භෞතික හෝ භෞතික නොවන ඕනෑම දෙයක් ගැන ඔබට දැනගැනීම ක් වන්නේ
ඇත හෝ නැත ලෙස
ඇත්තටම එහෙම අන්ත දෙකක් පෙර පටන් නිත්‍යවම පවතින්නේ නෑ
එය ඔබේ අරමුණ සමග ඒ ඒ මොහොතේ වන සංසන්දනය වූ සංස්කරණය ක්
උදාහරණ යක් ඔබ යමක් නරකයි ලෙසදකින්නේ
ඔබ පෙර දැනගත් හොඳ සමග සංසන්දනය වෙලා
ඒ සංසන්දනය ඔබට පේන්නේ නෑ
ඔබට දකින්නේ නරක
ඒ නිසා ඒ ක ඇත්ත කියල හිතාගන එයට අකමැත්තක් ඇති කරගන ඒ ඔස්සේ නැවත නැවත සංසන්දනය කරගන කැමති අකමැති ලෙස සිතුවිළි ඉවරයක් නැතිව සකස් වනව
සසර කියන්නේ එයට
හොඳ නරක
කියන්නේත් කැමති අකමැති කියන්නේ ත්
ජය පරාජය කියන්නේ ත්
ඇත නැත කියන්නේ ත්
සංසන්දනය වූ අන්ත දෙකක දැනගැනීම ම තමයි
යථා ස්වභාවය එය සංසන්දනයක් බවයි
එනම් මේ මොහොතේ දී පවතින එකම සත්‍යය සංසන්දනය වීමෙ ක්‍රියාවයි
එය තමයි
අන්ත දෙකක් නිත්‍යව පෙර පටන් නොපිහටන බව එනම් බුදුන් වහන්සේ පෙන්වා දුන් අනිත්‍යය
අන්ත දෙක නැවත නැවත සංසන්දනය වීම නිසා නිරායාසවම අන්ත දෙක අතර පෙර පසු ලෙස බැඳීමක් වනව තණ්හා කීවෙ එයට
මේ මොහොතේ දීත් තමන් දැනගත් බව
සංසන්දනයක් මිස යථා ස්වභාවය නොවන බව දැක්කා ම
එය නැවත නැවත අරමුණ වෙමින් සංසන්දනය වෙමින් සිතුවිලි සකස් වීම නතර වනව
මෝහය නැති වීම
තණ්හා නැතිවීම
එයයි
එනම්සංසන්දනය වෙමින් භ ඇත හෝ නැත ලෙස දැනගැනීම වනව
නමුත් එය නැවත නැවත සංසන්දනය වෙමින් වන දැනගත් බව
මුළාවක් බව
දකිනව (දකින්නේ අහන්නේ දැනගන්නෙ)සංසන්දනයක් බව දකිනව)
දැක් කොත් දැක්කා පමණයි ලෙසින් දැනගැනීම ලඟ නතරවීම
දාරුචීරිය ට පෙන්වාදුන් දහම
එයයි
කථන්දර කියවලා
ඒ අනුව මනස මවන සංකල්පනා
වලින්
කිසිවක යථා ස්වභාවය දකින්න බෑ
සංකල්ප සංකල්ප බව දකින තැනදි යථා ස්වභාවය දකීවි
එතන තව දුරටත් අකුරු වචන පවතින්නේ නෑ
මොකද අකුරු වචන කියන්නෙත් සම්මුති සංකල්ප
නමුත් සංකල්පනා නොවීම පෙන්වන්න වෙන්නේ ත් සංකල්ප නිත්‍ය කරගන
ඒක නොදකින තාක්
සිතින් කයින් වචනයෙන් දැනගන්න සියළු සංකල්ප
නිසා නැවත නැවත දුක සැප ලෙස; සංකල්පනා ඇතිවෙනවා