කාලෝචිත කියන වචනේ මලයාලම් වලත් තියෙනවා

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙන්න මෙ සිංදුවෙත් කෙරළා වල ශූට් කරලා තියෙන්නෙ .බලපන් ලංකාව වගෙ නෙමෙද ?



     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    කණ්ණාඩි ,බුද්ධි ,මනස
    මෙ වචන සෙට් එකත් මුන්ගෙ තියෙනවා .
    මලයාලි උන්ගෙයි අපෙයි පෙනුමත් ගොඩාක් සමානයි. උන්ගෙයි අපෙයි ගෙවල් හදන විදියත් එක වගෙ. ඒ වගෙම තමා කැම බීම පවා ගොඩාක් සමානයි.

    කෙරලා කියන්නෙ උන්ගෙ ප්‍රාන්තෙ. කෙර කියන්නෙ පොල් ගසට
    කෙර ගස් තියෙන පැත්ත නිසා තමා කේරලා කියලා කියන්නෙ.
    අපෙ රටත් ට්‍රොපිකල් අයිලන්ඩ් එහෙම නැත්තම් පොල් ගස් තියෙන දිවයිනක් විදියට ඒ කාලෙ සුද්දො හඳුන්වලා තියෙන්නෙ.

    අපෙ පොල් කප් රුක සේම් උන්ගෙත් පොල් කියන්නෙ කපෘකක්.
    ඒ වගේම තමා ඉන්දියාවෙ ලස්සනම තැන් තියෙන්නෙත් කෙරළාවල .
    බැළුවොත් පෙනෙවි ඒ තැන් අපෙ රටෙ තැන් වලටත් සමනයි .


    :yes: kerala wala lankawe wage aliyoth saahenna innawa. perahara dawas walata sri lankawe alinta andum andawanawa wage kerala wala alintath uthsawa dawas walata andum andawanwa
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    මෙන්න මෙ සිංදුවෙත් කෙරළා වල ශූට් කරලා තියෙන්නෙ .බලපන් ලංකාව වගෙ නෙමෙද ?




    ow machan mama kerala walata gihilla thiyenawa. lankawa wage parisarayak thiyena saahenna lassana indiyanu pranthayak
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ow machan mama kerala walata gihilla thiyenawa. lankawa wage parisarayak thiyena saahenna lassana indiyanu pranthayak




    ඔව් කෙරලාවල තමා සාක්ෂරතාව වැඩිම ඉන්දියාවෙ.
    අපෙත් සාක්ෂරතාව රටක් විදියට වැඩි නෙ දකුණු ආසියාවෙ ගත්තොත් .

    ගොඩාක් ඉන්දියාවෙ හින්දි ෆිල්ම් වල විශෙෂයෙන් ලොක්ෂන්ස් කෙරලාවල ගන්නවා ලස්සන නිසාම.
    ඔය බාහුබලි ෆිල්ම් එකෙ එක සින්දුවකත් දිය ඇල්ලක් කෙරළාවල දිය ඇල්ලක් ආශ්‍රයෙන් ග්‍රැෆික් නිර්මාණය කරාළු.


     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ඔව් කෙරලාවල තමා සාක්ෂරතාව වැඩිම ඉන්දියාවෙ.
    අපෙත් සාක්ෂරතාව රටක් විදියට වැඩි නෙ දකුණු ආසියාවෙ ගත්තොත් .

    ගොඩාක් ඉන්දියාවෙ හින්දි ෆිල්ම් වල විශෙෂයෙන් ලොක්ෂන්ස් කෙරලාවල ගන්නවා ලස්සන නිසාම.
    ඔය බාහුබලි ෆිල්ම් එකෙ එක සින්දුවකත් දිය ඇල්ලක් කෙරළාවල දිය ඇල්ලක් ආශ්‍රයෙන් ග්‍රැෆික් නිර්මාණය කරාළු.



    :yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මෙතන හරවත් සංවාදයක් කෙරෙද්දී එකෙක් රාවනා මගුලක් දමල අල කරන්න හැදුව
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙතන හරවත් සංවාදයක් කෙරෙද්දී එකෙක් රාවනා මගුලක් දමල අල කරන්න හැදුව




    රාවණාව අපෙම උන් චාටර් කරගෙන තියෙන්නෙ.
    එක එක බහුබූත කතන්දර හදලා .රාවනාව ඔවර්හයිප් කරලා.

    එක නිසා අපෙ ජාතිය ගැන මොනවාහරි කිව්වොත් රාවණාව ඇදලා ගන්නවා.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ravana kiyanne ramayana kathawe hitapu manakkalpitha raja warayek

    රාවණා මනන්කල්පිතයක් නොවන බව ඔප්පු කිරිම
    :cool::cool::cool::cool::cool:

    ඉතිහාසය ගොඩනැගීමට උපයෝගි කරගන්නේ සාහිත්ය මූලාශ්ර සහ පුරාවිද්යා මූලාශ්රයි

    පුරාවිද්ය මූලාශ්ර යටතට අභිලෙඛන,කාසි,නටබුන් ,පුරා වස්තු ආදි වශයෙන් විවිධවේ.

    රාවණා සත්යයක් බවට පුරාවිද්යා මූලාශ්ර


    1) තෘණබින්දු සෘෂිගේ අසපුව අසලම විශ‍්රවස් මුනිඳු විසූ බව සෙල්ලිපි අංක 88න් පැහැදිලි වේ. ලංකා ශිලාලිපි සංග‍්රහය I වෙළුම සංස්කරණය මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ දක්වයි. තණචොඩක නාමය විකෘතිකර ඇත. අනුරාධපුර වෙස්සගිරි ලිපි: අංක 86 ගලෙහි ලිපිය තණචොඩක දතහ ලෙණෙ පුරාවිද්යා කියවීම ගණචොඩක දතහ ලෙණෙ (විකෘති කියවීම) වාපිත්, සෙම් (ත‍්රිදෝෂ) සංකල්පය ලොවට ඉදිරිපත් කළේ පුලස්ති සෘෂි බව සුශ‍්රැත සංහිතාව පවසයි. තෘණබින්දු විශ්රවමුණි නාම සියල්ල රාවණා පුරාවත හා බැදුනු නම්ය


    2) තෘණ බින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ්රවස් මුනිද්ා වෙස්සගිරියේම විසූ නිසා එය ‘‘වෙස්සගිරිය’’ විය. ලංකා ශිලා ලේඛන සංග්රහය- I වෙළුම සංස්කරණය මහාචාර්ය පරණවිතාන මෙසේ දක්වයි ලිපිය අංක 88


    ගලෙහි ලිපිය: පරුමක විසව පුත පරුමක...
    පුරාවිද්යා කියවීම: පරුමක විසදව පුත පරුමක...


    1913 කියවීමේදී ‘‘විසව’’ තිබූ තැනට 1950 වන විට ‘‘විසදව’’ ලෙස ‘‘ද’’ යන්නත් මැදට පැන ඇත. බැරිවීමකින් 1913 දී නිවැරදිව කියවන්නට ඇත. විශ්රවස් මුනිගේ නම සඳහන් සෙල්ලිපි ගණනක්ම පුරාවිද්යාව විසින් සොයා ගනු ලැබීමෙන් වැළකී ඇත.


    3) හොරොව්පතාන අසල වලස්තෙවුණ වැව ලිපිය. ‘‘පරුමක විසවගේ පුත් පරුමක රවණ ලෙණ. (මේත් සමග රාවණා නාමය පුරාවිද්යාත්මක වේ)



    4) එම වලස්තෙවුණ වැවම ‘‘පරුමක විසව පුත් විභීෂණගේ ලෙණ’’


    5) මහනුවර අසල වේගිරිය දේවාලයේ ලිපිය ‘‘පරුමක විශ‍්රවස්ගේ පුත් පරුමක කුඹුක්කන්ගේ ලෙණ’’


    6) හොරොව්පතානේ එරපොතාන ලිපිය ‘‘පරුමක විශ‍්රවස්ගේ පුත් පරුමක කුබිරගේ ලෙණ’’

    7) ලංකා ශිලා ලිපි සංග්රහයේ පළමු වෙළුමේ (1970) පහත සඳහන් සෙල්ලිපි අංක IC 86 - 11........ IC 88 -12..... IC 333 - 8....... IC 703...... 1049....... IC 486 - 3...... IC 515 - 13....... IC 549 - 1...... IC 656 - 11....... IC 959....... IC 807 - 1....... IC 812...... IC 1035....... කියෑවීම හෝ අර්ථ නිරූපණය කිරීම වැරදී ඇත. තෘණබිJදු, සෘෂි, විශ්රවස් මුණ රාවණ, නහුත, සුමන, ඉCධු, කුබකණ, ගෝතම ශමණ, කුබිර වැනි කොඩ්රිංටන් ඉතිහාසය ට හා පූර්ව පුද්ගල නාම හා දුතක හා නාවික වැනි විජය පූර්ව තනතුරු නාමයන් ද වැරදුනි. ලංකා ශිලාලිපි සංග්රහයේ පළමු වෙළුමේ සෙල්ලිපි 1234 න් ඉහත සඳහන් සෙල්ලිපි හැරෙන්නට වෙනත් වැරදුන සෙල්ලිපි නැත.

    8) අටුගොද පිහිටි (ගලිගමුව-යටියන්තොට පාරෙ)සෙල් ලිපි 3



    09.බිබිල -අම්පාරෙ පාරෙ කොලනිස් යාය ඇති ලිපිය.


    10.අම්පර දිස්ත්රික්කයේ කිතුල්වැව ලිපිය.


    11.කොත්මලේ විමන්පව්ව ලිපිය(දැනට විනාශවෙමින් පවතී)


    12.අම්පාර රූගම වැවට දකුනින් පොතුවිල ලිපිය.


    13.මහියංගනේරිද්මාලියද්ද අසල රදලියද්ද ලිපිය

    14) තොප්පිගල-බෙරගල අතර අල්වා කුබුරේ ලිපිය.

    15) පරණවිතාන ICකෘතිය- අoක 515 නාගපබ්බත රජමහා විහාරය -බඹරගස්තලාව
    “රාවණගේ දියනිය වූ ශොහිලිගේ ලෙන සoඝයාට” (රවණ ක්ඩිති ශොහිලි ලෙණේ ශගශ )

    16) රහල සෙල්ලිපිය
    රාවණා රජුගේ පුත්රයා වූ ප්රධාන ඉන්ද්රජිත්ගේ ලෙන (රවණ රක්ධහ පුත පරුමක ඉක්දු ලෙණේ )

    bp
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    source :- https://en.wikipedia.org/wiki/Vedda

    me kathawata anuwa sinhala bashawatath vadi bashawen wachana ekathu wela thiyenawa. mama me kalpana karanne sinhala bashawata vadi bashawen ekathu wunu wachana monawada kiyala

    වැද්දෝ කියන්නේ වෙන ගොත්‍ර සහ වෙන ජාතින් සමග එක් නොවුනු යක්ශගොත්‍රිකයෝ .ඔවුන් වසර දහස්ගණන් කෑලෑවැදිලා හිටිය නිසා මුල් දැනුම දැන් නෑ .වැද්දෝ දැන් භාවිතා කරන්නේ යක්ෂගොත්‍රික සහ සිහල බස කලවම් උන බසක් .නියම යක්ෂගොත්‍රික බස දැන් වැද්දෝ ලගත් නෑ .යක්ෂගොත්‍රික භාෂාව සිoහල වලත් තියනවා. මේ යක්ෂගොත්‍රික බසට වැඩි සමානකමක් මහාසමය සහ ආටානාටි සුත්‍රවල තියනවා.සියලු විස්තර ඔනේනම් මානෑවේ හාමුදුරුවන්ගේ යක්ෂගොත්‍රික භාෂාව පොත කියවන්න

    එම භාෂාවට අයත් වාක්යයක් තමයි පහතින් තියෙන්නේ

    සුසාහදිනාහ විභීෂභද්‍රය සෝරාගාති ආඩිසර විමැ

    වරිගපූර්ණිකා පුස්කොල පොතේ මේ සියල්ල සදහන්:D

    යක්ෂගොත්‍රික බසින් සිරාලන =විවිධ සැත්කම් සදහා යොදාගනු ලබන චාරිත්‍ර


    යක්ෂගොත්‍රික බසින් වචන ස්වල්පයක් ඔබේ දැනුමට


    බොටුවාව = පොහොට්ටුව
    වැතියෝ = පිඹුරා
    කුණු වායිම = කුණු ලේ
    කිලිමෑ = විසබීජ
    ගර්භ සෙවෙනි - වෑදෑමහ
    නාමිලිය = නන්ගී
    ඉන්ද්‍රකේ= අයියා
    දුස්ස = මාසය
    කුදුස්ස = අවුරුද්ද
    රවිමුදරේ = රාත්‍රිය
    ගොම්මලේ = සවස
    ජලනී = එඩිතර
    කවිලාශ - මිහිරි
    මොටාර = නපුරු







     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    kerala is bigger than sri lanka or sri lanka is bigger than kerala ? i assume there is a possibility for this to happen other way around. maybe tribes from kerala migrated here or else their tribe was big enough to reach until lanka.

    my other guess is their tribe was available in both places without any migration ( kerala+lanka) nature has no border. humans created borders. maybe their cast was spreading from kerala to lanka. kerala and sri lanka is geographically very close

    this is my personal guess. i see a lot of similarities between malayalies and sri lankans. even their psychical appearance look same. i have seen sri lankans who look like bengalies and malayalies all over sri lanka


    මීට වසර 7000කට කලින් ලoකාවයි ඉන්දියාවයි කියන්නේ එකම භූමියක් යාපනයෙන් තමිල්නාඩුවට සම්බන්දවෙලා තිබුනේ..කේරලයෙන් මෙහෙට ආභාෂය ලැබුනනම් ඉන්දිය ගැති මහාවන්ශය ලියපු මහානාම සහ විසුද්දි මග්ගය ලියපු බුද්දගෝෂ වගේ උදවිය මේ ගැන සදහන් කරන්න ඔනේ.ඒත් එහෙම කිසිම වාර්තාවක් ඉතිහාසේ නෑ .මින් ඔප්පු වෙන්නේ කේරලේ තියෙන්නේ මෙහේ යක්ෂගොත්‍රිකයන්ගේ සබ්යත්වය කියන එකයි.අනික අතීතයේ ලoකාව මීට වඩා විශාලයි .ගොඩක් බුහුදට බිලිවෙලයි දැන් තියෙන්නේ .බන්ගලියෝ කියන්නේ රාවණා අදිරාජ්යය සමයේ මෙහෙන් ගිය යක්ෂගොත්‍රිකයන්ගෙන් පැවතෙන්නන්.බන්ගලියෝ බන්ගලියෝ අතරම විතරක් විවාහවීම් වෙන්න ඇති.ඒකයි අද දක්වාම ඒ ජාන සිoහල අයගේ ජාන වලට සමාන වෙන්නේ

    Lemuria.jpg




    Atlantis_after_Kircher.gif


    0142762_coverage_9786000509774_SAUD_HS_cov.jpeg


    මධ්යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.(ලoකා සිතියම සන්සන්දනය කරමින් ) ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය. ලෙමුරියාවේ හෙවත් කුමාරි කණ්ඩම් රාවණා යුගයට බොහෝ පෙර පැවතිණි .එම යුගය වන විට ලෙමුරියාවේ බොහෝ කොටස් මුහුදුබත්වී තිබුණි. ඉන්දියාවෙන් ලoකාව වෙන්වී තිබිණි.

    මෙම සිතියම් 2හි අසමානකමකට ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ මුහුද බොහෝ රට ඇතුලට ඛාදනය වී තිබීමය .එනම් එම ප්‍රදේශයේ ගොඩබිම අතුරුදහන් වී ඇත . ඔබත් මාත් කම්පනය කල පුවතක් මට හමුවන්නේ මෙවිටය .එය මෙසේය .

    "විල්පත්තු සිට හබරණ දක්වා අකණ්ඩ ජනාවාස සමූහයක නටබුන් ඇත . ස්වාභාවික විපත්තියක් හේතුවෙන් ජනාවාස විනාශ විය . මෙය මෙතෙක් මෙලොව සිදු නොවූ තරම් ස්වාභාවික විපතකි . කිසියම් වස්තුවක් පොලොවට කඩා වැටීමෙන් මෙම ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස මුහුදට බිලිවිය . සුනාමි තත්වයක්ද හට ගත්තේය . මෙම විනාශය නිස උනුසුම් මුහුදු ජලය ගොඩට විත් එකදු ජීවියෙක්වත් ඉතිරි නොවු අතර ගිනිජාලා නිසා දවා අලුවිය . වත්මන් ගල්ගමුව -ගිරිබාව ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් වැලි තට්ටු වලින් මෙය තවදුරටත් සනාථ වේ . විල්පත්තුවේ විල්ලු බිහිවූයේ මෙම විනාශයේ ප්‍රතිපල නිසාවෙනි . පොලොව මතුපිට පිලිස්සි ගොස්ය . මක්කම,ලලාටදේශය සම්පුර්ණයෙන් මුහුදට බිලිවි ගොස්ය . රාජාන්ගනය-නොච්චියාගම ප්‍රදේශ වල කලුපස අදටත් දැකිය හැක .මෙම විනාශය හබරණ දක්වා සිදු විය (එනම් සීගිරියද ඇතුලුව ) තම්මෑන්නාවේද අඩි 15ක් යට ඇත්තේ වැලි නිධියකි .තම්මෑන්නාවේ පසද පිලිස්සී තඹ වී ගල්ද දෑවී ඇත මෙම විනාශය නිසා පොලොව මතුපිට තිබූ ජනාවාස ගිලා බැස්සේය . රජාන්ගනය යාය 8 ශ්‍රි දක්ශිනාරාම විහාරයේ ලිදක් කැනීමේදී අඩි 10 ක් යටින් ගල්කණු මතු විය . "-පණ්ඩිත මානෑවේ විමලරතන හිමි - රවි ශයිලාශ වන්ශ කතාව

    මුන්වහන්සේගේ මේ ජනාවාස කතාව තහවුරු කරමින් රූපවාහිනි සoස්තාව අරුම පුදුම සොයා ගෑනීමක් සිදු කලේය



    විනාඩි 24-තප්පර 37 සිට

    දැන් සියලු කරුණු ගැලපෙමින් එයි .ආටානාටි සුත්‍රයේ සදහන් යක්ෂයින් මෙරට යක්ෂගොත්‍රිකයින්ය .ආටානාටි යනු නීති සමුදායක් ඇති සුත්‍රයකි.මෙය සම්මුතියකි .වත්මනේද විවිධ සම්මුති නගරවල් වල නමින් හදුන්වයි උදා- පැරිස් සම්මුතිය ,කොලඹ ප්‍රකාශනය

    ආටානාටි= ඇට්ලන්ටා විය . මීවනපලානේ හිමිට අනුව මෙය යක්ෂගොත්‍රිකයන්ගේ අගනගරයයි.මෙය පිහිටා තිබුනේ මහවිලච්චිය අවටය . මුහුද දක්වාම සීමාව ව්යාප්ත වන්නට ඇත . ලoකාපුරයද මෙයම විය .

    දැන් අප ටොලමිගේ ඇට්ලාන්ටිස් කතාව විමසමු .අත්ලාන්තිස් පුරවරය හදිසියේ මුහුදට ගිලී ඇත .රාමායනයට අනුව ලන්කාපුරයද මුහුදට ගිලුණි .ප්ලේටෝට අනුව ඇට්ලාන්ටිස් වල මන්දිර මැණික් පුරවා රන් ආලේප කර තිබුණි .රාමායනයද ලන්කාපුරය සම්බන්දයෙන් එලෙස පවසයි . . ප්ලේටෝගේ ඇට්ලාන්ටිස් වල අඹ ගස් අලියා,අශ්වයා,කෙසෙල්ගස් තිබි ඇත .

    නිගමනය- මුහුදට බිලිවූ ආටානාටා හෙවත් ඇට්ලාන්ටිස් නගරය අදත් පුත්තලම විල්පත්තු සාගරයේ සැගව පවති.සිතියමට අනුව කුඩා රාවණා මහා රාවණා කොටු ආශ්‍රිත සාගරයේද මීට පෙර තිබි ඇත්තේ ගොඩබිමකි .එය ලෙමුරියාවේ/කුමාරි කණ්ඩම්හී අවෂේෂයක් විය හැක.ලෙමුරියාව තිබුනේ රාවණා යුගයටත් බොහෝ පෙරය
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වැද්දෝ කියන්නේ වෙන ගොත්‍ර සහ වෙන ජාතින් සමග එක් නොවුනු යක්ශගොත්‍රිකයෝ .ඔවුන් වසර දහස්ගණන් කෑලෑවැදිලා හිටිය නිසා මුල් දැනුම දැන් නෑ .වැද්දෝ දැන් භාවිතා කරන්නේ යක්ෂගොත්‍රික සහ සිහල බස කලවම් උන බසක් .නියම යක්ෂගොත්‍රික බස දැන් වැද්දෝ ලගත් නෑ .යක්ෂගොත්‍රික භාෂාව සිoහල වලත් තියනවා. මේ යක්ෂගොත්‍රික බසට වැඩි සමානකමක් මහාසමය සහ ආටානාටි සුත්‍රවල තියනවා.සියලු විස්තර ඔනේනම් මානෑවේ හාමුදුරුවන්ගේ යක්ෂගොත්‍රික භාෂාව පොත කියවන්න

    එම භාෂාවට අයත් වාක්යයක් තමයි පහතින් තියෙන්නේ

    සුසාහදිනාහ විභීෂභද්‍රය සෝරාගාති ආඩිසර විමැ

    වරිගපූර්ණිකා පුස්කොල පොතේ මේ සියල්ල සදහන්:D

    යක්ෂගොත්‍රික බසින් සිරාලන =විවිධ සැත්කම් සදහා යොදාගනු ලබන චාරිත්‍ර


    යක්ෂගොත්‍රික බසින් වචන ස්වල්පයක් ඔබේ දැනුමට


    බොටුවාව = පොහොට්ටුව
    වැතියෝ = පිඹුරා
    කුණු වායිම = කුණු ලේ
    කිලිමෑ = විසබීජ
    ගර්භ සෙවෙනි - වෑදෑමහ
    නාමිලිය = නන්ගී
    ඉන්ද්‍රකේ= අයියා
    දුස්ස = මාසය
    කුදුස්ස = අවුරුද්ද
    රවිමුදරේ = රාත්‍රිය
    ගොම්මලේ = සවස
    ජලනී = එඩිතර
    කවිලාශ - මිහිරි
    මොටාර = නපුරු








    bp