කිඩාරම්_මලක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔන්න මචං කිඩාරම් මලක් දැකල නැති අයට බලාගන්නැයි දැම්මේ.


    a7e592d909f4026e9e209c670ed7788b_L.jpg


    abc160.jpg


    කිඩාරම් මල පිළිබඳව..

    දේශීය වශයෙන් පවතින කිසිම අල වර්ගයක හටනොගන්නා තරමේ දැකුම්කළු එනමුත් කිසිදු ඵල ප‍්‍රයෝජනයක් නැති සුවඳ පවා දැරිය නොහැකි විශාල මලක් හටගන්නා පැළෑටියක් ලෙස මේ අල වර්ගය හැඳින්විය හැකිය.

    කණ්ඩුලම් හෙවත් කැසීම සහිත යන අර්ථයෙන් නාමික වූ කිඩාරම් මල් කිඩාරම් හා ගම් කිඩාරම් යනුවෙන් වර්ග දෙකක් ඇත.

    ඇරේසියස් පවුලට සහ ‘සූරණ’ කුලයට අයත් මෙහි විද්‍යාත්මක නාමය ඇමෝෆෙලස් කම්පැනියුලේටස් ලෙසින් වේ. මේ අලවර්ගය නම් ගණනාවකින් හඳුන්වන අතර එම නාමයන් බොහෝ විට අර්ථාන්විතවම යෙදී ඇති බව පෙනේ.

    සංස්කෘතයෙන් අර්ශඝ්න (අර්ශස්නසන) අශ්විලා ඕල (අලභාවිතා කරන) කණ්ඩුල (කැසීම ඇතිකරන) ගුද්‍රමයහරු (ගුද රෝග නසන) ගජපද (අලි පයක හැඩය) ති‍්‍රශීර්ෂක (කොළ තුනක් ඇති) වාතාරි (වාතය නසන) සර්පනාල (සර්පයකුගේ මෙන් කඳක් හා පැල්ලම් ඇති) යන ලෙසින් හඳුන්වා දිය හැකිය. එලිපන්ට්යෑම් හා තෙළිඟු පොටැටෝ ලෙසින් ඉංග‍්‍රීරිසි බසින් ද හඳුන්වා ඇත.

    කිඩාරම් අල බුද්ධදාස රජතුමාගේ කාලයේ පටන් ව්‍යාංජනයක් ලෙසින් හා ඖෂධයක් ලෙසින් ද භාවිතා වූ බව ද කියැවේ.

    කිඩාරම් ව්‍යාපාරික බෝගයක් ලෙසින් ද හැඳින්විය හැකිය. කිඩාරම් ගසක මල් දැකිය හැක්කේ අල බසින දෙසැම්බර මාසයේ දීය. මල් පිපෙන්නේ ද කලාතුරකිනි. එය ද විශේෂත්වයකි.

    අඩියකට වඩා විශාල වට ප‍්‍රමාණයකින් හා පොළොව මට්ටමෙන් අඩි 2ක් පමණ උසට පැනනගින මේ මල තද දම් පාටට හුරු වන අතර පරාග කහ හෝ තැඹිලි පැහැයට හුරුය.

    මල දැකුම්කළු ය. එනමුත් බියසුළුය. මල පිපී දින දෙකකට පසුව වහනය වන දුර්ගන්ධය දැනුනු වහාම කඩා වළලා දැමීමට ගොවීන් යුහුසුළු වේ.

    අල තරමක් විශාලය. මේද, පෙ‍්‍රාටීන, හා කාබෝහයිඩ්‍රේට් මෙහි අඩංගුය. ඖෂධීය ගුණයකින් ද ආහාරයක් ලෙසින් ද භාවිතා වන මෙම අල රෝග ගණනාවකට හිතකර බව ආයුර්වේදය සඳහන් කර ඇත.

    විශේෂයෙන් අර්ශස්වලට හිතකර වන අතර හන්දි ඉදිමීම උදාර ගුල්ම රෝගවලට බෙහෙවින් හිතකරය. බඩවැල්වල බැදෙන මල සෙම කැපී පිරිසිදු කරන ගුණයකින් යුක්ත මෙම අල වසරකට වරක් හෝ ආහාරයට ගන්නේ නම් පණුවන් හලා ජීර්ණ පද්ධතිය පිරිසුදුකරන බව වෙද්‍යවරුන්ගේ මතයයි.

    (අන්තර්ජාලය ඇසුරින්)
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    • ගහක් නම් ගෙදරත් තියනව...මල් නං නෑ...දැක්කමයි..එල!
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    TFS BRO...

    You must spread some Reputation around before giving it to maxboysl again.:(
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow

    • ගහක් නම් ගෙදරත් තියනව...මල් නං නෑ...දැක්කමයි..එල!
    .:sorry:
    මචන් ගහේ ෆොටෝ එකක් දාපන්කෝ බලන්න...

    මන් හිතන්නේ හතු විශ්ෂයක් වගේ මචං

    ඕක හතු විශේෂයක් නම් වෙන්න බැ... ඔය මලේ ගඳට එන කෘමින්ගෙන් නේද පරාගනය සිදුවෙනවා කියන්නේ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් ගහේ ෆොටෝ එකක් දාපන්කෝ බලන්න...



    ඕක හතු විශේෂයක් නම් වෙන්න බැ... ඔය මලේ ගඳට එන කෘමින්ගෙන් නේද පරාගනය සිදුවෙනවා කියන්නේ...

    අනේ මන්ද බන්. මල මැරෙනකොට නේද ගාදයි කියන්නේ