම සහ බිග් බෑන්ග් ගැන ප්‍රශ්නයක්

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    එක පාරට නං තේරෙනව සමහර ඒව. එක වෙන්නේ වචන තේරුම දන්න කෑලි ආවම එකතු වෙලා අදහසක් එනවා ඒ අදහස acceptable නං හරි. අදහස පැහැදිලි නොවුණොත් නං සිංහල ඉංග්‍රීසි ඔක්කෝම බලනවා ඒත් බැරි නං මේ වගේ අහනවා.
    මේක තව දියුණු වෙනකොට ගොඩක් තැන් වල තියෙන සිංහල අටුවා වල නිරුක්ති බාහිර පැහැදිලි කිරීම විතරක් කියල අවබෝද වෙන්න පටන් ගනී. බුද්ධ ධර්ෂණය කියන්නේ ආගමක් නෙමේ කියන එක එතකොට වැටහෙයි.

    User නෙම් එක අමතක වෙලා තිබ්බේ මෙංශ කරන්න දැකලා ආව එකට ස්තූතියි
    ------ Post added on Jan 6, 2024 at 8:13 AM
    කාලය අවකාශය ඒකට හටගෙන එකට මියෙනවා.වෙනස් වෙනස් විශ්ව තල හටගන්නා ආකාරයත් ඒවායේ කාල හා අවකාශ අනන්න්ය බවත් මේ විශ්වය කාලයත් අවකාශයත් නොනවත්වා හටගැනීම තුල පුළුල් වන බවත් එසේ හටගැනීමට හේතුත් ධර්ෂණය තුල තියෙනවා. එය දවසක ඔබට අවබෝද වෙන බව නියතයි.(හේතුවක් ඇතුව එහෙම කිවුවේ)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ ඒ ගැන මගේ දැනුමට අනුව,

    මම හිතන්නේ කාලය කියලා දෙයක් ගැන ඒකල මිනිස්සු ගාව වැඩියම උනන්දුවක් තිබිලා නැහැ වගේ. කාලය කියන දේ කරලියට ගොඩාක් ආවේ මම හිතන්නේ නූතන විද්‍යාව ජනප්‍රිය උනාට පස්සේ.(සමහර විට මම වැරදි ඇති. Who knows)

    කාලය ගැන බුදුදහමෙ සර්වාස්තිවාදය, ථේරවාදය (විභජ්ජවාද), සෞත්‍රාන්ත්‍රික සහ මධ්‍යමික කියන සම්ප්‍රදායන් ගැඹුරින් කතා කරලා තියනව. සාර්වස්තිවාදය ජාති, ස්ථිති, ජරා, නාශ වශයෙන් කාල හතරක පැවැත්මත්, ථේරවාදය උත්පාද ඨිති භංග ආදී කාල තුනක් පෙන්වාදිය හැකි බවත්, සෞත්‍රන්ත්‍රිකයන් කාල දෙකක් පෙන්විය හැකි බවත්, මධ්‍යමක දර්ශනය කාලය කියන සංකල්පයේ "ශූන්‍යත්වයත්" ඉස්මතු වෙන විදිහට කතා කරලා තියනවා. මෙතනින් ථේරවාදයත්, සෞත්‍රාන්ත්‍රික සහ මාධ්‍යමික දර්ශනයත් සාර්වස්තිවාද කාල පැවැත්ම ප්‍රතික්ෂේප කරනව.

    මීට කලින් හිටපු වෛදික ආගමික ශාස්තෘවරුන් කාලය කියන සංකල්පය ගැන කතාකරලා තියෙන බවට සැකයක් නැහැ. ඒ අය කාලය ගැන කතා කලේ කොයි කොයි විදිහටද කියලා සඳහන් කරන්න කියවලා මතකයක් නැහැ. නිරුත්තිපථ සූත්‍රයේ බුදුන් කියනවා එදා භාරතයේ ප්‍රසිද්ධ උග්‍ර Nihilist ආගමික ගුරුවරු දෙදෙනෙක් පවා මේ කාල තුන ප්‍රතික්ෂේප කලේ නැහැ කියලා.

    Even those wanderers of the past, Vassa and Bhañña of Ukkalā, who adhered to the doctrines of no-cause, inaction, and nihilism, didn’t imagine that these three scopes of language should be criticized or rejected
    - නිරුත්තිපත සූත්‍රය.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    මේක තව දියුණු වෙනකොට ගොඩක් තැන් වල තියෙන සිංහල අටුවා වල නිරුක්ති බාහිර පැහැදිලි කිරීම විතරක් කියල අවබෝද වෙන්න පටන් ගනී. බුද්ධ ධර්ෂණය කියන්නේ ආගමක් නෙමේ කියන එක එතකොට වැටහෙයි.
    🙏🙏
    කාලය අවකාශය ඒකට හටගෙන එකට මියෙනවා.වෙනස් වෙනස් විශ්ව තල හටගන්නා ආකාරයත් ඒවායේ කාල හා අවකාශ අනන්න්ය බවත් මේ විශ්වය කාලයත් අවකාශයත් නොනවත්වා හටගැනීම තුල පුළුල් වන බවත් එසේ හටගැනීමට හේතුත් ධර්ෂණය තුල තියෙනවා. එය දවසක ඔබට අවබෝද වෙන බව නියතයි.(හේතුවක් ඇතුව එහෙම කිවුවේ)
    මම හිතාගෙන හිටපු විදියක් සම්පුර්නයෙන්ම බිමටම සමතලා උනා මේ කාලය වෙනස් වීම් වලට මුල නෙවෙයි වෙනස් වීමයි කාලයට මුල කියන එකෙන්. මම සංසාරය කියන එක ගැන හිතන් හිරියේ රේඛාවක තියෙන එකක් විදිහට connection ටික. දැන් එක හැම තැනකම පැටලුන ලොකු නුල් බෝලයක් 🤔
     
    • Like
    Reactions: NRTG and lankalk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    කිසිම වෙනස්කමක් (events) අපිට නිරීක්ෂණය කරන්න බැරි නං කාලයක් අපිට හදාගන්න විදියක් නෑ නේ එතකොට.
    ------ Post added on Jan 6, 2024 at 5:41 AM

    ඔතන නිරික්ශනය කිරිමට වැඩිය, නිරීක්ශන අතර සම්බන්දතාවය තමයි හේතුවෙන්නෙ...නිරික්ශන දෙක ඉන්ඩිපෙන්ඩෙන්ට් විදිහට ගන්න පුලුවන් නම් කාලය කියල හැගීමක් එන්න විදිහක් නැ..

    උදාහරනයකට කිසිම දෙයක් මතක හිටින්නෙ නැති කෙනෙකුට ඉවෙන්ට් දෙකක වෙනසක් හදුන ගන්න බැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ඔතන නිරික්ශනය කිරිමට වැඩිය, නිරීක්ශන අතර සම්බන්දතාවය තමයි හේතුවෙන්නෙ...නිරික්ශන දෙක ඉන්ඩිපෙන්ඩෙන්ට් විදිහට ගන්න පුලුවන් නම් කාලය කියල හැගීමක් එන්න විදිහක් නැ..

    උදාහරනයකට කිසිම දෙයක් මතක හිටින්නෙ නැති කෙනෙකුට ඉවෙන්ට් දෙකක වෙනසක් හදුන ගන්න බැ
    ඔව් නේ මම දැන් නං ඔයාව දකින්න මට ඊට කලින් ඔයා කොහොමද කියන එක දැනගෙන හිටියා නං විතරයි කියන්න පුළුවං අහ් ඔයා වෙනස් වෙලානේ කියන එක.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මම හිතාගෙන හිටපු විදියක් සම්පුර්නයෙන්ම බිමටම සමතලා උනා මේ කාලය වෙනස් වීම් වලට මුල නෙවෙයි වෙනස් වීමයි කාලයට මුල කියන එකෙන්. මම සංසාරය කියන එක ගැන හිතන් හිරියේ රේඛාවක තියෙන එකක් විදිහට connection ටික. දැන් එක හැම තැනකම පැටලුන ලොකු නුල් බෝලයක් 🤔
    නුල් බෝලේ එක කොනක් පෙන්න තියෙන නිසා ඒක අල්ලගන්න.දෙවනුව පලවෙනි ගැටේ මොන වගේද කියල බලන්න.පලවෙනි ගැටේ ලිහා ගන්න බැරි උනොත් දෙවෙනි ගැටේ ලිහනවා බොරු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    නුල් බෝලේ එක කොනක් පෙන්න තියෙන නිසා ඒක අල්ලගන්න.දෙවනුව පලවෙනි ගැටේ මොන වගේද කියල බලන්න.පලවෙනි ගැටේ ලිහා ගන්න බැරි උනොත් දෙවෙනි ගැටේ ලිහනවා බොරු.
    🙏🙏
     
    • Like
    Reactions: NRTG and lankalk

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    5. Doctrines of Fortuitous Origination (Adhiccasamuppannavāda): Views 17–18​

    “There are, bhikkhus, some recluses and brahmins, who are fortuitous originationists, and who on two grounds proclaim the self and the world to originate fortuitously. And owing to what, with reference to what, do these honourable recluses and brahmins proclaim their views?

    “There are, bhikkhus, certain gods called ‘non-percipient beings.’ When perception arises in them, those gods pass away from that plane. Now, bhikkhus, this comes to pass, that a certain being, after passing away from that plane, takes rebirth in this world. Having come to this world, he goes forth from home to homelessness. When he has gone forth, by means of ardour, endeavour, application, diligence, and right reflection, he attains to such a degree of mental concentration that with his mind thus concentrated he recollects the arising of perception, but nothing previous to that. He speaks thus: ‘The self and the world originate fortuitously. What is the reason? Because previously I did not exist, but now I am. Not having been, I sprang into being.’

    “This, bhikkhus, the Tathāgata understands. And he understands: ‘These standpoints, thus assumed and thus misapprehended, lead to such a future destination, to such a state in the world beyond.’ He understands as well what transcends this, yet even that understanding he does not misapprehend. And because he is free from misapprehension, he has realized within himself the state of perfect peace. Having understood as they really are the origin and the passing away of feelings, their satisfaction, their unsatisfactoriness, and the escape from them, the Tathāgata, bhikkhus, is emancipated through non-clinging.

    “These are those dhammas, bhikkhus, that are deep, difficult to see, difficult to understand, peaceful and sublime, beyond the sphere of reasoning, subtle, comprehensible only to the wise, which the Tathāgata, having realized for himself with direct knowledge, propounds to others; and it is concerning these that those who would rightly praise the Tathāgata in accordance with reality would speak.

    බුදු හාමුදුරුවෝ ඇරෙන්න වෙන කෙනෙක් කියන කිසිම දෙයක් බුදු දහම කියන්න බැහැ ,

    එක එක අතීතයේ හිටපු ප්‍රසිද්ධ චරිත ,හාමුදුරුවෝ (රහත් හෝ නැති ) කිව්ව දේවල් බුදු දහම නෙමේ , ඒවා ඒ අයගේ මත හෝ විස්තර කිරීම් .

    සාරිපුත්ත රහතන්වහන්සේ (මේකේ මොන රහතන් වහන්සේද කියන එක වෙනස් වෙන්න පුළුවන් මතක විදිහට නම් කිව්වේ ) මැරෙන්න ඉන්න බමුණෙක් හම්බ වෙනවා , ඒ බමුණා බ්‍රහ්මය අදහන කෙනෙක් , බමුණා රහතන්වහන්සේ ගෙන් අහනවා මහා බ්‍රහ්මය ලඟට යන්නේ කොහොමද කියල. මාහ බ්‍රහ්මය කියන තාම ලෝකේ මැව්වා කියන ජීවියා ඉන්න ලෝකේ ඉපදෙන්නේ බ්‍රහ්ම විහාර පුරුදු කරපු අය නිසා , රහතන්වහන්සේ බමුණට බ්‍රහ්ම විහාර කියා දෙනවා (මතක විදිහට බමුණා මැරිලා බ්‍රහ්ම ලෝකේ ඉපදිනවා ) .
    බුදු හාමුදුරුවෝ රහතන්වහන්සේ ට කියනවා අයෙත් එහෙම කරන්න එපා කියල , සියලුම දේශනා වල අරමුණ වෙන්න ඕන චතුරාර්ය සත්‍යය අවබෝද කර ගන්න එක ,ඒ විදිහට චතුරාර්ය දේශනා කරන්න කියනවා .
     
    එහෙම නම් මුලු පාලි පිටකයම හලන්න වෙයි කියන්න පුලුවන් සමහරු. මොකද පාලි පිටකය (සූත්‍ර) කියන්නෙ ආනන්ද හාමුදුරුවො මුල්වෙලා බුදුන් පිරිණවන් පෑවාටත් පසුව, "මා මෙසේ අසන ලදී" කියලා කරපු සංග්‍රහ කිරීම්. ආනන්ද, මහා කසුප් ආදී මහා තෙරවරුන්ටත් ධර්මය වරදින්න ඉඩ තියෙන්න පුලුවන් නේ?

    මොකද අද අපිට තියෙන්නෙ ඒ ආනන්ද, කාශ්‍යප ආදී තෙරුන් මුල්වෙලා එකතැනකට එකතුකරලා පිලිවෙලකට සකස් කරපු "බුදුන් කිව්වා යැයි සම්මත" සූත්‍ර රාශියක්.
     
    hari e theenne budu hamuduruwo kiwwa eka, mama eka wiswasa karanne pitakaya sakas karapu rahathanwahanselata budu hamuduruwo kiyapu de dala tripitakaya sakas kirimedi waradim wenna baha kiyana wishawasaya uda. saha sarnsha gatha karapu dewal theenawa nam ewa kisima ayurakin wikirthi nowenna saransha gatha karanna hakiyawak theenawa kiyana mata theena wisawasaya nisa.

    natuwa , adu tharame budu hamuduruwo hitapu kalewath nowana, prasidda aya kiyapu dewal budu dhama kiyana eka neme . e dewal methumage mathaya, me hamuduruwonge mathaya , ho analysis eka widihata kiyanna ona.
    aniwaryen gamuburu dewal therum ganna ehema hitapu aya kiyapu dewal watinawa.

    eth eka pahadili wenna ona meka budu hamudurueo kiyapu part eka meka wicharayak, meka me hamuduruwo kiyapu eka etc.

    lankawe oka wenama kiyana eka thawath ehata gihin kaviyo ,kalakarayo kiyapu dewaluth budu dahama widihata yanawa eka gana adahasa kiwwe.

    lanakwe baudhdha athi bahuthataya kalawa sahithya budu dahama kiyala hithan inne.
    hamadama bana ahena ratak kiwwata 90% bahitharaya ahnne guna katha rasa katha. e gana kiwwe.
     
    • Like
    Reactions: NRTG

    ආහ් හරි. සන් ගොකු අවසානයට කියන කාරණය අනුමත කරන ගමන්ම මෙහෙම කියන්නම්. ග්‍රීන්තන්ඩර් උනත් ඉස්සෙල්ලම කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට යන්න පෙලඹෙන්න ආසන්නම හේතුව වෙන්නෙ පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන් වහන්සේගේ "සූවිසි මහා ගුණය" පොත කියවීම. දැන් මෙහෙම කතාකලාට, ඒ ගුණ කතාව කියෙව්වම තමා මේක කරලා බලන්න ඕනෙ කියන අදහස හිතට ආවෙ. මතක විදිහට ඕක හෙළයෙක් එක්කම අපි කතාකලා ඇයි මෙහෙම දාන, පුදපූජා සහ සහිත්‍යක් බෞද්ධ සංස්කෘතියක ගොඩනැගෙන්නෙ කියලා.
     
    පොඩි කලේ බුදු දහම ගැන ප්‍රශ්න අහද්දී ලැබුන උත්තර කිසිම sense නැති ඒවා වගේ තේරුනේ ඒකට හේතුව කලාව etc පටලවාගෙන නිසා ගොඩක් තැන වල තිබ්බේ .

    එත් ගෙදර තිබ්බ රේරුකානේ හමුදුරුවොන්ගේ පොත් පොඩි කලේ බලපු නිසා තමයි තව බලන්න ගත්තේ හේතුව ඒ පොත් වල පැහැදිලිව විස්තර කරලා තීන නිසා..

    මගේ අදහස සහිත්‍ය(ධර්මය විස්තර කරන පොත් නෙමේ කවි හෝ සාහිත්‍යමය දේවල් ගොතපු කතා etc ) නිසා උන හානියකුත් තීනවා.
     
    විෂය ගැන කැමැත්ත ඇති වෙන්න ඕනිම විෂයකට ඔය වගේ කොටස් එකතු කරනවා. විෂයේ පරතෙරට ගියාම ඒ ටික අයින් කර්න්න කියල ඉල්ලන ඒක සාධාරණ නෑ කියලා මට හිතෙන්නේ

    මෙතන තියෙන ලොකුම අවුල බිග් බෑන්ග් එක ෆැක්ට් එකක් විදියට ගන්න එක
    එක මිස් උනා.
    ------ Post added on Jan 6, 2024 at 4:56 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    පොඩි කලේ බුදු දහම ගැන ප්‍රශ්න අහද්දී ලැබුන උත්තර කිසිම sense නැති ඒවා වගේ තේරුනේ ඒකට හේතුව කලාව etc පටලවාගෙන නිසා ගොඩක් තැන වල තිබ්බේ .

    එත් ගෙදර තිබ්බ රේරුකානේ හමුදුරුවොන්ගේ පොත් පොඩි කලේ බලපු නිසා තමයි තව බලන්න ගත්තේ හේතුව ඒ පොත් වල පැහැදිලිව විස්තර කරලා තීන නිසා..

    මගේ අදහස සහිත්‍ය(ධර්මය විස්තර කරන පොත් නෙමේ කවි හෝ සාහිත්‍යමය දේවල් ගොතපු කතා etc ) නිසා උන හානියකුත් තීනවා.

    එහෙමත් දකින්න පුලුවන්. මොනවද ඒ කවි හෝ සාහිත්‍ය පොතපත කියලා කතා නොකර බ්ලැන්කට් ස්ටේට්මන්ට් එකක් දාන්න අකමැතියි.
     
    • Like
    Reactions: Son Goku and NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හරි. එතකොට ඒ මතයට අනුව කාලයට ආරම්භයක් සහ අවසානයක් විතරයි තියෙන්නේ නේ.

    නෑනේ කාලයට ආරම්භයක් හෝ අවසානයක් නෑ වගේම "කාලයට පෙර පසු" කියල දේකුත් නෑ. ආරම්භය අවසානය පෙර පසු මේ ඔක්කොම කාලය හා බැඳුනු සංකල්පනේ එතකොට කාලය නැති තැන ඔය මොකුත් වලංගු නෑ. කාලය පැවතීම සහ නොපැවතීම විතරයි තියෙන්නේ, ඒ නොපවතින කොටසේ පෙර, පසු, ආරම්භය, අවසානය මේ මොකුත්ම නෑ.

    ඔය කාලය නොමැති කොටසට අපිට හරියට භාෂාවේ නමක් වත් නෑ මොකද පෙර අපරදිග විද්‍යා ආගම් ඔක්කොම කොර වෙන තැනක් ඕක. කාලය නැති වීම කියන්නේ අපේ පදනම ගලවල අත ඇරියා වගේ දෙයක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    නෑනේ කාලයට ආරම්භයක් හෝ අවසානයක් නෑ වගේම "කාලයට පෙර පසු" කියල දේකුත් නෑ. ආරම්භය අවසානය පෙර පසු මේ ඔක්කොම කාලය හා බැඳුනු සංකල්පනේ එතකොට කාලය නැති තැන ඔය මොකුත් වලංගු නෑ. කාලය පැවතීම සහ නොපැවතීම විතරයි තියෙන්නේ, ඒ නොපවතින කොටසේ පෙර, පසු, ආරම්භය, අවසානය මේ මොකුත්ම නෑ.
    ඕක ටිකක් දේවියන් විශ්වය මැව්ව මවන්න පෙර මොකවත් නෑ වගේ කතාවක් නෙවේද? (@Rontmir මම කිව්ව එක හරිද මැවීම ගැන)
    කොහොම උනත් ඕක මතයක් විතරයි නෙ තාම Fact එකක් නෙවෙයි නෙ
    ඔය කාලය නොමැති කොටසට අපිට හරියට භාෂාවේ නමක් වත් නෑ මොකද පෙර අපරදිග විද්‍යා ආගම් ඔක්කොම කොර වෙන තැනක් ඕක. කාලය නැති වීම කියන්නේ අපේ පදනම ගලවල අත ඇරියා වගේ දෙයක්.
    වෙනසක් නැත්තං කාලයක් ඕනි නෑ කියලා එතකොට හරි පදනමක් නෑ. අපේ බේස් එක කාලය නෙවෙයි හැබැයි වෙනස. වෙනස පැැදිලි කරගන්න ගත්ත වස්තුවක් විතරයි කාලය. එක භෞතික දෙයක් නෙවෙයි. ඔහොම තමා මට දැන් පැහැදිලි වෙලා තියෙන්නේ මේ උඩ අහපු කොටස් සහ කලින් කියවල තියෙන ඤාණවිභාග කොටස් එක්ක බුද්දාගම පැත්තෙන්.
     
    • Like
    Reactions: NRTG