කැස්ස

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    මට උගුරෙ අමාරුව එක්ක උණ හෙම්බිරිස්සාව ආවා. පස්සෙ උණ නම් හොද උනා. ඒත් නාහෙන් හොටු දියර ගලන එක දිගටම ආවා.
    පාවට්ටා තල් සූකිරි පැනිය බිව්වා ම උගුරෙ අමාරුව නම් හොද උනා.
    නාහෙන් ඒත් දියර ගලන්න ගත්ත නිසා යූටියුබ් එකෙන් දැකලා ලුණු වතුරෙන් නාස් කුහර හෝදලා දැම්මා. එතකොට එකත් අඩු උනා.


    ඒත් ප්‍රශ්නෙ කැස්සක් එනව කහිනකොට මුළු පපුව බඩ ඔක්කොම රිදෙනව.
    සෙම තියෙන්නෙ දැන් උගුරෙන් උඩ ( upper respiratory track) නෙමෙයි.
    උගුරෙන් පහල lower respiratory track එකේ.
    ඒව අයින් කරගන්නෙ කොහොමද🤔

    කවදාවත් කහිනකොට මෙච්චර පපුව රිදිලා නෑ මේක වෙන මොකක් හරි සීන් එකක්ද හිතාගන්න බෑ.
     
    • Like
    Reactions: Emarald

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,693
    1
    60,311
    113
    Mother Earth
    මොකද්ද යකෝ මේක ඩිස්පෙන්සරි කියල හිතුවද ? හෙම්බිරිස්සාවට එක ත්‍රෙඩ් එකයි. කැස්සට එක ත්‍රෙඩ් එකයි ? 🤷‍♂️
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,110
    3,990
    113
    මචං පෙන්නපන් මේ දවස් වල මොකක් හරි වෛරස් එකක් යනවා. මටත් දවස් 10ක් විතර තිබ්බා. ලොකු සීන් එකක්. සෑහෙන පරිස්සම් වෙයන්, උණු වතුර විතරක් බීපන්. රෙස්ට් කරපන්. ඩොක් කෙනෙක් හම්බවෙයන්. ඕක බෝ වෙනවා. අනෙක් අයටත් හැදෙයි
     
    • Wow
    Reactions: Kelvin0

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,001
    1,675
    113
    London, United Kingdom
    හොඳ antibiotic course එකක් ගනින් කර්පට් වෙලාම යන්න

    හැබැයි antibiotic බොනකොට අනිවාර්යෙන් හරියටම time එකටම බොන්න ඕන

    එතකොට තමයි ඒක හරියට වැඩ කරන්නේ. course එක ඉවර වෙනකන්ම බොන්න

    නිකන් හිතුන හිතුන වෙලාවට බීල හරියන්නේ නෑ.

    ලෙඩේ අඩුයි කියල මඟින් නවත්තල හරියන්නෙත් නෑ

    සුව වේවා!
     
    • Like
    Reactions: Kelvin0