කාලය සහ අවකාශය(Space)

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට ඒක එච්චර පැහැදිලි උනේ නෑ.තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?​

    නිව්ටන්ට අනුව කාලය සියලුම නිරික්ෂකයන්ට ඉදිරියට යන්නේ එකම වේගයකින්. අපේ ලිපියේ උදාහරනය ගත්තොත් , අපි හිතමු පොලිස් වාහනේ ඉන්න කෙනත් , A නිරික්ෂකයත් නිල්පාට වාහනේ ඉන්න කෙනත් අතේ එකම වර්ගයේ එකම අවුරුද්දේ නිපදවපු හැම අතින්ම සර්වසම ඔරලොසු බැඳන් ඉන්නවා කියලා. නිව්ටන් ට අනුව මේ තුන් දෙනා කොහොම චලනය වුනත් මේ තුන්දෙනාගේ කාලය ගත වෙන්නේ එකම වේගයකින්. තුන්දෙනාගෙම ඔරලොසුවේ තප්පර කට්ට එකම වෙලාවෙදි ඊලඟ තප්පරයට යනවා. නිව්ටන් ට අනුව කාලය ගලායාමේ වේගය සියලුම නිරික්ෂකයන්ට එක සමානයි. කාලය ගමන් වේගයට චලිතයෙන් හරි වෙනත් කිසිම භෞතික ක්‍රියාවකින් හරි කිසිම බලපැමක් එන්නේ නෑ. කාලය හැම වෙලාවෙම එකම වේගයකින් ඉදිරියටම විතරයි යන්නේ මේ නිව්ටන් හිතන් හිටපු විදිය. මේකට කියනවා නිරපේක්ෂ කාලය කියලා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,865
    3,879
    113
    USA
    ඇල්බට් අයින්ස්ටයින් මහත්තයා කියලා තියනවා අපි අලෝකයේ වේගයෙන් ගමන් කරොත්
    ආලෝක අංශු ගමන් කරනවා පේනවා කියලා.
    මෙහෙම කියන්ඩ හේතුව තාමත් හොයාගෙන නැ

    එල thread එකක් ඊලග ටිකත් දාන්ඩ

    +9 added :)
     
    • Like
    Reactions: hirashgeff

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඇල්බට් අයින්ස්ටයින් මහත්තයා කියලා තියනවා අපි අලෝකයේ වේගයෙන් ගමන් කරොත්
    ආලෝක අංශු ගමන් කරනවා පේනවා කියලා.
    මෙහෙම කියන්ඩ හේතුව තාමත් හොයාගෙන නැ

    එල thread එකක් ඊලග ටිකත් දාන්ඩ

    +9 added :)
    එහෙම වෙන්නේ ෆෝටොන්යි අපියි අතරේ සාපෙක්ශ චලිතයක් නෑති නිසා අපිට සාපෙක්ශව ෆෝටෝන නිශ්චලාතාවෙන් තියෙන නිසා වෙන්න ඈති.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    654
    348
    63
    Yakkala, Ranala.
    එහෙම වෙන්නේ ෆෝටොන්යි අපියි අතරේ සාපෙක්ශ චලිතයක් නෑති නිසා අපිට සාපෙක්ශව ෆෝටෝන නිශ්චලාතාවෙන් තියෙන නිසා වෙන්න ඈති.

    ඔබ හරි. එවිට ෆෝටෝන නිශ්චලාතාවෙන් තිබෙන අයුරින් දැකිය යුතුයි. නමුත් සියුම් බව නිසා දැකීම අපහසු විය හැකියි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,865
    3,879
    113
    USA
    එහෙම වෙන්නේ ෆෝටොන්යි අපියි අතරේ සාපෙක්ශ චලිතයක් නෑති නිසා අපිට සාපෙක්ශව ෆෝටෝන නිශ්චලාතාවෙන් තියෙන නිසා වෙන්න ඈති.
    ඔබ හරි. එවිට ෆෝටෝන නිශ්චලාතාවෙන් තිබෙන අයුරින් දැකිය යුතුයි. නමුත් සියුම් බව නිසා දැකීම අපහසු විය හැකියි.
    ඔව් අනිවාර්යෙන්ම ෆෝටෝන පෙනෙන්ඩ විදිහක් නම් නැ, මෙතම අදහස් කරන නැ අපිට ඇහැට
    පේනවා කියලා,මෙතන අදහස් කරන්නේ,
    හරිනම් අපි ආලෝකයේ වේගයෙන් යන කොට අපිට සාපේක්ෂව ආලෝක අංශු(ෆෝටෝන) නිශ්චල වෙනඩ ඕන,
    ඒ උනාට එහෙම වෙන් නැ අපිට පෙනෙන්නේ ආලෝක අංශු (ෆෝටෝන) ගමන් කරනවා.

    මේක නිකන් බස් දෙකක් එකම වේගයෙන් යද්දී අනිත් බස් එක නැවතිලා තියනව වගේ පේන එක.
    එත් ආලෝකය එහෙම වෙන් නැ කියලා තමා කියල තියෙන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙම වෙන්නේ ෆෝටොන්යි අපියි අතරේ සාපෙක්ශ චලිතයක් නෑති නිසා අපිට සාපෙක්ශව ෆෝටෝන නිශ්චලාතාවෙන් තියෙන නිසා වෙන්න ඈති.

    මෙතන තමයි අපි නිව්ටන්ගේ චින්තනයෙන් මිදෙන්න ඕනේ. ආලොකයේ වේගෙයෙ 99% ක යන O කියන නිරික්ෂකයෙකුට ආලොකයේ වේගය 1% වෙන්න ඔනේ නිව්ටන් (ආලොකයයි නිරික්ෂකයයි එකම දිසාවකට යනවා කියලා හිතුවොත්.) ගේ චින්තනයෙන් හිතුවම. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ. O කියන නිරික්ෂකයාටත් ආලොකයේ වේගය C ම තමයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,865
    3,879
    113
    USA
    මෙතන තමයි අපි නිව්ටන්ගේ චින්තනයෙන් මිදෙන්න ඕනේ. ආලොකයේ වේගෙයෙ 99% ක යන O කියන නිරික්ෂකයෙකුට ආලොකයේ වේගය 1% වෙන්න ඔනේ නිව්ටන් (ආලොකයයි නිරික්ෂකයයි එකම දිසාවකට යනවා කියලා හිතුවොත්.) ගේ චින්තනයෙන් හිතුවම. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ. O කියන නිරික්ෂකයාටත් ආලොකයේ වේගය C ම තමයි.
    ඔව් ඒ කියන්නේ නිරීක්ෂකයා නැවතිලා හිටියත් ඔහුට සාපේක්ෂව අලෙකයේ වේගය C ඔහු ආලෝකයේ
    වේගයෙන් ගමන් කරත් ඔහුට සාපේක්ෂ ආලෝකයේ වේගය C ම තමා.
    ඒක තම අයින්ස්ටයින් මහතමයා කියලා තියෙන්නේ ආලෝකයේ වේගයෙන් ගමන් කරත් ආලෝක
    අංශු ගමන් කරනවා පේනවා කියලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,104
    23,872

    මම නම් හිතන්නෙ නෑ ඒක හරි කියලා.ආලෝකයේ
    වේගයෙන් ගමන් කරත් ඔහුට සාපේක්ෂව ආලෝකයේ වේගය C නම් නිශ්චලව සිටින කෙනෙකුට ඒ ආලෝකයේ වේගය C+C වෙන්න ඕනා නේද?

    මම හරි නේද?
    ​
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,104
    23,872
    113
    නිව්ටන්ට අනුව කාලය සියලුම නිරික්ෂකයන්ට ඉදිරියට යන්නේ එකම වේගයකින්. අපේ ලිපියේ උදාහරනය ගත්තොත් , අපි හිතමු පොලිස් වාහනේ ඉන්න කෙනත් , A නිරික්ෂකයත් නිල්පාට වාහනේ ඉන්න කෙනත් අතේ එකම වර්ගයේ එකම අවුරුද්දේ නිපදවපු හැම අතින්ම සර්වසම ඔරලොසු බැඳන් ඉන්නවා කියලා. නිව්ටන් ට අනුව මේ තුන් දෙනා කොහොම චලනය වුනත් මේ තුන්දෙනාගේ කාලය ගත වෙන්නේ එකම වේගයකින්. තුන්දෙනාගෙම ඔරලොසුවේ තප්පර කට්ට එකම වෙලාවෙදි ඊලඟ තප්පරයට යනවා. නිව්ටන් ට අනුව කාලය ගලායාමේ වේගය සියලුම නිරික්ෂකයන්ට එක සමානයි. කාලය ගමන් වේගයට චලිතයෙන් හරි වෙනත් කිසිම භෞතික ක්‍රියාවකින් හරි කිසිම බලපැමක් එන්නේ නෑ. කාලය හැම වෙලාවෙම එකම වේගයකින් ඉදිරියටම විතරයි යන්නේ මේ නිව්ටන් හිතන් හිටපු විදිය. මේකට කියනවා නිරපේක්ෂ කාලය කියලා.

    ඉතින් මේක හරිනේ?

    නිව්ටන් පවසන්නෙ කාලය ගැන.ඒත් ඇයි අපි මේකට ආලෝකය සම්බන්ධ කරගෙන තියෙන්නෙ?
    ​
     
    Last edited: