කාලය අවකාශය බුදු දහම සහ බිග් බෑන්ග් ගැන ප්‍රශ්නයක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    බුකියෙන් ගතෘතේ මේක පහළ ඇති ලින්ක් එක. පෘෂ්න ඊට පහලින්

    බිග් බෑන්ග් එකට කලින් 'පදාර්ථය' කොහෙද තිබුනෙ? කියල ප්‍රශ්නයක් දැක්ක. මේ ප්‍රශ්නෙ ඇහෙන්න හේතුව තමයි බින්ග් බෑන්ග් එකට කලින් කාලය හා අවකාශය "කොහෙද තිබුනෙ?" කියන ගැන නොසිතීම.
    .
    .
    සියල්ලේ "පැවැත්ම" big-bang singularity එකෙන් ඇරඹුනා කිව්වාම, එතැන කියවෙන්නෙ "අවකාශය" මෙන්ම "කාලයේ" පැවැත්මද ඇරඹුනෙ එතැනින් කියන එක. මේක නිකන් දාර්ශනික ආතල් එකක් විතරක් නෙමෙයි. ගණිත සමීකරන ලියල තියෙන කතාවක් නෙ. නිව්ටන්ගෙ කැලසිකල් මිකැනික්ස් වලදි "කාලය" කියන්නෙ නිරපේක්ෂව ගලා යන දෙයක්. නිව්ටන්ගෙ විතරක් නෙමේ එදා මෙදා තුර පෙරදිග අපරදිග හැමෝගෙම ලෝක දැක්ම තුල කාලය ගැන තිබුනෙ එහෙම අදහසක්. ක්ලැසිකල් ෆිසික්ස් වල අවකාශය කියන්නෙ නිරපේක්ෂව පවතින දෙයක්. එදා මෙදා තුර පෙරදිග අපරදිග හැමෝගෙම ලෝක දැක්ම තුල අවකාශය ගැනත් තිබුනෙ එහෙම අදහසක්.
    .
    .
    මේක වෙනස් වූ තැන තමයි අයින්ස්ටයින්ගෙ සාපෙක්ෂතාවාදය. කාලය හා අවකාශය කියන්නෙ සියලු අනෙක් පැවැත්ම වලින් ස්වායත්ත නිරපේක්ෂ දෙයක් කියන නිව්ටෝනියානු අදහස (පෙරදිග සියලුම දර්ශන ගුරුකුල තුලත් කාලය හා අවකාශය නිරපේක්ෂයි) සම්පූර්ණයෙන්ම වෙනස් උනා.
    .
    .
    කාලය හා අවකාශයෙ පටන් ගැන්ම big bang singularity එක කියල කිව්වට පස්සෙ "ඊට කලින් මොනවද තිබුනෙ", "ඊට කලින් පදාර්ථය කොහෙද තිබුනෙ" වගෙ ප්‍රශ්න වැලීඩ් නෑනෙ. ඔය ප්‍රශ්න අහන්නෙම "කාලය" හා "අවකාශය" හැමදාම නිරපේක්ෂව පවතී කියන නිවුටෝනියානු ක්ලැසිකල් මයින්ඩ්සෙට් එකේ ඉඳගෙන. ඒ කියන්නෙ තාම අයින්ස්ටයින් කියපු දේ තේරිලා නෑ.
    .
    .
    බයිදවෙ big bang singularity එක ගැන අදහස අයින්ස්ටයින් ඉදිරිපත් කල එකක් නොවන බවත් කියන්න ඔනෑ. ඇත්තටම අයින්ස්ටයින්ගෙ ජීවිතේ කරපු ලොකුම වරදක් ලෙස ඔහු පසුවට පිලිගත් cosmological constant එකක් දාල විශ්වයේ පැවැත්ම ස්ථිර සදාකාලික එකක් කරන්න හැදුව උත්සාහය ඒ කාලෙ විශ්වයේ ප්‍රසාරණය ගැන එම්පිරිකල් එවිඩන්ස් නොතිබුන නිසා වෙච්ච එකක්. ඇත්ත්ටම පසුවට ඒ බව හොයාගත්තාම cosmological constant එක ගලවල වැඩේ ක්ලීන් අප් කලාට පස්සෙ අප දකින විශ්වය අයින්ස්ටයින්ගෙ සමීකරණ තුලට වඩාත් ලස්සනට ෆිට් උනා. ඒ සමීකරණ වල වලින් කියවෙන දේ තමයි big-bag එක. cosmic microwave background radiation (CMB) ඇතුලු වෙනත් සාධක විශාල ප්‍රමාණයකිනුත් ඒ තියරිටල් big-bang එක ගැන අදහස එම්පිරිකලිත් වැලිඩේට් වෙනවා.
    .
    .
    පැවැත්ම විස්තර කරන්න "චක්‍රීය" චින්තන අත්‍යාවශ්‍ය වෙන්නෙ කාලය හා අවකාශය නිරපේක්ෂයි කියල ගත්තොත්. කාලය මෙන්ම අවකාශයද emergent properties කියල ගත්තට පස්සෙ චක්‍ර වල "අත්‍යාවශ්‍ය" බව නැතිවෙනවා.
    .
    .
    වැඩිදුර කියවවීම සඳහා:
    .
    .
    Singularity කියන එක ගැන න්‍යායාත්මක භෞතික විද්‍යාව දෙන ඩෙෆිනිෂන් එක බලන්න
    .
    .
    Laurence Kraus ගෙ "Nothing" ගැන ඩෙෆිනිෂන් එකත් බලන්න
    .
    .
    රිට්ටා මේ එකක් වත් ඇකඩමිකලි හදාරන්නෙ නැතුව පොත පත ඇසුරෙන් කියන කතා නිසා පෝස්ට් එකේ වැරදි තියෙනවානම් හදන්න.

    https://www.fac ebook.com/100001954082122/posts/pfbid0JHqFBFJ6UYVrWkCiDf96RUdmtJ5SYoTpEHsYf5yrT99NvhgCwVgeHKurNg2NJuQ9l/?mibextid=Nif5oz

    @greenthunder @S_M_S @ek_rosh @Emios @Rontmir මේකේ කියන විධියට කාලය අවකාශය නිරපේක්ෂ විදියටද බුද්ධ ධර්මයට අනුව ගන්නේ. ? මට ඒ කතාව පැටලිලි සහගතයි. කාලය කියන්නෙත් අපි පනවා ගන්න දෙයක් විදියට නේ ගන්නේ

    @Edward Kenway @lovethebomb @dilann මේකේ මේ අයින්ස්ටයින්ගේ අදහස කොටස හරිද? එතකොට මේ හැම එකක්ම මුල අහම්බයක් වගේ අදහසක්ද එතන තියෙන්නේ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බ්‍රහ්මය කියන ජීවියා කම්මැලිකමේ ඉන්නකොට කව්රුහරි හිටිය නම් හොදයි කියල හිතුවම , බ්‍රහ්මය හිතුව නිසා නෙමේ . ඒත් ආයුෂ හෝ කර්මය ඉවර වෙලා වෙන කෙනෙක් උඩ බ්‍රහ්ම ලෝකෙකින් ඇවිත් ඉපදුනාම , තමන් හිතුව නිසා කම්මැලිකමට තව කෙනෙක් හිතුව නම් හොදයි කියන එක . ඒ නිසා තමන් අනිත් ජීවියෝ මැවුව වගේ වැරදි මතයක් වගේ වෙනවා ,

    ps - උඩ කතාව අපි පිළිගන්නේ සූත්ත වල තීන නිසා . එක විශ්වාසය මත පදනම් උන දෙයක්

    science ගත්තම ඕනවට වඩා තීන සාක්ෂි නැතුව ,
    කට්ටිය තීන සාක්ෂි ටික පදනම් කරගෙන කියන theories ඇත්ත විදිහට සලකන්න ගත්තම අවුල් ,
    දැනට විශ්වය ප්‍රසාරණය වෙනවා කියන එක පැහැදිලි . ඒක සාක්ෂි තීන දෙයක් , ඒත් ප්‍රසාරණය වෙන්න කලින් තිබ්බ එක ගැන කියන මත සාක්ෂි නෙමේ මත.

    අනිත් එක mathematically true කියන්නේ ඇත්තට true කියන එක නෙමේ

    බුදු දහම ගැනත් තීන නිසා , කරලා බලන්න පුළුවන් එකට තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය තීන්නේ ,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    :dull:
    Whatever recluses or brahmins, bhikkhus, are speculators about the past or speculators about the future or speculators about the past and the future together, hold settled views about the past and the future, and assert various conceptual theorems referring to the past and the future, all of them do so on these sixty-two grounds or on a certain one of them. Outside of these there is none.

    103. "This, bhikkhus, the Tathāgata understands. And he understands: 'These standpoints, thus assumed and thus misapprehended, lead to such a future destination, to such a state in the world beyond.' He understands as well what transcends this, yet even that understanding he does not misapprehend. And because he is free from misapprehension, he has realized within himself the state of perfect peace. Having understood as they really are the origin and the passing away of feelings, their satisfaction, their unsatisfactoriness, and the escape from them, the Tathāgata, bhikkhus, is emancipated through non-clinging.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Bored Wait GIF by FirstAndMonday
     
    උබව අමතක උනා මෙන්ෂන් කරන්න. ස්තූතියි පිළිතුරට
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    @greenthunder @S_M_S @ek_rosh @Emios @Rontmir මේකේ කියන විධියට කාලය අවකාශය නිරපේක්ෂ විදියටද බුද්ධ ධර්මයට අනුව ගන්නේ. ? මට ඒ කතාව පැටලිලි සහගතයි. කාලය කියන්නෙත් අපි පනවා ගන්න දෙයක් විදියට නේ ගන්නේ

    එතන එයා චක්‍රීය චින්තනය කියල අදහස් කරන්නෙ මොකක්ද කියලා අහන්න වෙනව. සාමාන්‍යයෙන් තේරවාදය තුල කාලය ගැනෙන්නේ ප්‍රඥ්ඥප්තියක් විදිහට. ග්‍රීන්තන්ඩර් කාලය දකින්නෙත් නාමරූප අත්දැකීම තුල, අපි විසින් ගොඩනගා ගන්නා/සකස්වෙන පනවා ගැනීමක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    එතන එයා චක්‍රීය චින්තනය කියල අදහස් කරන්නෙ මොකක්ද කියලා අහන්න වෙනව. සාමාන්‍යයෙන් තේරවාදය තුල කාලය ගැනෙන්නේ ප්‍රඥ්ඥප්තියක් විදිහට. ග්‍රීන්තන්ඩර් කාලය දකින්නෙත් නාමරූප අත්දැකීම තුල, අපි විසින් ගොඩනගා ගන්නා/සකස්වෙන පනවා ගැනීමක්.
    ප්‍රඥ්ඥප්තියක් ඒ කියන්නේ හැම කෙනාම එකග වීමක් වගේ දෙයක්ද?

    all we can give is views.Only buddha knows.
    :dull:
    Whatever recluses or brahmins, bhikkhus, are speculators about the past or speculators about the future or speculators about the past and the future together, hold settled views about the past and the future, and assert various conceptual theorems referring to the past and the future, all of them do so on these sixty-two grounds or on a certain one of them. Outside of these there is none.

    103. "This, bhikkhus, the Tathāgata understands. And he understands: 'These standpoints, thus assumed and thus misapprehended, lead to such a future destination, to such a state in the world beyond.' He understands as well what transcends this, yet even that understanding he does not misapprehend. And because he is free from misapprehension, he has realized within himself the state of perfect peace. Having understood as they really are the origin and the passing away of feelings, their satisfaction, their unsatisfactoriness, and the escape from them, the Tathāgata, bhikkhus, is emancipated through non-clinging.
    ස්තූතියි හැම දාම වගේ හරියට තෙරුන් නෑ තාම.
    ------ Post added on Jan 5, 2024 at 10:44 PM
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ප්‍රඥ්ඥප්තියක් ඒ කියන්නේ හැම කෙනාම එකග වීමක් වගේ දෙයක්ද?

    නැහැ, ඊට ගොඩක් කලින් අපේ සන්තානය තුළ සකස්වීමක්. හඟීමක්. ඕක පැහැදිලි කරනවා අභිධර්මයේ. ප්‍රඥ්ඥප්ති වර්ග ගොඩක් තියනවා. @ek_rosh තම අභිධර්ම ක්‍රමය ගැන අහන්න සුදුසු කෙනා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මගේ සත දෙක - කාලය බුදු දහමේ සලකන්නේ ප්‍රඥප්තියක් විදියට. ඇත්තටම කාලය කියල ෆිසිකල් ප්‍රොපටියක් තියෙන්නේ නෑ නිරීක්ෂකයාගෙන් වියුක්තතව. මිලින්ද ප්‍රශ්නයේ කාලය ගැන මිලින්ද රජතුමා අහනකොට නාගසේන හාමුදුරුවෝ දෙන්නේ මීට සමාන උත්තරයක් මගේ මතකයට සාපේක්ෂව. වෙනස් වීම නිසාමයි කාලය හට ගන්නේ- කාලය යන නිසා වෙනස් වෙනවා නෙවෙයි වගේ එකක්.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මගේ සත දෙක - කාලය බුදු දහමේ සලකන්නේ ප්‍රඥප්තියක් විදියට. ඇත්තටම කාලය කියල ෆිසිකල් ප්‍රොපටියක් තියෙන්නේ නෑ නිරීක්ෂකයාගෙන් වියුක්තතව. මිලින්ද ප්‍රශ්නයේ කාලය ගැන මිලින්ද රජතුමා අහනකොට නාගසේන හාමුදුරුවෝ දෙන්නේ මීට සමාන උත්තරයක් මගේ මතකයට සාපේක්ෂව. වෙනස් වීම නිසාමයි කාලය හට ගන්නේ- කාලය යන නිසා වෙනස් වෙනවා නෙවෙයි වගේ එකක්.
    :yes::yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    නැහැ, ඊට ගොඩක් කලින් අපේ සන්තානය තුළ සකස්වීමක්. හඟීමක්. ඕක පැහැදිලි කරනවා අභිධර්මයේ. ප්‍රඥ්ඥප්ති වර්ග ගොඩක් තියනවා. @ek_rosh තම අභිධර්ම ක්‍රමය ගැන අහන්න සුදුසු කෙනා.
    හරි.

    අපි විසින් ගොඩනගා ගන්නා/සකස්වෙන පනවා ගැනීමක්.

    මේක මට තේරෙන්නේ මෙහෙම. කාලය අපිට සාපේක්ෂයි අපි නැති වෙච්ච ගමන් අපිට සාපේක්ෂ කාලයත් අහෝසි වෙනවා වගේ එකක්ද?

    ඒක වැරදිද?

    මගේ සත දෙක - කාලය බුදු දහමේ සලකන්නේ ප්‍රඥප්තියක් විදියට. ඇත්තටම කාලය කියල ෆිසිකල් ප්‍රොපටියක් තියෙන්නේ නෑ නිරීක්ෂකයාගෙන් වියුක්තතව. මිලින්ද ප්‍රශ්නයේ කාලය ගැන මිලින්ද රජතුමා අහනකොට නාගසේන හාමුදුරුවෝ දෙන්නේ මීට සමාන උත්තරයක් මගේ මතකයට සාපේක්ෂව. වෙනස් වීම නිසාමයි කාලය හට ගන්නේ- කාලය යන නිසා වෙනස් වෙනවා නෙවෙයි වගේ එකක්.
    මිලින්ද ප්‍රශ්නේ බලන්නන්.
    ------ Post added on Jan 5, 2024 at 10:52 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    හරි.

    මේක මට තේරෙන්නේ මෙහෙම. කාලය අපිට සාපේක්ෂයි අපි නැති වෙච්ච ගමන් අපිට සාපේක්ෂ කාලයත් අහෝසි වෙනවා වගේ එකක්ද?

    ඒක වැරදිද?

    මිලින්ද ප්‍රශ්නේ බලන්නන්.
    ------ Post added on Jan 5, 2024 at 10:52 PM
    https://www.buddhanet.net/pdf_file/milinda.pdf
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මගේ සත දෙක - කාලය බුදු දහමේ සලකන්නේ ප්‍රඥප්තියක් විදියට. ඇත්තටම කාලය කියල ෆිසිකල් ප්‍රොපටියක් තියෙන්නේ නෑ නිරීක්ෂකයාගෙන් වියුක්තතව. මිලින්ද ප්‍රශ්නයේ කාලය ගැන මිලින්ද රජතුමා අහනකොට නාගසේන හාමුදුරුවෝ දෙන්නේ මීට සමාන උත්තරයක් මගේ මතකයට සාපේක්ෂව. වෙනස් වීම නිසාමයි කාලය හට ගන්නේ- කාලය යන නිසා වෙනස් වෙනවා නෙවෙයි වගේ එකක්.
    එකේදී බුදු හාමුදරුවෝ කියපු සූතයක් එහෙම refer කරලා තීනවද ?
    නැත් නාගසේන හාමුදුරුවෝ කියන කෙනාගේ මතයද බුදු දහමට අනුව කියල ඒ හාමුදුරුවෝ කියන
     
    • Like
    Reactions: NRTG

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    ප්‍රඥ්ඥප්තියක් ඒ කියන්නේ හැම කෙනාම එකග වීමක් වගේ දෙයක්ද?

    ස්තූතියි හැම දාම වගේ හරියට තෙරුන් නෑ තාම.
    ------ Post added on Jan 5, 2024 at 10:44 PM

    ප්‍රජ්නප්තියක් කියන්නෙ පරමාර්ත දර්ම වල සකස්වීම හිතෙන් ගොඩනගාගන්න ආකර්ය කියල සරලවම ගන්න පුලුවන්... උදාහරනයක් විදිහට මේසයක් ගත්තොත්....මහබුත කියන පරමාර්ත දර්ම මේසයක් ආකරයෙන් හිතෙන් ගැනීම...සරලවම ලේබල් එක..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    හරි.
    මේක මට තේරෙන්නේ මෙහෙම. කාලය අපිට සාපේක්ෂයි අපි නැති වෙච්ච ගමන් අපිට සාපේක්ෂ කාලයත් අහෝසි වෙනවා වගේ එකක්ද?

    ඒක වැරදිද?

    එහෙම කියන්න පුලුවන්. හැබැයි ඔතනදි සාපේක්ෂ කාලය නැතිවුනා කියලා යම්කිසි නිරපේක්ෂ තත්වයක් ලැබෙනවා කියලා හිතන්නත් එපා. කාලය සෑමවිටම නිරීක්ෂණයනට සාපේක්ෂයි. "අපි නැති වෙච්ච ගමන්" කියලා කිව්වෙ "ආත්මයැයි සුලුවෙන් හෝ ගැනීම" අහෝසි වීමනම්,ඒ අවබෝධය සමගම කාලය කියන ප්‍රඥ්ඥප්තිය හුදු ප්‍රඥ්ඥප්තියක් බවට දකිමින් වාසය කරනවා කියන එක. ඒ කියන්නේ එතෙක් සොලිඩිෆයි වෙලා තිබ්බ අදහස දියවෙලා යනවා. නමුත් ඒ අවබෝධය ලැබූ උතුමාත් සාමාන්‍ය මිනිසුන් සමග ගනුදෙනු කරමින් ගෙවන ජීවිතයේදි ඒ අතීත වර්තමාන අනාගත කියන නිරුත්තිපත, අධිවචනපත, ප්‍රඥ්ඥප්තිපත අත්හරින්නෙ නැහැ.

    Bhikkhus, there are these three pathways of language, pathways of designation, pathways of description, that are unmixed, that were never mixed, that are not being mixed, that will not be mixed, that are not rejected by wise ascetics and brahmins. What three?

    “Whatever form, bhikkhus, has passed, ceased, changed: the term, label, and description ‘was’ applies to it, not the term ‘is’ or the term ‘will be.’
    - නිරුත්තිපත සූත්‍රය.

    බලන්න was, is සහ will be හඳුන්වන්න භාවිතා කරලා තියන වචන තුන. ඒවා හුදෙක් භෂාව, නම් කිරීම්, විස්තර කිරීම් විදහටයි බුදුන් පෙන්වන්නේ. සොලිඩ් පැවැත්මක් ඇති ඒකක විදිහට පෙන්වලා නැහැ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    බුකියෙන් ගතෘතේ මේක පහළ ඇති ලින්ක් එක. පෘෂ්න ඊට පහලින්

    බිග් බෑන්ග් එකට කලින් 'පදාර්ථය' කොහෙද තිබුනෙ? කියල ප්‍රශ්නයක් දැක්ක. මේ ප්‍රශ්නෙ ඇහෙන්න හේතුව තමයි බින්ග් බෑන්ග් එකට කලින් කාලය හා අවකාශය "කොහෙද තිබුනෙ?" කියන ගැන නොසිතීම.
    .
    .
    සියල්ලේ "පැවැත්ම" big-bang singularity එකෙන් ඇරඹුනා කිව්වාම, එතැන කියවෙන්නෙ "අවකාශය" මෙන්ම "කාලයේ" පැවැත්මද ඇරඹුනෙ එතැනින් කියන එක. මේක නිකන් දාර්ශනික ආතල් එකක් විතරක් නෙමෙයි. ගණිත සමීකරන ලියල තියෙන කතාවක් නෙ. නිව්ටන්ගෙ කැලසිකල් මිකැනික්ස් වලදි "කාලය" කියන්නෙ නිරපේක්ෂව ගලා යන දෙයක්. නිව්ටන්ගෙ විතරක් නෙමේ එදා මෙදා තුර පෙරදිග අපරදිග හැමෝගෙම ලෝක දැක්ම තුල කාලය ගැන තිබුනෙ එහෙම අදහසක්. ක්ලැසිකල් ෆිසික්ස් වල අවකාශය කියන්නෙ නිරපේක්ෂව පවතින දෙයක්. එදා මෙදා තුර පෙරදිග අපරදිග හැමෝගෙම ලෝක දැක්ම තුල අවකාශය ගැනත් තිබුනෙ එහෙම අදහසක්.
    .
    .
    මේක වෙනස් වූ තැන තමයි අයින්ස්ටයින්ගෙ සාපෙක්ෂතාවාදය. කාලය හා අවකාශය කියන්නෙ සියලු අනෙක් පැවැත්ම වලින් ස්වායත්ත නිරපේක්ෂ දෙයක් කියන නිව්ටෝනියානු අදහස (පෙරදිග සියලුම දර්ශන ගුරුකුල තුලත් කාලය හා අවකාශය නිරපේක්ෂයි) සම්පූර්ණයෙන්ම වෙනස් උනා.
    .
    .
    කාලය හා අවකාශයෙ පටන් ගැන්ම big bang singularity එක කියල කිව්වට පස්සෙ "ඊට කලින් මොනවද තිබුනෙ", "ඊට කලින් පදාර්ථය කොහෙද තිබුනෙ" වගෙ ප්‍රශ්න වැලීඩ් නෑනෙ. ඔය ප්‍රශ්න අහන්නෙම "කාලය" හා "අවකාශය" හැමදාම නිරපේක්ෂව පවතී කියන නිවුටෝනියානු ක්ලැසිකල් මයින්ඩ්සෙට් එකේ ඉඳගෙන. ඒ කියන්නෙ තාම අයින්ස්ටයින් කියපු දේ තේරිලා නෑ.
    .
    .
    බයිදවෙ big bang singularity එක ගැන අදහස අයින්ස්ටයින් ඉදිරිපත් කල එකක් නොවන බවත් කියන්න ඔනෑ. ඇත්තටම අයින්ස්ටයින්ගෙ ජීවිතේ කරපු ලොකුම වරදක් ලෙස ඔහු පසුවට පිලිගත් cosmological constant එකක් දාල විශ්වයේ පැවැත්ම ස්ථිර සදාකාලික එකක් කරන්න හැදුව උත්සාහය ඒ කාලෙ විශ්වයේ ප්‍රසාරණය ගැන එම්පිරිකල් එවිඩන්ස් නොතිබුන නිසා වෙච්ච එකක්. ඇත්ත්ටම පසුවට ඒ බව හොයාගත්තාම cosmological constant එක ගලවල වැඩේ ක්ලීන් අප් කලාට පස්සෙ අප දකින විශ්වය අයින්ස්ටයින්ගෙ සමීකරණ තුලට වඩාත් ලස්සනට ෆිට් උනා. ඒ සමීකරණ වල වලින් කියවෙන දේ තමයි big-bag එක. cosmic microwave background radiation (CMB) ඇතුලු වෙනත් සාධක විශාල ප්‍රමාණයකිනුත් ඒ තියරිටල් big-bang එක ගැන අදහස එම්පිරිකලිත් වැලිඩේට් වෙනවා.
    .
    .
    පැවැත්ම විස්තර කරන්න "චක්‍රීය" චින්තන අත්‍යාවශ්‍ය වෙන්නෙ කාලය හා අවකාශය නිරපේක්ෂයි කියල ගත්තොත්. කාලය මෙන්ම අවකාශයද emergent properties කියල ගත්තට පස්සෙ චක්‍ර වල "අත්‍යාවශ්‍ය" බව නැතිවෙනවා.
    .
    .
    වැඩිදුර කියවවීම සඳහා:
    .
    .
    Singularity කියන එක ගැන න්‍යායාත්මක භෞතික විද්‍යාව දෙන ඩෙෆිනිෂන් එක බලන්න
    .
    .
    Laurence Kraus ගෙ "Nothing" ගැන ඩෙෆිනිෂන් එකත් බලන්න
    .
    .
    රිට්ටා මේ එකක් වත් ඇකඩමිකලි හදාරන්නෙ නැතුව පොත පත ඇසුරෙන් කියන කතා නිසා පෝස්ට් එකේ වැරදි තියෙනවානම් හදන්න.

    https://www.fac ebook.com/100001954082122/posts/pfbid0JHqFBFJ6UYVrWkCiDf96RUdmtJ5SYoTpEHsYf5yrT99NvhgCwVgeHKurNg2NJuQ9l/?mibextid=Nif5oz

    @greenthunder @S_M_S @ek_rosh @Emios @Rontmir මේකේ කියන විධියට කාලය අවකාශය නිරපේක්ෂ විදියටද බුද්ධ ධර්මයට අනුව ගන්නේ. ? මට ඒ කතාව පැටලිලි සහගතයි. කාලය කියන්නෙත් අපි පනවා ගන්න දෙයක් විදියට නේ ගන්නේ

    @Edward Kenway @lovethebomb @dilann මේකේ මේ අයින්ස්ටයින්ගේ අදහස කොටස හරිද? එතකොට මේ හැම එකක්ම මුල අහම්බයක් වගේ අදහසක්ද එතන තියෙන්නේ.

    කාලය කියල ගන්න වෙන්නෙ හැමතිස්සෙම ඉවෙන්ට් සම්බන්දවනෙ...ඔතන ඉවෙන්ට් තියෙන්නෙ සත්වයාට අවිජ්ජවෙන් ගොඩ නැගෙන ලෝකය තුල පවතින තමන්ට සාපෙකශව... මට සාපෙක්ශව මේ ඉවෙන්ට් එක උනා...ඒ මට සාපෙක්ශවම මේ ඉවෙන්ට් එකත් උනා...එකම මට ඉවෙන්ට් දෙකක් එක්ස්පිරියන්ස් කලා, ඔය දෙක අතර කාලය ගොඩ නැගුන..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    Hinen kalaya enne kohomada.hineth mesayak tiyenawa aharunata passerh mesayak tiyenawa,hine mahabutha tiyenawada
     
    • Like
    Reactions: NRTG