දෙව්යා කියන වචනෙ බුද්ධාගමේ භාවිත කරලා තියෙන්නෙත් ආගම්වල භාවිත කරලා තියෙන්නෙත් කාරණා දෙකක් හඳුන්වන්න. සරළව කියනවා නම් බුද්ධාගමේ දෙවිවරු කියන්නෙ මනුශ්‍යයන්ට වඩා උසස් තලවල උපත ලබා සිටින අය.
ආගම්වල කියන්නෙ සර්ව බලධාරී ලෝක නිර්මාපක දෙය්යා කියලා. එහෙම නැත්තං වැස්සට අධිපති මෙයා අරකට අධිපති මෙයා ලෝකෙ පවත්තං යන්නෙ මෙයා කියලා දෙය්යො ගොඩක් ඉන්නවා. ඉතින් මේ වචනෙ ශබ්ද වෙන්නෙ ලියන්නෙ එක විදිහට උනාට අපි මේක පාවිච්චි කරන්නෙ එකිනෙකට වෙනස් කාරණා දෙකක් හඳුන්වන්න.
ඉතින් ආයිත් කියන්නෙ දෙවිවරු කියන වචනෙ අපි අයිං කරලා එතනට මනුශ්‍යයන්ට වඩා උසස් භවවල සිටින අයවලුන් කියලා යෙදුවා නම් මොකද ? දෙවියා කියන වචනෙ අරන් කෑ ගහන්න එපා. අපි කියන්නෙ ලෝක නිර්මාපක දෙවියෙක් නැහැ කියලයි. අන්න ඒකයි අපි කියන්නෙ. සර්ව බලධාරියෙක් නැහැ කියලයි අපි කියන්නෙ. මැවුම් කාරයෙක් නෑ කියලයි කියන්නෙ. ඒක දේවවාදයනෙ අද ජනප්‍රිය මිත්‍යාදෘෂ්ඨිකයන් අතරෙ. අන්න ඒකයි අපි පිළිගන්නෙ නැත්තෙ.
Gods and Deities කියල හඳුන්වන්නෙ දෙගොල්ලක්. Gods කියන්නෙ ඔය එක එක ආගම් වලින් හඳුන්වන මේ ලෝකෙ මැව්ව කියන අය.
මේ චක්‍රාවාටයේ තල 31ක් තියෙනව මචන්. මේ මනුස්ස ලෝකය, තිරිසන් ලෝකය, නිරය, බ්‍රහ්ම ලෝක දිව්ය ලෝක තමයි මේ තල 31 ට ඇතුලත් වෙන්නෙ. අන්න ඒ තල 31න් 6ක් දිව්ය ලෝක. අන්න ඒ දිව්ය ලෝක වල ඉන්න දෙවිවරු තමඉ Deities කියන්නෙ.
මෙතනදි එන ප්‍රශ්නයක් තමයි "කෝ ඉතින් අපි මේ Deities ල ව දැකල නෑ නෙ", මේ චක්‍රාවාටයේ මනුස්ස සතුන්, තිරිසන් සතුන් හා නිර සතුන් ට තමයි මේ අපිට පේන විදිහෙ ශරීරයක් (කරජ කයක්) තියෙන්නෙ. ඒ කියන්නෙ අපි 3න් කට්ටුව තමයි අම්මගෙ බඩේ ඉඳල හරි බිත්තර වලින් හරි එන්නෙ. අනිත් තල 29යෙම සංසාර සත්ත්වයින් උපදින්නෙ ඕපපාතිකව. ඒ කියන්නෙ හුටස් ගාල එක පාරට ඉපදෙනව. ඒ අයගෙ හැඩරුවක් මෙන්න මේකයි කියල පෙන්නන්න බෑ. ගොඩක් දුරට මම දන්න විදිහට ශක්තිප්‍රභවයක් වගේ තමයි එයාල. හැබැයි ඕන නම් එයාලට මනුස්ස කයක් වගේ හදාගෙන මේ ලෝකෙට ඇවිල්ල ඉන්න හැකියාව තියෙනව. අපිත් ඕන තරම් දැකල ඇති. ඕන නම් අපිටත් ඊලඟ ආත්මේ ඒ වගේ තලයක ඉපදෙන්න පුලුවන් ද්වේශය ගොඩාක් අඩු කරගත්තොත්.
දෙවි කීයන්නෙ ද්වේශයෙන් වෙන් වූ කියන තේරුම.
ඉස්සර මේ හෙළ බිමේ දෙවියන් කියල කොට්ඨාශ 3ක් සඳහන් කරල තියෙනව.
01. විශුද්ධි දේව.
02. උප්පත්ති දේව.
03. සම්මත දේව.
විශුද්ධි දේව කියල හඳුන්වල තිබිල තියෙන්නෙ කෙලෙස් ප්‍රහානය කරපු අරහතුන් වහන්සේ ල ට..
උප්පත්ති දෙවි කියල හඳුන්වල තියෙන්නෙ ඔය උඩින් කිව්ව වගේ Deities ල ව.සම්මත දෙවියන් කියල හඳුන්වල තියෙන්නෙ ඒ කාලේ (හෙලබිම කොටස් 4කට බෙදා පාලනය වූ කාලයේ) ඒ ඒ ප්‍රදේශ පාලනය කරපු රජවරු. මේ රජවරුන්ට ඒ කාලෙ වැසියන් අමතල තියෙන්නෙ දේවයන් වහන්ස කියල. ඒ කාල වලදි ඔය රජවරුන් වැසියන්ගෙ පුද පූජා වන්දනා මාන වලට පාත්‍ර වේලා තියෙනව. ඒ කාලයෙ රුහුණෙ කාචරගාම පාලනය කරපු මහාසේන නැමැති දේව ගෝත්‍රික රජතුමාටත් මේ විදිහට මිනිස්සු වන්දනාමාන කරල තියෙනව. ඉතින් මේ රජු මරණයට පත්වුනාමත් මිනිස්සු රජු වෙනුවෙන් පුදපූජා පැවැත්වීම දිගටම කරගෙන ගිහිල්ල තියෙනව. ඒක තමයි මේ විදිහට තාමත් කතරගම දෙය්යො වෙනුවෙන් පුදපූජා පවත්වන්නෙ.
මේ විදිහම තමයි සම්න් දෙවියො කියන්නෙ ශ්‍රී පාද අඩවිය, රත්නපුර අයත් ප්‍රදේශය පාලනය කරපු සමන රජතුමත්.
ඒ රජ්ජුරුවො නම් ගෛතම බුදුහාමුදුරුවො ශ්‍රී පාදයට වැඩම කල අවස්තාවෙ බුදු හාමුදුරුවන්ගෙ බණ අහල සෝවාන් ඵලයටත් පත් වෙලා තියෙනව කියල සටහන් වෙලා තියෙනව.