Ear Phone එක කියන්නේ පරනායකයක් එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් Transducer එකක්. ඒ කියන්නේ එක් ශක්ති විශේෂයක් තවත් ශක්ති විශේෂයකට පත් කරන උපකරණයක්
Ear Phone එකේදී නම් විද්‍යුත් ශක්තිය ----> යාන්ත්‍රික ශක්තිය
මේ යාන්ත්‍රික ශක්ති පරිවර්තනය ඇතිවෙන්නේ Ear Phone එකේ Diaphragm එකේ.
මේ Diaphragm එක කම්පනය වන සංඛ්‍යාත වලට අනුව අවට වාත ස්තරයත් සමකාලිකව කම්පනය වනවා... අන්න එතකොට තමයි අපට ශබ්ද ඇහෙන්නේ.
ඇත්තටම Ear Phone එකේදී විද්‍යුත් ශක්තිය ක්‍රියා කරන්නේ විද්‍යුත් ධාරාවක් විදිහට.
මම මීටපෙර කිව්වා ශක්ති පරිවර්තයට කරන්න Diaphragm එක Energize කරන්නේ Power Amplifier Stage එකේ ඉදලා AC විද්‍යුත් ධාරාවට Mix වෙලා එන DC විද්‍යුත් ධාරාවවෙන්.
එනම් DC විද්‍යුත් ධාරාව + AC විද්‍යුත් ධාරව
AC විද්‍යුත් ධරාරව තුළ තමයි information content එක තියෙන්නේ. ඒ කියන්නේ පහත දැක්වෙන රූපයේ Audio IN එක
DC විද්‍යුත් ධාරාව තමයි Ear Phone Drive කරන්නේ ... ඒ කියන්නේ පහත රූපයේ 6 V බැටරියෙන් කරන්නේ
මෙම ක්‍රියාවලිය ඉතා සංකීර්ණ දෙයක්....අමාරුම දේ තමයි ඉතා සංකීර්ණ දෙයක් සරලව පැහැදිලි කිරීම.
"If you can't explain it simply, you don't understand it well enough."
Albert Einstein
Last edited:


මේ ඈම්ප් එකක්නෙ
ලයින් ඉන් එක තියෙනව සප්ලයි එක තියෙනව amplified output එක තියෙනව 





