දොස්තර කෙනෙක්ට පෙන්නහන්,සමහර හාල් ජාතිත් තියෙනව ගිලිනකොට පොඩ්ඩක් දැනෙනව,සම්බ උනත් වර්ග ගොඩක් තියෙනවනෙ.
පෙන්නුවා බන් ECG වගේ හැම එකක්ම චෙක් කරලා බැලුවා ඒ වගේ වරදක් නෑ පස්සේ ගැස්ට්‍රයිටිස් නිසා වෙන්න ඇති කියලා බෙහෙත් දුන්නා දැන් නම් එහෙම වෙනවා අඩුයි
කල් නොයවා doctor කෙනෙක්ට පෙන්නන්න. මම දන්න කෙනෙකුට ඔහොම දෙයක් වුණා.
ග්‍රැස්ටයිටිස් කාලයක් තිබ්බම ඔහොම වෙන්න පුලුවන්.
එත් වෙන්න පුලුවන් ගොඩක් දෙඅවල් තියෙන නිසා අනිවාර්යෙන්ම හොස්පිටල් එකක සර්ජරි අන්ශයක වැඩ කරන ඩොක්ටර් කෙනෙකුට /සර්ජරි ක්ලිනික් එකකට පෙන්වන්න.
එන්ඩොස්කොපි කලාද? ලොකු ප්‍රශයක් නොවෙන්න පුලුවන්.එත් තාත්තාගෙ වයසත් එක්ක හරිනම් එන්ඩොස්කොපි එකක් කරලා හියෙන්න ඕනේ.
දොස්තර කෙනෙක්ට පෙන්නහන්,සමහර හාල් ජාතිත් තියෙනව ගිලිනකොට පොඩ්ඩක් දැනෙනව,සම්බ උනත් වර්ග ගොඩක් තියෙනවනෙ.
ඒ කියන්නේ බඩ සම්බන්ධ ඔපරේෂන් කරන ඩොක්ටර් කෙනෙක්ට නේද?
රතු මිරිස් කනවද ? බඩේ ගිනියම අල්ලලා වගේ![]()
ඔව්. සර්ජරි අන්ශයෙන් තමයි ඔය වගේ ප්‍රශ්නවලදි පෙන්වන්න ඕනේ.
බොහොවිට ග්‍රැස්ටයිටිස් නිසා තමයි බෙහෙත්වලින් අඩුවෙයි.
මන් හිතන්නේ කැන්සර් එකක් නම් කෑවට පස්සේ උගුරට නොනවත්වා ගෑස් එන්නේ නෑ නේද? ගෑස් එන්නේ ගැස්ට්‍රයිටිස් වලට නේ. ගෑස්වලට සිරප් එකක් දුන්නා බොන්න කියලා බඩේ දැවිල්ලක් එන වෙලාවට බොන්න කියලා ඒත් දැන් කාලයක් ඒක ගත්තේ නෑ. නිකන්ම බඩේ දැවිල්ල තියාගෙන හිටියා. දැන් මුලින්ම ඒ සිරප් එක අරන් බීලා හරි ගියේ නැත්තන් ඩොක්ටර්ව හම්බෙන්න යන්නම්. මේ හිර වෙන එක හැමදාම වෙන්නේ නෑ
රතු මිරිස් කනවද ? බඩේ ගිනියම අල්ලලා වගේ![]()

HNB දන්න එකෙක් ඉන්නවා. කද්දී අජූතයි. බෙහෙතක් කර ගනින්.
බයවෙන්න එපා ඔය වයසේදි කැන්සර් වෙන්න බෑ.
ග්‍රැස්ටයිටිස් කාලයක් තියෙන කොට අන්නසෝත්‍රයේ කෙලවර ටිකක් පටුවෙන්න පුලුවන්. ඒක හමයි බොහොවිට වෙලාතියෙන්නේ .

ලොකු සහනයක් බන්. . ඔයා කොහොමද මගේ වයස දන්නේ?![]()

දල වශයෙන් තරුණ වයසකනේ. 40ට විතර වැඩි අය බොහොමෛකයිනේ මෙකෙ ඉන්නේ![]()
Laryngopharyngeal Reflux (LPR) වෙන්න පුළුවන්. නිදියන්න කලින් පැය තුනක් ඇතුලත කෑම කන්න එපා. මාසයක් විතර සැර කෑම, මිරිස්, ලූනු, සුදු ලූනු, තක්කාලි අඩු කරන්න. ඇල්කොහොල්, දුම්පානය අඩු කරන්න. මාසයක් විතර වේල් තුනක් ලොකු කෑම වේල් ගන්නෙ නැතුව වේල් 5,6ක් පොඩි කෑම වේල් ගන්න දවසට.
ගොඩක් ස්ට්‍රෙස් ගන්න එපා. වෙලාවට කන්න. නිදියනකොට කොට්ටයක් වැඩිපුර තියල ඔලුව ටිකක් උස්සලා තියාගන්න.
(I am NOT a doctor. I just had the same symptoms and this was my diagnosis. Do what your doctor recommends)

ඒ කියන්නේ බඩ සම්බන්ධ ඔපරේෂන් කරන ඩොක්ටර් කෙනෙක්ට නේද?